ආතල් - මම දේශපාලනයට ආවේ මිනිස්සුන්ට ආතල් ද&#35

maXfenda

Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    ආතල් - මම දේශපාලනයට ආවේ මිනිස්සුන්ට ආතල් ද&#35

    මම දේශපාලනයට ආවේ මිනිස්සුන්ට ආතල් දෙන්න

    1. කොහොමද ආතල් එකෙන්ද ජීවත් වෙන්නේ?


    ඔව්. ඇත්තෙන්ම ආතල් එකෙන් තමයි ජීවත් වෙන්නේ. මට නම් ජීවත් වෙන එක තරම් ආතල් එකක් තවත් නැහැ. ජීවිතේ හමුවුණ එකම මදිද ආතල් ගන්න. බල්ලෙක්, බළලෙක් නොවී මනුස්ස ජීවිතයක් ලැබීමම ආතල් තමයි. නැත්නම් ඉතින් කවුරු හරි දෙන දෙයක් කාලා බීලා නිකන් ඉන්න එපැයි. ඇයි හත් දෙවියනේ කොහොම ඉපදෙන්න තිබුණ එකක්ද දන්නේ නෑනේ මේ මිනිහෙක් වෙලා ඉපදුණේ. හැබැයි ඉතින් මිනිහෙක් වුණාට වැඩක් නැහැ. අපි ආතල් එකේ ජීවත් වෙන විදියත් හරියට දැනගන්න ඕනෑ. ඒක තෝර බේර ගන්න බැරිවුණොත් ඉතින් අපිට ලැබුණ ජීවිතෙනුත් වැඩක් නැහැ. කොහොම වුණත් ජීවත් වෙද්දි අපි ආතල් ගන්න ඕනා හරිම කල්පනාකාරී විදියට.


    2. කල්පනාකාරී විදියට.......? එතකොට කොහොමද කල්පනාකාරී විදියට ආතල් ගන්නේ?


    මෙහෙමනේ සමාජය මොහොතින් මොහොත, තත්පරයෙන් තත්පරය, තත්පරයෙන් දෙකෙනුත් පංගුව වෙනස්වීමට ලක්වෙනවා. ඒ නිසා අපි හරිම කල්පනාකාරීව තමයි ගන්න ආතල් එකක් ගන්න ඕනා. අපි ගන්න ආතල් එක ගන්න ඕනා ඒ වෙනස් වන සමාජෙට අනුව සහ එයට හානියක් නොවෙන්න. එහිදී අපි ආතල් එක රැකගන්නත් ඕනා. එය හරියට දැනගෙන කල්පනාවෙන් කරන්න ඕනා.


    3. ආතල් එක දැනෙන්නේ..... රංගන ශිල්පියෙක් කියන එක දැනෙන කොටද? දේශපාලනඥයෙක් කියලා හිතෙනකොටද?


    මට නම් මේ දෙකම ආතල්. මේ දෙකෙන්ම සිද්ධ වෙන්නේ මිනිසුන් එක්ක ගැටෙන එකනේ. ජීවිතෙන් අෑත් වුණ මිනිසුන්ට මේ දේවල් ආතල් නෙවෙයි. ඔය දෙකම ගැට ගැහුණ තැන මට නම් ආතල්. මාළුවාට වතුර නැතිව ඉන්න බැහැ වගේ තමයි දේශපාලනඥයාටත් මිනිස්සු නැතිව ඉන්න බැහැ. රංගන ශිල්පියාටත් මිනිස්සු නැතිව ඉන්න බැහැනේ. මේ කාර්යයන් දෙකේදීම මිනිස්සු එක්ක නිරතුරුව ගැටෙන්න වෙන නිසා මට මේ දෙකම කොයි විදියට දැනුනත් ආතල්. ඒ කියන්නේ මට මේ දෙකම ගැටගැහුණ තැන හරිම ආතල්.


