ආයිත්මත් ටික දවසකින් ආවේ.

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,234
    2,042
    113
    වෝල්තර් මලයාගේ සත්දියවරට සුභ පැතුම් සහ ප්‍රණාමය. ඊට උදව් කල සියල්ලන්ටමත් බැති උපහාර (බැනර් ගහගෙන යාම ගැන සහ එළකිරියට පබ්ලිසිටි අරං දීම ගැන නැවත සිතා බලන්න.)

    ඩෝබි බයි වලියෙන් ඩෝබින්ට තියුණු ජයක්. (ඩෝබින්ට උණුසුම් සුභ පැතුම්)

    අර කින්ග්ෆිශර් කෑලි ටික සිටින නූල උඩට ගත් කොලුවාට ජූරියේ ඇගයීම්.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,743
    16,525
    113



    ස්විට්සර්ලන්තයේ ප්‍රධාන භෝග වගාව තණකොළ.
    මොකද මිනිසුන්ට වැඩිය ඉන්නෙ හරක්.
    අපි උන්ගෙ කිරි බොනවා, මස් කනවා.
    පාන් කන්න පිටි අහල පහළ රට වලින් ගේනවා.
    වෙන මොනවත් එහෙම මහ පරිමාණයෙන් වවන්නේ නෑ, වවන්නේ තණකොළ.
    ඇයි ඒ ?
    අපේ රට කඳුකර රටක්.
    ටවුන් වල ටොයි සුද්දොයි, අපි වගෙ සංක්‍රමණිකයන් පදිංචි වෙලා හිටියට ගම්වල ඉන්නෙ ස්වීස් යක්ඛ පුත්තු.
    උන් තණකොළ වවන් හරක් හදන් සැපට ඉන්නවා.
    වෙන කෙටි කාලීන දිගු කාලින බෝග වගාකරන්න නොදෙන්නේ ඒවටපස සකසන්න ඕන, එතකොට ස්වභාවික පස බුරුල් වෙනවා, හොද වැස්සක් වැස්සොත් පස හෝදන් යනවා, තව වැස්සොත් නාය යනවා.
    අහෝ ලස්සන ස්විට්සර්ලන්තය.
    තණාකාළ වවන්න බැරි තැන් වල වන වගාව. ඒවා දරට සහ දැව කර්මාන්තයට.
    ගෙවල් හදන්නේ ඊට සුදුසු බිම්වල විතරයි.
    භූමිය සීමිත නම් උඩට තමයි යන්නේ. තට්ටු 30 ක විශාල බිල්ඩිමක් හදන්න අවුරුදු 2 ක් ගන්නවා. මාස 18 ක් පොලව සහ පාදම හදන්න, ඉතිරි මාස 6 බිත්ති උස්සන්න.
    අපි කරන්නේ මේකේ අනික් පැත්ත.
    සොබාදහමෙන් වෙල්, පතන් මවලා තියෙන්නෙ වැඩි ජලය උරාගන්න. ඒවා ගොඩකරලා ගෙවල් නගර හදන එක ලොකු වීරකමක්. පොලව කොටලා මිරිස් ගහක්, තක්කාලි ගහක් සිටුවීම තමයි වගා සංග්‍රාමය. ගේ වටකර අලි තාප්පයක් බැඳලා වැහි වතුර හිර කරගැනීමට හරි ආසයි. පාර දිගට සුදු ඉර තියෙනවා,කාණුව නෑ.
    මේ සිද්ධ වෙච්චි ආපාදාවෙන් පස්සෙ වත් රටක් ජාතියක් විදියට එකතු වෙලා ස්ථිර සාර වැඩපිළිවෙළකට යනවා නම්.......

    -- නිලංග සමරසිංහ ස්විට්සර්ලන්තයේ සිට.
     
    • Love
    Reactions: ElaBaba