නොදකින් කාලකණ්ණි ගනයො.

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,113
    5,746
    113
    සිවුරට මුවා වී කළ මේ අමනකම කාට කියන්නද? (අසරණ පැටවුන්ට පිහිටක් වෙමු)
    කොටහේන සංඝමිත්තා මාවතේ පන්සලක ඉඳපු අහිංසක පූස් අම්මා කෙනෙකුට සහ ඇගේ කිරි සප්පයෝ ටිකට වුණු අමානුෂික දේ ඇහුවාම හිතාගන්න බැරි කෝපයක් සහ වේදනාවක් ඇති වෙනවා. තමන්ගේ ආරක්ෂාව පතාගෙන පන්සලකට ආපු සතෙකුට, ඒ පන්සලේම ඉන්න හාමුදුරුවෝ නමක් මෙහෙම කළා කියන එක අදහාගන්නත් අමාරුයි.
    සති තුනක්වත් නැති කිරි පැටව් ටික තමන්ගේ අම්මාගෙන් බලහත්කාරයෙන් වෙන් කරලා පාරට විසි කරද්දී, ඒ අහිංසකයෝ කිරි බිබී අම්මාගේ උණුසුමේ ඉන්න ඇති. සතෙක් වුණත් අම්මා කෙනෙක්ට තියෙන ආදරය පොදුයි. ඒත් මේ "බුද්ධ පුත්‍රයෙක්" කියලා හඳුන්වන කෙනා ඒ ආදරය තේරුම් ගත්තේ නැහැ. ඒ මදිවට ඒ පූස් අම්මාට උණු වතුර වක්කරලා, ඇඟ පිච්චිලා වේදනාවෙන් ඉද්දී ඇයව පෑලියගොඩ මාළු කඩේ ගාවට ගිහින් දාලා තිබුණේ ආයේ එන්න එපා කියලා හිතාගෙන වෙන්න ඇති.
    ඒත් අම්මා කෙනෙක්ගේ ආදරේ තියෙන ශක්තිය බලන්න... ඇඟ පුරාම උණු වතුර තුවාල තියාගෙන, ඇවිදගන්න බැරිව, තමන්ගේ පැටවුන්ව හොයාගෙන ඒ පූස් අම්මා ආයෙත් පන්සලටම ඇවිත් තිබුණා. ඒ ආවේ හාමුදුරුවෝ එක්ක වෛරයකට නෙවෙයි, තමන්ගේ පැටව් ටික කොහේ හරි ඇති කියන බලාපොරොත්තුවට. එහෙම ආපු අම්මාවත් ආයෙත් අරන් ගිහින් දාන්න තරම් ඒ හිත කොච්චර නම් ගල් වෙලා ඇත්ද?
    අපි අහලා තියෙන්නේ පන්සල කියන්නේ සරණක් නැති සතෙකුට පවා රැකවරණය දෙන තැනක් කියලා. "සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා" කියලා දවස පුරාම මතුරන කටකින්, මේ වගේ තිරිසන් වැඩක් කරන්න නියෝග දෙන්නේ කොහොමද? සිවුරක් දාගත්ත පළියට හැමෝම බුද්ධ පුත්‍රයෝ වෙන්නේ නැහැ කියන එකට මේක ලොකු සාක්ෂියක්.
    දැන් මේ අසරණ කිරි පැටව් ටික ඉන්නේ මා ගාව. මම ඔවුන්ව මඟ මියයන්න ඉඩ නොදී රැකගත්තා. ඒත් මට තනියම මේ හැමෝටම සදාකාලික රැකවරණය දෙන්න අමාරුයි.
    මේ අහිංසක පූස් පැටවුන්ට දැන් ඕනේ ආදරණීය නිවසක්. තමන්ගේම දරුවෙක් වගේ හදාගන්න, ඔවුන්ට රැකවරණය දෙන්න පුළුවන් කරුණාවන්ත හදවත් ඇති කෙනෙක් ඉන්නවා නම් කරුණාකර ඉදිරිපත් වෙන්න. උණු වතුර පාරවල් වලට, අමානුෂික මිනිස්සුන්ට හසු නොවී ආරක්ෂිතව හැදෙන්න මේ අසරණයන්ට පිහිටක් වෙමු.
    සතෙකුට කරුණාව දක්වන්න බැරි හිතක බුදු දහම තියෙන්න විදිහක් නැහැ. මේ වගේ සිදුවීම් අහද්දී හිතෙන්නේ, අපේ ශාසනය රැකගන්න ඕනේ මෙන්න මෙහෙම මිනිස්සුන්ගෙන් මිසක් වෙන කාගෙන්ව
    ත් නෙවෙයි කියලා.
    ඔබට මේ පැටවුන්ට නිවසක් ලබා දිය හැකි නම් හෝ එවැනි අයෙකු දන්නේ නම් කරුණාකර මාව සම්බන්ධ කරගන්න.
    📞0775610065
    Rashmi Fernando
    Geethika Amaratunga
     

    Attachments

    • 1000040345.jpg
      1000040345.jpg
      58.2 KB · Views: 34
    • Sad
    Reactions: Inigo Montoya

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,464
    4,934
    113
    Ape gewal side eke pansal dekak mathiyanw. eka eka Ajasaththa pakayo bvballo balallu genalla danwa me pansal deka ganata. e pansal wala hamuduruwo nam ith karunawen unta kanna dila bala gannwa. ela wanne na.
     
    • Like
    Reactions: Phone Hora

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    මං මෙහෙම දෙයක් පන්සලකින් ඇහුවමයි. තූ නොදකින්. 🤮
    කිසිම විකල්පයක් නැතිව අන්ත අසරණ වුණාම බහුතරයක් මිනිස්සු යන්න පෙළඹෙන තැනක්. ඔය යන විදිහට ගියොත් අපටත් සද්දේ දායි. කවදාහරි පොඩි මිනිස්සුන්ට පොලු වලින්, ගල් ගෙඩි වලින් ගහලා එළවයි ද දන්නේ නැහැ. ගුරු හාමුදුරුවෝ, නායක හාමුදුරුවරු හොයලා බලලා දැඩි ක්‍රියාමාර්ග ගන්නෙත් නැහැ. අන්තිමට ඔහොම එවුන් වයසට ගිහින් තනතුරු, පන්සලේ භාරකාරිත්වය වගේ ලැබුණම සාසනය බලන් ඉද්දි විනාස වෙලා යනවා.
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,962
    113
    කෙල්ලෙක් බැරිනම් බලලෙක් හරි අල්ලාගෙන චීවරයට බනින එක තමයි දැන් පල්ලියේ වැඩේ...
     
    • Sad
    Reactions: sahases