Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආදිවාසි බිබිලේ නොදන්න අපි දන්න ඖෂධ මාෆියා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තක්කඩි බහුජාතික සමාගම් ඖෂධ මාෆියාව ක්‍රියාත්මක කරන තවත් ආකාරයක් ඇත.සාමාන්‍යයෙන් රෝහල් විසින් රෝගීන් සඳහා ඖෂධ වට්ටෝරු ලියනුයේ ඖෂධීය නාමයෙනි. රෝහලේ නොමැති ඇතැම් ඖෂධ පිටත පෞද්ගලික ඔසුසල් මගින් මිලට ගැනීම සඳහා මෙම ඖෂධ වට්ටෝරු රෝහල විසින් මෙසේ ඖෂධීය නාමයෙන් ලියා දෙති. රෝගියා හෝ ඔහුගේ ඥතියකු මෙම ඖෂධ වට්ටෝරුව රැගෙන පෞද්ගලික ඔසුසලකට ගියවිට එම බෙහෙත නැතැයි පවසමින් වෙළඳ නාමය යටතේ ඇති ඒ ඖෂධයම වැඩි මිලකට අලෙවි කරනු ලබයි. රෝගියා රවටමින් පෞද්ගලික ඔසුසල් හරහා සිදු කරන මෙම ජාවාරම බහුජාතික ඖෂධ සමාගම් විසින් සිය මාෆියාව ව්‍යාප්ත කර ඇති තවත් පැත්තකි. ඖෂධ මෙන්ම වෛද්‍ය උපකරණ, ශල්‍ය ද්‍රව්‍ය ආදී අයිතමයන් සියල්ලම මෙම මාෆියාකරුවන්ගේ ග්‍රහණයට හසුව අවසන්ය.

පිළිකා රෝගීන් සඳහා මෙතෙක් කලක් රජය ලබා දුන්නේ ඇමරිකාවේ නිෂ්පාදිත ඇබ්රැක්ෂේන් නමැති ඉතා වටිනා ඖෂධයයි. ඒ අතරේදී මෙරට සමාගමක් ඉන්දියාවේ නිෂ්පාදනය කළ ඒ හා සමාන එහෙත් අඩු වටිනාකමකින් යුත් ඖෂධයක් පැක්ලිඕල් නමින් මෙරටට ගෙන්වීමට උත්සාහ කරමින් සිටී. සාමාන්‍යයෙන් ඖෂධයක් නිෂ්පාදනය කළ රටේ සාධාරණ කාලයක් භාවිත කළ යුතු මුත් මෙම ඖෂධය නිෂ්පාදනය කළ කම්හල ආරම්භ කර වසරක කාලයක්වත් ගතව නැතැයිද පවසයි. එවැනි තත්ත්වයක් තුළ මෙම ඖෂධය ශ්‍රී ලංකාව තුළට ගෙන්වීම සඳහා මාෆියාවට සම්බන්ධ සෞඛ්‍ය අංශයේ කිහිප දෙනකුද සමඟ එක්ව එක් දිනයක් තුළ ලියාපදිංචි සහතිකය ලබා ගනු ලැබූයේ අදාළ ඖෂධය සම්බන්ධව විශේෂඥ වෛද්‍යවරයකුගේ අනුමැතියද නොමැතිවය.

එක් දිනක් තුළ ලියාපදිංචි වූ මෙම සැකකටයුතු පැක්ලිඕල් ඖෂධය සඳහා ටෙන්ඩරය පිරිනැමීමට සූදානම් වූ සෞඛ්‍ය ක්ෂේත්රයේ පෙර කී නිලධාරීන් මෙතෙක් කලක් පිළිකා රෝගීන්ට ලබාදුන් ගුණාත්මක බවින් ඉහළ ඇබ්රැක්ෂේන් ඖෂධය සඳහා ඉඩකඩ වසා දැමීමට තැත් කළහ. මේ නිසා තම රෝගයට වඩාත් සුදුසු වටිනා ඖෂධය නොමැති කමින් මේ වන විට පිළිකා රෝගීහු රැසක් මාස ගණනාවක සිට දැඩි අපහසුතාවයකින් පෙළේ. මේ ඖෂධ මාෆියාව නිසා රෝගී ජීවිත අනතුරට ලක්වූ එක් අවස්ථාවක් පමණි.

ඖෂධ සමාගම් යෑයි හඳුන්වා ගත්තද ඇතැම් විට එවැනි සමාගම් ඇත්තේ නමින් පමණි. දුරකතනයක් සහ මේසයක් පමණක් ඇති ඉතා කුඩා කාමරයක සිට ඇතැම්හූ මෙම ජාවාරම ජයටම කරගෙන යති.

රෝගී වූ විට ඕනෑම පුද්ගලයකු අසරණ වේ. රෝගියා වෙනුවෙන් ඥතිහුද දැඩි ලෙස මානසික පීඩනයකට ලක්වෙති. හිත්පිත් නොමැති තක්කඩි ඖෂධ මාෆියාකරුවන්ට රෝගියාගේ හෝ ඥතියාගේ අසරණකමින් කම් නැත. අම්මා අප්පා හෝ සූරාගෙන කෑම මේ ජාවාරම්කරුවන්ගේ සිරිතය. මෙම සූරා කෑම නතර කිරීම සඳහා ඖෂධ පනතක අවශ්‍යතාව දැඩි ලෙස තේරුම්ගත් වත්මන් ජනාධිපති එදා සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා හමස් පෙට්ටිය තුළ පුස්කමින් තිබූ ඖෂධ ප්‍රතිපත්තිය එළියට ගත්තේය. නීති අංශ සමඟ සාකච්ඡා කර එය යාවත්කාලීන කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගැළපෙන ආකාරයට පනත් කෙටුම්පතක් ලෙස සකස් කළේය. පසුව එය නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට භාරදුන්නේ අවශ්‍ය ඉදිරි කටයුතු උදෙසාය.

“මේ පනතට මොකද වුනේ…” සෞඛ්‍ය ඇමැතිවරයාද සහභාගි වූ උත්සවයක දී එදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇසුවේය. “මෙතුමියගෙන් අහන්න….” සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ සම්පාදකවරිය පෙන්වා ජනාධිපතිවරයාට කීවේය.

” ලබන සතියේදී අපි එය බාර දෙන්නම්” ඇය ජනාධිපතිවරයාට කීවාය..

සතියක් ගිය තැන සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ පිළිබඳ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවෙන් විමසා සිටියේය. “නීති කෙටුම්පත් සම්පාදකවරිය විශ්‍රාම ගියා…” ලද පිළිතුර එය විය.

සෞඛ්‍ය අමාත්‍යාංශය ඇගේ නිවසට කතා කර ඖෂධ ප්‍රතිපත්තියට අදාළ කෙටුම්පත ගැන ඇගෙන් විමසා සිටියේය. “ඒක කොම්පියුටරේ ඇති” ඇගේ පිළිතුර විය. පසුව සොයා බලද්දී අදාළ පරිගණකයත් ඖෂධ ප්රතිපත්තියත් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවෙන් අතුරුදන්ව තිබිණි. සති කිහිපයක් ගත වෙද්දී මෙම විශ්‍රාමික නීති කෙටුම්පත් සම්පාදකවරිය ප්‍රසිද්ධ ඖෂධ සමාගමක උපදේශකවරියක් ලෙස කටයුතු කරන බව ඇමැතිවරයාට ආරංචි විය.

නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවෙන් අතුරුදන් වූ ජාතික ඖෂධ ප්‍රතිපත්තියේ දළ කෙටුම්පත යළි අමාත්‍යංශය විසින් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළේය. නව නීති කෙටුම්පත් සම්පාදකවරයා වගකීමෙන් යුතුව කටයුතු කරමින් ජාතික ඖෂධ පනත් කෙටුම්පත සකසා සෞඛ්‍ය ඇමැතිවරයාට භාර දුන්නේය. එදා සෞඛ්‍ය ඇමතිවරයා වූ වර්මන් ජනාධිපතිපවරයා එදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට භාර දුන්නේ මෙම පනත් කෙටුම්පතය.

