ආදරෙන් කියන්නම්

mayuri.

Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ
    ආදරෙන් කියන්නම්

    හමායන මඳ නලට
    අතවනා අසන්නම්
    නුඹේ සුවඳ
    සොරාගෙන ආවද කියලා..
    නිවී නිවී පායනා
    තරු අතර සොයන්නම්
    නුඹේ රුව
    සැඟවිලා තිබුණාද කියාලා..
    නිමවූ වසන්තයට
    හඬගසා කියන්නම්
    නුඹේ මතක
    මා ළඟම හැරයන්න කියාලා..
    නුඹේ ඇස දෙස බලා
    ආදරෙන් කියන්නම්
    කිසිදිනක හැර නොයා ළඟ ඉන්න කියාලා..

    මයුරි ~
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කවියනම් එල ලව් එකෙන් මත්වෙලා ලියල තියනවා... එත් තව ටිකක් දිගට ලීවා නම් හොදයි වගේ..
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පරයන ඉඳුනිල් කැට..
    දෙනෙතෙහි ඇති කැල්මට..
    වසඟ නොවන් මෙහි කවුරුද..
    නෑනගෙ එක බැල්මට............... :love:

    ++
    11.gif

     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    aaadaren oonama deyak kiyanna sudu :( aadaren marenna kiwwath mn marenawa :( dn oyage adare nathwua mata jeewath wenna ba