ආදරය සහ විවාහය

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආදරය සහ විවාහය

    2nvyr7s.jpg

    ප්‍රේමය කියන්නෙ මොකක්ද කියලා මම ඔයාලගෙන් අහන්න යන්නේ නැහැ. මොකද මේ අපූර්ව සුන්දර මානව හැඟීම ගැන අපි හැමෝටම මොන විදියක හරි අදහසක්. අර්ථ දැක්වීමක් තියෙන නිසා. ටිකක් බර කරල කියනවානම් ආදරය කියන්නෙ මිනිසා අනෙක් සත්ත්ව කොට්ඨාසයන්ගෙන් විශේෂණය කරවන මිනිස් විඥානයේ නිර්මාණයක්. මේ පැහැය නැතිව මිනිසා සහ ගැහැනිය අතර ඇතිවන ගනුදෙනුව අනෙක් තිරිසන් සතුන් හා සමාන වර්ගයා බෝ කිරීමේ ජන්මාණු හුවමාරුවක් පමණයි. භෞතිකවාදී මිත්‍රයෙක් අවසන්දා ආදරය = ප්‍රජනනය කියන අදහසක් ඔප්පු කරන්න මාත් එක්ක පුදුම විදියට තර්ක කළා. ඒත් තවමත් මට නම් ඒ අදහසට 100%ක් එකඟ වෙන්න බැහැ.

    සමහරුන්ට එකිනෙකා දුටු ගමන්ම ආදරයක් ඇති වෙනවා. ඒ තමන්ගෙ හිතේ ඇඳිලා තියෙන කෙනාගෙ රූපයට. අනික් කෙනාගෙ පෙනුම සමපාත වෙන හින්දා වෙන්න ඇති. තවත් කෙනෙක්ට ආදරයක් ඇතිවෙන්නෙ දිගු කාලයක ආශ්‍රයකින් පස්සෙ. යෝජනාවකින් පස්සෙ ඇතිවුණු ආදරයක් හින්දා ප්‍රේම සම්බන්ධයක් පටන් ගන්න ප්‍රේමවන්තයොත් මේ දූපතේදී අපට මුණගැහෙනවා. කොහොමින් කොහොම හරි ආදරේ කරලා, ආදරේ කරලා ඇති වෙලාද මන්දා එක කේන්ද්‍රීය හැරවුම් ලක්ෂ්‍යයකදී විවාහය ගැන කතිකාවත පටන් ගන්නවා. මෙන්න මෙතැනදී තමයි මේ රෝමාන්තික කතාවේ දෙල් වෙන - අලවෙන - චොර වෙන - ඇඬෙන පරිච්ඡේදය ආරම්භ වෙන්නෙ..

    පසුගිය දවසක මම සති අන්ත පුවත්පතක මංගල යෝජනා තීරුව කියවන්න ගත්තා. ඒ මනමාලියක් හොයන්න නම් නෙවෙයි. මංගල යෝජනාවක් හොයා ගන්න. (Post එකට තවමත් Vacancy තියෙනවා. කැමැති කෙනෙක් ඉන්නවානම් FB එකෙන්වත් Request එකක් දාන්ඩෝ..)

    මං හොයන්න Try කළේ මෙන්න මේ වගේ මංගල යෝජනාවක්.

    'සමාජයීය අත්දැකීම් හා ජීවන පරිඥානයකින් යුක්ත දෛනික වැඩකටයුතු කරගෙන යෑම සඳහා සාමාන්‍ය බුද්ධියක් ඇති ආදරණීය මිනිසකු සිටී. ඔහු හා එක්ව විසීමට සාමාන්‍ය බුද්ධියකින් හා අවබෝධයකින් යුතු ගැහැනියක සිටී නම් අමතන්න..'

    ඔයාලටත් විකාරයක් වගේ පේන නිසාද මන්දා මේ වගේ එකක් නම් එදා පත්තරේ කොතනකින්වත් මට හොයා ගන්න ලැබුණෙ නෑ. ඒ වෙනුවට විවාහය හා සම්බන්ධයෙන් අපේ රටේ මිනිසුන්ගේ ඔළුගෙඩිවල පිරිලා තියෙන අදහස් උදහස් ගොන්නක්ම ගලව ගන්න පුළුවන් වුණා.