මහාචාර්ය සේනක බිබිලේගේ ඖෂධ ප්‍රතිපත්තියට අන්තර්ගතව තිබූ කරුණු තවදුරටත් ඉදිරියට ගෙනයමින් මෙම පනත සකසා ඇත. මෙම පනත් කෙටුම්පත යටතේ පූර්ණ බලය ඇති ආයතන දෙකක් ස්ථාපිත කර තිබේ. පළමුවැන්න ජාතික ඖෂධ ප්‍රමිති අධිකාරියය. දෙවැන්න ඖෂධ තත්ත්ව පර්යේෂණාගාරයය. මේ ආයතන යටතේ ගුණාත්මක බවින් ඉහළ ඖෂධ රට තුළට පැමිණීම තහවුරු කිරීමත්, බාල ඖෂධ රට තුළට පැමිණීම වැළැක්වීමත්, ඖෂධ මිල නියාමනය කිරීමත්, ඖෂධ අලෙවි කරන ස්ථාන විධිමත් ලෙස නියාමනය කිරීම හා ඖෂධ නිකුත් කළ හැක්කේ ඖෂධීය නමින් පමණක්ය යන්න යථාර්ථයක් බවට පත්කිරීමත් සිදු කෙරේ.

මෙම පනත යටතේ කිසිම වෛද්‍යවරයකුට ඖෂධයක වෙළඳ නාමයෙන් බෙහෙත් වට්ටෝරු ලිවීම කළ නොහැක. ඒ සඳහා ඖෂධීය නාමය භාවිත කළ යුතුය. එමගින් රෝගීන් සූරා කෑම වැළකේ.

දැනට දේශීය ඖෂධ නිෂ්පාදකයන්ගෙන් ඖෂධ මිලට ගනු ලබන්නේ ටෙන්ඩර් පටිපාටියකින් තොරවය, දේශීය නිෂ්පාදකයන්ට ප්‍රමුඛත්වය ලබාදීම නිසා බහු ජාතික ජාවාරම්කරුවන් හරහා පිටරටට ඇදී යන රුපියල් කෝටි ගණනක මුදලක් අප රට තුළම ඉතිරි වේ. මෙම ජාතික ඖෂධ පනත මගින් දේශීය නිෂ්පාදන තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර ගන්නට කදිම අවස්ථාවකි.

ඖෂධ නිෂ්පාදන බෙදාහැරීම, අලෙවි කිරීම හා ගබඩා කිරීම ආදී කරුණු සම්බන්ධව පූර්ණ බලතල සහිත ස්වාධීන මණ්ඩලයක්ද මෙම පනත යටතේ ස්ථාපිත කෙරේ. ඖෂධ පිළිබඳ තීන්දු තීරණ ගනු ලබන්නේ මෙම මණ්ඩලය විසිනි. මෙතෙක් කලක් මෙම ක්‍රියාව සිදුකරනු ලැබුවේ එක් පුද්ගලයකු විසිනි. ඒ අනුව මින් ඉදිරියට ඖෂධ මිලට ගැනීම, ගබඩා කිරීම, බෙදා හැරීම යන කරුණු පූර්ණ විනිවිදභාවයකින් යුක්තව සිදු කෙරෙනු ඇත.

ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් වෙනුවෙන් ජීවිතය පූජා කළ මහාචාර්ය සේනක බිබිලේගේ සිහිනය යථාර්ථයක් වන බවට ලකුණු පහළ වෙමින් තිබේ. දැනට කෙටුම්පතක් ලෙස පවත්නා ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ඉදිරි දිනකදී ඇමැති මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කෙරෙනු ඇත. ඉන්පසු එය පාර්ලිමේන්තුව විසින් නීතියක් බවට පත්කරනු ඇත. මහාචාර්ය සේනක බිබිලේ දුටු සිහිනය සැබෑ වන්නේ මෙම ඖෂධ ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුව විසින් අනුමත කළ පසුවය. සියයට දෙසීයක්, තුන්සීයක්… ඇතැම් විට සියයට අටසීයක් ලාභ ලබන ඖෂධ මාෆියාකරුවන්ට, තක්කඩි ජාවාරම්කරුවන්ට මෙම ජාතික ප්‍රතිපත්තිය නමැති නිර්වින්දන බෙහෙත එන්නත් කළ පසුවය. එදා සෞඛ්‍ය ඇමති මෛත්‍රිපාල සිරිසේන මෙදා ජනාධිපතිවරයා ලෙස ඖධෂ මාෆියාවට වැට බදිනු ඇතැයි අප ලබා සිටින්නෙමු. සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න තමන් වාමාංශිකයෙකු යැයි තවමත් කියා ගන්නා නිසා ඔහු මෙය ක්‍රියාත්මක කරනු ඇතැයි අප වැඩි දුරටත් සිතන්නෙමු.

හදිසියේ ගෙන එන මෙම පනත ප්‍රෝඩාකාරී පනතක් බවත්, එය බහු ජාතික සමාගම් වල සූරා කෑමෙන් මෙරට ජනතාව මුදා ගැනීමට අභීත අරගලයක් ගෙන ගිය මහාචාර්ය සේනක බිබිලේ මැතිතුමාට කරන නිග්‍රහයක් බවත්, එම මධ්‍යස්ථානය විසින් කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් අවධාරණය කරන ලදී.

එම මාධ්‍ය හමුවේදී සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති කියා සිටියේ බිබිලේ ප්‍රතිපත්තිය ලෙස හුවා දක්වමින් ගෙන එන මෙම පනත ගැන ජනතාව දැනුවත් කර නැති බවයි. කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගත් පනතේ කොපියක් ලැබුණු බවත්, ඊට අනූව යෝජිත නව පනත බිබිලේ ප්‍රතිපත්තියට සම්පූර්ණයෙන් විරුද්ධ එකක් බවත්, ඔහු පැවසීය.

“නව පනත යටතේ ඖෂධ පාලනාධිකාරියක් හදනවා. ඒකට නිලධාරීන් 13 දෙනෙක් පත්කරනවා. ඒකෙන් 10ක් පත් කරන්නේ ඇමතිවරයා. ඇමතිවරයාට බලතල තියෙනවා එයාලා පත්කරන්නත් ඉවත් කරන්නත්. ඒ කියන්නේ මේ අය ඇමතිගේ රූකඩයක් වෙනවා කියන ඒක. මේ පනතේ හැටියට වෛද්‍යවරු 4ක් ඉන්නවා ඒ 13 දෙනා අතර ඒ ශල්‍ය වෛද්‍ය, කායික වෛද්‍ය, ප්‍රසව හා නාරිවේද වෛද්‍ය මෙන්ම ළමා වෛද්‍යවරයෙක්. නමුත් මනෝ වෛද්‍ය හා නිර්වින්දන වෛද්‍යවරුන් දෙදෙනෙක් මේකේ නෑ.”

මෙරට ජනතාවගේ ඖෂධ භාවිතය ගත්තාම මනෝ වෛද්‍ය හා නිර්වින්දන වෛද්‍යවරු දෙදෙනෙකු අනිවාර්යයෙන්ම මෙම ඖෂධ පාලනාධිකාරියට ඇතුළත් කළ යුතු බවත්, එසේ නොවන්නේ නම් අහිතකර ඖෂධ සම්බන්ධයෙන් ජනතාවට දැනගැනීමට ඇති බොහෝ දෑ මග හැරෙන බවත්, වෛද්‍ය පැවසේ.

