ආදර්ශවත් ගීතයක්

Prothean

Member
Apr 25, 2011
866
93
0
ආදර්ශවත් ගීතයක්




ලක් වැසියන් කෙරෙහි නැමී
අරහත් මහ මිහිඳු හිමි
පෙව්වෙ උතුම් සදහම් මී
පුත නුඹටත් මම පොවමි එමී
ජාතිය රන් විමනක් වේ
ආගම මිණි පහනක් වේ
එය ‍රැකගන්නට මෙලොවේ
සමත් වෙතොත් පුත නුඹ වේ

මෙබඳු උතුම් ලංකාවේ
දසතින් දුසිරිත් බෝවේ
මේ ගැන වැඩ කොලොත් ලොවේ
නුඹෙත් මගෙත් නම කියැවේ
ඉටු කොට කල යුතු යුතුකම්
ලැබුණත් ලෝකෙන් ගැරහුම්
ඉවසන්නට පුළුවන්නම්
නුඹයි මගේ පුතා උතුම්


තමන් ලැබූ දිවි පෙවෙතේ
කොටසක් රට සමය වෙතේ
පුද නොකොලොත් නුඹෙන් පුතේ
මෙලොවට කිසි පලක් නැතේ
මේ ගැන වැඩ කොට ඉමහත්
ලැබෙන දුකක් හිරිහැරයක්
නිවනට සරිකොට සිතතොත්
නුඹයි මගේ පුතා සමත්

කාටත් හිමි පොදුදේ නම්
නැති බැරි හිඟ අවහිරකම්
මේ දේ මැඩගෙන දස්කම්
පෑම තමයි සුරුවිරු කම්
උස් තැන් දැක හැකිලෙන්නේ
මිටි තැන් දැක පුප්පන්නේ
නිවටුන් බව සිතමින්නේ
මගේ පුතා ලොකු වෙන්නේ


ජාතික තොටිල්ල - එස්.මහින්ද හිමි


මේක අර්ථවත් ගීතයක් හින්දා දැම්මේ.
-රෙප් වලට අඩන අයටත් මේක වටිනවා lol
 
Last edited:
  • Like
Reactions: 4keven4

4keven4

Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    thanks
    i like this
    godaak parana
    sinduwak
    dan wadiya
    radio ekewath yanne na
    mama ahuweth
    hugak kalekata passe