    4. ඒ කියන්නේ දේශපාලනඥයෙක් විතරක් කියලා හැඳින්වීම ඇතුළේ කිසිම ආතල් එකක් නැද්ද?


    මෙහෙමයි ඇත්තටම ඒපබඪඵබ කෙනෙක් විදියට මාව හඳුන්වනවට මම කැමැතියි. ඒත් දැන් දැන් ර්ථීධතඪබඪජඪචද කෙනෙක් විදියට හඳුන්වන එක තුළත් පොඩි ආතල් එකක් තියෙනවා. මොකද මේ වෘත්තීන් දෙක ඇතුළෙම මිනිස්සු මාව විශ්වාස කරනවානේ. ඒක මට ආතල්. මගේ මහජන දිනය දවසට මිනිස්සු තුන් හාරසීයක් මාව හමුවෙන්න එනවා. ඇවිත් ඒ මිනිස්සු මට එයාලගේ දුක කියනවා. ප්‍රශ්න කියනවා. මට කියලා වැඩ කරගන්නවා. ඇයි එහෙම මිනිස්සු මං ගාවට එන්නේ මාව විශ්වාස කරන නිසා. ඒ නිසා දේශපාලනඥයෙක් වීම මට ආතල්. ඒ තුළින් මිනිසුන්ව ආතල් එකේ තියන තරම් ආතල් එකක් තවත් නැහැ. ඒකෙ තියෙන ආතල් එක හරිම ගැඹුරුයි. බොරු නොකියා විශ්වාසයෙන් මිනිස්සු සමඟ ගනුදෙනු කරන එක හරිම ආතල්. දේශපාලන ජීවිතයේ මේ අවුරුදු හතරට මම මිනිස්සු 45,000ට 50,000ට ඇහුන්කන් දීලා තියෙනවා. එහි ආතල් එක මම භුක්ති විඳිනවා. ඇත්තටම දේශපාලනඥයෙක් විදියට මිනිසුන්ට ඇහුන්කන් දීලා එයාල වෙනුවෙන් යමක් කරන්න ලැබීම කොයි තරම් වාසනාවන්ත ආතල් එකක්ද?


    5. දේශපාලනයට අවතීර්ණ වෙන්නේ මිනිසුන්ට ආතල් දෙන්නද නැත්නම් තනියම ආතල් ගන්න හිතාගෙනද?


    පැහැදිලිවම මිනිසුන්ට ආතල් දෙන්න හිතාගෙන තමයි දේශපාලනයට ආවේ. ඉතින් ඒක කොහොමත් අපේ පුරුද්දනේ. නළුවෙක් විදියටත් අපි කළේ පුළුවන් තරම් මේ රටේ මිනිසුන්ට ආතල් දෙන එකනේ දෙවියනේ. දේශපාලනය නිසා මම හොඳ ආතල් අරන් තියෙනවා. ඒවා ගැන කියලා වැඩක් නැහැ. දේශපාලනය නිසා මට මගේ ගෙවල්, ඉඩම් විකුණන්න වුණා. ඒ ඉතින් දේශපාලනයට ඇවිත් මිනිසුන්ට ආතල් දෙන්න හිතාගෙන කරපුවා තමයි. කොහොමත් ඉතින් මේක ඇතුළේ දුවන්න නම් සල්ලිත් තියෙන්න එපැයි. මම දන්නේ නෑ මේ විදියට අනෙකා ගැන හිතීමෙන් මගේ ආතල් එක නැතිවෙයිද කියලා. ඒ වගේම මේ කැපකිරීම් කරන්න ගිහින් ගෙදරින් බැනුම් අහනකොට ඊටත් වඩා ආතල්. මං කියන්නේ මිනිසුන්ට ආතල් දෙන්න ආවා නම් අපිට ඒ දේ දෙන්න කැපවෙන්න සිද්ධ වෙනවා. එහෙම නැතිව ආතල් ගන්න බැහැනේ.

