ආණ්ඩුව පිං පෙට්ටියට අත තියන හැටි හෙළිවේ..!

monson

Well-known member
  • May 7, 2007
    25,666
    28,702
    113
    ආණ්ඩුව පිං පෙට්ටියට අත තියන හැටි හෙළිවේ..!

    පුරාවිද්‍යා ස්ථාන නැරඹීමට පැමිණෙන විදේශ සංචාරකයින්ට අලෙවි කරන ප්‍රවේශ පත්‍ර ආදායම් මගින් මධ්‍යම සංස්කෘතික අරමුදල වෙත බැර වන මුදල්, සංරක්ෂණ හා සංවර්ධන අවශ්‍යතා පවතින විහාරස්ථාන වෙත ලබා දීමට ද කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (15) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති විහාරස්ථාන 1000 ක සංරක්ෂණ හා සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 400 ක් වටිනා චෙක් පත් ලබා දීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවයේ දී ය.

    මෙවර ශ්‍රී ලංකාවේ පැවති ජාත්‍යන්තර වෙසක් උත්සවයට සමගාමී ව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මඟපෙන්වීමෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් බෞද්ධ විහාරස්ථාන සංරක්ෂණ සහ සංවර්ධන කටයුතු සඳහා ආධාර මුදල් ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

    මෙහි මුල් අදියර වශයෙන් විහාරස්ථාන 150ක් සදහා ලක්ෂ 460ක මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම සිදු කෙරුණා

    මෙහිදී අදහස් දැක් වූ අධ්‍යාපන අමාත්‍යවරයා, බෞද්ධාගම හා බෞද්ධ විහාරස්ථාන ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඇතුළු සමස්ත රජය අවංකව කටයුතු කරන බවත්, මෙරට බෞද්ධ උරුමය ආරක්ෂා කිරීම තවදුරටත් සහතික කිරීමට යහපාලන රජය කටයුතු යොදන බවත් සඳහන් කළේ ය.

    මෙරට ජාතික උරුමය ආරක්ෂා කිරීමට අවංකව කටයුතු කරන බැවින් බලලෝභී පුද්ගලයින් විවිධ විවේචන ඉදිරිපත් කළ ද, මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා අනුව ක්‍රියාකරන බව පැවසූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා, පසුගියකාළයේ දඹුල්ල ලෙන් විහාර ආශ්‍රිතව මතුවූ තත්ත්වය පිලිබදව කරුණු පැහැදිලි කළාඒ අනුව අක්‍රමිකතාවය වලක්වා විධිමත් හා නිත්‍යානුකූල ක්‍රියාදාමයකට අනුව දඹුල්ල ලෙන් විහාරය නැරඹීමට පැමිණෙන විදේශ සංචාරකයන් සඳහා අලෙවි කරන ප්‍රවේශ පත්‍ර ආදායමින් සියයට පහළොවක් දඹුල්ල විහාරවාසී හිමිවරුන්ගේ අවශ්‍යතා සඳහාත් ඉතිරි සියයට අසූපහ අස්ගිරි පාර්ශවයේ මහ නා හිමියන්ගේ සහ රංගිරි දඹුළු විහාරාධිපති හිමියන්ගේ නිර්දේශ අනුව දිවයින පුරා විහාරස්ථාන සංරක්ෂණයටත් ලබා දීම වෙනුවෙන් ගිවිසුමකට එළඹීමට අවශ්‍ය කටයුතු මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් යෝජනා කර ඇති බව ද ප්‍රකාශ කළා.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් පැවති මෙම උත්සවයේ අනුශාසනාව අමරපුර සංඝ සභාවේ මහානායක අග්‍රමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානායක හිමිපාණන් විසින් සිදු කළ අතර, ආගමික අනුශාසනය මහාවිහාර පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී හා වැඩ බලන ලේඛකාධිකාරී, සෝමාවතිය රජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ සුමංගල හිමියන් විසින් සිදු කරන ලදී.
    ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ මැතිඇමතිවරුන් රැසක් සහභාගි වූ මෙම අවස්ථාවට මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ නීතිඥ එච්.එම් කරුණාරත්න හේරත් මහතා ඇතුළු පිරිසක් ද එක් විය.

    නොයෙකුත් බාධක හා අවලාද මධ්‍යයේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මඟපෙන්වීමෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල මෙරට බෞද්ධ උරුමය ආරක්ෂා කිරීම සඳහා දරන උත්සාහය මෙහි දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇගයීමට ලක් වීම විශේෂත්වයකි.


    20770047_10155731136679060_753791425324339961_n.jpg

    20914233_10155731137674060_577007172171972130_n.jpg

    20841732_10155731132479060_1130783540639848281_n.jpg

    20770432_10155731133494060_6138469758262215251_n.jpg

    20800071_10155731134849060_3711239734040179623_n.jpg

    20770428_10155731135149060_378059255641491902_n.jpg


    - https://www.facebook.com/akilavirajk/posts/10155731145314060