    කරාව - දුරාව, බොදු, ගොවි, කතෝලික, දේව... මරුම වැඩේ. බැඳීම ආරම්භ වෙන්නෙම ඒ වගේ බෙදීම් ගොඩක් ඉස්සරහට දාගෙන. 'සෙංකොට්ටන්' නෙවෙයි කුල පීඩනය ගැන පොත් සිය ගාණක් ලිව්වත් අපේ පුරවැසියන්ගෙ මේ වැඩවසම් චින්තනය දශමයකින් හරි වෙනස් කරන්න සක්කරයගෙ පුතා, ගුන්දුල බණවර්ධනටවත් බැරි වෙයි කියලා මට හිතුණා. කුල මල බේදවලට පස්සෙ යුරේනස්, නෙප්චූන්, ප්ලූටෝ මංගල යෝජනාවේ හිමි වපසරිය තුළ ඩෙඟා නටනවා. ඊට පස්සේ තමයි වැඩියෙන්ම ආතල්. ගොඩින්, මඩින්, දියඹෙන් ඉඩම් හිමි වැවිලිකරු පියවරුන්, ඕස්ට්‍රේලියාවේ කර්ට්න් විශ්වවිද්‍යාලයේ බී.එස්.සී. උපාධිය හදාරන සොහොයුරන්, ලක්ෂ ගණනක දේපොළ හා රන් ආභරණ යාන වාහන හිමි 1972 උපන් වැඩිමහල් සොහොයුරියන්, කෙටි විවාහයකින් පැමිණිලිකාරිය වී වෙන්වුණු උපාසක මවුවරුන්, වරදට සමාව දෙන, නිහඬ විවාහයකට ඇරැයුම් පතන මහත්වරුන්, රජයේ ආයතනයක විධායක ශ්‍රේණියේ රැකියාවක නියුතු සුදු පුතුන්, බාලිකා පාසලක, උගත් චරිතවත්, පිරිමි හුස්මක්වත් වැදී නැති දියණිවරුන් ඒ පත්තර පඩංගුවේ අඟලක දෙකක තීරුවක හිරවෙලා හිටියා.

    විවාහයේ පදනම එකිනෙකාට ඇති ආලය මත පමණක් තීරණය වන දෙයක් නොවන බව තේරුම් ගන්න මේ උදාහරණය වුණත් ප්‍රමාණවත්. 'භාණ්ඩ ' හා 'සේවා' පිළිබඳ 'පාරිභෝගිකයන්' දැනුම්වත් කරන ලුහුඬු දැන්වීම් තීරුවලට ඇඳලා මංගල යෝජනා නමින් තීරුවක් නිර්මාණය වෙන්නෙ අන්න ඒ නිසයි. 'මගේ දියණියට බෙහෙවින් ආදරය කරන මනුෂ්‍යයකු මව සොයයි' කියලා හරි, මගේ පුත්‍රයාගේ ජීවිතයේ දුක සැප ආදරයෙන් බෙදා හදා ගත හැකි හෘදයාංගම යුවතියක් අමතන්න' කියලා සටහන් වුණු මංගල යෝජනා අපිට සිහිනෙන්වත් හමුවෙන්නෙ නැහැ.

