ලංකා ඊ නිව්ස් -2020.මැයි.05, ප.ව.8.00) "දෙරණ, හිරු පට්ටපල් බොරු පුවත් නොකියන්න. මාගේ සැමියා යුද හමුදා සීදූව කඳවුරේ සේවය කරන්නෙකි. අප ගම්පහ බෙම්මුල්ල ප්‍රදේශයේ පදිංචි වී සිටිමු. මේ දිනවල පැතිරෙන covid 19 රෝගයට මාගේ සැමියා අවාසනාවන්ත ලෙස ගොදුරු වී ම දුකකි. නමුත් පුවත්වලට පැවසුවේත් යුධ හමුදාපති කියූවේත් මාගෙන් ඔහුට වෙෙරසය ගොස් ඇතැයි මා ද ආසාදිත යැයි කියාය. එය පට්ටපල් බොරුවකි. මගේ සියලු PCR පරීක්ෂණ Negative වන අතර මට වෙෙරසය ආසාදනය වී නැති බව තහවුරු වී ඇත. එය මාස 8 ක් වන මගේ දරුවා ගැන සිතමින් දුක්වූ මට මහා අස්වැසිල්ලක්මි. මාගේ දරුවාද සුවෙන් පසුවේ. සමාජ මාධ්‍ය හරහා මෙන්ම ගොන් දෙරණ, හිරු හරහා කළ බොරු පුවත නිසා මාගේ මාතලේ පදිංචි පියාට අසනීප විය. නෑදෑයන් කලබල විය. ඊටත් වඩා ලඟ ගෙදර ජරා මිනිස්සු මට බැන වදින්නට ද විය. රණවිරුවන් තුට්ටු දෙකට දාන කෙලෙහිගුණයක් නැති මිනිසුන් සිටින රටක එය නම් මා මායිම් නොකළෙමි. නමුත් ඒ බොරු කරමින් ආසාදිත නොවන අයද කටවල්වලින් ආසාදනය කරමින් මානසිකව වට්ටන දෙරණ, හිරු බූරුවන්ට කුමක් කළ යුතුද?"
මේ ෂාමලී ප්රියෝමා චන්ද්‍රසිරි වික්‍රමනායක නම් නාවික හමුදා නිළධාරිනිය සිය මුහුණු පොතේ තබා ඇති සටහනකි. සමාජයක් වශයෙන් අප ඇයට ලබාදෙන පිළිතුර කුමක්ද?
"වාරියපොළ නෑටිය ප්‍රදේශයේදී ඊයේ (30) රාත්‍රි නාවික හමුදා සාමාජිකයෙකුගේ පියාට සහ සොයුරාට පහර දීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වාරියපොළ පොලීසිය පරීක්ෂණ මෙහෙයවයි
පහර දීමෙන් තුවාල ලැබූ ඔවුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා වාරියපොළ දිසා රෝහලට ඇතුළත් කර තිබේ.
යාපනය නාවික හමුදා කඳවුරක සේවය කරන වාරියපොළ නෑටිය පදිංචි තම පුතුගේ සිඟිති දරුවාගේ අසනීපයකට අවශ්‍ය ඖෂධයක් රැගෙන පැමිණි අවස්ථාවෙිදි ඔවුන් කොරෝනා වෛරසය ආසාදිතයන් යැයි සැක කරමින් එම පහර දීම සිදුව ඇතැයි වාර්තා වේ .
පහරදීමට ලක්වූ පියපුතු දෙපළ ගනේවත්ත පදිංචිකරුවන් වේ.
එම නාවික හමුදා සාමාජිකයා මෑතකදී තම නිවසට පවා පැමිණ නැති බවද ඔහු කොරෝනා වයිරසය ආසාදනය වූවෙකු බවට තොරතුරු ලැබී නැති බව ද පොලීසිය කියයි. (ලංකාදීප වෙබ්, පුෂ්පකුමාර ජයරත්න, 1 මැයි 2020) "
මේ කෲර පහරදීමට ලක්වූ නාවික හමුදා සාමාජිකයාගේ පියා සහ සොහොයුරා රෝහල් ගත කර තිබේ. සමාජයක් වශයෙන් අප මේ නාවික හමුදා නිළධාරියාට ලබාදෙන ප්‍රතිචාරය කුමක්ද?
“කොරෝනා මාධ්‍ය භීෂණයකට” මෙරට ජනයා මුහුණ දීලා..
කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හමුවේ ජඩ මාධ්‍ය හැසිරෙන ආකාරය සමාජයේ සබුද්ධික ප්‍රජාවගේ දැඩි විවේචනයට ලක්ව ඇති ආකාරය දැකිය හැක. සමාජයේ තවත් කොටසක් මෙයින් යම් කම්පනයකට පත්ව සිටියි. සමස්ථ ලෝකයම මේ මොහොතේ ඖෂධයක් සොයාගෙන නොමැති වසංගතයකට මුහුණ දී සිටියි. මරණ සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා ගොසිනි. මැස්සන්, මදුරුවන් මෙන් ආසාදිතයෝ මියයති. මෙවැනි ඛේදවාචකයට ලොව මුහුණ දුන්නේ වසර සියයකට පසුවය. ලොව පුරා ජනතාව ආර්ථික, සාමාජීය වශයෙන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙමින් සිටිති. ලෝක කම්කරු සංවිධානය පවසන අන්දමට ලොව පුරා මිලියන 300 කගේ රැකියාවන් අහිමි වනු ඇත. ලංකාවේ ජනතාව ද අඩුවැඩි වශයෙන් මෙම තත්ත්වයන්ට මුහුණ දෙමින් සිටිති. ඒ අතරේ ලෝකයේ බොහෝ රටවල දක්නට නොමැති “කොරෝනා මාධ්‍ය භීෂණයකට” මුහුණ දීමට මෙරට ජනතාවට සිදුව තිබේ.
ෂාමලී ප්රියෝමා චන්ද්‍රසිරි වික්‍රමනායක නම් නාවික හමුදා නිළධාරිනිය මෙහි එක් ගොදුරකි. වාරියපොළ , නෑටිය ප්‍රදේශයේ නාවික හමුදා පවුල තවත් ගොදුරකි. පසුගිය වසර හතරක කාලය පුරා අපි විවිධ අවස්ථාවන්හි මේ ජඩ මාධ්‍යයන්හි මාධ්‍ය ත්‍රස්තවාදය ගැනත් එය පරාජය කිරීමේ සමාජ වගකීම ගැනත් දීර්ඝ වශයෙන් කරුණු, යෝජනා ඉදිරිපත් කර ඇත්තෙමු. එබැවින් එම කරුණු නැවත නැවත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු නොවෙමු. ලියුම්කරුගේ පෙර ලිපි දිගුවෙන් එම ලිපි පරිශීලනය කරන ලෙසට අපි ඔබට ආරාධනය කරමු.
ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන අන්දමට වසංගතයක් මර්දනය කිරීමට ශක්තිමත් සංනිවේදන ජාලයක් අවශ්‍යය. අදාල වසංගතය පිළිබඳ විද්‍යාත්මක නිවැරැදි කරුණු ජනතාවට සංනිවේදනය කිරීම එහි මූලික අරමුණ විය යුතුය. ඕනෑම වසංගතයක් මර්දනය කළ හැක්කේ එයට ගොදුරුවන්නන් බියක් සැකයක් නොමැතිව සෞඛ්‍ය බලධාරීන් ඉදිරියේ අභිමුඛ වීම සඳහා ඇතිවන විශ්වාසය මතය. එවිට වසංගතයට ගොදුරුවූවන් හෝ ගොදුරුවූ බවට සැකකරන්නන් සැඟවෙන්නට උත්සාහ ගන්නේ නැත. රෝගීන් නිසි ප්‍රතිකාර නොගෙන සැඟවීමට උත්සාහ කිරීමෙන් සිදුවන්නේ වසංගතය වේගයෙන් ව්‍යාප්තවීම පමණි. එබැවින් සෞඛ්‍ය බලධාරීන් සහ සංනිවේදකයින් උත්සාහ කළ යුත්තේ ජනතාව තුළ වසංගතය පිළිබඳ තිබෙන බිය සැක දුරුකිරීමය.
ත්රස්තවාදීන්ට වඩා භයානක සත්ව විශේෂයක්..
