ආදායම් බදු ප්‍රකාශය අගෝස්තු 15ට පෙර ලබා දෙන ලෙස දැනුම්දීමක්

topkollek

Well-known member
  • May 22, 2014
    44,145
    1
    58,499
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අභ්‍යන්තර ආදායම් දෙපාර්තමේන්තුව (IRD) විසින් 2025/2026 තක්සේරු වර්ෂය සඳහා වන ඇස්තමේන්තුගත ගෙවිය යුතු බදු ප්‍රකාශය (Statement of Estimated Tax Payable – SET) 2025 අගෝස්තු 15 දිනට හෝ ඊට පෙර විද්‍යුත් මාර්ගයෙන් ඉදිරිපත් කරන ලෙස බදු ගෙවන්නන්ට මතක් කර සිටී.

    දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, 2024/2025 තක්සේරු වර්ෂය සඳහා වන ආදායම් වාර්තාව (Return of Income) සහ SET යන දෙකම ඉදිරිපත් කිරීම සඳහා දැනට එහි විද්‍යුත් සේවාවන් (e-services) විවෘතව පවතින බවයි. 2024/2025 තක්සේරු වර්ෂය සඳහා වන ආදායම් වාර්තාව 2025 නොවැම්බර් 30 වන දිනට පෙර ඉදිරිපත් කළ යුතු වේ.

    මෙම නියමිත දිනසීමාවන් ආයතනික ආදායම් බදු (Corporate Income Tax), හවුල් ව්‍යාපාර ආදායම් බදු (Partnership Income Tax) සහ පුද්ගල ආදායම් බදු (Individual Income Tax), මෙන්ම සරල කළ පුද්ගල ආදායම් බදු වාර්තාව (IIT Simplified Return) සඳහා ද අදාළ වේ.

    නියමිත දිනට පසුව සිදු කරන ගෙවීම් සඳහා පොලී සහ දඩ මුදල් අය කරන බවට දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත. ගෙවීම් සිදු කිරීමේදී නිවැරදි බදු වර්ගය සහ ගෙවීම් කාල පරිච්ඡේද කේතයන් (tax type and payment period codes) භාවිතා කරන ලෙස ද බදු ගෙවන්නන්ට තරයේ දන්වා ඇත.

    විද්‍යුත් මාර්ගයෙන් බදු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් යාවත්කාලීන තොරතුරු සහ උපදෙස් ලබා ගැනීම සඳහා අභ්‍යන්තර ආදායම් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසෙන ලෙස බදු ගෙවන්නන්ට උපදෙස් දී තිබේ.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,260
    5,120
    113
    Loading...
    නොදැම්මොත් 50000/= + පරක්කු වෙන හැම ⁣මාසෙකටම 10000/= ගාණෙ එකතු වෙනවා.
     
    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,145
    1
    58,499
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Tamanta kemathi tax amount ekak demmeki ne tamanmai estimate karanne
    එස්ටිමෙට් එක විදිහට උන් ගන්නෙ ගිය අවුරුද්දෙ පලවෙනි කාර්තුවට ගෙවපු බද්ද. වෙන එස්ටිමෙට් කිරිලි උන්ට තේරෙන්නෙ නෑ

    මම කියපු දේ වැරදි නම් දන්න කෙනෙක් නිවැරදි කරන්න
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,953
    4,911
    113
    එස්ටිමෙට් එක විදිහට උන් ගන්නෙ ගිය අවුරුද්දෙ පලවෙනි කාර්තුවට ගෙවපු බද්ද. වෙන එස්ටිමෙට් කිරිලි උන්ට තේරෙන්නෙ නෑ

    මම කියපු දේ වැරදි නම් දන්න කෙනෙක් නිවැරදි කරන්න
    Tax threshold 1800 000 ta wedi Kara. Enisa last year ganna amarui
     
    • Like
    Reactions: topkollek

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,260
    5,120
    113
    Loading...
    මේ විධියට Issue වෙලා නම් deadline එකට කළින් tax report එක submit කරපන්.

    bVzkBeB.jpeg
     
    • Like
    Reactions: topkollek

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    එස්ටිමෙට් එක විදිහට උන් ගන්නෙ ගිය අවුරුද්දෙ පලවෙනි කාර්තුවට ගෙවපු බද්ද. වෙන එස්ටිමෙට් කිරිලි උන්ට තේරෙන්නෙ නෑ

    මම කියපු දේ වැරදි නම් දන්න කෙනෙක් නිවැරදි කරන්න
    USD unta kohomada bn etakota. last year api nill ekak ne submit kare?
     
    • Like
    Reactions: nkt and topkollek

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,634
    25,996
    113
    කොහොමද මේක submit කරන්නේ. ටැක්ස් file කරන එවුන් සල්ලි ඉල්ලනවා. මගේ නම් PAYe ටැක්ස් විතරයි
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,073
    113
    සේදවත්ත
    අර ලක්ස 1.5 නැති අයත් මේක සබ්මිට් කරන්න ඕනෙද , ඒ කියන්නේ වාර්ශිකව ලක්ශ 18 උපයන් නැති අයත් ?
     
    PolHora

    Well-known member
  • Apr 18, 2025
    621
    467
    63
    කොහොමද මේක submit කරන්නේ. ටැක්ස් file කරන එවුන් සල්ලි ඉල්ලනවා. මගේ නම් PAYe ටැක්ස් විතරයි
    Keeyada ?
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,145
    1
    58,499
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අර ලක්ස 1.5 නැති අයත් මේක සබ්මිට් කරන්න ඕනෙද , ඒ කියන්නේ වාර්ශිකව ලක්ශ 18 උපයන් නැති අයත් ?
    හරි නම් එහෙම වෙන්න ඕන. දැන් තියෙන විදිහට ලක්ෂ 18ට වැඩිවුනත් tax type රෙජිස්ටර් වෙලා නැති අයට මේක ගැන තර්ජනය කරලා ලියුම් එන්නෙ නෑ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,073
    113
    සේදවත්ත
    හරි නම් එහෙම වෙන්න ඕන. දැන් තියෙන විදිහට ලක්ෂ 18ට වැඩිවුනත් tax type රෙජිස්ටර් වෙලා නැති අයට මේක ගැන තර්ජනය කරලා ලියුම් එන්නෙ නෑ
    ගයිඩ් එකේ තියන හැටියට IIT මොකද්ද එක විසිබල් නැනේ මචන්. එක ගන්න හැටි දන්නවද ඩොක් එකේ එම එකක් හදන හැටි ගැන කියලා නැ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,145
    1
    58,499
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගයිඩ් එකේ තියන හැටියට IIT මොකද්ද එක විසිබල් නැනේ මචන්. එක ගන්න හැටි දන්නවද ඩොක් එකේ එම එකක් හදන හැටි ගැන කියලා නැ
    ඕක බදු උපදේශක කෙනෙක් අල්ලගෙන කරගන්න. සයිට් එක හදල තියෙන්නෙ ඉස්සර මැනුවල් කරපු ප්‍රොසෙස් එකේ විදිහටම වගේ.

    මේ බදු ගෙවිල්ලට වඩා අමාරු සංකීර්ණ ප්‍රොසෙස් එක