ආනන්ද පෙරේරාගේ දුක්බර කතාව

sweets

Banned
Jul 2, 2011
297
160
0
ආනන්ද පෙරේරාගේ දුක්බර කතාව


ආනන්ද පෙරේරා යනු අප ආදරේ කරන සංගීත ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීණ ශිල්පියෙකි. 1973 වසරේ සිට කණ්ඩායම් සංගීත ශිල්පියෙකු ලෙස සංගීත ලොවට අවතීර්ණ වූ ඔහු රසිකයින් අතර වඩාත් ජනප්‍රියත්වයට පත් වූයේ ‘සිහ ශක්ති’ කණ්ඩායමේ ඇරැඹුමත් සමඟින් යැයි කීවොත් නිවැරැදිය.
ඔහු එහි නායකයා විය. කණ්ඩායමේ අනෙකුත් සහෝදර ශිල්පීන් සමඟ අත්වැල් අල්ලා ගනිමින් නැවුම් සංගීත රටාවක් මවන්නට ඔහු සිය ජීවිතය කැප කළේය.
ඔහු අතින් කොතරම් මිහිරි ගී තනු නිර්මාණය වීද? කණ්ඩායම් සංගීතය තුළ කිසිදු වටිනාකමක් නොතිබූ දවුල,තමැට්ටමට වටිනා අගයක් දුන්නේ ඔවුන්ය. ශ්‍රියා මන මත් වී මාගේ දැකලා උන්මාද වේවී . . . ඔහුගේ සුමියුරු හඬ තවමත් මගේ දෙසවන් තුළ රැව් පිළිරැව් දෙයි.
ජන ගීයට සැබෑ ලෙසම ආදරය කළ ඔහුගේ හඬින් අද ගීත ගැයෙන්නේ නැත. ඒ වෙනුවට ඔහු යදින්නේ ජීවිතයයි. ඇත්තටම ආනන්දට කුමක් වෙලාද? මේ ආරංචිය ආනන්දගේ රසිකයන්ට නම් දැඩි සංවේගයක් ගෙන දෙන බව නම් සැබෑය.
ANANDA-PERERA-01.jpg
ලොකු දුව ශානිකා, බිරිය මංගලා, පොඩි පුතු ඉසුරු (කුඩා කලදී) දෙවැනියා පුතා තාරක සමඟ.​

මේ සහෘද කලාකරුවා අද ඉතාම අසාධ්‍ය තත්ත්වයෙන් මහනුවර ජාතික රෝහලේ හැට පස් (65) වැනි වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී. දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන ඔහුගේ වකුගඩු දෙකම අක්‍රිය වී ඇත. වෛද්‍ය නිගමනය වී ඇත්තේ හැකි ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බවයි.
ආනන්දගේ දයාබර බිරිය මංගලා මේ මුළු කාලයම කැප කළේ ආනන්දට සුදුසු වකුගඩුවක් පරිත්‍යාග කරන්නට හැකි පරිත්‍යාගශීලියකු සොයා ගැනීමටය.
‘වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති කිහිප දෙනෙක්ම මේ වෙන කොට ඉදිරිපත් වෙලා ඉන්නවා. එයින් කිහිප දෙනෙක් නොමිලේම තමන්ගේ වකුගඩුවක් පරිත්‍යාග කරන්න කැමැත්තෙන් ඉන්නවා. ඒක මේ වෙලාවේ අපට විශාල ශක්තියක්.
ඒ වුණත් තවත් සමහර අය ලක්ෂ 4, 5 ත් ඉල්ලා සිටියා. එක් පුද්ගලයෙක් ලක්ෂ 20 ක් ඉල්ලා සිටියා. මොනවා කරන්නද කොහොම හරි මහත්තයව බේරා ගන්න එකයි මගේ් එකම අධිෂ්ඨානය.
මේ අයගෙන් කිහිප දෙනෙක්ම මේ වෙන කොටත් වෛද්‍ය පරීක්ෂණවලට මුහුණ දෙමින් සිටිනවා.
දොස්තර වසීල්, දොස්තර අබේසේකර සහ දොස්තර හරිස්චන්ද්‍ර ඇතුළු කාර්ය මණ්ඩලයම බොහොම කාරුණිකව මෙම කාර්යයට ඇප කැප වී සිටින බවත් කියන්නට ඕනෑ. වකුගඩුව බද්ධ කරන අවස්ථාව වන විට අවශ්‍ය කරන සමහර ඖෂධ සඳහා රුපියල් ලක්ෂ 3 ක් පමණ සූදානම් කරගෙන සිටින ලෙසත් අපට උපදෙස් දීලා තියෙනවා.’
ඇය පවසන ආකාරයට නම් ඇත්තටම මෙවැනි මුදලක් මේ හදිසියේ සොයා ගැනීමට ආනන්දගේ පවුලේ අයට හැකියාවක් නැත.
‘මම හම්බ කරපු සියලු දේ වියදම් කළේ පොඩි පුතාගේ අසනීපය වෙනුවෙන් සහ අනිත් දරුවන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතුවලටයි. මම සංගීත ශිල්පියෙක් වුණාට කෑදරකමින් සල්ලි හම්බ කළේ නැහැ.
මම සල්ලි හම්බ කළේ වෘත්තීය ගරුත්වය ආරක්ෂා කරලා, සංගීතය උතුම් කොට සලකලා.
ඒ වුණත් මට මගේ රත්තරන් පුතාව බේර ගන්න බැරි වුණා.’ ආනන්ද තවමත් දුක් වන්නේ ඔවුන් අතැර සුරලොව ගිය පුංචි පුතු ඉසුරු ගැනයි.
ආනන්දගේ් අසනීපයට ප්‍රධාන හේතුවක් වුණෙත් ඉසුරු පුතාගේ රෝගී තත්ත්වයයි.
පුංචි ඉසුරු ලක්ෂිත පුතා ඉපදිලා හරියටම අවුරුදු 1 1/2 ක් වන කොට තමයි මේ අවාසනාවන්ත සිද්ධියේ ඇරැඹුම සිදු වන්නේ. මේ වෙන කොටත් ඉසුරු පිළිකා මාරයාගේ ගොදුරක් වෙලා තිබුණු බව ආනන්දයි, මංගලයි දැනගෙන හිටියේ නැහැ.
පුතාට අවුරුදු 1 1/2 දි තමයි ආනන්දලට පුතාගෙ අසනීපය ගැන සැක හැර දැනගන්නට ලැබුණෙ. මොන අම්මද, තාත්තද මේ තරම් දුකක් දරා ගෙන ඉන්නෙ. ඒ වෙන කොටත් ආනන්දල දැනගෙන හිටියා පුතාව ජීවත් කර වන්න නොහැකි බව. ඒ වුණත් ආනන්දයි, මංගලයි කරන්න පුළුවන් හැම දෙයක්ම පුතා වෙනුවෙන් කළා. පුතාවත් කර ගහගෙන යන්න පුළුවන් හැම වෛද්‍ය පරීක්ෂණයකටම ගියා. වරක් මේ දෙන්නා පුතාවත් අරගෙන ඉන්දියාවටත් ගියේ මොන විදිහකින් හරි පුංචි ඉසුරුට ජීවිතය දෙන්න ලැබෙයි කියන පුංචි හරි බලාපොරොත්තුවක් හිතේ තියාගෙන.
 

