ආරක්ෂක ගාථා හා මන්තර

NoMorePain

Member
Jun 28, 2016
213
47
0
ආරක්ෂක ගාථා හා මන්තර

1111111.jpg


මේ පොස්ට් එකෙන් මම විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ අමනුශ්‍යන්ගෙන් ආරක්ෂා වෙලා දෙවියන්ගේ පිහිට ලබාගත හැකි මම ප්‍රතිඵල අත්දැකපු පිරිත් හා ගාථා හා මන්තර කීපයක් පිළිබඳව. මනුස්ස ලෝකේ මනුස්සයන්ට වඩා අමනුස්සයෝ ඉන්නවද කියල හිතෙන තරමට කීප දෙනෙක්ටම උන අමනුෂ්‍ය කරදර කීපයක් දැක්කට පස්සේ මේ ආරක්ෂක ගාථා පොස්ට් එකකින් දාන ඒක හොදයි කියල මට හිතුන. තමන්ට හෝ අදුරන කෙනෙක්ට අමනුෂ්‍ය දෝෂ තියෙනවනම් මේව දිනපතා එකදිගට කීමෙන් ඒවා මගහරවා ගන්න පුළුවන්. හැබැයි මන්තර ගුරුකම් වලින් කරපු දේවල්නම් මේවා මගින් අයින් කරගන්න බෑ. ආරක්ෂාවට වගේම හිතේ ශක්තිය වැඩිවෙන්නත් හදිසි අනතුරු වලින් ආරක්ෂාව ලැබෙන්නත් දෙවියන්ගේ පිහිට ලැබෙන්නත් මේවා හේතු වෙනවා.

මේ සඳහා භාවිත කරන්න පුළුවන් පිරිත් වෙන්නේ ගිනි පිරිත, ඇනවුම් පිරිත, ජල නන්දන පිරිත හා අභිසම්භිදාන පිරිත කියන හතර. internet search කරලා මේවා ලේසියෙන්ම download කරගන්න පුළුවන්. මේවා කීමෙන් හෝ වාදනය වෙන්න සැලැස්වීමෙන් දේව ආරක්ෂාව සලසා ගන්න පුළුවන්.

හැමදාම බුදුන් වැඳලා පහතින් තියෙන ගාථා 4ම හෝ එකක් හෝ කීපයක් කීමෙන් දෙවියන්ගේ පිහිට අනිවාර්යයෙන්ම ලැබෙනවා. හැබැයි මේවයින් සංසාර සාරෝඝ කියන ගාථාවේ ප්‍රතිඵල ලැබෙන්නේ මස් මාළු බිත්තර වලින් වැළකිලා හිටියොත් විතරයි. පිලි ජාති කාලා මේ ගාථාව කිවුවා කියල නරකක් වෙන්නේනම් නෑ.හැබැයි ප්‍රතිඵලයකුත් නෑ. අනිත් ගාථා වලින් ප්‍රතිඵල ලැබෙන්න මස් මාළු නොකා ඉන්න ඕනි නෑ. පිලි ජාති කෑවත් ඒ ගාථා මගින් ආරක්ෂාවක් ලැබෙනවා.

සංසාර සාරෝඝ විණීත ණීසං
සංණීත සාතං සුචිසාර ධීසං
සංධීර කං සොණ්‌ණ තනු පළාසං
සංළාප දේසිං පණමෙභිs සාසං

සංසාභි ගං කේවල මෝහ නාසං
සංනාහකං මාර රණෙ විසේසං
සංසේවිතං දාසි මුදාර හාසං
සංහාර ධම්මං පණමෙ සදාසං

සංදාස ගං නා සිත පාප නාසං
සංනාප ධංසි හත ඝෝර පාසං
සංපාර ගාමිං සුචිසාර වාසං
සංවාර සංඝං පණමෙ රසාසං

ජයෝ මුනින්දස්ස සුබෝධිමූලේ
අහෝසි මාරස්ස පරා ජයෝහි
උග්ඝෝසයුං දේව ඝනා පසන්නා
ඒතේන සච්චේන ජයස්සු මයිහං

පඨවි බල සුන්දරී - සබ්බඤ්ඤු බෝධි මණ්ඩලං
අසංඛෙයිය මාර සේනං - ජයෝ ජයතු මංගලං
කකුසන්ධෝ කෝණාගමණෝ - කස්සපෝ ගෝතමෝ මුනි
මෙත්තෙයිය පඤ්ච බුද්ධා තේ - සිසේ ‘මේ’ සෙන්තු සබ්බදා
එතෙසං ආනුභාවේන - යක්කා දේව මහිද්ධිකා
තේ සබ්බේ සුඛිතා හොන්තු - ‘මම’ මිත්තා සහායකා
සම්බුද්ධේ අට්ඨ විසංච - ද්වාදසං ච සහස්සකං
පඤ්චසත සහස්සානි - නමාමි සිරසා අහං
තේසං ධම්මඤ්ඤ සංඝන්ච - සබ්බේ පච්චේක සම්බුද්ධේ
බෝධිරාජේ ච සබ්බේසං - සාදරේන නමා මහං
නමක්කාරේනූ භාවේන - සබ්බේ භයා උපද්දවා
අනේකා අන්තරායාපි - විනස්සන්තු අසේසතෝ


