ආදරණීය පසන් කොඩිකාර ඇදුරාණන් වෙතටයි

ncbrando

Member
Jan 31, 2014
838
115
0
ආදරණීය පසන් කොඩිකාර ඇදුරාණන් වෙතටයි

ආදරණීය පසන් කොඩිකාර ඇදුරාණන් වෙතටයි,:sorry:

පසන් වුවන සුපසන්
ගමන් ගියද අවසන්
දල්වා එළි පහන්...

දනිම් මාවතක් හැර දුන් වග පසන්


නෙතට ප්‍රිය දසුනකි
සිනහව අරුම අඳුනකි
විකසිත බවේ සලකුණකි
මිලින වන්නට උපත නොලැබුවෙකි



තනිකඩ ජීවිතයක
හිරිකඩ නොවදිනා ලෙස හිඳ
වක්කඩ සකුරු නොසඟවමින
මගක සුපසන් ගෙන ගියා අප



නැණ සිලෙන් සුපසන්
දැන් නුඹ සිටී නිදුකින්
තව දුර යන අටින්
අපත් නුඹ එනතුරුම මග ඉම්



මාලන් විදානපතිරණ
 
Last edited: