Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
ආදරණීය_නදී...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපමණ දුකකින් මං ඇස් දෙක පියා ගත්තා.මේ ගෙවෙන තත්පර කීපය ගෙවා ගන්න කලින් මට මේ සංසාරෙ ගෙවා ගන්න පුළුවන් වේවි නදී.කමක් නෑ.කල්පයක් වත් මං ඉවසන්නම්.කෝ ඉතින්.තවමත් නෑනෙ ඔයා.හදිස්සියේම ෆෝන් එකෙන් බීප් ටෝන් එකක් ඇහුනා.මං දන්නවා ඔයා දැන් තමයි කෝල් එක කට් කලේ.ඒ කියන්නෙ ඔයා මගෙ ලඟටම ඇවිදින්.ඒත් ඉතින් මට කතා කරන්නකො.මගෙ ඇස් දෙක පියාගෙනනෙ මං ඉන්නෙ.කල්ප කීයක් මං ඉවසන්නද.

"අපෝ...භාවනාවක්ද අමිල අයියෙ?.දැන් ඇස් දෙක අරින්නකො ඉතින්.මේ මං ඇවිත් ඉන්නෙ"

පුංචි සුරංගනාවි මගෙ ලඟට ඇවිදින්.දැන් මට ඇස් අරින්න අවසරයිලු.කට හඬ ඇහුනෙ ඉස්සරහින් හින්දා මං එක පාරටම බැළුවෙ ඉස්සරහ.අනේ.....කෝ දෙයියනේ ඔයා...මගෙ ඇස් දෙකේ කඳුළු පිරුනා.හීනියට දෙකොපුල් දිග ගලාගෙන ආපු කඳුළු කැටයක් මං ඇඳගෙන හිටිය සුදු පාට ඩෙනිම් කලිසමට වැටුනා.ටික වෙලාවක් යනකම් ඒ පැල්ලම එහෙමම තියේවි.තවත් කල්පයක් ගෙවීගෙන ගියා.මමත් නොදැනම මට ඉකි ගැහුනා.කලා වැවේ බැම්ම එක පාරටම කඩාගෙන ගිහින් වාගෙ නවත්වා ගන්න බැරි තරමට මගෙ දෑසින් කඳුළු කඩාගෙන හැලෙන්න ගත්තා.

"ඇයි අමිල අයියෙ අඬන්නෙ..? මට සමා වෙන්න අමිල අයියෙ.අනේ ප්ලීස්...සමා වෙන්නකො රත්තරන්.මං විහිළුවටනෙ හැංගිලා හිටියෙ.ඔයාට ඔය තරම් දුක හිතෙයි කියලා දැනං හිටියා නම් මං කීයටවත් මෙහෙම කරන්නෙ නෑ අමිල අයියෙ.ප්ලීස්.හිනා වෙන්නකො අනේ..."

නදීටත් දැන් තේරිලා වගේ මට දැනුනු දුක.පව් කෙල්ලගෙ ඇස් දෙකත් තෙමිලා.අනේ මට සමා වෙන්න නදී.මං ආවෙ ඔය නිල් කැට දෙක දුකින් පුරවන්න නෙමෙයි නදී.සත්තකයි.මගෙ කඳුළු වල පේනවද මේ පිස්සගෙ හිත පුරා ඉහිරුණු ආදරේක තරම නදී... සෑහෙන වෙහෙසක් දරලා මං යාන්තමට හිනා වෙලා බැලුවා මගෙ වස්තුව දිහා.රෝස පාට දෙකොපුල දිග කඳුළු ගලනවා.බිම බලාගෙන කිසිම සද්දයක් නෑ.තොල් දෙක වෙව්ලනවා.අනේ...ඔය පුංචි මූනු පොඩ්ඩ හිනස්සවන්න බලාගෙන මං ආවෙ නදී.මෙච්චර කාලයක් නොඉවසිල්ලෙන් බලාගෙන හිටියෙ මේ ලස්සන මගෙ ඇස් දෙකෙන් දැක ගන්නනෙ නදී.ඔය ඇස් දෙකේ කඳුළු පුරෝගෙන මාව තවත් රිද්දන්නෙපා නදී.