    39476_2.jpg
    6. ඒ කියන්නේ දේශපාලනය නිසා ආතල් කුඩු වෙලා තියෙනවා. ඒ ගැන පසුතැවීමකුත් තියෙනවා.


    මෙහෙමයි මම සාමාන්‍යයෙන් කරපු කියපු කිසිම දෙයක් ගැන පසුතැවෙන කෙනෙක් නෙවෙයි. අපි කරන දේ හැමවේලේම හරියන්නෙත් නෑ වරදින්නෙත් නැහැ. හරියන්න හෝ වරදින්න පුළුවන් දේවල් කරන්න, ඒ වෙනුවෙන් පෙරුම් පුරන්න බලන් ඉන්න එකත් මට නම් ආතල්. එතැනදි ඇතිවන ඉවසීම හා ගොඩනැඟෙන විශ්වාසය මේ හැමදේම ආතල්. මම නාට්‍ය කරන්නේ 1976 ඉඳන්. දේශපාලනය කරන්නේ 1978 ඉඳන්. පෙරුම්පුරලා තමයි මේ හැමදේම කළේ. ඉතින් ඡන්දය ඉල්ලන්න ආවේ මෑතදී වුණාට දේශපාලන ඉතිහාසය දිගයි. රොජර් සෙනෙවිරත්නගේ දේශපාලනය මොකක්ද කියලා හැමෝම දන්නවා.


    7. හරි මොනවද එතකොට ආතල් කැඩුණු අවස්ථා?


    ආතල් කැඩෙනවා තමයි. ඒක සාමාන්‍යයයි. කොහොමත් මිනිස්සු ගැන හිතලා ආතල් දෙන්න ගියාම අපේ පෞද්ගලික ආතල් කැඩෙනවා තමයි. සමහර වෙලාවට බැනුම් අහලා, මූණවල් දික්කරගෙන ඉන්නත් වෙනවා. අපි ඉන්න සමාජය තුළ මිනිසුන්ට හයියක් දෙන එක ආතල් තමයි. මට මගේ පෞද්ගලික ආතල් කැඩුණත් සමාජ සේවකයෙක් විදියට මිනිස්සු සමඟ අපි වැඩියෙන් ගැවසෙන්න ඕනා. මළගෙවල්වලදී නිදි වරන්න ඕනා. පෞද්ගලික ජීවිතේ කැඩුණත් ඒක විශාල පසුතැවීමක් නෙවෙයි.
    ආතල් කැඩිලා පසුතැවුණු අවස්ථා ඕන තරම් තියෙනවා. ඒක ඕනම දේකට තියෙනවානේ. ආතල් කැඩිලා ඉන්න වේලාවට හිතෙනවා සබ්බ සකලමනාවම ඕන නැහැ කියලා. ඒත් පැයක් දෙකක් යද්දී ආයෙත් හිතෙනවා ඒක මොන තරම් මෝඩ කල්පනාවක්ද කියලා. අමුඩේ ගහලා ඉවරයිනේ දැන් ඉතින් පීනන එකයි තියෙන්නේ.


    8. සමහරු දේශපාලනයේදී අදහස් ප්‍රතිපත්ති මාරු කරලා පිල් මාරු කරන්නේ ආතල් එකටද?


    ඒක ඉතින් වෙනමම ආතල් එකක්. ඒත් ඒක නම් පිස්සු වැඩක්. මෙහෙමයි එකිනෙකා ආතල් ගන්න හැටි වෙනස්නේ. ඒක ගැන ඉතින් හරියටම කියන්න බැහැ. එක පැත්තක ඉඳලා කාලය කාලා කාලා වැඩකුත් කරන්න ලැබෙන්නේ නැති තැනදී හිතෙන්න පුළුවන් අනෙක් පැත්තට පැනලා වැඩක් කළා නම් හොඳයි කියලා. ඒක ඉතින් එක පැත්තකින් සර්ව සාධාරණයි. හැබැයි ඉතින් එය කරන්න ඕන මුදලට පිටපොට ගහලා නෙවෙයි සමාජමය වශයෙන් දැක්මක් ඇතිවයි. මේ පිල්මාරු කිරීම සාපේක්‍ෂයි. නමුත් කවදාවත් මම එවැනි තැනකට නම් වැටෙන්නේ නැහැ.


