ආදර සම්බන්ධයක් තුල ගැටුම් නිරාකරණය කරගන්
කාන්තාවක් හෝ පිරිමියෙක් කියලා වෙනසක් නැතිව ආදරේ කරන බොහෝ දෙනෙක් තමන්ගේ බැඳීම් ඇතුලේ ප්‍රශ්න හදාගන්න බොහොම කැමතියි. එක පැත්තකින් බැලුවොත් සම්බන්ධයක් ඇතුලේ ප්‍රශ්න, ගැටළු, රණ්ඩු ඇති නොවුනොත් ඒකත් නීරස දෙයක් වේවි.
ඒත් ගැටළුව තියෙන්නේ මෙහෙම වෙනසකටත් එක්ක හැදෙන ගැටුම් බොහොම දුරදිග ගිහින් එක්කෝ සම්බන්ධය කැඩිලා, නැත්නම් උසාවි ගාණෙත් ගිහින් එතනිනුත් ඉවර නොවී සදාකාලික වෛරක්කාරයෝ වගේ ජීවත් වෙන එකයි. ඒක නිසා ආදර සම්බන්ධයක් ඇතුලේ ගැටුම් නිරාකරණය කරගන්න මේ දේවල් ගැන හිතලා බලන්න.
මිනිත්තුවකට සවන් දෙන්න
ගොඩක් වෙලාවට ආදර සම්බන්ධයක් ඇතුලේ ප්‍රශ්නයක් වුනාම දෙන්නම කරන්නේ කතාකරන්න උත්සහ කරන එක. එක්කෙනෙක් කියන දේ එක්කෙනෙක් අහගෙන ඉන්නේ නැතිව මෙහෙම දෙන්නම එකපාර කතාකරන්න උත්සහකරන එකෙන් වෙන එකම දේ තමයි අන්තිමට ඒ අදහස් දැක්වීම් ප්‍රශ්ණයක්, රණ්ඩුවක් දක්වා දුරදිග යන එක.
ඒ නිසා දෙන්නම ටිකකට කතාකරන එක නවත්තලා එක්කෙනෙක් කියන දේ අහගෙන ඉන්න උත්සහ කරන්න ඕන. මිනිත්තුවක් මෙහෙම අහගෙන ඉඳලා එක්කෙනෙක්ට පස්සේ එක්කෙනෙක් කතාකරන්න. මෙහෙම ටිකක් කතාකරද්දි ගැටුමට හේතුවුණු කාරණා එකින් එක එළියට එනවා. ඒවා බොහොම උනන්දුවෙන් අහන් ඉඳලා දෙන්නම එකතුවෙලා කතාකරලා විසඳුම් හොයන්නනම් මුලින්ම තමන්ගේ සහකරුවා හෝ සහකාරියට සවන්දෙන්න පුරුදුවෙන්න, මිනිත්තුවකින් ඒක පටන්ගන්න.
උස් හඬින් වෙනුවට සාමාන්‍ය ස්වරය
ගැටුමක් ඇතිවුණාම නොදැනුවත්වම වාගේ අපේ කටහඬේ ස්වරය සහ වේගය වැඩිවෙන එක ස්වභාවිකයි. ඒක ආවේගය එක්ක මුසුවුණු හැසිරීම් රටාවක්.උස්හඬ නිසා උත්සහ ගන්නේ අනිත් කෙනාගේ හඬ යටපත් කරන්න. හැබැයි එහෙම උස්හඬින් කතාකරද්දි සිද්ධවෙන්නේ ආවේගය තවත් වැඩිවෙන එකයි.
එහෙම නැතිව සාමාන්‍ය ස්වරයෙන් කලින් කිව්වා වගේ අනිත් කෙනාට ඇහුම්කන් දෙන ගමන් කතාකරන එකෙන් ආදර සම්බන්ධයක් ඇතුලේ ඇතිවෙන සුළු සුළු ගැටුම් බොහොම ඉක්මණින් සමථයකට පත්කරගන්න පුළුවන් දෙන්නට එකතු වෙලා.
ප්‍රශ්නයේ සීමාවෙන් පිට යන්න එපා.