එහෙත් ලංකාවේ දෙරණ, හිරු ඇතුළු ජඩ මාධ්‍ය ක්‍රියාකරන්නේ කොරෝනා වසංගතය පිළිබඳ අනවශ්‍ය බියක් ජනතාව තුළ ඇතිවන ආකාරයටය. ඔවුහු කොරෝනා අසාදිතයන් භයානක අපරාධකරුවන් ත්රස්තවාදීන් ලෙස සමාජයට ගෙන හැර දක්වති. ආසාදිතයන් පිළිබඳ වෙෙරයක් , පිළිකුලක් ඇති කරති. පළමු කොරෝනා ආසාදිතයා වශයෙන් චීන ජාතික කාන්තාවක් හමුවීමෙන් පසුව මේ ජඩ මාධ්‍ය ලංකාවේ සිටින චීන ජාතිකයන්ට එරෙහිව වෙෙරය වැපිරවූහ. දෙවනුව ඒ සඳහා දකුණු කොරියාව සහ ඉතාලියේ සිට සියරට පැමිණි ශ්‍රී ලාංකිකයෝ ඉලක්ක කර ගත්හ. ඉන් පසුව මේ ජඩ මාධ්‍ය රටේ සිටින මුස්ලිම් ජාතිකයෝ ඉලක්ක කර ගත්හ. දැන් ඉලක්කය වී ඇත්තේ කොළඹ නගරයේ "වතු" වල ජීවත්වන ජනතාවයි. මේ වතුවල සිටින "කුඩුකාරයෝ" කොරෝනා වසංගතය පතුරන බවට මේ ජඩ මාධ්‍ය චෝදනා කරති. මේ ලිපිය ලියන මොහොතේ අලුත්ම ගොදුර වී ඇත්තේ නාවික හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයෝය. කොරෝනා වසංගත මර්දන වැඩපිළිවෙළට සම්බන්ධවීම හේතුවෙන් රෝගය වැළඳුන ආරක්ෂක හමුදා සාමාජිකයෝ කොරෝනා පතුරන බවට ඔවුහු චෝදනා කරති. ආසාදිතයින්ට එරෙහි වෙෙරීය ජනමතයක් ඇති කරති. ඔවුන් ත්රස්තවාදීන්ට වඩා භයානක සත්ව විශේෂයක් වශයෙන් ප්රතිනිර්මාණ කරති.
සාමාන්‍ය මාධ්‍ය සදාචාරයන්ට අනුව රෝගීන්ගේ අන්‍යනතාවය මෙන්ම ඔවුන්ගේ ඡායාරූප දර්ශන ප්‍රසිද්ධ කරන්නේ නැත. එහෙත් ලංකාවේ ජඩ මාධ්‍යයන්ට එම මාධ්‍ය සදාචාර සම්මතයන් අදාල නොවේ. ආසාදිතයන් හඳුනාගැනීමට ලංකාවේ සෞඛ්‍ය බලධාරීන්, ප්‍රජා සෞඛ්‍ය නිළධාරීන් යන්නේ පොලීසිය සහ මේ ජඩ මාධ්‍යකරුවන් සමඟයි. මොවුන් මේ සිද්ධීන් "ප්රවෘත්ති විකාශන"හි වාර්තා කරන්නේ පාතාල ලෝකයේ අපරාධකරුවන් කොටුකර ගන්නා ආකාරයේ මෙහෙයුම් ලෙසය. කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම, ඔවුන් ඇසුරු කරන්නන් නිරෝධායනයට ලක්කිරීම, රෝහල්ගත කිරීම් ඇතුළු සියඵ අවස්ථා මේ ජඩ මාධ්‍ය සිය "ප්රවෘත්ති විකාශන"හි වාර්තා කරන්නේය. ආසාදිතයින්ට හෝ ඔවුන් ඇසුරු කළ පුද්ගලයන්ට හෝ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ගේ හෝ පෞද්ගලිකත්වය පිළිබඳ මේ ජඩ මාධ්‍යයන්ට කිසිදු හැඟීමක් නැත. ඔවුහු බලහත්කාරයෙන් ආසාදිතයින් සහ ඔවුන්ට සම්බන්ධ පුද්ගලයන් නිවාසවලට ඇතුළුවී එහි දර්ශන රූ ගත කරති. ඔවුන්ගේ ඥාතීන්ගේ නිවෙස් වලට ඇතුළු වෙති. ඇතැම් අවස්ථාවන්හි ගෙහිමියන් මේ බලහත්කාරී රූ ගත කිරීම් වලට විරෝධය ප්‍රකාශ කරන විට "අපි මීඩියා. අපිට ඕනෑම තැනක යන්න පුළුවන්" යැයි ඔවුහු තර්ජන කරති.
ජඩමාධ්‍ය කාරයන්ගේ ආක්‍රමණයට එරෙහිව 2x2 පොල්ලක් ගන්න..
මේ ජඩ මාධ්‍යකරුවන්ට පෞද්ගලික අවකාශය (Private space) හෝ පෞද්ගලික දේපල (Private property) පිළිබඳ කිසිදු අවබෝධයක් නැත. ඔබ පොලිස් නිළධාරියකු, නීතීඥයකු, බස් රියදුරෙකු , මිතුරෙකු හෝ වෙනයම් ඕනෑම පුද්ගලයකු සමඟ කථාබහ කරමින් සිටින අවස්ථාවක ඒ අතරට පැන කැමරා ඇල්ලීම නීති විරෝධී, සදාචාර විරෝධී ක්‍රියාවකි. එය ඔබගේ පෞද්ගලික අවකාශය ආක්‍රමණය කිරීමකි. ඔබගේ අනුමැතියකින් තොරව කිසිවෙකුට එයට ඇතුළුවිය නොහැකිය. මහජන සෞඛ්‍ය නිළධාරීන් කොරෝනා ආසාධිතයකුට උපදෙස් දෙනවිට ඒ මැද්දට පැන කැමරා ඇටවීමට ජඩ මාධ්‍යකරුවන්ට නොහැකිය. ඔබගේ නිවස සහ ගෙවත්ත පෞද්ගලික දේපලකි. එයට ඔබේ අවසරයෙන් තොරොව කිසිවෙකුට ඇතුළු විය නොහැකිය. එසේ ඇතුළුවීම නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදකි. ඇතැම් බටහිර රටවල එසේ නීතිවිරෝධීව ඇතුළුවන්නන්ට වෙඩි තැබීමට නීතියෙන් අවසර තිබේ. "අපි මීඩියා. අපිට ඕනෑම තැනක යන්න පුළුවන්" යැයි කියමින් පෞද්ගලික දේපලකට තබා රාජ්‍ය දේපලකට හෝ ඇතුළුවීම නීති විරෝධීය. රජයේ ආයතනයකට ඇතුළුවීමට එහි ප්‍රධානියාගේ අවසරය අවශ්‍යය. ජඩ මාධ්‍යයන්ගේ මේ අනවසර ඇතුළුවීම් (Trespassing) එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට පුරවැසියන්ට හැකිය. ඒ සඳහා කාලයක් ගත වන බැවින් 2x2 පොලු කැබලි කිහිපයක් ආත්මාරක්ෂාව සඳහා උපයෝගී කර ගනිමින් ද ප්රශ්නය ලෙහෙසියෙන් විසඳාගත හැකිය.
මේ ජඩ මාධ්‍ය රාජපක්ෂ රෙජීමය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින්නෝය. කොරෝනා වසංගතය සාර්ථකව මර්දනය කිරීම සම්බන්ධයෙන් ලංකාව ඉහළම තැනක සිටින බවට වන මිථ්‍යාව සමාජගත කළේ මේ ජඩ මාධ්‍යයි. එමගින් තමන් වසර ගණනාවක් පුරා "මහා වැඩකරුවෙක්" වශයෙන් සමාජයට හඳුන්වාදුන් ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිරූපය ආරක්ෂා කර ගැනීම ඔවුන්ගේ අභිප්‍රාය විය. එහෙත් රටපුරා කොරෝනා වෙෙරසය පැතිර යන විට ඒ සඳහා ඇඟිල්ල දික්කිරීමට ඔවුනට බිල්ලෙක් අවශ්‍ය විය. "වැඩකරන විරුවා"ට එල්ල වන ජනතා විරෝධය වෙනත් අතකට යොමු කිරීමට ඔවුන් තෝරා ගත්තේ අහිංසක රෝග අසාදිතයන්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්, ඥාතීන් සහ හිතවතුන්ය. ඔවුහු ඒ සඳහා ජනතාව උසිගැන්වූහ. මේ පරිසරය යටතේ බියට පත්වූ අසාදිතයෝ සැඟවීමට පටන්ගත්හ. එමගින් වසංගතය මර්දනයවනවා වෙනුවට රට පුරා ව්‍යාප්ත විය. ජඩ මාධ්‍ය හැසුරුණේ ‘රජා ලඟ සිටින කඩුව අතින් ගත් වඳුරන්’ මෙනි.
කිසිදු අධ්‍යාපන සුදුසුකමක් අවශ්‍ය නැති ‘අපි මීඩියා’ රස්සාව..
ලංකාවේ විද්‍යුත් මාධ්‍යයන්හි සේවය කිරීමට කිසිදු අධ්‍යාපන සුදුසුකමක් අවශ්‍ය නොවෙයි. අවශ්‍යවන්නේ කටහැකරකම පමණි. එයට අමතරව ප්‍රධානීන්ට "ගොට්ට" ඇල්ලීමේ කලාව ප්‍රගුණ කර තිබීම අවශ්‍ය වේ. එවැනි ජඩ මාධ්‍යවේදීන් "අපි මීඩියා. අපිට ඕනෑම තැනක යන්න පුළුවන්" යැයි පැවසීම ගැන පුදුම විය යුතු නැත. කොරෝනා වසංගතය හමුවේ ජනතා භීතියට පත් කර ආසාදිතයන් බියේ සැඟවෙන තැනට රට ගෙන ආවේ මේ ජඩ මාධ්‍යයේ මාධ්‍ය ත්රස්තවාදයයි. ආසාදිතයන්, ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්, ඥාතීන් , හිතවතුන් සියළු දෙනාගේ අන්‍යතාවයන් ඔවුන් පදිංචි වී සිටින ස්ථාන හෙළිකරමින් ඔවුන්ට එරෙහිව සමාජය උසි ගැන්වූයේ මේ ජඩ මාධ්‍යයයි. මෙවැනි බියකරු ව්‍යසනයක් ඉදිරියේ මනුෂ්‍යත්වයේ නාමයෙන් අවම මාධ්‍ය සදාචාරයක් හෝ පවත්වා ගෙන යෑමට මේ ජඩ මාධ්‍යයන්ට නොහැකි විය.
සංඛ අමරජිත් ඉල්ලන්නේ කෙවිටකි..
එහෙත් ඒ ගැන පුදුම වියයුතු නැත්තේ ඔවුන් සැබැවින් ඒ සම්බන්ධයෙන් ආඩම්බර වන බැවිනි. මේ වසරේ ජනවාරි මාසයේ පුවත්පත් ආයතනයේ පැවැති මාධ්‍ය ආචාරධර්ම පිළිබඳ සංවාදක දී අදහස් දැක්වූ දෙරණ රූපවාහිනියේ ප්‍රධානියකු වන නීතිඥ සංඛ අමරජිත් පෙරේරා ඉතා පැහැදිලිව ආඩම්බරයෙන් කියා සිටියේ දෙරණ ආයතනයට කිසිම මාධ්‍ය ආචාරධර්ම පද්ධතියක් නොමැති බවයි. ව්‍යවස්ථාදායක යම් ආචාරධර්ම පද්ධතියක් නීතිගත කළහොත් එය අනුගමනය කිරීමට තමන් සූදානම් නමුත් එයට පරිබාහිර පවතින මාධ්‍ය ආචාරධර්ම අනුගමනය කිරීමට තමන් සූදානම් නොමැති බව ඔහු අවධාරණය කළේය.
පාර්ලිමේන්තුව ස්ථාපිත කළ මාධ්‍ය ආචාරධර්ම පද්ධතියක් ලංකාවේ තවම නැත. එහෙත් මාධ්‍ය සංවිධාන කෙටුම්පත් කළ ආචාරධර්ම පවතියි. නිදසුනකට කර්තෘවරුන්ගේ සංසදය මුද්‍රිත මාධ්‍ය සඳහා ආචාරධර්ම පද්ධතියක් සකස් කර ඇත. විද්‍යුත් මාධ්‍ය සඳහා ද එවැනිම ආචාරධර්ම පද්ධතියක් තිබේ. එහෙත් සියල්ල ස්වේච්ඡාවෙන් අනුගමනය කළ යුතු දෑ ය. ඒවාට නීති පදනමක් නැත. ලෝකයේ බොහෝ ශිෂ්ට සම්පන්න මාධ්‍ය ආයතනයන්ට තමන්ගේ ම ආචාරධර්ම ඇත. ඔවුන් එම රාමු මත ක්‍රියාත්මක වෙයි. එහෙත් ගාල කඩාගෙන යන මීහරක්ට විනයක් නැත. මීහරක් ආම්බාන් කිරීමට කෙවිටක් අවශ්‍යය. දෙරණ වැනි ජඩ මාධ්‍ය පාලනය කිරීමට කෙවිටක් අවශ්‍යය. සංඛ අමරජිත් පෙරේරා ඉල්ලා සිටින්නේ එයයි.
පිස්සු බල්ලන් මෙන් හැසිරෙන ශ්‍රී ලංකාවේ විද්‍යුත් මාධ්‍ය පාලනය කිරීම පිළිබඳ සංවාද ස්ථාපිත වී දශක එකහමාරකට අධිකය. ආරම්භයේ සිටම මාධ්‍ය සංවිධාන කියා සිටියේ ආණ්ඩුව සම්බන්ධ නොවී විද්‍යුත් මාධ්‍ය ආයතන ස්වයං නියාමනයක නිරත විය යුතු බවයි. ලංකාවේ මාධ්‍ය ප්‍රමිතිය ඉහළ දැමීම සඳහා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය තවත් මාධ්‍ය සංගම් පහක් සහ International Federation of Journalists සමඟ එක්ව රට පුරා ප්‍රදේශීය මාධ්‍යවේදීන් සහ අනෙකුත් මාධ්‍ය ප්‍රධානීන් ඉලක්ක කර ගනිමින් පුහුණු වැඩමුළු රාශියක් වසර 2006-2008 කාලයේදී පැවැත්වීය. "මහජන සේවා ජනමාධ්‍ය", "ගවේෂණාත්මක ජනමාධ්‍ය", "මාධ්‍ය ආචාරධර්ම", "ගැටුම් වාර්තාකරණය" ඇතුළු විවිධ මාතෘකා යටතේ මේ වැඩමුළු පැවැත්විය. මේ අතරින් සාර්ථකත්වයක් ලැබුවේ ප්‍රදේශීය මාධ්‍යවේදීන් ඉලක්ක කර පැවැත්වූ වැඩමුළු පමණි. කොළඹ කෙන්ද්‍රීය මධ්‍යම සහ ඉහළ මට්ටමේ විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන් ඉලක්ක කර පැවැත්වූ වැඩමුළු සඳහා ලැබුණේ අවම සහභාගිත්වයකි. ඔවුන් ආකර්ෂණය කර ගැනීම සඳහා පවුලේ සාමාජිකයන් සමඟ සති අන්තයේ කණ්ඩලම හෝටලයේ වැඩමුළුවක් සංවිධානය කළේය. එහෙත් එයට ද තම කණිෂ්ඨයන් කිහිපදෙනෙකු එවා විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීහු ඇඟ බේරා ගත්හ. මෙවැනි වැඩමුළුවකට පැමිණ විට කට වසා ගෙන නිහඬව සිටීමට නොහැකිය. සංවාදයට ලක්වන මාතෘකා පිළිබඳ සිය අදහස් දැක්වීමට සිදුවෙයි. සංවාද කව මෙහෙයවීමට, තම යෝජනා ඉදිරිපත් කිරීමට සිදුවෙයි. තම මාධ්‍ය ආයතනයේ හැසිරීම් පිළිබඳ එල්ල වන ඇතැම් විවේචනයන්ට මුහුණ දීමට සිදුවෙයි. කට හැකරකම පමණක් තිබූ පමණි මේවාට මුහුණ දිය නොහැක. එයට අධ්‍යාපන පදනමක්, මාධ්‍ය පිළිබඳ හැදෑරීමක් අවශ්‍යය. එවැනි දෑ නොමැති බහුතරය සැඟවී ගත්හ. එහි සමස්ථ ප්‍රතිඵලය සමාජය හමුවේ අද දිග හැරී ඇත. තමන්ට මාධ්‍ය ආචාරධර්ම නැතැයි ආඩම්බරයෙන් පවසන "දෙරණ" වැනි මාධ්‍යයන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය හැකි ද?
මේ පිස්සු බල්ලන් ගැන නිහඬව සිටිය යුතු නැත..
කොරෝනා වසංගතය වැනි මහා ව්‍යසනයක් ඉදිරියේ පවා ජනතාව තුළ බිය, අවිශ්වාසය, වෙෙරය, ජාතිවාදය, ආගම්වාදය සහ විශේෂයෙන්ම ආසාදිතයින් කෙරෙහි වෙෙරයක් නිර්මාණය කරන මාධ්‍ය ආයතන පිළිබඳ නිහඬව සිටිය යුතු නැත. මේ මාධ්‍ය පිස්සු බල්ලන් වී හමාරය. දැන් ඔවුහු මහමග සිටින ඕනෑම අයෙකු හපා කන මට්ටමට පැමිණ ඇත. මේ පිස්සු බල්ලන් බැඳ දැමිය යුතුය. එසේ නොමැතිව මේ ව්‍යසනය පාලනය කළ නොහැක.
ස්වයං නියාමනය ගැන තවදුරටත් කථා කිරීම ප්‍රයෝජනක් නොමැති බව පසුගිය සිව් වසර පුරා අපි දිගින් දිගටම පෙන්වා දුන්නෙමු. මෙරට විද්‍යුත් මාධ්‍ය නියාමනය කිරීමට බලතල සහිත ශක්තිමත් ස්වාධීන නියාමන කොමිසමක් පත් කළ යුතුය. මේ විද්‍යුත් මාධ්‍ය ආයතන භාවිතා කරන්නේ මහජනතාවට අයත් සංඛ්‍යාතයන්ය. එබැවින් සාධාරණය ඉටුවිය යුත්තේ ජනතාවටය. ඒ සඳහා යෝජනා කිහිපයක් නැවත ඉදිරිපත් කිරීමට කැමැත්තෙමු.
යෝජනා..
• ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ස්ථාපිත කරන ස්වාධීන විද්‍යුත් මධ්‍ය නියාමන කොමිසමක් ස්ථාපිත කළ යුතුය. එය මානව හිමිකම් කොමිසම, මැතිවරණ කොමිසම මට්ටමේ ස්වාධීන ආයතන විය යුතුය
• විද්‍යුත් මාධ්‍ය ආයතනයන්ට බලපත්‍ර සහ සංඛ්‍යාත පැවරීම නව කොමිසම යටතේ උපරිම විනිවිදභාවයකින් සිදුවිය යුතුය
• යාවජීව බලපත්‍ර ක්‍රමය වහාම අවලංගු කර ඒ වෙනුවට අවම වශයෙන් වසර දෙකකට වරක් යළි විශ්ලේෂණයකට ලක් කර බලපත්‍ර ලබාදීමේ ක්‍රමයක් හඳුන්වාදිය යුතුය
• වර්ගවාදි, ආගම්වාදී, ජාතිවාදි ප්‍රචාර ගෙනයන මෙන්ම කාන්තාවන් ඇතුළු සමාජයේ විවිධ කණ්ඩායම් වලට අපහාස අවමාන කරන විද්‍යුත් මාධ්‍ය ආයතනවලට එරෙහි දැඩි පියවර ගත යුතුය
• මේ මාධ්‍ය ආයතනයන් ගෙන් සිදුවන අසාධාරණකම් වලට එරෙහිව පුරවැසියන්ට තම පැමිණිලි ඉදිරිපත් කර හැකි යාන්ත්රනයක් නිර්මාණය කළ යුතුය
• බලපත්‍ර ලබාදීමට පෙර අදාළ සමාගම් ප්රාග්ධනය සොයාගෙන ඇති ආකාරය පිළිබඳ කොමිසම තියුණු පරීක්ෂාවක් කළ යුතුය. එවිට මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන්ට, කළු සල්ලිකාරයන්ට මෙන්ම අපැහැදිලි ආකාරයට මුදල් සොයාගත් දූෂිතයන්ට මාධ්‍ය ආයතන ආරම්භ කිරීමට නොහැකි වනු ඇත
මේ ලැයිස්තුවට තව බොහෝ දෑ එක් කළ හැකි වුවත් මෙය ඒ සඳහා අවස්ථාව නොවෙයි. මෙවැනි ස්වාධීන නියාමන කොමිසමක් ස්ථාපිත කිරීමේ අවස්ථාව යහපාලන රජයට අවස්ථාවක් තිබුණ ද ඔවුන් එය මගහැර ගියේය. වර්තමාන රජය එවැනි පියවරක් ගනීවි යැයි කිසිවිටෙකත් සිතිය නොහැක. ඔවුන්ව බලයට ගෙන ආවේම මේ ජඩ මාධ්‍ය විසිනි. ඒ සඳහා ඔවුහු වර්ගවාදය, ආගම්වාදය, ජාතිවාදය ඇතුළු සියලු ආකාරයේ වෙෙරය වැපිරවූහ. අදටත් රාජ්‍ය ජනමාධ්‍යවලටත් වඩා නින්දිත ආකාරයට රාජපක්ෂවාදී සිටින්නේ මේ ජඩ මාධ්‍යයයි.
අවශ්‍ය වන්නේ පුරවැසි තෙරපුමයි..
මේ අවස්ථාවේ අවශ්‍ය වන්නේ පුරවැසි තෙරපුමයි. මේ ජඩ මාධ්‍යයන්ට එරෙහිව පෙරමුණ ගත යුත්තේ සබුද්ධික පුරවැසියන්ය. මෙයට වසරකට පමණ පෙර "නව පරපුර" ඇතුළු සබුද්ධික කලාකරුවන්, බුද්ධිමතුන්, සහ සිවිල් සමාජ ක්‍රියාධරයන් රටේ සියලුම මාධ්‍ය ආයතනයන්ට මාධ්‍යයේ හැසිරීම පිළිබඳ විවේචනාත්මක ප්රකාශනයක් භාරදුන්නේය. ඒ ප්රකාශනයට ජඩ මාධ්‍ය කොතරම් බියට පත් වූයේ දැයි ඒ දිනවල ප්‍රතික්‍රියා දැක්වූ ආකාරයෙන් පැහැදිලි විය. ඔවුහු භූමිතෙල් ගෑවුණු ගැරඬියන්සේ දැඟලූහ. පුරවැසි තෙරපුම එතරම් ප්රබලය. කොරෝනා වසංගතය ඉදිරියේ ජඩ මාධ්‍යයන්ගේ නින්දිත හැසිරීමට විරෝධය දසතින් මතු විය. ඇතැම් "බයි" ජන කොටස් පවා මේ හැසිරීම විවේචනය කිරීමට පටන්ගත්හ.
ජඩ මාධ්‍යය විරෝධී සමාජ ජාල කණ්ඩායමක්..
ජඩ මාධ්‍යයට විරෝධය දැක්වීමට සමාජ ජාලා කණ්ඩායමක් බිහිවිය. "දෙරණ, හිරු විරොධී සංගමය" නමින් හැඳින්වුන එම කණ්ඩායම පුරවැසියන් ගෙන් ඉල්ලා සිටියේ අදාල ජඩ මාධ්‍ය ආයතන දෙක වර්ජනය කරන ලෙසටය. එම කණ්ඩායමට බලාපොරොත්තු නොවූ ප්‍රතිචාරයක් ලැබිණි. දින කිහිපයක් ඇතුළත පනස්දහසකට අධික පිරිසක් මේ කණ්ඩායමට එක්වූහ. මේ අතර "හිරු" ජඩ මාධ්‍යයේ සිටි නොම්බර එකේ සිංහල බෞද්ධ ජාතිවාදී රාජපක්ෂ භ්රෂ්ටයන් දෙදෙනෙක් ආයතන මාරු කළහ.
මේ ජඩ මාධ්‍ය මෙල්ල කිරීම සඳහා පුරවැසි මැදිහත්වීම අත්‍යාවශ්‍ය සාධකයකි. සෑම මාධ්‍ය ආයතනයක්ම රඳාපවතින්නේ ඔවුන්ගේ ප්‍රේක්ෂක සංඛ්‍යාව මතය. ප්‍රේක්ෂකයන් මේ මාධ්‍ය ආයතන වර්ජනය කළහොත් මේ ආයතන බිඳ වැටේ. එබැවින් ජඩ මාධ්‍ය වර්ජනය කිරීම මේ මොහොතේ ඇති ප්‍රායෝගික උපායමාර්ගයයි. ජඩ මාධ්‍ය මත යැපෙන ගෝඨාභය රාජපක්ෂ විද්‍යුත් මාධ්‍ය නියාමනය කිරීමට බලතල සහිත ශක්තිමත් ස්වාධීන නියාමන කොමිසමක් ස්ථාපනය කිරීමට මැදිහත්වේ යැයි සිතිය නොහැක. ඒ සඳහා මහජන මතයක් ඇති කිරීම සබුද්ධික පුරවැසියන්ගේ වගකීමකි. එයට සමාන්තරව ප්‍රයෝගික උපාය මාර්ගයක් වශයෙන් ජඩ මාධ්‍ය වර්ජනය ඉදිරියට ගෙනයමු.
අනුභාවනන්ද
[email protected]
ලියුම්කරුගේ පෙර ලිපි පහත දිගුවෙන්
https://www.lankaenews.com/category/33
---------------------------
by (2020-05-05 14:42:40)