    9. එතකොට ඔබේ පක්‍ෂයේ නායකතුමත් එලෙස පිල් මාරු කරපු පුද්ගලයෙක්. එතැනදි හිතෙන්නේ නැද්ද මෙවන් නායකයෙක්ගෙන් මිනිසුන්ට හරි ආතල් එකක් ගන්න බැහැ කියලා?


    එතුමා එහෙම කළාට එතුමා මේ රටේ මිනිස්සු වෙනුවෙන් වගේම මේ රට වෙනුවෙන් දීලා තියෙන ආතල් එක අතිමහත්. එය ප්‍රශංසනීයයි. එතුමා ජ.වි.පෙ.න් ඉවත් වුණේ රටට වැඩක් කරන්න පුළුවන් නව පක්‍ෂයක් හදාගෙන. එතැනදී මට ආරාධනාවක් ආවා පක්‍ෂය සමඟ එකතුවෙන්න කියලා. ඒනිසා මම දේශපාලනයට අවතීර්ණ වුණා සක්‍රියව දේශපාලනය කරන්න. එය මට හරිම වටිනවා. මොනම හේතුවක් නිසාවත් එතුමා නිසා මගේ ආතල් කුඩුවෙන්නේ නැහැ.


    10. ඒත් මේ පාර පළාත් සභා මැතිවරණයේදී බැරි වුණා නේද මිනිසුන්ගේ යහපත් ප්‍රතිචාර ලබාගන්න. මොකද මිනිස්සු බලාපොරොත්තු වෙන ආතල් එක පක්‍ෂයක් විදියට ඔයාලට දෙන්න බැරිවුණාද?


    ඒක තමයි දේශපාලනය කියන්නේ. මිනිස්සු එහෙම තමයි. මිනිස්සු හිතුණොත් ඡන්දය දෙනවා නැත්නම් නිකන් ඉන්නවා. ආකර්ෂණය සහ විශ්වාසය මිනිස්සු තුළ ඇති කරවන එක දේශපාලනඥයාගේ වැඩක්. මිනිස්සු කැමැතියි තමන්ව තේරුම් ගන්න දේශපාලනඥයන්ට. මිනිස්සු කැමැතියි එයාලට ඇහුන්කන් දෙන දේශපාලනඥයන්ට. අපි මිනිස්සු වෙනුවෙන් සක්‍රියව ඉන්න බව ඒ අයට දැනෙන්න ඕනා. දැන් නිමල් පියතිස්ස ඇමැතිවරයාට වුණ දේ නම් මට තාම හිතා ගන්න බෑ. ඔහු සක්‍රිය දේශපාලනය තුළ මධ්‍යම පළාතේ ජනතාව වෙනුවෙන් විශේෂයෙන් කෘෂිකර්මාන්තය වෙනුවෙන් විශාල සේවයක් කරපු කෙනෙක්. ඇත්තටම ඒ ගැන ස්වයං අධ්‍යයනයක් කරන්න ඕන කාලේ දැන් ඇවිත් තියෙන්නේ. කොහොම වුණත් මිනිස්සු දේවල් තීරණය කරන්නේ එයාලට අවසාන මොහොතේ දැනෙන දේවල් ටිකත් එක්ක. මිනිස්සු මුළා කරන එක සහ මිනිස්සු මුළා වෙන එකයි දෙකයි. අවබෝධය මිනිසුන්ට තියෙන්න ඕනා. මෙහෙමයි ඉතින් කෝටි ගණන් වියදම් කරලා මහජනතාවට ආතල් දෙන්න හැදුවත් සමහර වේලාවට මිනිස්සු හැමවෙලේම මවලා දෙන්න හදන ආතල්වලට යටවෙන්නේ නැහැ. මම තවම මේ දේශපාලනයට ආධුනිකයි. අත්දැකීම් සමඟ තමයි ගමනක් යන්න වෙන්නේ. අපේ පක්‍ෂයේ ඉන්න සහෝදරවරු ඇත්ත බිමේ වැඩ කරලා තියෙනවා.


