ආදරවන්තයින්ගේ දිනයේ ඔබට දෙන්න පුළුවන් හො

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    ආදරවන්තයින්ගේ දිනයේ ඔබට දෙන්න පුළුවන් හො

    මේ මාතෘකාව දැක්කම බොහෝ දෙනෙක් හිතනවා මේ කියන්න යන්නේ මොකක් හරි සමාගමකින් ආදරවන්තයින්ගේ දවසට ටිකක් වැඩියෙන් විකුණගන්න නිෂ්පාදනය කරපු මොකක් හරි භාණ්ඩයක අලෙවිය වැඩිකරගන්න ලියන ඇඩ් ආර්ටිකල් එකක් කියලා. ඒත් මේක ඇත්තටම එහෙම එකක්ද?

    ආදරවන්තයින්ගේ දිනය කියන්නේ පෙබරවාරි 14 ඒ කියන්නේ ලෝකේ ආදරවන්තයින් වෙනුවෙන් නම් කරපු එකම දිනය ද? කොහොම වුනත් මේ දවස කියන්නේ බොහොමයක් ආදරවන්තයින් රතු පාටින් සැරසෙන, සතුටින් කතා බහ කරන්න එළියට යන, රෝසමල්, චොක්ලට්, රත්තරන් ආභරණ වගේ තෑගි බෝග විශාල වශයෙන් හුවමාරුවෙන දවසක්.

    අනෙක් පැත්තෙන් පාර්ක් ගානේ, සිනමා ශාලා ගානේ, හෝටල් කාමර ගානේ පෙම්වතුන් පෙම්වතියන්ගේ උණුසුම් සුසුම්, හිනා, වේදනාත්මක කෙඳිරි ඇසෙන දිනය. ඒකට ආදරවන්තයින්ගේ දිනය කියලා නම් කරලා අතීතයේ ජීවත්වුණු වැලන්ටයින් පියතුමාවත් ඒකට ගාවලා තියනවා.

    හරි.. මේ වගේ ආදරවන්තයින්ගේ දිනයකට ඔබේ පෙම්වතාට, පෙම්වතියට, සැමියාට, බිරිඳට දෙන්න පුළුවන් හොඳම දේ මොකක්ද? ආදරණීය දෙයක්, නැත්නම් වටිනාකමින් වැඩි දෙයක්? ඔබට මේ දවස්වල තියන ලොකුම ප්‍රශ්න අතරින් එකක් මේක වෙන්නත් පුළුවන්. මොකද තෑගි කියන කාරණය නිසා බොහෝවිට උරණ වෙන්නේ ගෑණු උදවිය.

    ඒත්...

    ආදරය කියන්නේ ආධ්‍යාත්මක දෙයක්, ඇත්තම කියනවනම් ආදරය කියන්නේ දෙන්නෙක් අතරේ ඇතිවෙන සංවේදී හැඟීම් එක්ක කරන ගණුදෙනුවක්. ඒ ගණුදෙනුව එච්චරම සංවේදී නම්, ආධ්‍යාත්මික නම්, හැඟීම්බර නම් ඒ වෙනුවෙන් භෞතිකමය තෑගි බෝග දීලා තෘප්තිමත් කරන්න පුළුවන්ද?

    භෞතිකම තෑගි වලින් තෘප්තිමත් වෙන ආදරේ ආදරයක් ද? ඇත්තටම භෞතික තෑගි බෝග දීලා හිත හදන්න පුළුවන් වුනාට ආදරය ඇති කරන්න බෑ. ආදරය කියන්නේ බෞද්ධ දර්ශනය අනුවනම් අට ලෝ දහමකින් කම්පා නොවෙන දෙයක් වෙන්න ඕන. සරලවම කියනවනම් මෙහෙමයි,

    ඔබේ ආදරේ ඔබේ සැමියාගේ, බිරිඳගේ, පෙම්වතාගේ, පෙම්වතියගේ පොකට් එකේ සල්ලි තියන කාලෙට ඒ කියන්නේ ලාභ කාලෙට වැඩිවෙනවනම්, සල්ල අඩු කාලෙට, ඒ කියන්නේ අලාභ කාලෙට අඩු වෙනවනම් ඒක ආදරය වෙන්න බෑ. ඔබේ ආදරේ සැප ඔබ ලඟ තියෙද්දි වැඩි වෙන, දුක ඔබ ලඟට එද්දි අඩුවෙන එකක් නම් ඒ ආදරයක් නෙවෙයි වුවමනාවක් විතරයි, ඔබේ ආදරේ ප්‍රශංසා ඇති වෙලාවට බොහොම වැඩියි, නින්දා අපහාස තියන කාලෙට අඩුවෙලා යනවනම් ඒක ආරයක්ද? ඔබේ ආදරේ යස සමයන්හි, ඒ කියන්නේ සම්පත් වලින් වැඩි කාලවලදි වැඩිවෙන, අයස ඒ කියන්නේ අමාරු කාලවලදි නැතිවෙන දෙයක් නම් ඇත්තටම ඔබ කරන්නේ පට්ට බොරුවක්..ඒ බොරුවට ඔබ ආදරේ කියලා නමක් දාගෙන තියනවා.

    ඒ වගේ බොරුවක් සන්නද්ධ කරන්න ආදරවන්තයින්ගේ දිනේට කොහේට හරි එක්කගෙන ගිහින් මොනවාහරි අරන් දීලා කිස් එකක් ඉල්ලගත්තට, නිරුවතින් ඇඳක් උඩ පෙරලුනාට ඔබට ලැබෙන දෙයක් නෑ. ඒ නිසා ආදරවන්තයින්ගේ දිනයට දෙන්න පුළුවන් හොඳම දේ මේ එකක් වත් නෙවෙයි..එහෙනම් මොකක්ද?

    විශ්වාසය..

    ආදරේ කියන්නේ විශ්වාසය මත පදනම් වුණු දෙයක්. ආදරේ කියන දේ සහ විශ්වාසය කියන දේ අතරේ අපූරු සබඳතාවයක් තියනවා. ඒ නිසා විශ්වාසය නැති තැන ආදරයක්, බැඳීමක් ශුද්ධවූ ලෙස ඉතිරිවෙන්නට ඉඩක් නෑ. ඒ නිසා හොඳම තෑග්ග ආදරයට විශ්වාසය එකතු කරන එක, ඒ විශ්වාසය හැමදාම පවත්වාගෙන යන එක.

    එකපාරක් හරි විශ්වාසය බිඳිලා ඒත් අදටත් ආදරය කරනවනම් තව තවත් වැඩියෙන් විශ්වාසය දෙන්න, විශ්වාස කරන්න, විශ්වාසයෙන් ජීවත් වෙන්න. ඒක තමයි ආදරවන්තයින්ගේ දිනයට විතරක් නෙවෙයි හැමදාටම දෙන්න පුළුවන් හොඳම සහ ආදරණීයම තෑග්ග.

    මූලාශ්‍රය - https://her.lk/life-style/927-2019-02-12-09-43-28