ටික වෙලාවක් වැය කරලා මේ කතාව කියවන්න.
අපි ඔහුට ජෝන් කියමු. ඇයට මේරි කියමු.
මේ තරුණ යුවළ එකිනෙකාට ආදරය කරන්නට පටන් ගත්තා.
ඒ අයට ප්‍රශ්න නොතිබුනාම නොවේ.ජෝන් දුක්පත් පවුලක තරුණයෙක්.ඒ නිසා මේරි ගේ දෙමව්පියන් ජෝන් ගැන කැමැත්තක් තිබුනේ නැහැ.
ජෝන් ටිකක් කල්පනාකාරියි.ඔහු සිතුවේ මේරි ගැන පමණක් නොවේ.ඔහු මේරිගේ මව්පියන් ගැනත් කල්පනා කළා.ඔවුන්ට ගෞරව කළා. ඔහුගේ ඒ අවන්ක උත්සාහයේ ප්‍රථිපලයක් ලෙසින් කාලයක් ගත වන විට මේරිගේ මව්පියන් තේරුම් ගත්තා ජෝන් හොඳ තරුණයකු බව හා ඔහු තම දියණියගේ අත ගැනීමට තරම් සුදුසු ගති ඇත්තෙකු බව. ඒ නිසා ජෝන් ගැන ඔවුන් යම් පැහැදීමක් ඇති කර ගත්තා.
මේ යුවළට බල පෑ තවත් ප්‍රශ්නයක්ති බුනා.
ඒ තමා ජෝන් හමුදා සෙබළෙකු වීම.
මේ කාලය වන විට යුද්ධය පටන් ගෙන තිබුනා.තම රාජකාරි කටයුතු වෙනුවෙන් ජෝන්ට ඈත රටකට යන්නට නියම වුනා.ඒ වසරක කාලයක් සඳහා.
රටින් පිටව යන්නට සතියකට පෙර දිනක ජෝන් සහ මේරි මුණ ගැසුනා.තම ආදරණීය යුවතිය අසළින් දණ නවා ගත් ජෝන් ඇයට කතා කළා.
"ඔයා මාත් එක්ක විවාහ වෙනවා නේද?"
මේරි තම දෙනෙතින් නැගෙන කඳුළු පිසදා ගත්තා.
'ඔව්,අනිවාර්යෙන්ම.' ඇය ස්ථිරවම කීවා.
ඒ ආසන්නයේ ආ දවසක මේරි හා ජෝන් විවාහ ගිවිස ගත්තා.ඔවුන් දෙදෙනා අතර වූ ඊළඟ එකඟතාව වූයේ වසරකින් නැවත මෙරට පැමිණ පසු විවාහ වීමයි.
බලා පොරොත්තු ඇතිව ජෝන් යුද සේවාව සඳහා පිටත්ව ගියා.
ඔහු රටින් පිටව ගොස් දින කිහිපයකට පසු මේරි මුහුණ පෑවේ නොසිතු විරූ දරුණු රිය අනතුරකටයි.
අනතුරින් පසු මේරිට සිහිය එන විට ඇය වැතිර සිටියේ රෝහලේ යහනකයි.තම යහන අසළ සිටින මව හා පියා ගේ හඬා වැටෙන මුහුණු දකින මේරි, කුමක් හෝ දරුණු තත්ත්වයක තමා සිටින බව තේරුම් ගත්තා.
පසුව දැනගත් පරිදි මේරිගේ මොළය අනතුරින් තුවාල වී තිබුනා.මුහුණ හා එහි මස් පිඩු පාලනය කරන මොළයේ කොටසට හානි වී තිබුනා.
ඇගේ කලින් රූමත් මුහුණ දැන් විරූපියි.
මේරි හොඳටම හඬා වැටුනා. ඒ සඳහා ඇයට බොහෝ හේතු තිබුනා.කැඩපතින් තමන්ගේ මුහුණ දුටු ඇයගේ ශෝකය තවත් වැඩි වුනා.
'ඊයේ වෙනකම්ම මන් ලස්සණට හිටියා.දැන් මන් හරියට යකෙක් වගේ.මන් දිහා බලන්න මටම කැතයි.' ඇය ශෝකයෙන් තමාටම කියා ගත්තා.’
ඇගේ සිරුර පුරාද හැම තැන පැතිර ගිය තුවාල තිබුනා.ඇයටත් ඇය ගැන පිළිකුල්.
මේ වන විට ඇය ජෝන් ගැන තීරණයකට ඇවිත් හිටියා.තමාගේ මේ තත්ත්වය යටතේ තව දුරටත් තමාව ඔහුට අවශ්‍ය නොවන බව ඇය සිතා ගත්තා.ඒ නිසා ඔහුගේ අනාගතය අඳුරු නොකොට ඔහු හා තමා අතර ඇති විවාහ පොරොන්දුවෙන් ඔහු නිදහස් කළ යුතු බව ඇය සිතා ගත්තා.
සදහටම ඔහුව අමතක කරන්නටත් යළි කෙදිනවත් ඔහු ගැන නොසිතා ඉන්නටත් ඇය තීරණය කළා.
ගත වී යන කාලය තුළ ජෝන් කොතෙකුත් ලිපි මේරිට එව්වත් ඇය ඒ කිසි ලිපියකට පිළිතුරු යැව්වේ නැහැ.කොතෙක් දුර කථන ඇමතුම් දුන්නත් ඒ කිසිවකට ඇය පිළිතුරු දුන්නේ නැහැ.
වසරක කාලයක් ගෙවී ගියා.දිනක් මේරිගේ කාමරයට පැමිණි ඇගේ මව ඇයට යම් පුවතක් ගැන සඳහනක් කළා.
'දුව, ජෝන් ආපහු ඇවිත්.'
'නෑ අම්මේ නෑ.' මේරි කෑ ගසන්නට පටන් ගත්තා.' මන් ගැන එයාත් එක්ක කතා කරන්න එපා.'
මේරිගේ මව ඇයට තවත් ආරන්චියක් දුන්නා.
'දුව, ජෝන් විවාහ වෙන්නයි යන්නේ.මේ තියෙන්නේ මගුල් ගෙදර ආරාධනා පත්‍රය.'තම හදවත කිඳා බසින්නාක් වැනි හැඟීමක් මේරි තුළ ඇති වුනා.කොතෙක් කොහොම මොනවා කිව්වත් තමා තවමත් වෙනසක් නැතිව ඔහුට ආදරය කරන බව මේරි දනියි.ඒත් ඔහුව මේ අමතක කරන්නට උත්සාහ කරන්නේ ඔහුගේම හොඳට බවද ඇය දනී.
සිතට බර කර ගත් ශෝකයෙන් මේරි මන්ගල ආරධනාව විවර කළේ සිය වෙව්ලන ඇඟිලි වලින්.
මනාලියගේ නම ලෙස එහි සඳහන්ව තිබුනේ ඇගේ නමයි.
'අම්මේ, මේ මොකද්ද මේ වෙන්නේ?' ඇය තම මවගෙන් විමසුවේ පුදුමයෙන් මෙන්ම කුතූහලයෙන්.
ජෝන් කාමරයට ඇතුළු වූයේ ඒ වෙලාවෙයි.
මේරි තම දෑතින් තමාගේ මුහුණ වසා ගත්තේ ඔහුට නොපෙණෙන්නටයි.තමා අත තිබූ මල් කළඹ ඇයට පිරි නැමූ ජෝන් ඇය ළඟ දණ ගසා ගත්තා.
'ඔයා මාත් එකක් විවාහ වෙනවා නේද?'
'මන් දැන් අවලස්සණයි.'ඇය සෙමින් කීවා.
'මේරි.මන් කිඅයන එක අහන්න.ඔයාට හොරෙන් ඔයාගේ පින්තූර ඔයාගේ අම්මා මට එවවා.ඒවා බැලුවහම මට තේරුනා කිසිම දෙයක් වෙනස් වෙලා නැති විත්තිය.ඔයා මන් ආදරය කරන මගේ මේරිම තමා.එදා වගේම ඔයා තාමත් ලස්සණයි.ඒ මන් ඔයාට ආදරේ නිසා.'
(මෙහි මුල් කතුවරයා ගැන සඳහනක් නැත.)