ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන්මයි

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන්මයි

    :love::love:ඔබේ ආදරය හඳුනා ගන්න:love::love:

    couple.jpg


    ජීවයේ සදාතනික පැවැත්ම රදාපවතින්නෙ හිරුගේ හිරු රැසින් හා මවගේ ආදරයේ එකමුතුවෙනි. ආදර හැඟීම් සිතේ ඇති වන්නේත්, පවතින්නේත්, මේ සංකල්පය මතයි. පෙම්වතුන් වෙළී සිටින කාලය ඉතා සුන්දරයි නිතර මුණ ගැසෙන්නට, හුදෙකලාව ආදරය විඳින්නට ඔබ මෙන්ම ඇයද මේ සිහින ලොවේ තනිවන්නට වඩාත් කැමතිය. මේ කාලයේදී බොහෝ විට ඔබ දෙදෙනාගේම අදහස්‌ සමාන බවත් දැනේවි. ඒ නිසාම ප්‍රේම කිරීමේ මේ අරුමැසි ක්‍රියාවලියේ රස බැලීමට කුමක්‌දොa ලොල් බවක්‌ ඇති වීම නිසා ප්‍රේම කිරීමේ කැමැත්තක්‌ හට ගනී. යෞවන ප්‍රේමය ආශාවන් සොයා යැමේ හා ආශාවන් ඉටු කර ගැනීමේ අරමුණින් සිතේ හටගන්නා සිතුවිල්ලකි. තරුණ තරුණියන් අතර ඇතිවන මේ ප්‍රේම සබඳතා දිගුකාලීන සබඳතා බවට පත්වන්නේ කලාතුරකිනි. ඊට බොහෝවිට හේතු වන්නේ එකිනෙකා අවබෝධ කර ගැනීමට ඇති නොහැකියාව හා නොදැනුවත්කමයි. සබඳතාවක්‌ පවත්වාගෙන යන්න ඔබ දෙදෙනා තුළම යම් යම් ගුණාංග වර්ධනය විය යුතුයි.

    පෙම්වතුන්ගේ අවබෝධය තුළ ආදරය සදාතනිකයි

    තරුණ තරුණියන් එකිනෙකා තේරුම් ගැනීම ඉතා වැදගත් බටහිර පරම්පරාවේ ඇතැම් මනෝවිද්‍යාඥයන්ගේ මතයට අනුව යම් අයෙක්‌ මව් කුසෙහි පිළිසිඳගන්නට පෙර සිටම ආදරය බලාපොරොත්තු වන අතර එය මරණයෙන් පසුවද අපේක්‍ෂා කරනු ලබයි. මෙකී ආදරය මිනිසෙකු තුළ තනිව ඇතිවන දෙයක්‌ නොව වෙනත් කෙනෙකු කෙරේ ඇතිවන දෙයකි. මෙය රැක ගැනීමට නම් එකිනෙකා හොඳින් හඳුනා ගත යුතුය. තරුණයා හැම විටම තරුණිය තේරුම් ගත යුතු අතර එසේ නොවුනහොත් එම ආදර සබඳතාව පවත්නා ගෙන යැමට නොහැකිවේ. අප ආදරය කරන්නේ ඇයි යන ගැටලුව මතුවේ. ආදරය කරනුයේ මිනිසුන්ගේ ජීවිතය සාර්ථක කර ගැනීම සඳහාය. ආදරය යනු මිනිසෙකුගේ සිතේ තිබෙන මනෝභාවයක්‌ වෙනත් කෙනෙකුගේ යහපත වෙනුවෙන් කැපවන අතර ඔහු ප්‍රීතියෙන් හා උද්යෝගයෙන් සිටිනවා දැකීමෙන් තමන් සතුටු වීම මින් අදහස්‌ වේ. ආදරය යන්න මිනිසෙක්‌ තුළ ඇති වන උතුම් හැඟීමකි. ආදරය කරන විට පිරිමියා ඒ දෙස බලන ආකාරය කාන්තාව ඒ දෙස බලන ආකාරය අනුව එකිනෙකා හඳුනා ගත යුතුයි. මෙය එක හා සමාන වූ විට පමණක්‌ උතුම් ආදරයක්‌ ඇතිවේ. නැතහොත් ඇතිවන්නේ ආශාවක්‌ පමණි. ආශාව සන්සිඳුණු පසු අවසන් වේ. නමුත් ආදරයට සංසිඳීමක්‌ නැත. මෙකී නොසන්සිඳෙන ආදරය සදාකල්හිම පවත්වා ගෙන යන්නට පෙම්වතුන් අතර මනා අවබෝධය හා සමාජීය දැනුම පැවතීම අවශ්‍යමය.

    හෘද සාක්‍ෂිය ආදරයේ කැඩපතයි

    ඔබ හැමවිටම හෘද සාක්‍ෂියට එකඟව අවංකව තමන්ගේ පෙම්වතාට හෝ පෙම්වතියට ආදරය කරන්න. ආදරය ගැන ඔබ දෙදෙනාටම වගකීමක්‌ පවතින බව අවබෝධ කරගන්න ආදරය කරන මේ සුන්දර කාලයේ පෙම්වතුන් සැබැවින්ම ආත්මාර්ථකාමීන්ය. යෞවන ප්‍රේමය හෘද සාක්‍ෂියට එකඟව, අවංකව කරනවා නම් එවැනි ආදරයකට අවංක ආදරයක්‌ කවදා හෝ විඳින්නට ලැබෙනු ඇත. ආදරය ආත්මීයගත බැඳීමක්‌ බව දැනෙන්නේ ඒ නිසයි. මේ සංසාරික බැඳීම තුළ හෘද සාක්‍ෂියට එකඟව ඔබ ආදරය කරන්න. ආදරයේ සුන්දරතම මිහිරියාව සිතට දැනෙන්නේ ඒ අවංක බව තුළයි.

    ආදරවන්තයින්ගේ දිනයට ආදරය

    සීමා නොකරන්න

    එළඹෙන පෙබරවාරි 14 දින ආදරවන්තයින්ගේ දිනයයි. ඔබේ ආදරේ මේ දිනයට පමණක්‌ සීමා නොකරන්න. අවංකව, අවබෝධයෙන් ආදරය කරනවා නම් ඔබේ ආදරය එක්‌ දිනයකට සීමා නොවේ. ආදරය ඔබේ සිතේ ඇතිවන උතුම් හැඟීමකි. ආදරයේ දී ඔබ දෙදෙනාටම අරමුණක්‌ තිබිය යුතුයි. අරමුණක්‌ නැති විට සාර්ථක කර ගන්න ඉමක්‌ නැත. දෙදෙනාගේ අරමුණු විවිධ වුවත් අවබෝධයෙන් ආදරය පවත්වා ගෙන යනවා නම් ඔබට ප්‍රේම කිරීමේ සබඳතාවන් පවත්වාගෙන යැමේ කැමැත්ත මෙන්ම අරුමැසි ප්‍රේමය රස බැලීමේ ආශාවද සිතේ ඇතිවන්නේ නිරායාසයෙනි.

    ආදරයට ආදරය කරන්න සදාතනික ප්‍රේමයේ මිහිරියාව විඳින්න

    ජය.!