ආදරය_වෙනුවෙන්_"ඇනගෙන"_මැරෙන_ගෙඹි_ප්‍රජාව&#

OOH

Member
Nov 16, 2012
243
84
0
ආදරය_වෙනුවෙන්_"ඇනගෙන"_මැරෙන_ගෙඹි_ප්‍රජාව&#

ඇඟිලිවලින් ගිනිදලු හෝ කිරණ පිට කරන මිනිසුන් සිටින්නේ කාටූන් පොත්වල සහ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටවල විතරයි. මේ චරිතවලට අයත් සමහරුන්ගේ ඇඟිලිවලින් හිටි ගමන් දිග නියපොතු ඉවතට ඇදෙනවා. බැලින්නම් ඒවා දිගු පිහිතල, දුනු දියෙන් මිදුණු ඊතල හා සමානවයි ඒවා එළියට පනින්නේ.

Otton-frog-Babina-subaspera.jpg

අප කියන්නට යන කතාව මෙයයි. මෙබඳු හැකියාවක්‌ ඇති ඇඟිලි තිබෙන ගෙඹි වර්ගයක්‌ පසුගියදා දකුණු ජපානයේ අමාමි දූපතෙන් සොයා ගන්නට ජීව විද්‍යාඥයන් පිරිසකට හැකිවුණා. ඔටොන් ගෙම්බා (Otton) හෙවත් Babina Subaspera යන නමින් මේ ගෙඹි විශේෂය හැඳින්වෙනවා. මේ සතුන් ජීවත් වන්නේ ඉහත සඳහන් දූපතේ පහත් බිම්වල සහ මිරිදිය ජලාශවලයි. විද්‍යාඥයන් මේ ගෙම්බන් ගැන සොයන්නට වඩාත්ම උනන්දු වී ඇත්තේ මුගටින්ගේ ප්‍රධාන ආහාරය බවට මේ ගෙම්බන් පත්වීමත් සමඟම උන් වඳවී යැමේ තර්ජනයක්‌ හටගෙන තිබීමයි.

ටෝකියෝ විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අංශයේ වාර්ෂික සඟරාවේ මේ ගැන පළවී තිබෙනවා.

d16.jpg


images

සාමාන්‍යයෙන් ගෙම්බකුට පිහිටන්නේ ඇඟිලි 4 බැගින් වූ අත්පා වුවද ඔටොන් ගෙම්බාට පස්‌වැනි ඇඟිල්ලකුත් තිබෙනවා. එය එළියට එන්නේ අවශ්‍ය අවස්‌ථාවකදී පමණයි. ඒ ඇඟිල්ල තුළ ඉතාම ශක්‌තිමත් අස්‌ථියක්‌ තිබෙනවා. ගෙම්බා කෝප වූ විට මේ ඇඟිල්ල තනිකරම ආයුධයක්‌ බවට හැරෙනවා. මෙහි ඇති විශේෂත්වය වන්නේ ගැහැනු සතුන් සතුවත් මේ ඇඟිල්ල තිබුණත් පිරිමි සතා පමණක්‌ එය පාවිච්චි කිරීමය. මුලදී මේ ඇඟිල්ල ඔවුන් පාවිච්චි කර ඇත්තේ සිය පෙම්වතිය ආදරයෙන් පිරිමැදීමටයි. එහෙත් පරිණාමයත් සමඟම ඔවුන් මෙය සටන් සඳහා යොදාගෙන තිබෙනවා.

මේ ගෙඹි ප්‍රජාව අතර ගැහැනු සතුන්ගේ හිඟයක්‌ තිබෙනවා. ඒ නිසා පෙම්වතියකට පෙම්වතුන් දෙතුන් දෙනා බැගින් සිටිනවා. පෙම්වතියක්‌ අත්පත් කර ගැනීම සඳහා මහත් ආයාසයකින් යුතුව සටන් කිරීමට මේ නිසා ඔටොන් ගෙම්බන්ට සිදුවෙලා. මේවා ප්‍රේම සටන්. හැබැයි සටනේ කෙළවර මරණයයි. උන් සටන් කරන්නේ හරියටම මල්ලවපොර කාරයන් සටන් කරන විදියටයි. පිරිමි සතුන් එකිනෙකා බදාගෙන බිම පෙරළෙමින් හැකි පළමු වැනි අවස්‌ථාවේදීම පස්‌වැනි ඇඟිල්ලෙන් අනිනවා. මුල් කාලයේදී සිය පෙම්වතිය තුරුලු කර ගැනීමට මේ ඇඟිල්ල භාවිත කර ඇති බවත් පරිණාමයත් සමඟම සතුරා බදා ගැනීමට ඇඟිල්ල යොදා ගන්නා බවත් සත්ත්ව විද්‍යාඥයන් කියනවා.

මුලාශ "දිවයින"