    11. හිතෙන්නේ නැද්ද මිනිසුන්ව සමහර දේශපාලනඥයන් ගොනාට අන්දලා ආතල් ගන්නවා කියලා?


    ඇත්තටම මේ රටේ ඉන්නේ අහිංසක ආදරණීය මිනිස්සු. මිනිස්සු විශ්වාස කරන දේවල් එක්ක තමයි හැමදේම සිද්ධ වෙන්නේ. විවිධ මානසික මට්ටම්වල මිනිස්සු තමයි සමාජය නියෝජනය කරන්නේ. ඔවුන්ව නිසි තැනට මෙහෙයවීම විනා මුළා කිරීම වැරැදියි.


    12. ආදරය ගැනයි විවාහය ගැනයි කතා කළොත් මේ දෙකෙන් වැඩි ආතල් එක තියෙන්නේ මේ සංකල්ප දෙකෙන් මොකේද?


    ආදරය සුන්දරයි ආතල් තමයි. ඒත් විවාහය ඊට වඩා සංකීර්ණ තලයක්. ආදරයේදී දිවිහිමියෙන් කරන දේ විවාහයේදී ඉටුනොවෙන්න පුළුවන්. මොකද එතකොට ආදරය කරන කෙනා විවාහය තුළ අපි අත්කරගෙන ඉවරයිනේ. එතකොට අපිට හිතෙන්න පුළුවන් දැන් එයා මගේ ගාව ඉන්නවානේ කියන එක. මම නම් ඉතින් විවාහයේ ආතල් කඩාගෙන ඉන්නේ. මෙහෙමයි විශ්වාසය කියන දේ ඕනවට වඩා වැඩිවුණොත් ආතල් කැඩෙනවා. ඒත් හැමෝම හිතන් ඉන්නේ ආදරයේදී හා විවාහයේදී ආතල් කඩන්නේ පිරිමි අපි විතරයි කියලා. එහෙත් මෙහි දෙපැත්තක් තියෙනවා.


    13. හරි. රොජර් සෙනෙවිරත්න පෞද්ගලික ජීවිතේදී ගන්නේ මොනවගේ ආතල්ද?


    මෙහෙමයි ලොකුම ආතල් එක තමයි මිනිසුන් ඇසුරු කිරීමට ලැබීම. විවිධ චරිත ප්‍රතිනිර්මාණය කිරීමත් මට ඒ තරම්ම ආතල්. සමාජය පුරා විවිධ තල ස්පර්ශ කරමින් ඇවිදයෑමත් ආතල්. ඒ වගේම ගෙදර ඉන්න එකදරුවෝ, බිරිය සමඟ ආදරේ බෙදා ගන්න එකත් මට ආතල්. මගේ ඩ්‍රාමා  ර්භඵඪජ ඇතුළේ මම ජීවිතේ විඳිනවා. මගේ දරුවෝ තමයි මගේ ලෝකය. එයලා තමයි මුල් තැන. මගේ දරුවන්ට ඊචඡ නෑ. ඹ්චන නෑ. ර්ධඡඪතඥ නඩධදඥ නෑ. ඒ පුංචි දරුවන්ගේ ලෝකයේ තියෙන්නේ ආදරය විතරයි. ඒ දරුවෝ ආදරණීය මිනිස්සු කරන එක තමයි ලොකුම ආතල් එක. ඉදිරියේදී මුළු රටේම දරුවෝ වෙනුවෙන් මම ලොකු වැඩ කටයුත්තකට අතගහනවා. ඒ ගැන ඉදිරියේදී රටටම කියනවා.


    මොකො කියන්නේ මේක ආතල් ද? :P