"මට සමා වෙන්න නදී...මට ඕනි උනේ ඔයාව අඬවන්න නෙමෙයි.ඒත් මට ගොඩක් දුක හිතුනා රත්තරං.සත්තයි.මහා ගොඩක් දුක හිතුනා මට.අද වෙනකම් මං ජීවත් උනෙත් ඔයාව දැක ගන්න නදී.ඊයෙ රෑ මං නිදා ගත්තෙත් නෑ.රෑ තිස්සෙම ඇහැරගෙන මං අද ගැන කල්පනා කලා.ඒකයි මට ඒ තරම් දුක හිතුනෙ.ඒත් මං තරහ නෑ.මට බෑ ඔයත් එක්ක තරහ වෙන්න.මං දන්නවා.ඔයාටත් බෑ මාත් එක්ක තරහ වෙන්න.කෝ බලන්න මගෙ ඇස් දෙක දිහා.මේ ඇස් දෙක දිහාවෙ බලාගෙන නේද කතා කරන්න ඕනි කිව්වෙ.ම්ම්...හොඳ ලමය වගේ හිනා වෙන්න චුට්ටක්.මගෙ හිත සැනසෙන්න වත් හිනා වෙන්න චුට්ටක් රත්තරං.ප්ලීස්..."

ළා රෝස පාට වෙලා තිබුනු නදීගෙ පුංචි නිකටෙන් හෙමිහිට උස්සලා එයාව මගෙ දිහාට හරව ගන්න ගමන් එක දිගටම මං කියවගෙන ගියා.නදීට කියන්න දහසකුත් දේවල් ඇති.ඒත් එයාට මුකුත්ම කියන්න ඉඩක් දුන්නෙ නෑ මං.මේක මහ පාර නොවෙන්න මං ඔයාව මගෙ පපුවට තුරුල් කරගෙනයි ඔයාව සනසවන්නෙ නදී.ඔය ඇස් වල කදූළු පිහදාන්නෙ මගෙ තුරුලට අරගෙනයි මං.ඒත් මිනිස්සු දැක්කොත් මොනා කියාවිද.මිනිස්සුන්ට අපේ හිත් වල ලියැවිලා තියෙන දේවල් ආත්ම ගානකට තේරුම් ගන්න බැරි වේවි නදී.ඒ තරම් මිනිස්සු කුහකයි.තේරුම් ගන්න පුළුවන් මිනිස්සු ඉන්නෙ අතලොස්සක් විතරයි නදී.ඒත් මට මේ මදි මගෙ පැටියො.හිතට හොඳටම මදි.අපමණ දුක දරාගෙන මං මගෙ රත්තරන්ව ටිකක් ලං කර ගත්තා.හෙමිහිට ඇස් දෙකින් ගලන කඳුළු වැල් පිහලා දැම්මා.කවුරු මට බැන්නත් කමක් නෑ නදී.මට ඔයාව ඊට වැඩියෙන් වටිනවා.ඒත් මට තවමත් ඇඬෙනවා නදී.මං මේ තරම් බොලඳයිද කියලා මට හිතෙනවා.

දුක හිතෙනවා ඔයාගෙ ඇස් දෙක දිහාවෙ බලන්නවත් නදී.ඒ ඇස් මලානික වෙලා.ටිකකට කලින් කොච්චර නම් සතුටින් හිනැහෙන්න ඇතිද මේ ඇස් පොඩි දෙක.හීනියට මගෙ හිත රිද්දලා ඔයා සතුටු වුනු තරම්.ඔය විදිහට මගෙ දිහාවෙ බලන්නෙපා නදී.ඒත්...මට මෙහෙම ඇඬුනු පලියට ඇයි ඔයා අඬන්නෙ.මං වෙනුවෙන් දුක් විඳින්න තරම් ඔයා මගෙ කවුද නදී.ඔයා කවුද මගෙ.ඔයාව ලං කර ගත්තට වත් ඔයා මොකුත්ම කිව්වෙ නෑ.දෑහැට දැකලා වත් නැතිව හිටි මං වෙනුවෙන් ඇයි මේ තරම් අඬන්නෙ නදී.මට හිතන්න දෙන්න නදී.කිසිම දෙයක් මට තේරුම් ගන්න බෑ.හිතට දැනෙන එකම එක ඇත්තට මමත් ඉඩ දෙන්නද නදී.

[QUOTE="amilapriyankara.dsc, post: 9289580, member: 183603"] [SIZE=3] අපමණ දුකකින් මං ඇස් දෙක පියා ගත්තා.මේ ගෙවෙන තත්පර කීපය ගෙවා ගන්න කලින් මට මේ සංසාරෙ ගෙවා ගන්න පුළුවන් වේවි නදී.කමක් නෑ.කල්පයක් වත් මං ඉවසන්නම්.කෝ ඉතින්.තවමත් නෑනෙ ඔයා.හදිස්සියේම ෆෝන් එකෙන් බීප් ටෝන් එකක් ඇහුනා.මං දන්නවා ඔයා දැන් තමයි කෝල් එක කට් කලේ.ඒ කියන්නෙ ඔයා මගෙ ලඟටම ඇවිදින්.ඒත් ඉතින් මට කතා කරන්නකො.මගෙ ඇස් දෙක පියාගෙනනෙ මං ඉන්නෙ.කල්ප කීයක් මං ඉවසන්නද. "අපෝ...භාවනාවක්ද අමිල අයියෙ?.දැන් ඇස් දෙක අරින්නකො ඉතින්.මේ මං ඇවිත් ඉන්නෙ" පුංචි සුරංගනාවි මගෙ ලඟට ඇවිදින්.දැන් මට ඇස් අරින්න අවසරයිලු.කට හඬ ඇහුනෙ ඉස්සරහින් හින්දා මං එක පාරටම බැළුවෙ ඉස්සරහ.අනේ.....කෝ දෙයියනේ ඔයා...මගෙ ඇස් දෙකේ කඳුළු පිරුනා.හීනියට දෙකොපුල් දිග ගලාගෙන ආපු කඳුළු කැටයක් මං ඇඳගෙන හිටිය සුදු පාට ඩෙනිම් කලිසමට වැටුනා.ටික වෙලාවක් යනකම් ඒ පැල්ලම එහෙමම තියේවි.තවත් කල්පයක් ගෙවීගෙන ගියා.මමත් නොදැනම මට ඉකි ගැහුනා.කලා වැවේ බැම්ම එක පාරටම කඩාගෙන ගිහින් වාගෙ නවත්වා ගන්න බැරි තරමට මගෙ දෑසින් කඳුළු කඩාගෙන හැලෙන්න ගත්තා. "ඇයි අමිල අයියෙ අඬන්නෙ..? මට සමා වෙන්න අමිල අයියෙ.අනේ ප්ලීස්...සමා වෙන්නකො රත්තරන්.මං විහිළුවටනෙ හැංගිලා හිටියෙ.ඔයාට ඔය තරම් දුක හිතෙයි කියලා දැනං හිටියා නම් මං කීයටවත් මෙහෙම කරන්නෙ නෑ අමිල අයියෙ.ප්ලීස්.හිනා වෙන්නකො අනේ..." නදීටත් දැන් තේරිලා වගේ මට දැනුනු දුක.පව් කෙල්ලගෙ ඇස් දෙකත් තෙමිලා.අනේ මට සමා වෙන්න නදී.මං ආවෙ ඔය නිල් කැට දෙක දුකින් පුරවන්න නෙමෙයි නදී.සත්තකයි.මගෙ කඳුළු වල පේනවද මේ පිස්සගෙ හිත පුරා ඉහිරුණු ආදරේක තරම නදී... සෑහෙන වෙහෙසක් දරලා මං යාන්තමට හිනා වෙලා බැලුවා මගෙ වස්තුව දිහා.රෝස පාට දෙකොපුල දිග කඳුළු ගලනවා.බිම බලාගෙන කිසිම සද්දයක් නෑ.තොල් දෙක වෙව්ලනවා.අනේ...ඔය පුංචි මූනු පොඩ්ඩ හිනස්සවන්න බලාගෙන මං ආවෙ නදී.මෙච්චර කාලයක් නොඉවසිල්ලෙන් බලාගෙන හිටියෙ මේ ලස්සන මගෙ ඇස් දෙකෙන් දැක ගන්නනෙ නදී.ඔය ඇස් දෙකේ කඳුළු පුරෝගෙන මාව තවත් රිද්දන්නෙපා නදී. "මට සමා වෙන්න නදී...මට ඕනි උනේ ඔයාව අඬවන්න නෙමෙයි.