මිනිස්සු විදිහට අපි කොහොමත් තුරුම්පු එකතුකරගෙන ඉඳලා නරකම වෙලාවට ඇදලා ගහන්න හරි දක්ෂයි. ආදර සම්බන්ධයක් ඇතුලේ ගැටුමක් ආවම ගොඩක් වෙලාවට සිද්ධවෙන්නෙත් මේ වගේ දෙයක් තමයි. කාලයක් තිස්සේ හිරකරගෙන හිටපු දේවල්, පරණ වැරදි, අඩුපාඩු සේරම කියලා දෙන්නට දෙන්නා බැණගන්නවා ප්‍රශ්නය විසඳගන්න එක පැත්තක තියලා. මේකෙන් වෙන හිත්රිදීම් ප්‍රමාණය බොහොම වැඩියි. මොකද සංවේදීව කාරුණිකව ප්‍රශ්න කතාකරනවා වෙනුවට ප්‍රශ්නයේ වැට පැනලා ගිහින් තවත් කුණුගොඩවල් ගණනාවක් දෙන්නා අතරට ඇදලා දාගෙන ඒවා ගඳගහන්න ගත්තම දෙන්නටම අමාරුයි.
ඒ නිසා හොඳම දේ අදාල ප්‍රශ්නය විතරක් ඒ වෙලාවේ කතාකරගෙන විසඳගන්න එකයි. වෙන ප්‍රශ්නවලට, අඩුපාඩුවලට ඒ තැන්වලම තියෙන්න දෙන්න.
හොඳ ගැන මතක් කරන්න
අපි හැම කෙනෙක් ලඟම හොඳ ගතිගුණ වගේම නරක ගතිගුණත් තියනවා. ඒ වගේම ධනාත්මක දේවල් වගේම සෘණාත්මක දේවල් තියනවා. අපිට සම්බන්ධක් තුල ප්‍රශ්නයක් ඇතිවුණු ගමන් එක දිගට මතක් වෙන්නේ අනිත් සහකරුවාගේ හරි සහකාරියගේ හරි වැරදි, අඩුපාඩු, නරක දේවල් විතරම තමයි වැඩිපුරම.
ඒත් ඒ වෙලාවට ඒ මතුවෙන සිතිවිලි වලට බාධාකරල අනිත් කෙනාගේ හොඳ ගතිගුණ ගැන, අගය කරන්න ඕන දේවල් ගැන, තමන් එක්ක සුන්දරව කාලේ ගතකරපු හැටි, තමන්ව සතුටු කරපු හැටි මතක් කරගන්න පුළුවන්නම් ඒ වෙලාවට ඇතිවෙන්නේ තරහකට, වෛරයකට වඩා සංවේදී මතකයක මිහිරියාවක්. ඒ මිහිරියාවට පුළුවන් හිතට එන නරක හැඟීම් ටික අතුගාලා දාලා හිත සනීප කරන්න.
වුමනාවයි වඩා වැදගත්..
මේ හැමදෙම අතරේ ඔබ ඔබගෙන්ම අහන්න ඕන ඇත්තටම ඔබට ඕන මේ ප්‍රශ්නය විසඳගන්නද නැත්නම් සම්බන්ධය අතහැරලා දාන්නද කියන එක. මොකද සමහරු සම්බන්ධ එපා වුනාම ආයුදයක් විදිහටත් ප්‍රශ්න ඇතිකරගන්නවා. එහෙම තැනකදි නම් මේ කලින් කියපු මොනවා කලත් ගැටළුව විසඳගන්න අමාරුයි. මොකද පරමාර්ථය ප්‍රශ්නය විසඳගන්න එක නෙවෙයි නිසා.
බැඳීමක් කියන්නේ මනුස්ස ජීවිතයකට තියන ලොකුම ශක්තියක් වගේම සුන්දර මතක රාශියක් එකතුකරන සංසිද්ධියක්. ඒ නිසා ඒ වගේ බැඳීමක් දිව්‍යලෝකයක් කරගන්නවද, අපායක් කරගන්නවද කියන තීරණය තියෙන්නේ ඔබේ අතේ කියන එක අමතක කරන්න එපා.
උපුටා ගැනීම - www.her.lk