ආරක්ෂාව සඳහා භාවිතා කරන්න පුළුවන් අනිත් දේ වෙන්නේ නවකුන්ඩරාජ මන්තරය. මන්තරයක් උනත් මස් මාළු වගේ කිලි ජාති වලින් බලපෑමක් නැති නිසා සාමාන්‍ය ජීවිතයේදී මේක භාවිතා කරන්න ලේසි. හැබැයි මේ මන්තරය භාවිත කරනවානම් හරක් මස් වලින් වැලකි ඉන්න ඕනි. මේ මගින් ප්‍රතිඵල ලබාගන්නනම් ඝන හරියට උච්චාරණය කරමින් මතුරන්න ඕනි. මෙමගින් දේව ආරක්ෂාව ලැබීමට අමතරව ඇස්වහ කටවහ ආදිය දුරුවීමත් සිද්ද වෙනවා.


"ඕං නමඃ ශ‍්‍රී ඝනාය නමඃ සර්වඥාය හරිහරාය රාග ද්වේශනාය හරිහරාය නව කුණ්ඩරාජයාය ඕං හ‍්‍රීං දේවයෙන් නමඃ රතනත‍්‍රයෙන් නමඃ ඕං හ‍්‍රීං ඊශ්වර වජ‍්‍ර විෂ විනාසනී ඊශ්වරී නීශ්වරී කෝටි දෝෂනී වාරුණී වාරුණී ප‍්‍රකට ප‍්‍රකෝටි වීර භද්‍ර සිංහ නේක කාලී ඕං කාලී ඊශ්වර කාලී විකයණ්ඩි විරූපාක්‍ෂී ධ‍්‍රැතරාෂ්ඨී භුවනේශ්වරී බාලග‍්‍රී බලගන බලදේවී සිද්ධි යෝගී ඝනේශ්වරී චාමුණ්ඩි ලක්‍ෂ්මී ස්ක‍්‍රීන් සැක්ක්‍රාන් මාතාංගී මාතාංග දේවී කාල රාත‍්‍රී උමා පතී ගුහාර දේවී පාතාල දේවී එන්මෝහිනී මහා මෝහිනී නාරායන වීරභද්‍ර දේවී වාතාජ්වර පිතාජ්වර ස්ලේශ්මාසාජ්වර සන්නිපාතාජ්වර දුෂ්ටපානාජ්වර සාදාරව හන හන දහන දහන මත මත චම්ප චම්ප විද්‍යාමනෝහාරය විද්‍යමනෝහාරය කර්ණ කර්ණ වර්ණ වර්ණ උච්ඡාටන උච්ඡාටන ත්‍රෝෂ්ටං ත්‍රෝෂ්ටං නව අරහං මෘග සූකර ව්‍යාඝ‍්‍ර සර්ප විෂ විනාසාය ප‍්‍රමන්ත‍්‍ර ෙඡ්දනාය ප‍්‍රවිද්‍යා ෙඡ්දනාය භගවතී භගවතී ගෝතමී ගෝතම මුණී යක්‍ෂ භය චෝර භය මාර භය විෂ විනාසනී තක්‍ෂලී තක්‍ෂලී තමට තමට චලිත චලිතතට තට නශ්ඨ නශ්ඨ ඕං ටඃ හ‍්‍රීං ටඃ ගෞ ටඃ චක‍්‍ර වාලාය චක‍්‍රවාලාය කපාලය කපාලය සූර්ය ප‍්‍රලයාය සරණාය නවන්දිනාය ජීව දේවනී අංගුලිමාල මහා කාලී නමෝ ඉන්ද්‍රනීල මහා බහිරවී ආදි බහිරවී ආමා බහිරවී ඊමා බහිරවී ප‍්‍රකට බහිරවී ඝෝර බහිරවී මාර බහිරවී බහිරව දේවී බහිරව රාක්‍ෂී නාලා ඉරත්තු පත්තේට්ටු විෂාදි විෂ සූනියං ප‍්‍රමන්ත‍්‍ර ප‍්‍රතන්ත‍්‍ර ප‍්‍රවිද්‍යා චේදනකාරී ශ‍්‍රී නාරායන බ‍්‍රහ්මනී කෞමාරි දේවතාවී ප‍්‍රකෝටි විෂ විනාශනී ආඝෝර මුණිවර සරනි රාජ මන්ත‍්‍රී ශාන්ති කව්වේද මන්ත‍්‍ර භූවනී මහා මන්ත‍්‍ර ද්වේෂනී භ‍්‍රහ්මනී බ‍්‍රහ්මනී කෝටි ගුණ දේවේන්ද්‍ර නවකුණ්ඩ රාජයා සිද්ධි කර සිද්ධි සිද්ධී ඒස්වාහඃ"

 

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    උඹටත් නොතේරෙන භාෂාවකින් මේවා කියෙව්වම දෙයියෝ හිතයි 'මුට මොනගල්. නොතේරෙන අන්ඩර දෙමළයක් කියවනවා' කියලා.