ලෝකයේ බොහොමයක් පිරිස් තමන්ගේම ව්‍යාපාරයක් නොකරන අතර කිසියම් රාජ්‍ය, පෞද්ගලික හෝ බහුජාතික ආයතනයක සේවය කරයි.ආරක්ෂක අංශවල හැර විවිධාකාර අදහස් ඇති පුද්ගලයින් හා සේවය කරන ආයතනයක එක අරමුණකට සේවය කිරීම ආයතනයේත් , රටේත් සාර්ථකත්වයට හේතුවේ මා වසර කිහිපයක් ආයතන කිහිපයක සේවය කිරීමෙන් ලද අත්දැකීම් සහ වර්තමාන දේශපාලන තන්ත්‍රය තුලත් මෙවැනිම සංදර්භයක් ඇතයි උපකල්පනය කිරීමත් මේ ප්‍රශ්ණය ඇසීමට පාදක කරගතිමි .
ඔබගේ ආයතනයේ ප්‍රධානියා යම් කිසි තීරණයක් ගත්තා යැයි සිතන්න.නමුත් ඔබගේ Immediate leader(සමීපම නායකත්වය) ප්‍රධානියාගේ ප්‍රතිපත්තිය අනුගමනය නොකර වෙනස් කාර්යයක් ඔබට පවරයි නම්,
ඔබගේ ආයතනයේ ප්‍රධානියා යම් කිසි තීරණයක් ගත්තා යැයි සිතන්න.නමුත් ඔබගේ Immediate leader(සමීපම නායකත්වය) ප්‍රධානියාගේ ප්‍රතිපත්තිය අනුගමනය නොකර වෙනස් කාර්යයක් ඔබට පවරයි නම්,
- ඔබ තමන්ගේ අනුයාත කළමනාකරු(නායකත්වය)/Immediate manager වෙනුවෙන් සේවය කරනවාද ?
- ඔබ ඔහුව නිවැරදි කිරීමට හෝ එදිරිව කටයුතු කරනවාද ? (ආයතනයේ ප්‍රධානියා/CEO කෙරෙහි විස්වාසය තබා තම යුතුකම කිරීම මෙහිදී අදහස් වේ)