ආදරණීය "ටයි මාමේ" ඔබට නිවන් සුව........!!!!
"ටයිටස් තොටවත්ත" සිනමා මිණි පහන නිවේ....
ශී‍්‍ර ලාංකික අද්විතීය සිනමා අධ්‍යක්ෂවරයකු සහ සංස්කරණ ශිල්පියකු වූ ජනාධිපති සම්මාන ලාභී ටයිටස් තොටවත්තයන් (ටයි මහත්තයා) අද රාතී‍්‍ර කොළඹ පෞද්ගලික රෝහලකදී දැයෙන් සමුගත්තේය. මියයන විට ඔහු 82 වැනි වියේ පසුවිය.
1929 අප්‍රේල් 17 වැනි දින බොරැල්ලේදී එම්මානුවෙල් ටයිටස් ද සිල්වා නමින් උපත ලද ටයිටස් තොටවත්තයන් 60 සහ 70 දශකයන්හිදී සිංහල සිනමාවේ ළමා වැඩසටහන් නිෂ්පාදනයේ සහ සංවර්ධනයේ ලා බෙහෙවින් ජනාදරයට පත්විය. කොළඹ ආනන්ද විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයකු වූ තොටවත්තයන් සහෝදරයන් තිදෙනකුගෙන් සහ සහෝදරියන් දෙදෙනකුගෙන් යුතු පවුලක වැඩිමලා විය. ඔහු කලාව ප‍්‍රගුණ කරන ලද්දේ සුප‍්‍රකට ජේ.ඞී.ඒ.පෙරේරා සහ ස්ටැන්ලි අබේසිංහයන් ගේ මගපෙන්වීමෙනි. පසුව මාතර තාක්ෂණික විද්‍යාලයේ අධ්‍යාපනය ලද්දේය. තොටවත්තයන් පසුව ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ විලී බ්ලේක් විසින් 1956 දී නිෂ්පාදනය කරන ලද රේඛාව චිත‍්‍රපටයේ සංස්කාරකවරයා ලෙස කටයුතු කළේය. රේඛාව චිත‍්‍රපටයේ ඔහු සංස්කාරක වරයා ලෙස ඉටුකරන ලද මෙහෙවර එවකට දකුණු ඉන්දීය සිනමාව කොපි කිරීමෙන් පරිබාහිරව සිංහල සිනමාවේ කඩඉම් සළකුණක් සනිටුහන් කිරීමක් විය.
ඉන්පසු 1965 චන්ඩියා, 1969 දී කවුද හරි , 1970 දී තෙවත, 1971 දී හාරලක්ෂය, 1979 හඳයා ළමා චිත‍්‍රපටය ද අධ්‍යක්ෂණය කළ ඔහු බාල තරුණ වැඩිහිටි සිය`එ දෙනාගේ සිත් සතන් දිනා ගැනීමට සමත්වූවේය. හෙළයේ මහා ඉසි කුමාරතුංග මුණිදාසයෙන්ගේ ඇසුරෙන් ලැබූ භාෂා ප‍්‍රාගුණ්‍යය ද තොටවත්තයන්ගේ නිර්මාණ තුලින් නිරන්තරවම දක්නට ලැබිණි. තොටවත්තයන් හෙළ බස ප‍්‍රචලිත කිරීමේ ලා වැදගත් මෙහෙවරක් ඉටුකරන ලදී. ශී‍්‍ර ලාංකික ඉතිහාසයේ ප‍්‍රථම ජාතික මාධ්‍ය සම්මාන උළෙලේදී ශී‍්‍ර ලංකාවේ රූපවාහිනී මාධ්‍යයට දැක්වූ දායකත්වය වෙනුවෙන් ඔහුට ස්වර්ණ සම්මාන හිිමිවිය .
අසූව සහ අනූව දශකයන්හි දී ඉංගී‍්‍රසි කාටූන් චිත‍්‍රපටවූ ‘‘බග්ස් බනී’’ ‘‘හා හා හරි හාවා’’ ලෙසටත් ‘‘ඩොක්ටර් ඩූලිට්ල්’’ ‘‘දොස්තර හොඳ හිත’’ ලෙසටත් සිංහලයට හ`ඩකවා ඉදිරිපත් කිරීමෙන් සිංහල රූපවාහිනී ප්‍රෙක්ෂකයන් අතර සදා නොමියෙන මතක සටහනක් තබන්නට හෙතෙම සමත්විය. රූපවාහිනී ක්ෂේත‍්‍රයේ හ`ඩකැවීමේ වැඩසටහන් ජනපි‍්‍රයකිරීමට තොටවත්තයන් දැක්වූ දායකත්වය සදා අමරණීයය.
දොස්තර හොඳහිත, පිස්සු පූසා, හා හා හරි හාවා, ගලිවර්ගේ සුවිසැරිය, රොබින් හුඩ්, කුංෆු, ඔෂින්, පුංචි ඉත්තෑවා, සුරඟන කතා කරළිය(පිනෝකියෝ, හිම කුමරිය, ජැක් සහ මායා බෝංචි වැල, සුරූපී විරූපී, ඇලඩින් සහ පුදුම පහන.... ), හසරැළි රසාර, පුංචි ඇත් පැටියා, ලන්ඩනයේ අතරමංව, මනුතාපය, මොන්තක්‍රිස්තෝ සිටුවරයා, යවෙස්ලූ මිනිසා වැනි ජනප්‍රිය, සදාදරණීය වැඩ සටහන් නිපදවමින් අප කුඩා කල අපව අමුතුම ලොවකට ගෙන ගිය සිංහල ළමා ලොවට නොමියෙන මතක සටහන් රැසක් තිළිණ කල ටයි මාමා යන ආදර නාමයෙන් ඔබ අප සැම හඳුනන ටයිටස් තොටවත්ත මහතාණෙනි ඔබට නිවන් සුව . . .....!!!

Attachments
Last edited:
RIP