sweets

Banned
Jul 2, 2011
297
160
0
ANANDA-PERERA-02.jpg
‘පුතාගේ අසනීපයෙන් ආනන්ද මානසික වශයෙන් වගේම ශාරීරික වශයෙන් ද විශාල කඩා වැටීමකට ලක් වුණා. මේ නිසාම 2003 දී විතර ආනන්දගේ ඇඟේ දකුණු පැත්ත පණ නැති වුණා.

එයාවත් සුව කර ගන්න හුඟාක් මහන්සි වෙන්න වුණා. එක අවස්ථාවකදී පුතයි, ආනන්දයි දෙන්නම නුවර හොස්පිට්ල් එකේ වාට්ටු දෙකක හිටියා. ඒ වෙලාවේ ආනන්දගේ මානසික තත්ත්වය මොන වගේද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ.’ මංගලා පැවසුවේ ආනන්ද පළමු වරට අසනීප වුණු ඒ අතීතයේ අමිහිරි මතකය මෙනෙහි කරමින්.
පුතාගෙ අසනීපය දැන ගත්ත දවසේ ඉඳලම ආනන්ද හදවතින් හඬා වැළපුණා.
ඇතැම් වෙලාවකට එළිමහන් ප්‍රසංගයක සිංදු කියනවා දකින කොට මිනිස්සුන්ට හිතෙනවා ඇති ආනන්දගේ අභ්‍යන්තරයත් ඒ වගේ කියලා.
නෑ ඒක එහෙම නෙමෙයි. සිංදු කියලා ගෙදර ආවහම පුතා දකිද්දී ඔහු නැවතත් අර මානසික මට්ටමට වැටෙනවා.
මේ කාලයේදී ආනන්දගේ සංගීත දිවියත් විශාල කඩා වැටීමකට ලක් වුණා.
ගෙදර ඉඳන් නිර්මාණයක් කරන්න වුණත් ආනන්දට හිත දුන්නෙ නැහැ. ඔහු ඒ වෙලාවට කළේ සංගීත භාණ්ඩයක් අරගෙන නිවසින් පිට වෙලා ඒ දේ කිරීමයි. ඒ තරමටම ආනන්දගෙ හිත විශාල පීඩනයකින් පිරිලා තිබුණේ.
ආනන්ද රෝගාතුර වුණේ දැඩි මානසික ආතතියකට ලක් වී සිටි නිසා බව වෛද්‍යවරු නිගමනය කළා. මේ සියල්ලට බලපෑවේ පුංචි ඉසුරුගේ රෝගී තත්ත්වයයි.
කොහොම හරි නිසි වෛද්‍ය ප්‍රතිකාර නිසාම ආනන්ද ක්‍රමයෙන් නිරෝගී තත්ත්වයට පත් වුණා. නමුත් ඉසුරු පුතා . . . . ඔහුගේ තත්ත්වය එන්න එන්නම දරුණු වෙන්න පටන් ගත්තා. ඒත් පුතා නම් ඔහු රෝගියෙක් කියලා හිතුවෙම නැහැ. සුපුරුදු පරිදි කෙළි දෙළෙන් ඔහු කාලය ගත කළා.
හරියටම ඉසුරු දැනුම් තේරුම් වෙන වයස වෙන කොට එයත් දැනගෙන හිටියා එයාගේ රෝගී තත්ත්වය. ඒ අවාසනාවන්ත දිනය උදා වුණේ 2006 ඔක්තෝබර් 3 වැනිදා. අවුරුදු නවයක් පිරෙන කොට පුංචි ඉසුරුගේ් දෛවයේ ලියැ වී තිබුණා ඒ තමයි ඔහුගේ අවසන් දවස කියා. ඉසුරු සියල්ලම හැර දා යළි නොඑන්නටම ගියා.
මේ සිදුවීමත් සමඟ ආනන්දගේ රෝගී තත්ත්වය නැවතත් මතුªවෙන්න ගත්තා වෙනස් ආකාරයකින්.
‘මීට අවුරුදු දෙකකට විතර ඉස්සර මා වකුගඩු රෝගයකින් පෙළුණා. වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව ප්‍රතිකාරත් ගත්තා.
ටික කලකට පසුව සංගීත කටයුතුත් නිසා ක්‍රමානුකූලව ප්‍රතිකාර ගැනීම අපහසු වුණා. මේ නිසා යළිත් රෝගය උත්සන්න වුණා. දැන් වකුගඩු දෙකම අක්‍රිය වෙලා.
මගේ ජීවිතය බේර ගන්න නම් එක වකුගඩුවක් හෝ බද්ධ කළ යුතු බවයි වෛද්‍යවරුන් කියන්නේ. මේ වෙන කොටත් මගේ් ලේ මාරු කිරීම්, පිරිසුදු කිරීම් කෙරෙමින් තියෙනවා. ආනන්ද ඒ වචන ටික මිමුණුවෙ බලාපොරොත්තු රැසක් හදේ දරගෙන.
මීට පෙරත් අපට මතකයි ආනන්ද අසනීප වුණු අවස්ථාවේ සහෝදර ශිල්පීන් එකාවන්ව ආනන්දට උපකාර කරන්නට ඉදිරිපත් වුණු හැටි. ඒ සියල්ලන්ට ආනන්ද හදවතින්ම අදත් පිං දෙනවා.
කොහොමටත් කෙනෙකුට උදව්වක් උපකාරයක් කරන්නට හිත දෙන්නත් සංවේදී හදවතක් තියෙන්න ඕනෑ.
අපි දන්නවා අපේ කලාකරුවන්ගේ, රසික රසිකාවන්ගේ හදවත් මේ වගේ් වෙලාවට ඉක්මනටම උණු වෙන බව.
මේ වෙලාවෙත් ආනන්දට පිහිට වෙන එක අපි සියලු දෙනාගේම යුතුකමක් කියා හිතලා ඔහුට කරන්න පුළුවන් හැම දෙයක්ම කරන එක තමයි අපිට කරන්න තියෙන්නේ.
එහෙම වුණොත් අපිට ආයෙත් ආනන්දගේ මියුරු හඬින් ගීයක් මිමිණෙන අයුරු බලා සැනසෙන්නට පුළුවන්.
දයාබර සොයුර, ඔබට ඉක්මන් සුවය ලැබේවා. එය සරසවිය අපේ පැතුමයි.
ආනන්දගේ ගිනුම් අංකය 70737142, ලංකා බැංකුව, මහනුවර ශාඛාව. දුරකතනය: 0779398150.
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බැංකු ගිනුමෙ නම දාලා නෑනෙ. කොහොමද සල්ලි යවන්නෙ ඒක නැතුව ?
     

    frontline

    Member
    Jul 5, 2011
    9
    1
    0
    බැංකු ගිනුමෙ නම දාලා නෑනෙ. කොහොමද සල්ලි යවන්නෙ ඒක නැතුව ?

    ආනන්දගේ ගිනුම් අංකය 70737142, ලංකා බැංකුව, මහනුවර ශාඛාව. දුරකතනය: 0779398150.
     

    frontline

    Member
    Jul 5, 2011
    9
    1
    0
    ආනන්දගේ ගිනුම් අංකය 70737142, ලංකා බැංකුව, මහනුවර ශාඛාව. දුරකතනය: 0779398150.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ආනන්දගේ ගිනුම් අංකය 70737142, ලංකා බැංකුව, මහනුවර ශාඛාව. දුරකතනය: 0779398150.
    බැංකු ගිණුමට අදාල සම්පූරණ නම ඕනෙ. ඒක නැතිව ගිනුම් අංකෙට විතරක් සල්ලි යවන්න බෑ.