අපිට අවශ්‍ය ස්වාධීන ඖෂධ පාලනාධිකාරියක් බවත්, මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තියේ මූලිකාංග 10කින් වැදගත් ප්‍රධාන කරුණු 3ක් ඇතැයිද පැවසේ.

1- රටට අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ ලයිස්තුවක් සකස් කිරීම

2 – රටට අවශ්‍ය ඖෂධ එක් ආයතනයක් හරහා ආනයනය කිරීම

3 – රටට අවශ්‍ය ඖෂධ රාජ්‍ය ආයතන මට්ටමින් නිෂ්පාදනය කිරීම

ඉහත එම කරුණු 3 බවත්, සාමාන්‍යයෙන් දැනට බෙහෙත් පෙත්තක් අලෙවි කෙරෙන්නේ එහි සැබෑ මිල මත සියයට 166ක බදු බාරයක් පනවා බැවින් නව පනත මගින්ද ජනතාවට අඩු මිලට බෙහෙත් ලබා ගැනීමට ඉඩකඩ ඇහිරෙන බවත්, ඔහු කියා සිටිෙය්ය.

මෙම ගැටලු සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හා ඖෂධ නිෂ්පාදන සංස්ථාව වැඩිදියුණු කළ යුතු නමුත් නව පනතේ එවැන්නක් සඳහන් කර නොමැති බවද ඔහු පැවසීය.

දැනට ලංකාවේ ඖෂධවේදීන් සිටින්නේ 6565ක් බවත්, ඉන් 1437ක් රජයේ රෝහල්වල වැඩ කරන අය බවත්, පැවසේ.රට පුරා ඔසු සැල් 30,000ක් පමණ ඇතැයිද වාර්ථාවේ.

ඒ අනූව නව පනතින් ද පුහුණු ඖෂධවේදීන්ගේ හිඟය සම්බන්ධයෙන් විසඳුමක් යෝජනා කර නැති බවටද චෝදනා නැගෙයි.හිසකෙස් පැසීමට, මහත් වෙන්න, කෙට්ටු වීමට, යනාදී වශයෙන් විවිධ රෝග සඳහා ජනතාව බෙහෙත් ලබා ගන්නේ පුවත්පත් වල වෙළඳ දැන්වීම් බලා මිස වෛද්‍ය නිර්දේශයකින් තොරව බවත්, මෙම පනත හරහා ඊට ද නීත්‍යානූකූල බවක් ලැබීමත් මේ නිසා සිදු වන්නට පුලුවන.

1970 දශකය මුලදී බිබිලේ වික්‍රමසිංහ වාර්තාව හරහා රෝගීන්ව ඖෂධ සමාගම්වල සූරාකෑමෙන් මුදා ගන්නා ප්‍රතිපත්තියක් ඉදිරිපත් කෙරුණා. එම ජාතික ඖෂධ ප්‍රතිපත්තිය නීතියක් බවට පත්කරන පනතක් ගේනවා කියලා වර්තමාන ආණ්ඩුව පොරොන්දු වුණා. වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයේදී ඒක මැතිවරණ පොරොන්දුවක් ලෙසත් ලබා දුන්නා. ජාතික ඖෂධ ප්‍රතිපත්ති පනත් කෙටුම්පත පෙබරවාරි 06 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා මාර්තු 18 වැනිදා පුළුල් සංවාදයකින් පසුව එය සම්මත කරන බව දින 100 වැඩපිළිවෙළෙත් ලියා තිබෙනවා.

සේනක බිබිලේ ප්‍රතිපත්තියේ ලංකාවට අත්‍යවශ්‍ය ඖෂධ නාම ලේඛනයක් හැදුවා. මේ පනතේ එහෙම එකක් නෑ. ඖෂධවල මිල පාලනය කරන්න ඖෂධ ආනයනයේ සහ නිෂ්පාදනයේ වගකීම රජය භාර ගන්න යෝජනා කළා. 1870 දශකයේදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව නිර්මාණය කළේ ඒ අනුව. මේ පනතේ රජයේ ඖෂධ නිශ්පාදනය කරන එක ගැන වචනයක් වත් නෑ. මිල පාලනය ගැන තියෙන්නේ වගන්ති 04 යි. මිල පාලනයට කමිටුවක් හදලා තියෙනවා. ඒකෙ බලතල පනතේ දක්වලා නෑ. කමිටුව කියන මිලට වඩා වැඩිපුර වික්කොත් කරන්න පුළුවන් මොනවාද කියලා නීතියක් නෑ. කමිටුව උපරිම මිල තීරණය කරන්නේ ජාත්‍යන්තර වෙළෙඳපොලේ මිල අනුවලු. ඒක සාධාරණ නෑ. ඇමරිකාවේ බෙහෙතක් විකුණන ඩොලර් ගාණට සමානුපාතික රුපියල් ගණනක් අය කිරීම අසාධාරණයි. 2005 දී එවකට පැවැති ආණ්ඩුව ඖෂධවල උපරිම සිල්ලර මිල තීරණය කරන්න නිෂ්පාදන මිලට සමානුපාතිකව මිල සූත්‍රයක් නිර්මාණය කරනවා කිව්වා. මේ පනතේ එහෙම එකක්වත් නෑ. මේ පනතට අනුව ඖෂධ මිල පාලනයේ වැඩි වගකීමක් එන්නේ පරිප්පු මිල, සීනි මිලවත් පාලනය කරගන්න බැරුව ඉන්න පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට. මේ පනතේ විධිවිධානවලින් නම් ඖෂධ මිල පොඩ්ඩක්වත් අඩුවෙන්නේ නෑ. දැනට එකම ඖෂධය විවිධ වෙළෙඳ නාමවලින් තියෙනවා. ඇමොක්සිලින් ඖෂධය රුපියල් 3.50 සිට රුපියල් 35.00 දක්වා විවිධ මිල ගණන්වලට වර්ග 100 කට වඩා තියෙනවා. එකම ඖෂධයේ විවිධ වෙළෙඳනාම වර්ග සීමා කරන කිසිම වගන්තියක් මේ පනතේ නෑ. සේනක බිබිලේ ප්‍රතිපත්තියේ මූලික පදනම් නෑ විතරක් නෙමෙයි සමහර පදනම් විනාශ කරලා. ඖෂධ නිර්දේශ කරන විට ඖෂධීය නාමය පමණක් ලිවිය යුතුයි කියන එක සේනක බිබිලේගේ ප්‍රතිපත්තියේ මූලික අංගයක්. මේ පනතේ 56 වගන්තියට අනුව වෛද්‍යවරයාට ඖෂධ නාමයට අමතරව වෙළෙඳ නාමයත් ලිවිය හැකියි. සංයෝග කළ ඖෂධවල වෙළෙඳනාමය පමණක් ලිවිය හැකියි. වෛද්‍යවරයා ඖෂධ නාමයි ලිව්වම ඒකෙන් තිබෙන හැම වෙළෙඳ නාමයක්ම මිලත් සමග දැනුම්දීලා කැමති එක තෝරාගන්න රෝගියාට ඉඩ දෙන්න කියලා මේ පනතේ තියෙනවා. මේක දැනටමත් කෙරෙන එක. පනත කරන්නේ දැනට නීතියට පටහැනිව කරන දේ. නීතිගත කිරීම පාසල්වල මුදල් අය කිරීම ගැන නිකුත් කළ චක්රලේඛයෙන් කළෙත් ඕකමයි. මේක සේනක බිබිලේ මරණ පනතක්. කෙටුම්පත ජනතාවගෙන් හංගන්නේ ඒකයි.

මේ පනතේ අමතරව තියෙන දේවල්වල මූලිකම එක තමයි ඖෂධ නියාමන අධිකාරිය. අධිකාරිය තුළ ඇමතිට තියෙන්නේ අසීමිත බලයක්. 04 වගන්තියට අනුව අධිකාරියේ සාමාජිකයෝ 13 දෙනාගෙන් 10 දෙනෙක්ම පත්කරන්නේ ඇමති. ඔවුන් ඉවත් කරන්නත් ඇමතිට පුළුවන්. 05/01 වගන්තියට අනුව අධිකාරියේ සභාපති පත්කරන්නෙත් ඇමති. 10/02 වගන්තියට අනුව සභාපතිට ඡන්ද දෙකක් තියෙනවා. ඒ සභාපති ඇමතිට ඕන විදියට වැඩ කරන්නේ නැත්නම් ඉවත් කරන්නත් ඇමතිට පුළුවන්. මේ විදියට අධිකාරිය ඇමතිගේ රූකඩයක් වෙනවා. අධිකාරියට ඉහළින් තියෙන අභියාචනා මණ්ඩලයේ සාමාජිකයෝ 03 දෙනයි. 123/01 වගන්තියට අනුව ඒ 03 දෙනාම පත්කරන්නේ ඇමති. 123/08 වගන්තියට අනුව අභියාචනා මණ්ඩලයටත් උඩින් ඉන්න අවසන් අභියාචන බලධාරියත් ඇමැති. මේ ආණ්ඩුවේ අය විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධ වුණේ තනි පුද්ගලයකුට අසීමිත බලතල ලැබෙනවා කියලා. මේ පනත හදලා තියෙන්නේ ලක්ෂ 200 ක් ජනතාවගේ ජීවිත ගැන තීරණ ගන්න බලය ඇමතිට පවරලා. ඇමති ඖෂධ සමාගම්වලින් අල්ලස් ලබා නොගනියි කියලා තිබෙන සහතිකය මොකක්ද? ඒක වළක්වන්න තිබෙන ක්‍රමවේදය මොකක්ද? රාජිත සේනාරත්න ඇමතිතුමා නම් එහෙම කරන එකක් නෑ කියලා හිත හදාගන්නද කියන්නේ? අනාගතයේ එම ඇමතිවරු ගැනත් එහෙම හිත හදාගන්නද කියන්නේ? දූෂණ විරෝධී කියන ආණ්ඩුවේ ඇත්ත කතාව මේක.

මේ දිනවල අනිත් අතට වෛද්‍යවරුන් කාර් පර්මිට් එක ඉල්ලලා රෝගීන්ගේ ජීවිත බිල්ලට තිබ්බා. අනිත් අතට තමන්ගේ වාසියට රෝගීන් ගේ ජීවිත බිල්ලට තියෙන වෛද්‍යවරුන් ඖෂය මාෆියාව කරගෙන යන්න අවශ්‍ය ඔක්සිජන් සපයනවා. මේ අයම තමයි ග්ලැක්සෝ සමාගමෙන් රට සවාරි සහ වාහන අරගන්නේ, මේ අය බහුතරයක් බෙහෙත් ලියන්නේ ඖෂධ සමාගම් වල මෙඩිකල් රෙප්ලා කියන විදිහට. ඒ අයට රෝගීන්ට වඩා වටිනේ ඖෂධ සමාගම් වල වරප්‍රසාද විතරයි. එහෙම තත්ත්වයක් යටතේ මේ මාෆියාව ඇමතිවරයෙකුට නතර කරන්න පුලුවන් ද?

අනිත් අතට සමහර ඖෂධ සම්බන්ධයෙන් ගත්තහම සේනක බිලිලේ ප්‍රතිපත්තිය අනුව එම ඖෂධය ඖෂධ නාමයෙන්ම ලියන්න කියන එකත් ප්‍රායෝගික නැහැ. අධික රුධික පීඩනයට දෙන ඇටනෝල් කියන පෙත්ත නිසා සමහර රෝගීන්ට හිසේ රුදාවක් හට ගන්නවා. සමහර ඖෂධ නිසා ගොඩක් අතුරු ආබාධ ඇති වෙනවා. මේ නිසා දැන් අධික රුධිර පීඩනයට ටෙනොරික්ස් නමින් ඖෂධයක් තියෙනවා. මේ මගින් අර හිසේ රුදාව නැති කරලා තියෙනවා. නමුත් වෙනත් අතුරු ආබාධ ඇති වෙයිද කියන එක අපි දන්නේ නැහැ. ඒ වගේම දැනට කොලෙස්ටරෝල් සදහා දෙන සිම්වාස්ටින් කියන ඖෂධය අක්මාවට බලපාන බවත් ඒ නිසා එය භාවිතයට නුසුදුසු බවත් පිළිඅරගෙන තියෙනවා. ඒ වෙනුනට රෝසෝවාස්ටටින් නමින් ඖෂධයක් හදුන්වා දීලා තියෙනවා. නමුත් එම ඖෂධය ගනණ් වැඩියි. මේ විදිහට තවත් විශාල ඖෂධ ප්‍රමාණයක් තියෙනවා අලුත් ඖෂධ එකක් බලපුවහම භාවිතයට නුසුදුසු. ඒ නිසා භාවිතයට නුසුදුසු ඖෂ්‍ය ඉවත් කරන්න ඕන. ඒක සදහා ඖෂ්‍ය සම්බන්ධයෙන් පරීක්සණ පවත්වන ආයතන අවශ්‍ය වෙනවා. නමුත් මේ වන විට ලෝකය පුරාම බහුජාතික සමාගම් ඖෂධ වල ඒකාධිකාර හමුවේ අලුතින් ඖෂධ සොයා ගැනීමට අදාල පරීක්ෂණ වලට විවිධ බලපෑම් එල්ල කරනවා. එම සමාගම් බලන්නේ වයස අවුරුදු 30 දී රෝගී වෙන අයෙක් වසර 30ක් ඖෂධ ලබා ගන්නවා කයන්නේ ඖෂධ සමාගමකට දීර්ගකාලීන පාරිභෝගිකයෙකු හමුවෙනවා කියන එකයි. එය තමයි මෙම සමාගම් වල ලාභ කොටස. මේ සම්බන්ධයෙන් නිසි වැටහීමක් නැතිව ඖෂධ පනතක් ගෙනැල්ලා පලක් නැහැ. අපි රෝගීන් සම්බන්ධයෙන් අලුතින් පරීක්ෂණ කරන්න ඕන. නව ඖෂධ වර්ග සොයා ගැනීම ගැන උනන්දු වෙන්න ඕන. අපේම රටේ ඖෂධ නිෂ්පාදනාගාරයක් ආරම්භ කරලා රෝගීන් නොමිලේ ඖෂධ ලබා දෙන්න ඕන. ඒක හිතන තරම් පහසු නැහැ. අදටත් අපි දන්නේ නැහැ සේනක බිබිලෙට මොකද වුනේ කියලා. අද තත්ත්වය එදාට වඩා ගොඩක් දරුණුයි. ඒ නිසා මේ සමාගම් එක්ක සටන් කරනවා කියන්නේ දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. අපි හිතනවාට වඩා වේගයෙන් මේ වන විටත් ලෝකය පුරා ප්රාග්ධනය සංචරණය වීම වේගවත් වෙලා තියෙනවා. මේ නිසාම අපි ඉස්සර කතා කරපු පරමාදර්ශ වලට දැන් වටිනාකමක් ඇත්තටම තියෙනව ද කියලා බලන්න. හැමෝම උත්සහ කරන්නේ කොහොම හරි කීයක් හරි හොයා ගන්නයි. මේ නිසා ලංකාවේ සෞඛ්‍ය සේවය යළි නගා සිටුවනවා කියන්නේ අතුරේ යනවා වගේ වැඩක්. ඒක ප්‍රතිපත්ති වලට අමතරව ප්‍රායෝගික වැඩ සැළැස්මකුත් අවශ්‍ය වෙනවා.

