ආර්ථිකය දුවවන PB Methods-ආදායම් බදු සහ වක්‍ර බදු අත&

obama2

Member
Apr 18, 2012
424
30
0
ආර්ථිකය දුවවන PB Methods-ආදායම් බදු සහ වක්‍ර බදු අත&



ආර්ථිකය දුවවන PB Methods-ආදායම් බදු සහ වක්‍ර බදු අතර වෙනස

Posted: 5:27 am, November 29, 2013
shutterstock_42905923.jpg


නැවතත් සියළු දෙනාගේ ගොත ගසන කාලය උදා වී ඇත. දෛනික ජීවිතයට අදාලව සෑම භාණ්ඩයකම මිළ ඉහළ නැග ඇත. මෙලෙස භාණ්ඩ වල ( ඒ හේතුවෙන් සේවාවල් වල මිලද ඉහළ නගිනු ඇත.) මිළ ඉහල නගින්නේ ඇයිද යන කාරණය සරලව පහදා දීමට කිසිවකුට හැකි වී නැත. ඇකඩමියාව (ආර්ථික විද්‍යාඥයන්-විශ්ව විද්‍යාල ගුරුවරු) සහ හර්ෂ ද සිල්වා පවා අන්දොස් වී ඇති අතර මෙවර ප්‍රථම වරට දේශීය ආදායම් බදු කොමසාරිස්වරිය පවා ගොත ගසමින් සිටියි. මේ ගැන නියම හේතුව දන්නා මුදල් ලේකම් පී.බී ජයසුන්දර ( ලංකාවේ මේ පවතින ආර්ථික ක්‍රමය පවත්වා ගෙන යන න්‍යායාචාර්යවරයා ඔහු බව දන්නේ විමල් වීරවංශ පමණි.) දොරටු නවයෙන්ම මුළු සමාජයටම සිනහ වෙමින් සිටියි.
ජේ.ආර් ගේ පාලන තන්ත්‍රයට පසු ජනාධිපතිවරු හතර දෙනෙක් පත් වී ඇති මුත් ඒ සියළු දෙනා පවත්වාගෙන යන්නේ පොදු ආර්ථික ක්‍රමයකි. එනම් ලිබරල් ධනවාදයයි. පැරණි සුභසාධන රාජ්‍ය ව්‍යුහය විනාශ කර ඒ සදහා අවශ්‍ය කරන සාර්ව-ආර්ථික සැකසුම 80 දශකය මැද වන විට සකස් කරේ ඒ.එස් ජයවර්ධනය. ඒ සදහා අවශ්‍ය මුල්‍ය මූලෝපාය සකස් කළේ IMF ආයතනයි. ඔවුන් ක්‍රමක් ක්‍රමයෙන් අනුගමනය කළ සාර්ව ආර්ථික න්‍යාය මෙසේය.
පොහොසත් මිනිසුන් ගෙන් අය කරන සෘජු බදු ක්‍රමක් ක්‍රමයෙන් අඩුකර (ආදායම් බදු) පොදු මහත් සමාජ-ආර්ථික දේහයටම අදාල වන වක්‍ර බදු ක්‍රමයක් ( අදියරෙන් අදියර විශාලනය වන පරිදි) හදුන්වාදීමෙන් රාජ්‍යෙය් සහ සුභසාධනයේ වියදම පොදු ජනයාට සමානව පටවා පොහොසත් මිනිසුන් ගේ ‘ප්‍රාග්ධනය’ (Capital) විශාල කිරීම. එමගින් අපේක්ෂා කරන ලද්දේ පොහොසත් අය තම අත රාශිවන ‘ප්‍රාග්ධනය’ (Capital) යළි ප්‍රතිආයෝජනය කරනු ඇත කියාය.
නමුත් සිදු වූයේ කුමක් ද?


01- දුප්පතුන්ට සමාජය වෙනුවෙන් වියදම් කරන්නට වන වියදම වඩ වඩා අධික වීම. මෙය සාර්ව ද්‍රරිද්‍රතාකරණය ලෙස හැදින් විය හැක. වක්‍ර බදු යනු දුප්පතුන් ගෙන් ඔවුන් සදහා රජයට වියදම් වන වැය ඔවුන් ගෙන්ම අය කර ගන්නා දේශප්‍රේමී ක්‍රමවේදයයි. ( මෙයට අපට PB Methods කියාද කිව හැක )


02- පොහෙසත් අය හම්බ කරන මුදලට සාපේකෂව අය කරන ආදායම් බදු අඩු නිසා සහ විවිධ සහන නිසා ඔවුන් ගේ මුදල් වල මුලාශ්‍රය සැගවිය හැක. කලු සල්ලි මැවෙන්නේ මෙම යථාර්ථය තුළය. මෙම කලු සල්ලි මේ වන විට රට ඇතුලත ආයොජනය කරනවා වෙනුවට ආදායම් බදු සහන දෙන බදු පාරාදීස කරා මාරුවෙමින් පවතියි. එවිට එම ප්‍රාග්ධනයද මිනිසුන් මෙන් විග්‍රාමික වෙයි. මේ නිසා සිදු වන්නේ ආයෝජනය පහළ බැස රාජ්‍යයට ණය ගන්නට සිදු වීමයි. එම ණය යළි ගෙවීමට වක්‍ර බදු අගය වඩ වඩා ප්‍රසාරණය කරන්නට සිදු වෙයි. එම ආර්ථිකය සම්පිණ්ඩනය වී වැටුප් මිළ පහත යන අතර විරැකියාව බහුල වෙයි. සාර්ව ආර්ථික සකසුම මගින් බලාපොරොත්තු වූ නිගමනයද වැරදෙයි. සමාජය අරාජක වෙයි. අපරාධ වැඩි වෙයි. මංකොල්ල සහ දූෂණ අධික වෙයි. ටික දෙනෙක් හොදටම ආතල් ගනියි.

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය,


CTRL + Q to Enable/Disable GoPhoto.it