ආණ්ඩුව ප්‍රතික්ෂේප වෙලා-අනුර කුමාර

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ආණ්ඩුව ප්‍රතික්ෂේප වෙලා-අනුර කුමාර

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහයෝගය හිමි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2018 පළාත් පාලන
    මැතිවරණයේදී අති විශිෂ්ට ජයක් කරා ගමන් කරමින් සිටී. මේ වන විට ප්‍රතිඵල ප්‍රකාශයට පත්කරන ලද 290 කට
    ආසන්න පළාත් පාලන ආයතනවලින් ආයතනය 230 කට වැඩි ප්‍රමාණයක බලය හිමිකරගැනීමට ශ්‍රී ලංකා පොදුජන
    පෙරමුණ සමත් වී තිබේ.

    මෙම ප්‍රතිඵලයත් සමගින් ශ්‍රී ලංකාවේ දැනට පවතින දේශපාලන සැකිල්ල දෙදරා යාමට බොහෝ ඉඩකඩ ඇතැයි
    දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

    ඡන්ද ප්‍රතිඵල සම්බන්ධයෙන් තරමක් කැළඹීමට පත්ව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ගේ අමාත්‍ය
    මණ්ඩලයේ සිටින සියලුම ඇමතිවරුන් වහාම කොළඹට කැඳවා ඇතැයිද වාර්තා වේ.

    නෙළුම් පොහොට්ටුව ලකුණින් තරග කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ දක්වා හිමිකරගෙන තිබෙන සමස්ත ඡන්ද
    සංඛ්‍යාව 42,78,443 ක් වන අතර සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් 45.31 ක ප්‍රතිශතකයකි. මෙම ඡන්ද සංඛ්‍යාව අනුව
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවී ඇති පළාත් පාලන සභික සංඛ්‍යාව 2949 කි.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන්නතම ප්‍රතිවාදියා වන එක්සත් ජාතික පක්‍ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව
    30,42,692 කි. ප්‍රතිශතයක් වශයෙන් එය 32.23 ක වන අතර එක්සත් ජාතික පක්‍ෂයට මෙතෙක් හිමිවී ඇති සභික
    සංඛ්‍යාව 2041 කි.

    එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි වී ඇති ඡන්ද සංඛ්‍යාව 8,32,418 ක් (ප්‍රතිශතය 8.82 ක්) වන අතර ජනතා
    විමුක්ති පෙරමුණට හිමිවී ඇති ඡන්ද සංඛ්‍යාව 5,84,407 (ප්‍රතිශතය 6.19 )කි. ප්‍රතිඵල ලයිස්තුවේ පස්වැනි
    ස්ථානයට ඇද වැටී තිබෙන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට විසින් හිමිකරගන්නා ලද ඡන්ද සංඛ්‍යාව 4,41,693 (ප්‍රතිශතය
    4.68 ) කි.


     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Sri-Lanka-Podujana-pwramuna.jpg