ආණ්ඩුව රැක ගන්න අගමැති අධිකරණයටත් අතපොවය

Methsila

Member
Oct 16, 2018
6
1
0
ආණ්ඩුව රැක ගන්න අගමැති අධිකරණයටත් අතපොවය

1a433541e65414df20576fb99fc2bb65_XL.jpg
දීපානි විජේසුන්දර මහත්මිය අභියාචනාධිකරණයේ සභාපතිනිය ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා විසින් කරන ලද නිර්දේශය නැවත වතාවක් ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කර ඇත.


කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ ව්‍යවස්ථා සභාවේ බහුතරය විසින් මෙම තීරණය ගෙන ඇතැයි ද සඳහන්.


ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථා සභාවේ ක්‍රියාකාරීත්වයේ ඇති දෝෂ සහගත තත්ත්වයන් හෙළිදරව් කිරීමක් පසුගිය දා සිදු කළ අතර, ඊට දිනකට පසු ව්‍යවස්ථා සභාව විසින් මෙම තීරණය ගැනීම ද විශේෂත්වයකි.


කෙසේවුවද ව්‍යවස්ථා සභාවේ මෙම අත්තනෝමතික ක්‍රියා කලාපය හේතුවෙන් අධිකරණ ක්ෂේත්‍රයද අවුල් සහගත තත්ත්වයකට පත්ව ඇතැයි ද ආරංචිමාර්ග සඳහන් කරයි.


එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි සැලසුම් ක්‍රියාත්මක කර ගැනීමේ දේශපාලනික උවමනාව මත, අධිකරණ ක්ෂේත්‍රය මෙම අර්බුදය හිතා මතාම නිර්මාණය කළ එකක් බව ද අදාළ ආරංචිමාර්ග වැඩිදුරටත් පෙන්වා දේ.
https://aanduwa.lk/news-just-in/item/4972-2019-02-08-02-56-50
 
Last edited:

Similar threads