ආදරේ නාමයෙන්

Mr Bump

Member
Oct 26, 2015
435
104
0



7966-couple-try-to-suicide-in-jaffna857666607.jpg

ආදරේ නාමයෙන් එක්වෙන්න බැරිතැන ළිඳට පනිමුයි කියා ගිහින් කොල්ලා මැරෙද්දි කෙල්ල බටේක එල්ලී බේරිලා

ආදරේ වෙනුවෙන් ඕනි දෙයක් කරන්න බලන් ඉන්න කෙල්ලෝ කොල්ලෝ ගැන අපි අහලා තියෙනවා. එහෙම අය පොඩි කරදරයක් වුනාම, හිතට දුකක් ආවම, විවාහ වෙන්න බෑ කියලා දැනගත්තම දෙන්නම එකතුවෙලා මැරෙමු කියනවා.

ඒක සුරංගනා කතාවක් කියලා සමහරු කීවට ඇත්ත ලෝකෙත් මේ දෙවල් වෙනවා. හැබැයි සමහර වෙලාවට පොඩ්ඩක් වැඩේ ගැස්සිලා එක්කෙනෙක් මැරිලා අනිත් කෙනා නොමැරී ඉන්න අවස්ථාත් අපිට අහන්න දකින්න ලැබෙනවා. ඒ වගේ කතාවක් තමයි අපි මේ කියන්න යන්නේ. සිද්ධිය වෙලා තියෙන්නේ යාපනේ කෝපායි පැත්තේ. කොල්ලට වයස 19යි. කෙල්ලට වයස 21යි. අවුරුද්දක් විතර දෙන්නා ආදරේ කරලා එක එක තැන්වල ගිහින් තියෙනවා.


මේ හින්දම දෙන්නා හිතේ තියන් ඉඳලා තියෙන්නේ විවාහ වෙලාම මේ සම්බන්ධ තව ඉස්සරහට අරන් යන්න. කොහොම වුනත් ගොඩදෙනෙකුට එන ප්‍රශ්නයක් මෙයාලටත් ඇවිත්. ඒ තමයි ලව් එකට ගෙදරින් කැමති වෙලා නැති එක.

කොච්චර කීවත් ගෙදරින් එපා කියන එක ඉවසගන්න බැරිවෙලා මේ දෙන්නා තීරණය කරලා තියෙනවා මැරෙන්න. ඒකට කරන්න හදලා තියෙන්නේ ලිඳට පනින එක. දවසක් දෙන්නම ඔය විදියට ළිඳක් ළඟට ගිහින් පනිමු කියලා කතාවෙලා. තිබ්බ හැම ප්‍රශ්නයක් ගැනම ඒ වෙලාවේ කතා වෙලා වයසින් වැඩි පෙම්වතියට තමන්ගේ ආදරේ ගැනත් අන්තිම මොහොතේ කියලා තමයි මේ කොල්ලා මැරෙන්න ලෑස්තිවෙලා තියෙන්නේ.

ඊට පස්සේ දෙන්නා අත් අල්ලන් එකට පනිමු කියලා කොල්ලා පනිද්දි කෙල්ල කරලා තියෙන්නේ ළිඳ ළඟ තිබ්බ බටයක් අල්ලගත්තු එක. ගෙදර අය මතක් වෙලාද මැරෙන්න බයේද දන්නේ නෑ කොහොමහරි කෙල්ල ළිඳට පැනලා නෑ, අවංකව ආදරේ කරපු කොල්ලා අන්තිමේදී ළිඳට පැනලා වතුර පෙවිලම මැරිලා. බටේ අල්ලගෙන බේරුණු කෙල්ල දැන් බොරුවට අඬ අඬා ඉන්නවා කියලා තමයි ආරංචි වුණේ..
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපි හිනාවුනාට මරණ බය ඔය ඔක්කොටම වඩා දරුණුයි බන්. ගොන්කමට මැරෙමු කියල ආවට ඔය පැන්න කොල්ලත් ලිඳේ පන අදිද්දී ෆුල් ට්‍රයි කරන්න ඇති බේරෙන්න.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔහොම තමයි සියලු දේ අනිත්යයි, ආදරෙ කියල නැ ඒකත් අනිත්යයි.