ආදරනීය හච්කෝ : For Animal Lovers

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    ආදරනීය හච්කෝ : For Animal Lovers

    හචිකෝ ජපානයේ ජීවත්වූ ආදරණීයම සුනඛ සුරතලෙක්,හචිකෝ ගොවිපළක උපත ලැබුවේ, 1923.11.10 ඔහු ස්වාමියාට හමුවන විට මාස 3ක් පමණ වයසින් යුතුයි.සියළු දෙනාම හචිකෝ හදා වඩාගනු ලැබුවේ ඉමහත් සෙනෙහසින්.හචිකෝගේ අයිතිකරුවූයේ මහාචාර්ය Hidesabur ueno.
    මේ නිසාම හචිකෝ පවුලේ උදවියටෙ දැක්වුයෙත් ඉතාම සෙනෙහෙවන්ත කමක්
    0.jpg

    .මේ හචිකො තමාගේ ස්වාමියා සමඟ උදැසන දුම්රිය ස්ථානයට යාම පුරුද්දක් කොට ගෙන තිබුණා.නැවතත් ඔහු එන විට ඔහුත් සමඟ න
    ිවස බලා පිටත්වීම හචිකෝගේ සිරිතක්ව තිබුණා.මේ අයුරින් දවස ගෙවී ගියා.දුම්රිය ස්ථානයටත් හචිකෝ සහ ඔහුගේ ස්වාමියා සුපුරුදු දසුනක් වුණා.
    කාලයත් සමඟ හචිකොගේ ස්වාමියා මහළු වියට එළෙඹුණා.නමුත් ඔහු දිනපතා ,දුම්රියෙන් සේවයට පිටත් වුණා.දවසක් හදිසියේ ඔහු විශ්වවිද්‍යාලයේදී හෘදයාබාධයකින් අභාවප්‍රාප්ත වුණා.ඒ 1925 මැයි මාසේ දවසක.එදිනටත් හචිකෝ දුම්රිය ස්ථානයට පැමිණ සිටියා.දහවල වූ කිසිඳු දෙයක් නොදත් හචිකෝ සවස දුම්රිය එන තෙක් බලා සිටියා.නමුත් තමාගේ ආදරණිය ස්වාමියා පැමිණියේ නෑ.එන එන දුම්රියෙන් මඟින් බැස ගියත් ඔහු ආවේ නෑ.

    මේ නිසා හචිකෝ තවත් බලා සිටියා.ඒත් තම ආදරණීය ස්වාමියා පැමිණියේ නෑ.සති මාස ගෙවිල අවුරුදු දෙක තුනක් ගතවන තුරුත් හචිකෝ ගෙදර ගියේ නෑ.සුපුරුදු පරිදිම තම අයිතිකරු පැමිණෙන තෙක් කෝච්චිය එන වෙලාවට ගොස් බලා සිටියා.


    x7825d940a749f0179cc7ea360c8ae6de_M.jpg.pagespeed.ic.6mKMh5pfih.jpg

    මේ බලු සුරතලාගෙ ආදරණීය බව දැකපු දුම්රිය ස්ථානයට නිතර යන එන පිරිස හචිකෝට ආහාර පාන ආදියෙන් සංග්‍රහ කළා.කාලයත් සමඟම හචිකෝ දුම්රිය ස්ථානයේ සාමාජිකයෙක් වුණා.

    hachiko-fed-by-other-rail-passenger.jpg


    o-HACHIKO-570.jpg



    ඒ නිසාම හචිකෝ සැමගේම ආදරය ලබමින් සිටියා.1935 මාර්තු 08 සුපුරුදු පරිදි දුම්රිය ස්ථානයට පැමිණි පිරිස හචිකෝ බලන්න ආවත් හචිකෝ වෙනදා මෙන් නැගිටල වලිගය වැනුවෙ නෑ.

    වසර දහයක් පුරා තම ස්වාමියා එනතුරු පෙරමග බලාසිටි හචිකෝ අවසානයේ තම ස්වාමියා ලඟටම ගොස් සිටියා.

    1379680677.jpg




    මේ ආදරණීය බලු සුරතලා වෙනුවෙන් යමක් කල යුතු බව කතිකා කරගත් දුම්රිය ස්ථානයේ පිරිස ඔහුගේ පිලිරුවක් එම ස්ථානයේ ඉදිකරනු ලැබුවා.අදටත් එම නගරයට යන ඕනෑම කෙනෙකුට හචිකෝගේ පිළිරුව දෑකගන්න පුළුවන්.දෙවන ලෝක යුධ සමයේ පිලිරුව තඹ අවශ්‍යතාව සඳහා යොදාගැනුනත් ජපනා හචිකෝව අමතක කරන්න සුදානම් වුනේ නෑ.මුල් පිලිමය ඉදිකල කලාකරුවාගේ පුත්‍රයා විසින් නැවත හචිකෝගේ පිලිමය ගොඩනැඟුවා.අද දක්වාම දකන්ට ලැබෙන්නේ ඒ ප්‍රතිමාවයි.


    10540897_636084579837899_7991249500073290436_n.jpg

    744px-One_anniversary_of_Hachiko_19360308_Scan10038.JPG


    hachiko-japon.jpg


    rhn8th.png

    අපේ සුරතලුන්ට අපි මොනතරම් වෙනස්කම් කලත් අපිත් එක්ක තරහා වෙනවද ? නෑ ..හැමදාම එකම විදියට ආදරය කරනව.ඒ තමයි සුරතලුන්ගේ හැටි.ඔවුන් තමගේ ස්වාමියාට හැමදාම කීකරුයි,ආදරෙයි.හචිකෝත් ඒ වගේ ඔහුත් මිය යන තෙක්ම තමන්ගේ ස්වාමියාට ආදරය කළ ආදරණීය බලුරාළ කෙනෙක්.

    Hachik-hachiko-34257036-800-450.jpg


    Hachiko%27s_grave_in_the_Aoyama_cemetery%2C_Minatoku%2C_Tokyo%2C_Japan.jpg


    අවසනයේදී යාලුවෝ දෙන්නාගේ

    800px-Hachiko_Stuffed_specimen.jpg


    Hachikō exhibited at the National Museum of Nature and Science in Ueno.



    Movie:

    MV5BMTAxMDA2MjM4NDReQTJeQWpwZ15BbWU3MDE0NTgxMTM@._V1_SX640_SY720_.jpg




    Uputa Ganima: Antharjalaya.

    Umbalath umbe anagatha Balu Ralata Hachiko Kiyala danmoth meke poto ekak dapan.

    Patta Nam salakala yanna
    :yes:
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    මේක රි පොස්ට් එකක් වගේ මට මකතකයි.. ඒත් මෙන්න මගෙන් බුම්ප් එකක්
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    බල්ලෙකුට හැමදාම කරදර කරත් එක දවසක් හරි උදව්වක් කලොත් ඌට ඒක මතක තියෙනවා..
    මිනිහෙකුට හැමදාම උදව් කලත් එක දවසක් හරි වැරද්දක් උනොත් මතක තියෙන්නේ ඒ වැරැද්ද...