    අවසානයේදී භාණ්ඩ සහ සේවා හුවමාරුවකට නොදෙවැනි ක්‍රියාවලියක් විදියට විවාහය තීන්දු කරගත්තට පස්සෙ විවාහ උත්සවය සඳහා වන 3rd World War එක පටන් ගන්නවා. නැකැත් වැඳීම් ඉඳන් අෂ්ටක කීම දක්වා සියල්ලටම මිලක් නියම වෙනවා. Wedding එකට මාස 2, 3කට කලින්ම මනමාලි රූපලාවණ්‍යාගාර ගත වෙනවා. මහත අඩු කරගන්න, මූණෙ වළ ගොඩැලි වහගන්න දහස් ගණන් වැය කරන්න සිද්ධ වෙනවා. අමාරුම වැඩේ Invite කරන List එක හදාගන්න එක. එහිදී නෑදෑ හිත මිතුරන් Plates බවට පත්වෙනවා. පොඩි බබාල දෙන්නෙක් එක Plates එකකට දානවා. අය - වැය පරතරය පියවීමට සහනයක් ලබා දෙතැයි හිතෙන දානපතියන් වෙනුවෙන් මේ List එකේ ඉන්න තමන්ගෙ ළඟම ඥාතියකු වුණත් කප්පාදු කරන්න සිද්ධ වෙනවා. මඟුල දවසෙදිත් අන්දන්න ආපු අක්කට, Album එක කරන මල්ලිට, Going Away එකට, Welcome Drink එකට, Band එකට, බලන් ඉද්දි සල්ලි වාෂ්ප වෙනවා. High Heal නිසයි, මල් බොකේ ගැට ගහපු කම්බියටයි, මනමාලිගෙ අත් - කකුල්වල දියපට්ට එනවා. බීලා වැඩි වෙලා තාත්තා නටන නාඩගම දිහා මනමාලයා ලැජ්ජාවෙන් බලන් ඉන්නවා.

    අන්තිමේ නැකැතට තිතට, යාළුවන්ගෙ හූ හඬ, විසිළු හඬ මධ්‍යයේ නව යුවළ මධුසමයට පිටත් වෙනවා. තෙහෙට්ටුවයි, මහන්සියයි නිසාම මනමාලිට කලින්ම නින්ද යනවා. මනමාලයා මධු චන්ද්‍රයාත් එක්ක තරගෙට සුසුම් හෙළනවා. පහුවදා පාන්දර 3ට 4ට නැඟිටගෙන දෙන්නම Home Cumming එකට ලෑස්ති වෙනවා. ආදරයේ කූටප්‍රාප්තිය, විවාහය කියන අපූර්ව අවස්ථාව ඒ විදියට අවසන් වෙද්දී යුවතිපතීන් දෙපළ ණය කන්දක් කරේ එල්ලගෙන ජීවිතයේ පියගැටපෙළ නඟින්න පටන් ගන්නවා.

    ලක්ෂ ගණන් වැය කරලා සිදුකරන විවාහය බොහෝ දෙනෙක් ප්‍රේමයෙන් ආතුරව දුටු සොඳුරු සිහින ලොවේ ඉඳන් අඳුරු සැබෑ ලෝකයට යථාර්ථයට ගෙන එන හැරවුම් ලක්ෂ්‍යයක් කියලත් සඳහන් කරන්න පුළුවන්. ඒත් මේ ලෝක දෙක අතර තියෙන පරතරය හරියට කියවගන්නෙ නැති සමහරු කියන්නෙ 'බැන්දට පස්සෙ ආදරේ නැති වෙනවා' කියලා. ඒත් ඒ කතාව ඒ විදියට පිළිගැනීම යුක්ති යුක්තද? නැහැ. ආදරය කියන්නෙ එකිනෙකා හඳුනා ගැනීම නම්, එය උත්තරීතර ලෝකෝත්තර දහමක් බව වටහා ගන්නවා නම් විවාහයෙන් පස්සෙ ආදරය බිඳ වැටෙන්න විදියක් නැහැ.

    ඒත් ප්‍රේමය හුදෙක් දේපොළ ගනුදෙනුවක් බවට පත්වුණාට පස්සෙ ඒ සම්බන්ධතාව ඇතුළෙ තවදුරටත් මානව ගනුදෙනු පවතින්න විදියක් නැහැ. ආදරේ කරන කාලෙදි බෝතලෙයි - මූඩියයි වගේ ඉඳලා පස්සෙ දික්කසාද වෙන බොහෝ දෙනකුගේ ජීවිත කතාව ඇතුළෙ කොහේ හරි තැනක මේ සත්‍යයත් හැංගිලා තියෙනවා.

    'විවාහයට පත් මිනිසුන්ගේ යුතුකම එකිනෙකාට ආදරය කිරීම නම්, ආදරවන්තයන්ගේ යුතුකම අන් කිසිවකු සමඟ නොව ඔවුනොවුන් විවාහ වීම නොවන්නේද? මේ ආදරවන්තයන්ගේ අයිතිය මවුපියන්ගේ, නෑයන්ගේ හා සම්ප්‍රදායානුකූල මඟුල් කපුවන්ගේ අයිතියට වඩා උසස් නොවන්නේද?

    ෆෙඩ්රික් එංගල්ස් අහන මේ තීරණාත්මක ප්‍රශ්න දෙක ළඟ මම මොහොතකට නැවැතුණා.

    පසුගිය සමයෙ මාධ්‍ය වාර්තා කියවලා බැලුවා නම් අපේ රටේ ආදරවන්තයන් කීපදෙනෙකුම ආදරය මූලික වෙච්ච හේතුවක් නිසා තමන්ගේ ජීවිතය විනාශ කරගන්න කටයුතු යොදා තිබුණු ආකාරය ඔයගොල්ලොත් දකින්න ඇති. ඒ අතරින් වැඩි දෙනෙක් තාරුණ්‍යය නියෝජනය කරන අපේම Set එකේ උන් බව දැක්කම හිතට මහ පුදුම කලකිරීමක් දැනෙනවා. ඒ නිසා කොහේ - කොතැනක හරි මොකක්දෝ වැරැද්දක් වෙලා තියෙන බව පැහැදිලියි.

    ඒ නිසා අලුත් මිනිසකු වෙලා එන්න..! අපි ඒ වැරැද්ද නිවැරැදි කරමු. ප්‍රේමය විවාපත් කරමු. විවාහය ප්‍රේමණීය කරමු. 'මඟුලක් කතා කරනවා' යැයි නොසිතමු. දැවී යන ලෝකයේ අළු මතින් ආදරයේ නැවුම් කෙත්වතු අස්වද්දමු.

    ප්‍රභාත් කුමාර දේශප්‍රිය
     
    • Like
    Reactions: mjayanatha

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    'සමාජයීය අත්දැකීම් හා ජීවන පරිඥානයකින් යුක්ත දෛනික වැඩකටයුතු කරගෙන යෑම සඳහා සාමාන්‍ය බුද්ධියක් ඇති ආදරණීය මිනිසකු සිටී. ඔහු හා එක්ව විසීමට සාමාන්‍ය බුද්ධියකින් හා අවබෝධයකින් යුතු ගැහැනියක සිටී නම් අමතන්න..'
    මේ ටෝක් එක බලකො යකෝ:baffled:.මේක දැකපුවාම කෙල්ලෙක් තියා ගෑනියෙක්වත් එන්නෙ නෑ:dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ ටෝක් එක බලකො යකෝ:baffled:.මේක දැකපුවාම කෙල්ලෙක් තියා ගෑනියෙක්වත් එන්නෙ නෑ:dull:
    ඔයිට වඩා පට්ට ටෝක් තියෙනවා බං මංගල දැන්වීම් පිට බලපං.. සමහර එව්වට හිනා කාලා මැරෙනවා..:rofl:

    :love:

    ;)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මෙහෙමයි ඉතින්,ප්‍රේම සම්බන්ධයක් අවසානේ විවාහ වෙනවා වගේ නෙමෙයි යෝජනාවකින් විවාහ වෙන්න හදද්දී.ප්‍රේම සම්බන්ධෙකදි රූපය හෝ ගතිගුණ හෝ ආකර්ශණය හෝ මොකක් හරි හේතුවක් නිසා කැමති වෙනවා.හැබැයි යෝජනාවකදි කවමදාවත් දැකලාවත් නැති කෙනෙක්ව මුණගැහෙන්නනෙ යන්නෙ.ඉතින් තමන්ගෙ කැමැත්ත පරිදි හොයන්න පුලුවන් උපරිම දේවල් හොයනවා.තමන්ට ඉදිරිපත් කරන්න පුලුවන් උපරිම හැකියාවල් අතිශෝක්තියෙන් හරි ඉදිරිපත් කරනවා.සම්පූර්ණයෙන්ම නැතත් ටිකක් හරි තමන් හොයන ජාතියෙ ,ගැලපෙන කෙනෙක් යෝජනාවට ප්‍රතිචාර දක්වයි කියලා හිතලා.ඕව ඉතින් වෙනස් කරන්න බැහැ.රැල්ල යන අතට පාවෙනවා මිසක්.:)
     
  • Apr 2, 2013
    819
    69
    28

    :yes::yes::yes: oya tika type kerenna matath kammali hinda hitiye..
    crazy kiyana katawa waradi..
    wiwaha wenakota kule balanna ona,jathi agam okkoma balanna onaa...
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මාළු පාන්;15854107 said:
    :yes::yes::yes: oya tika type kerenna matath kammali hinda hitiye..
    crazy kiyana katawa waradi..
    wiwaha wenakota kule balanna ona,jathi agam okkoma balanna onaa...

    :lolnaha naha ehema kiwwa nemeyi.owa ithin thama thamange kamaththa anuwa balana ewane.mama eka hari kiwwe na.:no:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෙහෙමයි ඉතින්,ප්‍රේම සම්බන්ධයක් අවසානේ විවාහ වෙනවා වගේ නෙමෙයි යෝජනාවකින් විවාහ වෙන්න හදද්දී.ප්‍රේම සම්බන්ධෙකදි රූපය හෝ ගතිගුණ හෝ ආකර්ශණය හෝ මොකක් හරි හේතුවක් නිසා කැමති වෙනවා.හැබැයි යෝජනාවකදි කවමදාවත් දැකලාවත් නැති කෙනෙක්ව මුණගැහෙන්නනෙ යන්නෙ.ඉතින් තමන්ගෙ කැමැත්ත පරිදි හොයන්න පුලුවන් උපරිම දේවල් හොයනවා.තමන්ට ඉදිරිපත් කරන්න පුලුවන් උපරිම හැකියාවල් අතිශෝක්තියෙන් හරි ඉදිරිපත් කරනවා.සම්පූර්ණයෙන්ම නැතත් ටිකක් හරි තමන් හොයන ජාතියෙ ,ගැලපෙන කෙනෙක් යෝජනාවට ප්‍රතිචාර දක්වයි කියලා හිතලා.ඕව ඉතින් වෙනස් කරන්න බැහැ.රැල්ල යන අතට පාවෙනවා මිසක්.:)
    ඒකත් ඇත්ත...:yes:

    මාළු පාන්;15854107 said:
    :yes::yes::yes: oya tika type kerenna matath kammali hinda hitiye..
    crazy kiyana katawa waradi..
    wiwaha wenakota kule balanna ona,jathi agam okkoma balanna onaa...
    එලස් මචං.. ජාති ආගම් නම් හුඟක් අය හොයලා බලනවා.. ඒත් කුලය හොනවා අඩුයි දැන්.. ඉස්සර තමා ඔය කුලේ හොයන්නෙ කසාඳ බඳින්න කලින්..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lolnaha naha ehema kiwwa nemeyi.owa ithin thama thamange kamaththa anuwa balana ewane.mama eka hari kiwwe na.:no:
    ඉස්සර නම් බැලුවා ඔය කුලේ.. කරා, බොදුගොවි අරවා මෙව්වා.. ඔය දැනට වුණත් කුලය දාන්නෙ ඒකනේ මංගල දැන්වීම් වල.. අනේ මන්දා.. ඔව්වා නම් දැන් යල්පැන ගියපුවා..
     
  • Apr 2, 2013
    819
    69
    28
    ඉස්සර නම් බැලුවා ඔය කුලේ.. කරා, බොදුගොවි අරවා මෙව්වා.. ඔය දැනට වුණත් කුලය දාන්නෙ ඒකනේ මංගල දැන්වීම් වල.. අනේ මන්දා.. ඔව්වා නම් දැන් යල්පැන ගියපුවා..

    kule balanna ona machan.........umbalata oka terenne naaa..:no::no: