ආදරය හා සංස්කෘතිය හා අපි

salinthe

Active member
  • Feb 5, 2018
    371
    76
    28
    western province
    ආදරය හා සංස්කෘතිය හා අපි

    hNoAnwu.jpg


    රටක සංස්කෘතිය
    ආදරය තහනම් කරනවනං
    ඒ සංස්කෘතිය කොහොමද දියුණු එකක් වෙන්නෙ...
    රටක සංස්කෘතිය
    සිප ගැනීමක් අපරාධයක් විදිහට දකිනවනං
    ඒ සංස්කෘතිය කොහොමද උත්කර්ෂයට නගන්න කියලා කියන්නෙ..
    ආදරය කිරීම බිත්ති හතරකට සීමා කරගන්න කියනවනං...
    මහ පාරෙ ඝාතනයකට වැඩිය සිප ගැනීමක් අපරාධයක් වෙනවනං...
    ඒක යහපත් සංස්කෘතියක්ද..??
    ආදරය වාරණය කරන, නොඉවසන තැනක් රටක් ද..?
    ආදරය තහනම් උනාම එතන මිනිස්සු ඉන්නෙ කොහොමද..
    මම අරාබියක ජීවත් වෙන්න ආස නැහැ.
    අරාබියට තෙල් තිබ්බට අරාබිය අඳුරුයි තාම..
    මිත්‍රවරුනි
    ඒ සංස්කෘතික අන්ධකාරය අපිට එපා...

    නගරයක සිප ගන්නකොට දකින අයගෙ ඇස් වලට කඳුළු උනන්න ඕනෙ..
    දෙයියනේ කොච්චර ලස්සන ආදරණීය හාදුවක්ද ඒක.. , දෙවනි ලෝක යුද්ධෙ ඉවර වෙලා දීපු හාදුව වගේ ඡායාරූපයකට එකතු කරගන්න හිතෙන, අනේ මුං ජීවිත කාලෙම ඔහොම ලස්සනට ඉන්න ලැබෙන්න ඕනෙ කියලා හිතන හදවත් ඕනෙ අපිට...
    ආදරණිය හාදුවක් දෙන්න හිතුනම බයේ ගැහි ගැහි කුඩ යට අහුමුළු වල හැංගෙන ප්‍රේමවන්තයො වෙනුවට අත්පටල ගන්න.. වැළඳගන්න සිපගන්න ආයෙ වටපිට නොබලන්න ඕනෙ රටක් ඕනෙ අපිට..
    ආදරය කරන යුවලක් දැක්කම කිරි කලයක් අරන් එන කාන්තාවක් උදේපාන්දර දැක්කා වගේ සුබ දර්සනයක් කියලා හිතෙන සංස්කෘතියක් ඕනෙ අපිට...
    තරුණ වෙනසක් නැතුව මැදි වයසෙ මහළු වයසෙ යුවලක් උද්‍යානයක ඇවිදිනකොට ආදරෙන් තුරුළු කරගන්න පුළුවන් රටක් ඕනෙ අපිට..
    බස් එකක කෝච්චියක වෙන වෙනම ඉන්න යුවලකට තමන් ඉන්න තැන එක්ක ආසනය මාරු කරගෙන එක තැනක ඉඳගන්න ඉඩදෙන හදවත් ඕනෙ අපිට....

    සංස්කෘතිය ලස්සන වෙන්නෙ ආදරයට ඉඩ දුන්නම.. ආදරය කරන මිනිස්සු ඉන්න සංස්කෘතියක් තමයි සංස්කෘතියක් වෙන්නෙ..
    තමන් මේ ලෝකෙ වැඩියෙන්ම ආදරය කරන මනුස්සයගෙ පපුවට තුරුළු වෙන්න දෙපාරක් හිතන්න ඕනෙ තැනක නිදහස කියන්නෙ මොන තරම් අප්පිරිය වචනයක්ද...
    ආදරය අපරාධයක් වෙන රටවල්.. ආදරය හැංගිය යුතුය කියලා දකින රටවල්.. මොන සම්පත් තිබ්බත් අඳුරු අරාබියක් විතරයි..
    ආදරය කරන මිනිස්සු ඉන්න රටවල් හරිම ලස්සනයි...
    ආදරය නැතුව මිනිස්සු ඉන්නෙත් නෑ..
    ආදරය නැති තැන් වල ඉන්නෙ අමනුස්සයො..
    අමනුස්සයො ආදරය කරන්නෙ නෑ..
    අපි මිනිස්සු වෙන්නෙම ආදරය කරන හින්දා..!!

    :love::love:
    --facebook/Sankha Wickramasooriya
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    නගරයක සිප ගන්නකොට දකින අයගෙ ඇස් වලට කඳුළු උනන්න ඕනෙ..

    සිරාවටම මචෝ මේක මෙහෙම වෙනව නම් අපේ රට මීට වඩ හොද තැනක් වෙනවා.. පුද්ගලිකව මම නම් හරි ආසයි කපල් ආදරෙන් අත් අල්ලගෙන, දැවටි දැවටි යනවා දකින්න.. අද දවල් දැක්ක ආච්චි කෙනෙකුයි සීය කෙනෙකුයි හෙන ලව්1ඒ යනවා... නියම කතාව...:love::love::yes: