ආණ්ඩුව රණවිරුවන් මූන්ට පාවාදීලා
ප්‍රතිපත්තියක් නැතී ආණ්ඩුව විදෙස් බලපෑම් හමුවේ පොලව සමතලා වෙන්නම දනින් වැටිලා - විජිත හේරත්
දේශීය 2010 දෙසැම්බර් 20 වෙනි සදුදා, 14:20
දැක්මක්, ප්‍රතිපත්තියක් නොමැති වත්මන් ආණ්ඩුව විදෙස් බලපෑම් හමුවේ දණින් වැටී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි. අද පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබද සොයා බැලීමට පත්කළ එක්සත් ජාතීන්ගේ කමිටුවට මෙරටට පැමිණීමට අවසරදීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේබව ප්‍රකාශ කළේය.
එහිද අදස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.
"තිස් වසරක් පුරා යුද්ධයෙන් පීඩා විදි දෙමළ ජනතාවට යුද්ධයෙන් පසු තවමත් සහන සැලසීමට ආණ්ඩුව කටයුතු කර නැහැ. ඔවුන් අතර ජාතික සමගිය වර්ධනය කරන දිශාවට කිසිදු පියවරක් ගැනීමට ආණ්ඩුව මේ වන තෙක්ම කටයුතු කර නැහැ.
ඒ වෙනුවට මේ ගැටළුව සම්බන්ධයෙන් ලෝකයේ විවිධ රටවලට අතපෙවීම්වලට. යුද අපරාධ සම්බන්ධයෙන් කටයුතු කරන කමිටුවලට අනවශ්‍ය අතපෙවීම්වලට ඉඩ ප්‍රශ්තා පුළුල් කරන එකයි ආණ්ඩුව විසින් සිදුකරමින් පවතින්නේ. ඊට හේතුවී ඇත්තේ ආණ්ඩුවේ දෙබිඩි විදෙස් ප්රතිපත්තියයි. ජනාධිපතිවරයා බලයට පැමිණ පසු පළමුව ගියේ ඉන්දිය විදේශ ලේකම්වරියගේ නිවසට, ඉන්පස්සේ ඉන්දියාවේ සඟරාවකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් පවසා සිටියේ ‘‘ අපත් සමග ඉන්දියාව පමණක් හිටියොත් ඇති කියායි. ’ ඉන් පසුව ඊශ්‍රායලයේ තානාපති ඩොනල් පෙරේරා සිදුකළ පලස්තීන ත්රස්තවාදයට ලංකාව එරෙහි වීම සම්බන්ධ ප්‍රකාශයත්, ඇතුළු විදෙස් ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් වන දැඩි ප්‍රකාශයන් ජාත්‍යන්තරයේ මත භේදයට තුඩුදී තිබෙනවා.
පසුගිය කාලයේ බැන් කී මූන් විසින් පත් කළ කමිටුවට විරුද්ධව විදෙස් ඇමැති කිව්වේ මෙය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රකාශයක් නොවන බවත් එය බැන් කී මූන්ගේ පෞද්ගලික කමිටුවක් බවයි. එබැවින් එයට මෙරටට පැමිණීමට ඉඩ ලබා නොදෙන බව පැවසූවා පමණක් නොව වීසා ලබා නොදෙන බවද පැවසූවා. ආණ්ඩුවේ කටුකන අය ඊට විරුද්ධව "මරාන්තික අපහාස" පවා කළා. එපමණක් නොවේ ඔවුන් මෙරටට පමිණියෝත් යළිත් හරවා යනව බවට පම්පෝරි ගැහුවා. නමුත් අද වන විට මේ සියල්ල හමුවේ දණින් වැටී තිබෙනවා. එය නිකම්ම දණින් වැටීමක් නොවෙයි පොළොව සමතලා වන ආකාරයේ දණින් වැටීමක්.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය සෙවීමට කමිටුව පත්කිරීමට වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානය අපේ රටට සිදුකරන අනවශ්‍ය අතපෙවීම්වලට ජනතා විමුක්ති පෙරමුණ එදා සිටම විරෝධය පළ කළා. ඒ වගේම ආණ්ඩුවේ මෙම දෙබඩි විදෙස් ප්රතිපත්තියද අප විරෝධය පළකර සිටිනවා."