http://gaze.lk/

[QUOTE="kolla elakiri, post: 19449570, member: 363248"] [CENTER][SIZE=4] [/SIZE] [SIZE=4]තක්කඩි බහුජාතික සමාගම් ඖෂධ මාෆියාව ක්‍රියාත්මක කරන තවත් ආකාරයක් ඇත.සාමාන්‍යයෙන් රෝහල් විසින් රෝගීන් සඳහා ඖෂධ වට්ටෝරු ලියනුයේ ඖෂධීය නාමයෙනි. රෝහලේ නොමැති ඇතැම් ඖෂධ පිටත පෞද්ගලික ඔසුසල් මගින් මිලට ගැනීම සඳහා මෙම ඖෂධ වට්ටෝරු රෝහල විසින් මෙසේ ඖෂධීය නාමයෙන් ලියා දෙති. රෝගියා හෝ ඔහුගේ ඥතියකු මෙම ඖෂධ වට්ටෝරුව රැගෙන පෞද්ගලික ඔසුසලකට ගියවිට එම බෙහෙත නැතැයි පවසමින් වෙළඳ නාමය යටතේ ඇති ඒ ඖෂධයම වැඩි මිලකට අලෙවි කරනු ලබයි. රෝගියා රවටමින් පෞද්ගලික ඔසුසල් හරහා සිදු කරන මෙම ජාවාරම බහුජාතික ඖෂධ සමාගම් විසින් සිය මාෆියාව ව්‍යාප්ත කර ඇති තවත් පැත්තකි. ඖෂධ මෙන්ම වෛද්‍ය උපකරණ, ශල්‍ය ද්‍රව්‍ය ආදී අයිතමයන් සියල්ලම මෙම මාෆියාකරුවන්ගේ ග්‍රහණයට හසුව අවසන්ය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]පිළිකා රෝගීන් සඳහා මෙතෙක් කලක් රජය ලබා දුන්නේ ඇමරිකාවේ නිෂ්පාදිත ඇබ්රැක්ෂේන් නමැති ඉතා වටිනා ඖෂධයයි. ඒ අතරේදී මෙරට සමාගමක් ඉන්දියාවේ නිෂ්පාදනය කළ ඒ හා සමාන එහෙත් අඩු වටිනාකමකින් යුත් ඖෂධයක් පැක්ලිඕල් නමින් මෙරටට ගෙන්වීමට උත්සාහ කරමින් සිටී. සාමාන්‍යයෙන් ඖෂධයක් නිෂ්පාදනය කළ රටේ සාධාරණ කාලයක් භාවිත කළ යුතු මුත් මෙම ඖෂධය නිෂ්පාදනය කළ කම්හල ආරම්භ කර වසරක කාලයක්වත් ගතව නැතැයිද පවසයි. එවැනි තත්ත්වයක් තුළ මෙම ඖෂධය ශ්‍රී ලංකාව තුළට ගෙන්වීම සඳහා මාෆියාවට සම්බන්ධ සෞඛ්‍ය අංශයේ කිහිප දෙනකුද සමඟ එක්ව එක් දිනයක් තුළ ලියාපදිංචි සහතිකය ලබා ගනු ලැබූයේ අදාළ ඖෂධය සම්බන්ධව විශේෂඥ වෛද්‍යවරයකුගේ අනුමැතියද නොමැතිවය.[/SIZE] [SIZE=4]එක් දිනක් තුළ ලියාපදිංචි වූ මෙම සැකකටයුතු පැක්ලිඕල් ඖෂධය සඳහා ටෙන්ඩරය පිරිනැමීමට සූදානම් වූ සෞඛ්‍ය ක්ෂේත්රයේ පෙර කී නිලධාරීන් මෙතෙක් කලක් පිළිකා රෝගීන්ට ලබාදුන් ගුණාත්මක බවින් ඉහළ ඇබ්රැක්ෂේන් ඖෂධය සඳහා ඉඩකඩ වසා දැමීමට තැත් කළහ. මේ නිසා තම රෝගයට වඩාත් සුදුසු වටිනා ඖෂධය නොමැති කමින් මේ වන විට පිළිකා රෝගීහු රැසක් මාස ගණනාවක සිට දැඩි අපහසුතාවයකින් පෙළේ. මේ ඖෂධ මාෆියාව නිසා රෝගී ජීවිත අනතුරට ලක්වූ එක් අවස්ථාවක් පමණි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඖෂධ සමාගම් යෑයි හඳුන්වා ගත්තද ඇතැම් විට එවැනි සමාගම් ඇත්තේ නමින් පමණි. දුරකතනයක් සහ මේසයක් පමණක් ඇති ඉතා කුඩා කාමරයක සිට ඇතැම්හූ මෙම ජාවාරම ජයටම කරගෙන යති.[/SIZE] [SIZE=4]රෝගී වූ විට ඕනෑම පුද්ගලයකු අසරණ වේ. රෝගියා වෙනුවෙන් ඥතිහුද දැඩි ලෙස මානසික පීඩනයකට ලක්වෙති. හිත්පිත් නොමැති තක්කඩි ඖෂධ මාෆියාකරුවන්ට රෝගියාගේ හෝ ඥතියාගේ අසරණකමින් කම් නැත. අම්මා අප්පා හෝ සූරාගෙන කෑම මේ ජාවාරම්කරුවන්ගේ සිරිතය. මෙම සූරා කෑම නතර කිරීම සඳහා ඖෂධ පනතක අවශ්‍යතාව දැඩි ලෙස තේරුම්ගත් වත්මන් ජනාධිපති එදා සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා හමස් පෙට්ටිය තුළ පුස්කමින් තිබූ ඖෂධ ප්‍රතිපත්තිය එළියට ගත්තේය. නීති අංශ සමඟ සාකච්ඡා කර එය යාවත්කාලීන කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගැළපෙන ආකාරයට පනත් කෙටුම්පතක් ලෙස සකස් කළේය. පසුව එය නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට භාරදුන්නේ අවශ්‍ය ඉදිරි කටයුතු උදෙසාය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]“මේ පනතට මොකද වුනේ…” සෞඛ්‍ය ඇමැතිවරයාද සහභාගි වූ උත්සවයක දී එදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇසුවේය. “මෙතුමියගෙන් අහන්න….” සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ සම්පාදකවරිය පෙන්වා ජනාධිපතිවරයාට කීවේය.[/SIZE] [SIZE=4]” ලබන සතියේදී අපි එය බාර දෙන්නම්” ඇය ජනාධිපතිවරයාට කීවාය..[/SIZE] [SIZE=4]සතියක් ගිය තැන සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ පිළිබඳ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවෙන් විමසා සිටියේය. “නීති කෙටුම්පත් සම්පාදකවරිය විශ්‍රාම ගියා…” ලද පිළිතුර එය විය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]සෞඛ්‍ය අමාත්‍යාංශය ඇගේ නිවසට කතා කර ඖෂධ ප්‍රතිපත්තියට අදාළ කෙටුම්පත ගැන ඇගෙන් විමසා සිටියේය. “ඒක කොම්පියුටරේ ඇති” ඇගේ පිළිතුර විය. පසුව සොයා බලද්දී අදාළ පරිගණකයත් ඖෂධ ප්රතිපත්තියත් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවෙන් අතුරුදන්ව තිබිණි. සති කිහිපයක් ගත වෙද්දී මෙම විශ්‍රාමික නීති කෙටුම්පත් සම්පාදකවරිය ප්‍රසිද්ධ ඖෂධ සමාගමක උපදේශකවරියක් ලෙස කටයුතු කරන බව ඇමැතිවරයාට ආරංචි විය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවෙන් අතුරුදන් වූ ජාතික ඖෂධ ප්‍රතිපත්තියේ දළ කෙටුම්පත යළි අමාත්‍යංශය විසින් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළේය. නව නීති