ඒත් මට ගොඩක් දුක හිතුනා රත්තරං.සත්තයි.මහා ගොඩක් දුක හිතුනා මට.අද වෙනකම් මං ජීවත් උනෙත් ඔයාව දැක ගන්න නදී.ඊයෙ රෑ මං නිදා ගත්තෙත් නෑ.රෑ තිස්සෙම ඇහැරගෙන මං අද ගැන කල්පනා කලා.ඒකයි මට ඒ තරම් දුක හිතුනෙ.ඒත් මං තරහ නෑ.මට බෑ ඔයත් එක්ක තරහ වෙන්න.මං දන්නවා.ඔයාටත් බෑ මාත් එක්ක තරහ වෙන්න.කෝ බලන්න මගෙ ඇස් දෙක දිහා.මේ ඇස් දෙක දිහාවෙ බලාගෙන නේද කතා කරන්න ඕනි කිව්වෙ.ම්ම්...හොඳ ලමය වගේ හිනා වෙන්න චුට්ටක්.මගෙ හිත සැනසෙන්න වත් හිනා වෙන්න චුට්ටක් රත්තරං.ප්ලීස්..." ළා රෝස පාට වෙලා තිබුනු නදීගෙ පුංචි නිකටෙන් හෙමිහිට උස්සලා එයාව මගෙ දිහාට හරව ගන්න ගමන් එක දිගටම මං කියවගෙන ගියා.නදීට කියන්න දහසකුත් දේවල් ඇති.ඒත් එයාට මුකුත්ම කියන්න ඉඩක් දුන්නෙ නෑ මං.මේක මහ පාර නොවෙන්න මං ඔයාව මගෙ පපුවට තුරුල් කරගෙනයි ඔයාව සනසවන්නෙ නදී.ඔය ඇස් වල කදූළු පිහදාන්නෙ මගෙ තුරුලට අරගෙනයි මං.ඒත් මිනිස්සු දැක්කොත් මොනා කියාවිද.මිනිස්සුන්ට අපේ හිත් වල ලියැවිලා තියෙන දේවල් ආත්ම ගානකට තේරුම් ගන්න බැරි වේවි නදී.ඒ තරම් මිනිස්සු කුහකයි.තේරුම් ගන්න පුළුවන් මිනිස්සු ඉන්නෙ අතලොස්සක් විතරයි නදී.ඒත් මට මේ මදි මගෙ පැටියො.හිතට හොඳටම මදි.අපමණ දුක දරාගෙන මං මගෙ රත්තරන්ව ටිකක් ලං කර ගත්තා.හෙමිහිට ඇස් දෙකින් ගලන කඳුළු වැල් පිහලා දැම්මා.කවුරු මට බැන්නත් කමක් නෑ නදී.මට ඔයාව ඊට වැඩියෙන් වටිනවා.ඒත් මට තවමත් ඇඬෙනවා නදී.මං මේ තරම් බොලඳයිද කියලා මට හිතෙනවා. දුක හිතෙනවා ඔයාගෙ ඇස් දෙක දිහාවෙ බලන්නවත් නදී.ඒ ඇස් මලානික වෙලා.ටිකකට කලින් කොච්චර නම් සතුටින් හිනැහෙන්න ඇතිද මේ ඇස් පොඩි දෙක.හීනියට මගෙ හිත රිද්දලා ඔයා සතුටු වුනු තරම්.ඔය විදිහට මගෙ දිහාවෙ බලන්නෙපා නදී.ඒත්...මට මෙහෙම ඇඬුනු පලියට ඇයි ඔයා අඬන්නෙ.මං වෙනුවෙන් දුක් විඳින්න තරම් ඔයා මගෙ කවුද නදී.ඔයා කවුද මගෙ.ඔයාව ලං කර ගත්තට වත් ඔයා මොකුත්ම කිව්වෙ නෑ.දෑහැට දැකලා වත් නැතිව හිටි මං වෙනුවෙන් ඇයි මේ තරම් අඬන්නෙ නදී.මට හිතන්න දෙන්න නදී.කිසිම දෙයක් මට තේරුම් ගන්න බෑ.හිතට දැනෙන එකම එක ඇත්තට මමත් ඉඩ දෙන්නද නදී. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom