ආතතිනන්ද The last backbone
රජ්ජුරුවන් විසින් ජිල්මාට් දමා තෙමේ පැරැද්දූ නියාද,අකෘතඥ ඌරුවංශයාගේ බස් ගෙන තමාගේ කරපය මස්වාපියන්නට සැරසෙන නියාද පාරම්පරික ශබ්දයෙන් දැනපියා සෙන්පෝකයාත්,වේදේහයාත් ප්‍රමුඛ පිරිස “කුරුඳු විල” නම් රහස්‍ය ස්ථානයෙක සැඟැවීගත්හ.
රජ්ජුරුවෝ වහ වහා ආතතිනන්දයා සමුවී කියන්නාහු”දැන් ඉදින් ජීවිතාලය ඇත්තාහු නම් මා රජවූ නියා හඬගාපියව”යි කීහ.
ආතතිනන්දයා මහාජනයා රැස්කරවාපියා කියන්නාහු
“මා වනාහි ඉතා දුක්ඛිතවැ දිවි ගෙවන්නෙක.මා හට දහහත්වන ව්‍යවස්ථාපිතයෙන් පළඳවාපියන ලද උරචක්‍රමාලය නිසා මම් වනාහි අප්‍රමාණ ආතතියකට පත්වැ ඇත්තෙමි.මේසා මහත් සිංහාසනාවරණයක් පවත්වන්නටැ ගොස් මා විසින් අසනා ලද කුජීත බස් අපමණය.මහරජ්ජුරුවන්ගේ වසළ සේනාව විසින් මාගේ සහචර කොල්ලන්ට පොලු මුගුරු පෑලා උන් ඇම නොමරා මරවාපීය.පොළොස්පතියාද මා අට මෙවිචරකැයි සහයක් නොදුන් විරූය.තවද රජ්ජුරුවන්ගේ අණබෙර පයිංඩය ඉතා නොසණ්ඩාල කම් කටැපියන ලදී.ඒ නොසංඩාලකම් වළකාලනු අටියෙන් මා විසින් නිලකරන ලද දියබරියා විසින් දෙන නියෝග උන් කිසිවෙකුත් නොඇසූ විරූය.ඉදින් මම් ඒ දියබරියා නැවතත් වක්කඩටම මුදාහළෙමි.හුදෙක් සිංහාසනාවරණයෙන් මැදමුලනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝම සිංහාසනාරූඪ වන නමුත් එය වනාහි උදක්ම සම්ප්‍රදායානුකූල වනු මිස කිසිසේත් නීත්‍යානුකූල නොවන්නාහුය.මාහට මේ සා මහත් ආතතිය තවදුරටත් දරාගත නොහේ.ම්න් මත්තට ඉදින් ඇතෙක් බරට වස්තුව දුන්නේවී නමුදු මම් නම් මෙවැනී කුජීත ක්‍රියා නොකරමි.”යි මහත්කොටැ හඬපීහ.
මෙපවත් අසා මහාජනයා කුකුස් උපදවන්නාහු,”කොළ,රජ්ජුරුවන් විසින් අප ඇම වඤ්චාකොටැ ඇති නියායැ”යි සිතුහ.
Original :- http://palaamalla.wordpress.com/2010/03/15/ආතතිනන්ද-the-last-backbone/
Thanks a lot for original author....!!