කෙටුම්පත් සම්පාදකවරයා වගකීමෙන් යුතුව කටයුතු කරමින් ජාතික ඖෂධ පනත් කෙටුම්පත සකසා සෞඛ්‍ය ඇමැතිවරයාට භාර දුන්නේය. එදා සෞඛ්‍ය ඇමතිවරයා වූ වර්මන් ජනාධිපතිපවරයා එදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට භාර දුන්නේ මෙම පනත් කෙටුම්පතය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මහාචාර්ය සේනක බිබිලේගේ ඖෂධ ප්‍රතිපත්තියට අන්තර්ගතව තිබූ කරුණු තවදුරටත් ඉදිරියට ගෙනයමින් මෙම පනත සකසා ඇත. මෙම පනත් කෙටුම්පත යටතේ පූර්ණ බලය ඇති ආයතන දෙකක් ස්ථාපිත කර තිබේ. පළමුවැන්න ජාතික ඖෂධ ප්‍රමිති අධිකාරියය. දෙවැන්න ඖෂධ තත්ත්ව පර්යේෂණාගාරයය. මේ ආයතන යටතේ ගුණාත්මක බවින් ඉහළ ඖෂධ රට තුළට පැමිණීම තහවුරු කිරීමත්, බාල ඖෂධ රට තුළට පැමිණීම වැළැක්වීමත්, ඖෂධ මිල නියාමනය කිරීමත්, ඖෂධ අලෙවි කරන ස්ථාන විධිමත් ලෙස නියාමනය කිරීම හා ඖෂධ නිකුත් කළ හැක්කේ ඖෂධීය නමින් පමණක්ය යන්න යථාර්ථයක් බවට පත්කිරීමත් සිදු කෙරේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මෙම පනත යටතේ කිසිම වෛද්‍යවරයකුට ඖෂධයක වෙළඳ නාමයෙන් බෙහෙත් වට්ටෝරු ලිවීම කළ නොහැක. ඒ සඳහා ඖෂධීය නාමය භාවිත කළ යුතුය. එමගින් රෝගීන් සූරා කෑම වැළකේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]දැනට දේශීය ඖෂධ නිෂ්පාදකයන්ගෙන් ඖෂධ මිලට ගනු ලබන්නේ ටෙන්ඩර් පටිපාටියකින් තොරවය, දේශීය නිෂ්පාදකයන්ට ප්‍රමුඛත්වය ලබාදීම නිසා බහු ජාතික ජාවාරම්කරුවන් හරහා පිටරටට ඇදී යන රුපියල් කෝටි ගණනක මුදලක් අප රට තුළම ඉතිරි වේ. මෙම ජාතික ඖෂධ පනත මගින් දේශීය නිෂ්පාදන තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර ගන්නට කදිම අවස්ථාවකි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඖෂධ නිෂ්පාදන බෙදාහැරීම, අලෙවි කිරීම හා ගබඩා කිරීම ආදී කරුණු සම්බන්ධව පූර්ණ බලතල සහිත ස්වාධීන මණ්ඩලයක්ද මෙම පනත යටතේ ස්ථාපිත කෙරේ. ඖෂධ පිළිබඳ තීන්දු තීරණ ගනු ලබන්නේ මෙම මණ්ඩලය විසිනි. මෙතෙක් කලක් මෙම ක්‍රියාව සිදුකරනු ලැබුවේ එක් පුද්ගලයකු විසිනි. ඒ අනුව මින් ඉදිරියට ඖෂධ මිලට ගැනීම, ගබඩා කිරීම, බෙදා හැරීම යන කරුණු පූර්ණ විනිවිදභාවයකින් යුක්තව සිදු කෙරෙනු ඇත.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් වෙනුවෙන් ජීවිතය පූජා කළ මහාචාර්ය සේනක බිබිලේගේ සිහිනය යථාර්ථයක් වන බවට ලකුණු පහළ වෙමින් තිබේ. දැනට කෙටුම්පතක් ලෙස පවත්නා ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ඉදිරි දිනකදී ඇමැති මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කෙරෙනු ඇත. ඉන්පසු එය පාර්ලිමේන්තුව විසින් නීතියක් බවට පත්කරනු ඇත. මහාචාර්ය සේනක බිබිලේ දුටු සිහිනය සැබෑ වන්නේ මෙම ඖෂධ ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුව විසින් අනුමත කළ පසුවය. සියයට දෙසීයක්, තුන්සීයක්… ඇතැම් විට සියයට අටසීයක් ලාභ ලබන ඖෂධ මාෆියාකරුවන්ට, තක්කඩි ජාවාරම්කරුවන්ට මෙම ජාතික ප්‍රතිපත්තිය නමැති නිර්වින්දන බෙහෙත එන්නත් කළ පසුවය. එදා සෞඛ්‍ය ඇමති මෛත්‍රිපාල සිරිසේන මෙදා ජනාධිපතිවරයා ලෙස ඖධෂ මාෆියාවට වැට බදිනු ඇතැයි අප ලබා සිටින්නෙමු. සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න තමන් වාමාංශිකයෙකු යැයි තවමත් කියා ගන්නා නිසා ඔහු මෙය ක්‍රියාත්මක කරනු ඇතැයි අප වැඩි දුරටත් සිතන්නෙමු.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]හදිසියේ ගෙන එන මෙම පනත ප්‍රෝඩාකාරී පනතක් බවත්, එය බහු ජාතික සමාගම් වල සූරා කෑමෙන් මෙරට ජනතාව මුදා ගැනීමට අභීත අරගලයක් ගෙන ගිය මහාචාර්ය සේනක බිබිලේ මැතිතුමාට කරන නිග්‍රහයක් බවත්, එම මධ්‍යස්ථානය විසින් කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් අවධාරණය කරන ලදී.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]එම මාධ්‍ය හමුවේදී සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති කියා සිටියේ බිබිලේ ප්‍රතිපත්තිය ලෙස හුවා දක්වමින් ගෙන එන මෙම පනත ගැන ජනතාව දැනුවත් කර නැති බවයි. කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගත් පනතේ කොපියක් ලැබුණු බවත්, ඊට අනූව යෝජිත නව පනත බිබිලේ ප්‍රතිපත්තියට සම්පූර්ණයෙන් විරුද්ධ එකක් බවත්, ඔහු පැවසීය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]“නව පනත යටතේ ඖෂධ පාලනාධිකාරියක් හදනවා. ඒකට නිලධාරීන් 13 දෙනෙක් පත්කරනවා. ඒකෙන් 10ක් පත් කරන්නේ ඇමතිවරයා. ඇමතිවරයාට බලතල තියෙනවා එයාලා පත්කරන්නත් ඉවත් කරන්නත්. ඒ කියන්නේ මේ අය ඇමතිගේ රූකඩයක් වෙනවා කියන ඒක. මේ පනතේ හැටියට වෛද්‍යවරු 4ක් ඉන්නවා ඒ 13 දෙනා අතර ඒ ශල්‍ය වෛද්‍ය, කායික වෛද්‍ය, ප්‍රසව හා නාරිවේද වෛද්‍ය මෙන්ම ළමා වෛද්‍යවරයෙක්. නමුත් මනෝ වෛද්‍ය හා නිර්වින්දන වෛද්‍යවරුන් දෙදෙනෙක් මේකේ නෑ.”