ආන් ඒ බය තියාගනින්...

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ

    මන්ත්‍රී තොරතුරු මැතිසබා වෙබ් අඩවියෙන් ගැලවේ​


    සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ලිපින සහ දුරකතන අංක පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් හදිසියේම ඉවත් කරනු ලැබ ඇත.

    මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තුවේ තොරතුරු තාක්ෂණ අංශයේ නිලධාරියකුගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම අනුව එම විස්තර මෙසේ ඉවත් කෙරුණු බවයි.

    මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන එම පියවර ගත් බවද හෙතෙම සඳහන් කළේය.

    මේ අතර පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සටහන්වී තිබූ මන්ත්‍රීවරුන්ගේ දුරකතන අංකවලට පසුගිය කාලයේදී විවිධ පුද්ගලයන් විසින් දුරකතන ඇමතුම් ලබාදී ඔවුන් අපහසුතාවයට ලක්වන ආකාරයෙන් කටයුතු කරන ලදැයි කියන සිද්ධීන් ගණනාවක් පිළිබඳවද තොරතුරු ලැබී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසෙයි.

    එසේම මහජන ප්‍රසිද්ධියට පත් කෙරෙන වෙනත් ලියකියවිලිවලද මන්ත්‍රීවරුන්ගේ ලිපින සහ දුරකතන අංක ඇතුළත් කිරීම තාවකාලිකව නතර කර ඇතැයි වාර්තා වේ.

    https://www.lankadeepa.lk/news/මන්ත්‍රී--තොරතුරු-මැතිසබා-වෙබ්-අඩවියෙන්-ගැලවේ/101-615640
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    will smith rewind GIF
     
    • Haha
    Reactions: kevin_levin

    Similar threads