උදව් කල හැමෝටම පින්. හිගුරක්ගොඩ ප්‍රදේශයේ මගේ හිතවත් ස්වාමින් වහන්සේ නමකගෙන් උපදෙස් අනුවත් ඔබලගේ යහපත් උපදෙස් අනුවත් මම මේ වෙලාවේ ඉන්නේ මහනුවර බෝවලවත්තේ හන්තාන කන්දේ සිරිවජිරාරම ආරණ්‍ය සේනාසනයේ. බොහො වෙලාවට මට අද නවතින්න හැකි වෙයි. ඉක්මනින් සාසන ගත වෙලා පිලිවෙත් වඩන්න පුලුවන් වෙවී. මගේ හිතවත් ස්වාමින් වහන්සේ කි පරදි සාසනයට හුරු වීම තමයි අමාරුම කටයුත්ත. මුලින් එකට හුරු වෙලා ක්‍රමක්‍රමයෙන් භාවනා ක්‍ර්ම පුරුදු පුහුනු වෙන්න කිවු නිසාත් එම ස්වාමින් වහන්සේගෙන් මා සිතු පරිදි යහපත් උපදෙස් ලැබුනු නිසාත් මම මෙම ස්තානය තෝරා ගත්තා. හැමෝටම පින්.
ඒ වගේම එලකිරියේ සියලු මිතුරන්ට ආයූබෝවන්.