[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මෙරට ජනතාවගේ ඖෂධ භාවිතය ගත්තාම මනෝ වෛද්‍ය හා නිර්වින්දන වෛද්‍යවරු දෙදෙනෙකු අනිවාර්යයෙන්ම මෙම ඖෂධ පාලනාධිකාරියට ඇතුළත් කළ යුතු බවත්, එසේ නොවන්නේ නම් අහිතකර ඖෂධ සම්බන්ධයෙන් ජනතාවට දැනගැනීමට ඇති බොහෝ දෑ මග හැරෙන බවත්, වෛද්‍ය පැවසේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]අපිට අවශ්‍ය ස්වාධීන ඖෂධ පාලනාධිකාරියක් බවත්, මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තියේ මූලිකාංග 10කින් වැදගත් ප්‍රධාන කරුණු 3ක් ඇතැයිද පැවසේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]1- රටට අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ ලයිස්තුවක් සකස් කිරීම[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]2 – රටට අවශ්‍ය ඖෂධ එක් ආයතනයක් හරහා ආනයනය කිරීම[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]3 – රටට අවශ්‍ය ඖෂධ රාජ්‍ය ආයතන මට්ටමින් නිෂ්පාදනය කිරීම[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඉහත එම කරුණු 3 බවත්, සාමාන්‍යයෙන් දැනට බෙහෙත් පෙත්තක් අලෙවි කෙරෙන්නේ එහි සැබෑ මිල මත සියයට 166ක බදු බාරයක් පනවා බැවින් නව පනත මගින්ද ජනතාවට අඩු මිලට බෙහෙත් ලබා ගැනීමට ඉඩකඩ ඇහිරෙන බවත්, ඔහු කියා සිටිෙය්ය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මෙම ගැටලු සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හා ඖෂධ නිෂ්පාදන සංස්ථාව වැඩිදියුණු කළ යුතු නමුත් නව පනතේ එවැන්නක් සඳහන් කර නොමැති බවද ඔහු පැවසීය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]දැනට ලංකාවේ ඖෂධවේදීන් සිටින්නේ 6565ක් බවත්, ඉන් 1437ක් රජයේ රෝහල්වල වැඩ කරන අය බවත්, පැවසේ.රට පුරා ඔසු සැල් 30,000ක් පමණ ඇතැයිද වාර්ථාවේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඒ අනූව නව පනතින් ද පුහුණු ඖෂධවේදීන්ගේ හිඟය සම්බන්ධයෙන් විසඳුමක් යෝජනා කර නැති බවටද චෝදනා නැගෙයි.හිසකෙස් පැසීමට, මහත් වෙන්න, කෙට්ටු වීමට, යනාදී වශයෙන් විවිධ රෝග සඳහා ජනතාව බෙහෙත් ලබා ගන්නේ පුවත්පත් වල වෙළඳ දැන්වීම් බලා මිස වෛද්‍ය නිර්දේශයකින් තොරව බවත්, මෙම පනත හරහා ඊට ද නීත්‍යානූකූල බවක් ලැබීමත් මේ නිසා සිදු වන්නට පුලුවන.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]1970 දශකය මුලදී බිබිලේ වික්‍රමසිංහ වාර්තාව හරහා රෝගීන්ව ඖෂධ සමාගම්වල සූරාකෑමෙන් මුදා ගන්නා ප්‍රතිපත්තියක් ඉදිරිපත් කෙරුණා. එම ජාතික ඖෂධ ප්‍රතිපත්තිය නීතියක් බවට පත්කරන පනතක් ගේනවා කියලා වර්තමාන ආණ්ඩුව පොරොන්දු වුණා. වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයේදී ඒක මැතිවරණ පොරොන්දුවක් ලෙසත් ලබා දුන්නා. ජාතික ඖෂධ ප්‍රතිපත්ති පනත් කෙටුම්පත පෙබරවාරි 06 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා මාර්තු 18 වැනිදා පුළුල් සංවාදයකින් පසුව එය සම්මත කරන බව දින 100 වැඩපිළිවෙළෙත් ලියා තිබෙනවා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]සේනක බිබිලේ ප්‍රතිපත්තියේ ලංකාවට අත්‍යවශ්‍ය ඖෂධ නාම ලේඛනයක් හැදුවා. මේ පනතේ එහෙම එකක් නෑ. ඖෂධවල මිල පාලනය කරන්න ඖෂධ ආනයනයේ සහ නිෂ්පාදනයේ වගකීම රජය භාර ගන්න යෝජනා කළා. 1870 දශකයේදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව නිර්මාණය කළේ ඒ අනුව. මේ පනතේ රජයේ ඖෂධ නිශ්පාදනය කරන එක ගැන වචනයක් වත් නෑ. මිල පාලනය ගැන තියෙන්නේ වගන්ති 04 යි. මිල පාලනයට කමිටුවක් හදලා තියෙනවා. ඒකෙ බලතල පනතේ දක්වලා නෑ. කමිටුව කියන මිලට වඩා වැඩිපුර වික්කොත් කරන්න පුළුවන් මොනවාද කියලා නීතියක් නෑ. කමිටුව උපරිම මිල තීරණය කරන්නේ ජාත්‍යන්තර වෙළෙඳපොලේ මිල අනුවලු. ඒක සාධාරණ නෑ. ඇමරිකාවේ බෙහෙතක් විකුණන ඩොලර් ගාණට සමානුපාතික රුපියල් ගණනක් අය කිරීම අසාධාරණයි. 2005 දී එවකට පැවැති ආණ්ඩුව ඖෂධවල උපරිම සිල්ලර මිල තීරණය කරන්න නිෂ්පාදන මිලට සමානුපාතිකව මිල සූත්‍රයක් නිර්මාණය කරනවා කිව්වා. මේ පනතේ එහෙම එකක්වත් නෑ. මේ පනතට අනුව ඖෂධ මිල පාලනයේ වැඩි වගකීමක් එන්නේ පරිප්පු මිල, සීනි මිලවත් පාලනය කරගන්න බැරුව ඉන්න පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට. මේ පනතේ විධිවිධානවලින් නම් ඖෂධ මිල පොඩ්ඩක්වත් අඩුවෙන්නේ නෑ. දැනට එකම ඖෂධය විවිධ වෙළෙඳ නාමවලින් තියෙනවා. ඇමොක්සිලින් ඖෂධය රුපියල් 3.50 සිට රුපියල් 35.00 දක්වා විවිධ මිල ගණන්වලට වර්ග 100 කට වඩා තියෙනවා. එකම ඖෂධයේ විවිධ වෙළෙඳනාම වර්ග සීමා කරන කිසිම වගන්තියක් මේ පනතේ නෑ. සේනක බිබිලේ ප්‍රතිපත්තියේ මූලික පදනම් නෑ විතරක් නෙමෙයි සමහර පදනම් විනාශ කරලා. ඖෂධ නිර්දේශ කරන විට ඖෂධීය නාමය පමණක් ලිවිය යුතුයි කියන එක සේනක බිබිලේගේ ප්‍රතිපත්තියේ මූලික අංගයක්. මේ පනතේ 56 වගන්තියට අනුව වෛද්‍යවරයාට ඖෂධ නාමයට අමතරව වෙළෙඳ නාමයත් ලිවිය හැකියි. සංයෝග කළ ඖෂධවල වෙළෙඳනාමය පමණක් ලිවිය හැකියි. වෛද්‍යවරයා ඖෂධ නාමයි ලිව්වම ඒකෙන් තිබෙන හැම වෙළෙඳ නාමයක්ම මිලත් සමග දැනුම්දීලා කැමති එක තෝරාගන්න රෝගියාට ඉඩ දෙන්න කියලා මේ පනතේ තියෙනවා. මේක දැනටමත් කෙරෙන එක. පනත කරන්නේ දැනට නීතියට පටහැනිව කරන දේ. නීතිගත කිරීම පාසල්වල මුදල් අය කිරීම ගැන නිකුත් කළ චක්රලේඛයෙන් කළෙත් ඕකමයි. මේක සේනක බිබිලේ මරණ පනතක්. කෙටුම්පත ජනතාවගෙන් හංගන්නේ ඒකයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මේ පනතේ අමතරව තියෙන දේවල්වල මූලිකම එක තමයි ඖෂධ නියාමන අධිකාරිය. අධිකාරිය තුළ ඇමතිට තියෙන්නේ අසීමිත බලයක්. 