ආණ්‌ඩුවට කරන නිවේදනයයි
කැලණිය ධර්මාලෝක විදුහලේ පිහිනුම් තටාකයට මුදල් එකතු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විරෝධතා ව්‍යාපාරයක නියුතු වූ පුද්ගලයකුගේ කමිස කොලරයෙන් අල්ලාගත් මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා එම පුද්ගලයාගේ කණට ගසයි. "දිවයින" මේ තුට්‌ටු දෙකේ ක්‍රියාවට විරෝධය පළ කරමින් කතුවැකියක් ලියයි. ඉන් දින කිහිපයකට පසු පිලපිටියේ ජනාධිපති විදුහලේදී කතාවක් පවත්වන මර්වින් සිල්වා ඇතැම් පුවත්පත් සිල්ලර වැඩවලට කතුවැකි යෙදාගන්නා බව කියයි. මර්වින් සිල්වා යනු තොගත් නොවන සිල්ලරත් නොවන වැඩ කරන මිනිසෙකි. රූපවාහිනියේදී ගුටි කෑමෙන් පසු ඔහුගේ මෙම අතරමැද වැඩ නවතිනු ඇතැයි අපි සිතුවෙමු. එහෙත් ලජ්ජා නැතිකම පුරුදු පුහුණු කළ මනුෂ්‍යයාට ඇඳුමක් ඇන්දත් නෑන්දත් එකය. මිනිසුන්ගේ බෙල්ලෙන් අල්ලන, කණට ගසන, අතට තව අතක් එකතු කරන මර්වින් සිල්වා ජනාධිපතිතුමාට වඳීෘ මේ වන්දනයෙහි වැදගත්කමක් තිබේද? අපගේ වැටහීම කිසිදු වටිනාකමක් නැති බවය. මහජන සම්බන්ධතා ඇමැති ගැන ජනාධිපතිතුමා කල්පනාකාරී විය යුතුය. (මර්වින් සිල්වා වෙනුවෙන් මෙයට වැඩි ඉඩක් වැය නොකෙරේ.)
පළාත් පාලන ඡන්දයේ තුන්වන අදියර අදින් (08) නිමාවට පත්වීම සතුටට කාරණයකි. මෙතැන් පටන් තවත් අවුරුදු හය හතකට මේ රට පාලනය කරන ආණ්‌ඩුවට ජනතාවගෙන් වැඩක් වන්නේ නැත. ආණ්‌ඩුව මේ රටේ ජනතාවට ඇත්තටම ආදරේද, නැද්ද යන්න ලබන සඳුදායින් පසු හෙළිවනවා ඇත. එම සත්‍යය හෙළි වීමත් සමඟම ජනතාව එක්‌කෝ සතුටට පත්වනු ඇතá නැතොත් දුකට පත්වනු ඇත. පළාත් පාලන ආයතනවල ඡන්ද පැවැත්වෙන පළාත්වලින් සඳුදාට හෝ අඟහරුවාදාට නික්‌ම යන ඇමැතිතුමා තව වසර හයකින් ගමට එන විට ඉතා වෙනස් ස්‌වරූපයක් දරන්නට ඉඩ තිබේ. ඔහු ඉතා මහත් වී සුදු වී ලස්‌සන වී ඊළඟ ඡන්දය සඳහා ගමට එන විට කෝටිපතියකු ව සිටින්නට පුළුවන. ඔහු එන වාහනය අලුත්ම මොඩලයේ එකක් වනු ඇති. ගමේ ජනතාවට මන්ත්‍රීතුමාත්, මන්ත්‍රීතුමාට ගමේ ජනයාත් හඳුනා ගැනීමට බැරි වනවා ඇති. නිමල් සිරිපාල ඇමැතිතුමාට මෛත්‍රිපාල සිරිසේන ඇමැතිතුමා මාරුවීමත්, ජී. එල්. පීරිස් ඇමැතිතුමාට තවත් එබඳුම ඇමැති කෙනකු මාරු වීමත් ඡන්දදායකයන් අතින් සිදුවීමට ඉඩ ඇති වැරදි අතින් ස්‌වල්පයකි. එ.ජා.ප.යේ මන්ත්‍රීවරු නම් දීර්ඝ කාලයක් විපක්‍ෂයේ සිටීමේ කරුමය නිසා අවුරුදු පහ හයකින් වියපත් වීම නොවැළැක්‌විය හැකිය. ඔවුන්ගේ සිරුරු සශ්‍රීක වීමට හේතුවක් නැත. සශ්‍රීක පෙනුමක් ඇතිවන කෙනකු වෙත් නම් ඒ වූකලී විපක්‍ෂය අතැර ආණ්‌ඩුවට පනින මන්ත්‍රී කෙනකු පමණි. එබඳු අය ද ඉදිරියට වැඩක් නැතිවන බැවින් ඒ ක්‍ෂේත්‍රයෙහි ද විශේෂ වෙනසක් දැකගත හැකි නොවනවා ඇත.
දැන් ඡන්දදායකයා දෙස බලමු. ඔහු පුරුදු පරිදි උදේට නැගිට බත් මුලක් බැඳගෙන දුම්රියෙහි හෝ බස් රියෙහි එල්ලී වැඩපොළට යනවා ඇත. දහදිය පෙරාගෙන ඒ යන ගමනේදී ඔහු වැඩපොළට යන විට බාගෙට මැරිලාය. ඔහු ආපසු ගෙදරට එන්නට කරන ප්‍රවාහන සටනේදී ඔහුගේ ඉතිරි ටිකත් මැරෙයි. ඔහු ගෙදර එන්නේ ඇවිදින මළ මිනියක් පරිදිය. ඔහුට බිරිය හෝ දරුවන් රුස්‌සන්නේ නැත. ඔහු කෝපවෙයි. බැනවැදී, පසුතැවෙයි. දරුවන් බියපත්ය. බිරිය දණිනිs. ජීවන වියදම විසින් ඔවුන්ගේ පවුල් හෙම්බත් කරනු ලැබ ඇත.
ආණ්‌ඩුව ඉදිරි අවුරුදු හය ඇතුළත හරියාකාරව නො හැසිරුණොත් ස්‌ථිර වශයෙන්ම මීළඟ ඡන්දයේදී ඡන්දය පාවිච්චි කරන ජනයා සෑහෙන ප්‍රමාණයකින් පහත බැසීමට ඉඩ තිබේ. සියලු ප්‍රතිවිරුද්ධ දේශපාලන පක්‍ෂ දෙකට තුනට හතරට කැඩී ගොස් ඇති මේ මොහොතේදී ආණ්‌ඩුව ඊළඟ ඡන්දය ගැන ඉතා අඩු තක්‌සේරුවක සිටිනවා ඇත. එහෙත් සාමාන්‍ය ජනතාව දිනාගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් නොකළොත් ඊළඟ ඡන්දයෙන් පසු රට අරාජික වීමට පවා ඉඩ ඇත. රට දැනටමත් ඉතා දූෂිතය. ගසාකෑමට හැකි හැම තැනකින්ම දේශපාලනඥයෝත් නිලධාරීනුත් ගසා කති. එමතුද නොව ගසා නොකන පිරිස් ද දේශපාලනඥයන්ගේ ඇඟෙහිත් ඒ කුණු උලති. මනුෂ්‍යයා වූ කලී අමුතුම සතෙකි. හේ ඉතා සුළු දෙයට වහා කලකිරී වහා එසේ වීම ගැන පසුතැවෙයි. එවිට කෝච්චිය ගොස් හමාරය. හරියට වැඩ කළොත් අන්තිම පෙට්‌ටියේ හෝ එල්ලී ගොඩ ඒමට ආණ්‌ඩුවට ඉඩ තිබේ. හරියට වැඩ නොකළහොත් සිදුවන්නේ කෝච්චියට බෙල්ල තැබීමට ය.