04 වගන්තියට අනුව අධිකාරියේ සාමාජිකයෝ 13 දෙනාගෙන් 10 දෙනෙක්ම පත්කරන්නේ ඇමති. ඔවුන් ඉවත් කරන්නත් ඇමතිට පුළුවන්. 05/01 වගන්තියට අනුව අධිකාරියේ සභාපති පත්කරන්නෙත් ඇමති. 10/02 වගන්තියට අනුව සභාපතිට ඡන්ද දෙකක් තියෙනවා. ඒ සභාපති ඇමතිට ඕන විදියට වැඩ කරන්නේ නැත්නම් ඉවත් කරන්නත් ඇමතිට පුළුවන්. මේ විදියට අධිකාරිය ඇමතිගේ රූකඩයක් වෙනවා. අධිකාරියට ඉහළින් තියෙන අභියාචනා මණ්ඩලයේ සාමාජිකයෝ 03 දෙනයි. 123/01 වගන්තියට අනුව ඒ 03 දෙනාම පත්කරන්නේ ඇමති. 123/08 වගන්තියට අනුව අභියාචනා මණ්ඩලයටත් උඩින් ඉන්න අවසන් අභියාචන බලධාරියත් ඇමැති. මේ ආණ්ඩුවේ අය විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධ වුණේ තනි පුද්ගලයකුට අසීමිත බලතල ලැබෙනවා කියලා. මේ පනත හදලා තියෙන්නේ ලක්ෂ 200 ක් ජනතාවගේ ජීවිත ගැන තීරණ ගන්න බලය ඇමතිට පවරලා. ඇමති ඖෂධ සමාගම්වලින් අල්ලස් ලබා නොගනියි කියලා තිබෙන සහතිකය මොකක්ද? ඒක වළක්වන්න තිබෙන ක්‍රමවේදය මොකක්ද? රාජිත සේනාරත්න ඇමතිතුමා නම් එහෙම කරන එකක් නෑ කියලා හිත හදාගන්නද කියන්නේ? අනාගතයේ එම ඇමතිවරු ගැනත් එහෙම හිත හදාගන්නද කියන්නේ? දූෂණ විරෝධී කියන ආණ්ඩුවේ ඇත්ත කතාව මේක.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මේ දිනවල අනිත් අතට වෛද්‍යවරුන් කාර් පර්මිට් එක ඉල්ලලා රෝගීන්ගේ ජීවිත බිල්ලට තිබ්බා. අනිත් අතට තමන්ගේ වාසියට රෝගීන් ගේ ජීවිත බිල්ලට තියෙන වෛද්‍යවරුන් ඖෂය මාෆියාව කරගෙන යන්න අවශ්‍ය ඔක්සිජන් සපයනවා. මේ අයම තමයි ග්ලැක්සෝ සමාගමෙන් රට සවාරි සහ වාහන අරගන්නේ, මේ අය බහුතරයක් බෙහෙත් ලියන්නේ ඖෂධ සමාගම් වල මෙඩිකල් රෙප්ලා කියන විදිහට. ඒ අයට රෝගීන්ට වඩා වටිනේ ඖෂධ සමාගම් වල වරප්‍රසාද විතරයි. එහෙම තත්ත්වයක් යටතේ මේ මාෆියාව ඇමතිවරයෙකුට නතර කරන්න පුලුවන් ද?[/SIZE] [SIZE=4]අනිත් අතට සමහර ඖෂධ සම්බන්ධයෙන් ගත්තහම සේනක බිලිලේ ප්‍රතිපත්තිය අනුව එම ඖෂධය ඖෂධ නාමයෙන්ම ලියන්න කියන එකත් ප්‍රායෝගික නැහැ. අධික රුධික පීඩනයට දෙන ඇටනෝල් කියන පෙත්ත නිසා සමහර රෝගීන්ට හිසේ රුදාවක් හට ගන්නවා. සමහර ඖෂධ නිසා ගොඩක් අතුරු ආබාධ ඇති වෙනවා. මේ නිසා දැන් අධික රුධිර පීඩනයට ටෙනොරික්ස් නමින් ඖෂධයක් තියෙනවා. මේ මගින් අර හිසේ රුදාව නැති කරලා තියෙනවා. නමුත් වෙනත් අතුරු ආබාධ ඇති වෙයිද කියන එක අපි දන්නේ නැහැ. ඒ වගේම දැනට කොලෙස්ටරෝල් සදහා දෙන සිම්වාස්ටින් කියන ඖෂධය අක්මාවට බලපාන බවත් ඒ නිසා එය භාවිතයට නුසුදුසු බවත් පිළිඅරගෙන තියෙනවා. ඒ වෙනුනට රෝසෝවාස්ටටින් නමින් ඖෂධයක් හදුන්වා දීලා තියෙනවා. නමුත් එම ඖෂධය ගනණ් වැඩියි. මේ විදිහට තවත් විශාල ඖෂධ ප්‍රමාණයක් තියෙනවා අලුත් ඖෂධ එකක් බලපුවහම භාවිතයට නුසුදුසු. ඒ නිසා භාවිතයට නුසුදුසු ඖෂ්‍ය ඉවත් කරන්න ඕන. ඒක සදහා ඖෂ්‍ය සම්බන්ධයෙන් පරීක්සණ පවත්වන ආයතන අවශ්‍ය වෙනවා. නමුත් මේ වන විට ලෝකය පුරාම බහුජාතික සමාගම් ඖෂධ වල ඒකාධිකාර හමුවේ අලුතින් ඖෂධ සොයා ගැනීමට අදාල පරීක්ෂණ වලට විවිධ බලපෑම් එල්ල කරනවා. එම සමාගම් බලන්නේ වයස අවුරුදු 30 දී රෝගී වෙන අයෙක් වසර 30ක් ඖෂධ ලබා ගන්නවා කයන්නේ ඖෂධ සමාගමකට දීර්ගකාලීන පාරිභෝගිකයෙකු හමුවෙනවා කියන එකයි. එය තමයි මෙම සමාගම් වල ලාභ කොටස. මේ සම්බන්ධයෙන් නිසි වැටහීමක් නැතිව ඖෂධ පනතක් ගෙනැල්ලා පලක් නැහැ. අපි රෝගීන් සම්බන්ධයෙන් අලුතින් පරීක්ෂණ කරන්න ඕන. නව ඖෂධ වර්ග සොයා ගැනීම ගැන උනන්දු වෙන්න ඕන. අපේම රටේ ඖෂධ නිෂ්පාදනාගාරයක් ආරම්භ කරලා රෝගීන් නොමිලේ ඖෂධ ලබා දෙන්න ඕන. ඒක හිතන තරම් පහසු නැහැ. අදටත් අපි දන්නේ නැහැ සේනක බිබිලෙට මොකද වුනේ කියලා. අද තත්ත්වය එදාට වඩා ගොඩක් දරුණුයි. ඒ නිසා මේ සමාගම් එක්ක සටන් කරනවා කියන්නේ දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. අපි හිතනවාට වඩා වේගයෙන් මේ වන විටත් ලෝකය පුරා ප්රාග්ධනය සංචරණය වීම වේගවත් වෙලා තියෙනවා. මේ නිසාම අපි ඉස්සර කතා කරපු පරමාදර්ශ වලට දැන් වටිනාකමක් ඇත්තටම තියෙනව ද කියලා බලන්න. හැමෝම උත්සහ කරන්නේ කොහොම හරි කීයක් හරි හොයා ගන්නයි. මේ නිසා ලංකාවේ සෞඛ්‍ය සේවය යළි නගා සිටුවනවා කියන්නේ අතුරේ යනවා වගේ වැඩක්. ඒක ප්‍රතිපත්ති වලට අමතරව ප්‍රායෝගික වැඩ සැළැස්මකුත් අවශ්‍ය වෙනවා.[/SIZE] [SIZE=4][COLOR=Red]http://gaze.lk/[/COLOR] [/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom