Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ආර්යෝපවාදයේ ආදීනව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි ආයුෂ්මත් සානුවාසී තෙරුන්ගේ ඤාති ප්රේතයෙකු අරභයා මෙම පේත කථාව දේශනා කළහ.

අතීතයේ බරණැස් නුවර කිතවස්ස නම් රජුගේ පුත්රයා එක් දිනක උද්යාන ක්රීඩාවේ නිරතව එයින් පිටව යන අවස්ථාවෙහි සුනෙත්ත නම් පසේ බුදුරජාණන් වහන්සේ පිඬු පිණිස හැසිර නගරයෙන් නික්ම යනු දැක උන්වහන්සේ වෙත ගොස් ඇතු පිටින් බැස තමන් වැනි රාජකීය කුමාරයෙකුට ගරු සරු නොදක්වා නික්ම යාම හේතුවෙන් කෝපයට පත් ව පිණ්ඩපාත පාත්රය උදුරාගෙන එය පොළොවේ ගසා බිඳ දැම්මේ ය. අටලෝ දහමින් කිසි විටෙකත් කම්පා නොවන පසේ බුදුන් වහන්සේ ඉතා කරුණාවෙන් ඔහු දෙස බැලු හ. එයින් ද තවදුරටත් කෝපයට පත් රාජ පුත්රයා තමා අසවල් රජුගේ පුත්රයා බව ත් එනිසා තමන් ට අභියෝග කිරීම ට කිසිවෙකුට ත් නොහැකි බව ත් පවසා තවදුරටත් කෝපයෙන් උන්වහන්සේ දෙස බලා අවමන් කොට පිටත් ව ගියේ ය. රාජ පුත්රයා පසුව තමා කළ අයහපත් ක්රියාව පිළිබඳ මහත් සේ සන්තාපයට පත්වූයෙන් ඔහුගේ ශරීරය පුරා ම මහත් දැවිල්ලක් හට ගත්තේ ය. ඉක්බිති එම දැවිල්ල හේතුවෙන් මරණයට පත් ව අවීචි මහා නිරයේ උපන්නේ ය.

තමා කළ පාප කර්මය අනුව දකුණු පසින් ද වම් පසින් ද උඩුකුරුව හා යටිකුරුව ඔබ මොබ පෙරළෙමින් වසර අසූ හාර දහසක් අවිචී මහා නිරයේ දුක් වින්දේ ය. අනතුරුව එයින් චුත ව ප්රේත ලෝකයෙහි ඉපිද සා පිපාසා දෙකින් බලවත් සේ පීඩිත ව බොහෝ කාලයක් අනන්ත වූ දුක් වේදනා වින්දේ ය. පසු කලෙක එයින් චුතව මේ බුද්ධෝත්පාද කාලයෙහි කුණ්ඩි නුවර එක්තරා ධීවර පවුලක උපන්නේ ය. අතීත භව සිහි කිරීමේ නුවණ පහළ වූ හෙයින් තමන් පෙර භවයන් හි විඳීන ලද විවිධ දුක් වේදනා නිසා පව් කිරීමෙහිලා ඔහු ට දැඩි බියක් ඇති විය. පවුලේ සෙසු සාමාජිකයන් ධීවර කටයුතුවල නිරතවෙද්දී ඔහු එය ට සහභාගී වීම පවා ප්රතික්ෂේප කළ හෙයින් මවුපියන් විසින් ඔහු පවුලෙන් පිටුවහල් කරන ලදි. එහෙත් ඔහුගේ එක් සොහොයුරෙක් පමණක් ඔහු කෙරෙහි සෙනෙහසින් යුක්ත විය.

පවුලේ රැකවරණය අහිමි වූ තරුණයා තැනින් තැන ඇවිදිමින් කාලය ගත කළේ ය. එක් දිනක් ආහාර ගන්නා වේලාවෙහි බුදුරදුන්ගේ අග්රෝපස්ථායක ආනන්ද තෙරුන්වහන්සේ වැඩ සිටින සානුවාසී පර්වතය බලා ගියේ ය. කුසගින්නේ පෙළෙමින් සිටි ඔහුට ආනන්ද තෙරුන් වහන්සේ ආහාර පානාදියෙන් සංග්රහ කළ හ. අනතුරුව උන්වහන්සේ ඔහු පිළිබඳ සියලු පුවත් විමසා දැනගෙන ඔහුට දහමින් ද සංග්රහ කළේ ය. දහම් ඇසීමෙන් පැහැදුණු තරුණයාගෙන් පැවිදිවන්නට කැමතිදැ යි විමසී ය. ඔහු ද පැවිදි වන්නට කැමැත්ත පළ කළේ ය.

අනතුරුව ආනන්ද තෙරණුවෝ ඔහු පැවිදි කොට බුදුන් වහන්සේ දැකීම සඳහා රැගෙන ගිය හ. පෙර සංසාරයේ පින් නොකළ හෙයින් වර්තමානයේ අල්ප ලාභී අයෙකු වන බව දුටු බුදුරජාණන් වහන්සේ අභිනවයෙන් පැවිදි වූ තැනැත්තාට භික්ෂූන්ගේ පරිභෝජනය සඳහා අවශ්ය ජලය රැස්කිරීමේ වතාවතෙහි නිරත වන ලෙස දැන්වූ හ. භික්ෂූන්ට අවශ්ය ජලය සපයා දීමෙන් වාතාවත් කළ සාමණේර භික්ෂුව කෙරෙහි පැහැදුණු ජනතාව උන්වහන්සේ ට සිව් පසයෙන් සංග්රහ කළ හ. සාමණේර භික්ෂුව පසු කලෙක උපසම්පදාව ලැබ ධර්මානුධර්ම ප්රතිපදාව වැඩීමෙන් නොබෝ කලකින් අර්හත්වයට පත්ව භික්ෂූන් දොළොස් නමක් සමඟ සානුවාසී පර්වතයෙහි වාසය කළේ ය. උන්වහන්සේගේ දෙමාපියන් ඇතුළු නෑයෝ පන්සියයක් පිරිස පෙර ආත්මයේ සිදුකළ විවිධ අකුශල කර්ම හේතුවෙන් ප්රේත ලෝකවල උප්පත්තිය ලැබූ හ.

සා පිපාසා දෙකින් පෙළෙමින් අපමණ දුක් විදින ඤාති ප්රේතයෝ කිසිවෙකුත් තම ඤාති භික්ෂුව සමීපයට යාම ට අකැමැති වූයේ තමන් විසින් පෙර භවයෙහි දී උන්වහන්සේ පවුලෙන් නෙරපීමේ වරද සිදු කළ නිස යි. මෙනිසා පෙර භවයෙහි සෙනෙහස දැක් වූ සොහොයුරා පමණක් උන්වහන්සේ වෙත යවා තමන් විඳින නොයෙක් දුක් වේදනා පිළිබඳ දැනුවත් කිරීම ට සැළස් වූ හ. ඒ අනුව සොහොයුරු ප්රේතයා ද උන්වහන්සේ වෙත ගොස් තම දෙමාපියන් ඇතුළු ඤාතීන් පෙර සිදුකළ විවිධ අකුසල් හේතුවෙන් ප්රේත ලෝකයේ ඉපිද අනේකවිධ දුක් වේදනා විඳින අයුරු ප්රකාශ කළේ ය.

අනතුරුව තමාගේ සැබෑ ස්වරූපය උන්වහන්සේට පෙනීමට සළස්වා ඤාතී පේත්රයන් වෙනුවෙන් පින් අනුමෝදන් කරන මෙන් ආයාචනා කළේ ය. ප්රේත ලෝකයේ ඉපිද දුක් විඳීන තම දෙමාපියන් ඇතුළු ඤාතීන් කෙරෙහි සානුකම්පිත වූ භික්ෂූව සෙසු දොළොස් නම සමඟ පිඩු සිඟා ගොස් ලත් ආහාර ඤාතීන් වෙනුවෙන් සංඝයා උදෙසා පූජා කොට එම පින් ඤාති ප්රේතයන් ට අනුමෝදන් කළහ. ආහාර පාන පමණක් නොව ඤාතී ප්රේතයන් උදෙසා පංශුකූල චීවරයක්ද කොළවලින් සෙවිලි කළ කුඩා කුටියක් ද පානීය ජලය ද පාවහන් යුගලක් ද සඟසතු කොට පූජා කළේ ය. පින් අනුමෝදන් වූ ඤාති ප්රේතයෝ ප්රේතාත්මයෙන් මිදී අනුරූපී විපාක වශයෙන් ආහාරපාන, වස්ත්ර, වාසස්ථාන, පැන් පොකුණු හා යානවාහන ද ලැබ සුවපත් වූහ. ඉක්බිති තෙරුන් වහන්සේ මෙම පුවත පිළිබඳ බුදුරජාණන් වහන්සේ ට දන්වා සිටිය හ.

බුදුරජාණන් වහන්සේ එය පදනම් කරගෙන රැස්ව සිටි පිරිසට ධර්ම දේශනාවක් කළ හ. මෙම පේත කථාවෙන් ආර්යෝපවාද අකුශල කර්මයේ බලවත් විපාක පැහැදිලි වේ. ස්වකීය රාජකීයත්වය නිසා උඩඟු වූ කිතවස්ස රාජ පුත්රයා පසේ බුදුරජාණන් වහන්සේට නිකරුණේ හිංසා පීඩා කළේ ය. උන්වහන්සේ පිඬු සිඟාගත් ආහාරය පමණක් නොව නැවත ආහාරයක් සොයා ගත නොහැකිවන පරිද්දෙන් පාත්රය ද පොළොවේ ගසා බිඳ දැමීය. මේ සියල්ල දෙස උන්වහන්සේ බලා සිටියේ මහත් උපේක්ෂාවෙන් ය. කෙලෙසුන් නැසූ වීතරාගී උතුමෙකු අභ්යන්තරයෙන් කොපමණ නිවී සැනසුණ කෙනෙක් ද යන්න මෙයින් පැහැදිලි වේ. වීතරාගී මුනිවරයෙකුගේ ස්වභාවය පසේ බුදුන්වහන්සේගේ හැසිරීමෙනුත් මානයෙන් මත්ව උන්මත්තකයෙකු ලෙස හැසිරෙන පුහුදුන් පුද්ගලයාගේ ස්වභාවය රාජ පුත්රයාගේ හැසිරීමෙනුත් මොනවට පැහැදිලි වේ.

සිතෙහි ආත්ම දෘෂ්ටිය තදින් බැසගන්නා තරම ට ම පුද්ගලයා තෘෂ්ණාවෙන් ද, මානයෙන් ද ආත්මාර්ථකාමී ආකල්ප වලින් ද කිලිටි වේ. ධනය හා බලය හේතුඵල සන්තතියකට අනුව පවතින එසේම වෙනස්වන ස්වභාවයෙන් යුක්ත ප්රපංචයක් ලෙස දකින තැනැත්තා උක්ත ආකල්පවලින් කිලිටි නොවේ. ආර්යෝපවාද අකුශලය අනුව මාර්ගඵල ලාභී උතුමන් ට කෙරෙන නින්දා අපහාස හා හිංසා පීඩන බලවත් විපාක සහිත ය. දැන හෝ නොදැන එැවනි උතුමන්ට කළ අකටයුත්තක් වෙතොත් අනිවාර්යයෙන්ම එයට සමාව ගත යුතු වේ. තෙරුවන් වන්දනාව අවසානයේ දී මෙන්ම භාවනාව ආරම්භයේ දී ත් එම චාරිත්රය අනුගමනය කිරීමෙන් අනන්ත සංසාරය තුළ තමා අතින් සිදු වූ එවැනි අකුශලයක් වෙතොත් එහි විපාක වළක්වාගත හැකි වේ. සිල්වතුන් සඳහා වතාවත් කිරීමෙන් ද පෙර තමා අතින් සිදු වූ ඇතැම් අකුසල විපාක බලරහිත කළ හැකි බව බුදුරදුන් විසින් භික්ෂූන්ගේ ප්රයෝජනය පිණිස දිය ඇද පුරවන මෙන් සානුවාසී සාමණේරයන්ට නියෝග කිරීමෙන් සනාථ වේ. ඇතැම් විටෙක කෙනෙකුගේ යහපත් ප්රතිපත්ති හා සාධු ගුණයන්ට එරෙහිව නැගෙන විරෝධතා ස්වකීය පවුලෙන් ම ආරම්භ විය හැකි ය.

පෙර අකුසල් කොට නොයෙක් දුක්විඳ මේ භවයේ දී යහපත් අයෙකු වූ තරුණයාගේ පිළිවෙත්වලට ඔහුගේ දෙමාපියන් මෙන් ම ඤාතීන් ද විරුද්ධ විය. එය කොතරම් ප්රබල ද යනු ඔහුට නිවසින් පවා පිටව යාමට සිදු විය. මෙයින් පැහැදිලි වන්නේ යහපත් පිළිවෙත් අනුගමනය කිරීමේ ඇති දුෂ්කරතාවයි. ධම්මපදයේ දැක්වෙන පරිදි තමාගේ අයහපත පිණිස පවතින දෑ කිරීම ඉතා පහසුය (සුකරානි අසාධූනි). එහෙත් තමාගේ හිත පිණිස පවතින දෑ කිරීම අතිශය දුෂ්කර ය. එසේ ම සත්පුරුෂයාට යහපත් දෑ කිරිම පහසුය (සුකරං සාධුනා සාධු) . එහෙත් අසත්පුරුෂයාට යහපත් දෑ කළ නො හැකි ය. (සාධු පාපෙන දුක්කරං) පවිටු පුද්ගලයාට පව් කිරිම පහසුය. ( පාපං පාපෙන සුකරං) ආර්යයන්ට කිසිවිටෙකත් පව් කළ නොහැකිය. (පාපමරියෙහි දුක්කරං) යනුවෙන් උදාන පාලියේ සඳහන් වේ. කල්යාණ මිත්රයන්ගේ ඇසුර ලද සැනින් අපායෙන් හා දුගතියෙන් මිදී අර්හත්වය සාක්ෂාත්කළ හැකි බව මෙම කථාවෙන් තවදුරටත් සානාථ වේ. එයින් තමාට පමණක් නොව ලොවටම යහපත උදාකළ හැකිබව මෙම කථාවෙහි එන සානුවාසී තෙරුන්ගේ චරිතයෙන් පැහැදිලි වේ.

[QUOTE="asliyanage, post: 26671438, member: 8764"] බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි ආයුෂ්මත් සානුවාසී තෙරුන්ගේ ඤාති ප්රේතයෙකු අරභයා මෙම පේත කථාව දේශනා කළහ. අතීතයේ බරණැස් නුවර කිතවස්ස නම් රජුගේ පුත්රයා එක් දිනක උද්යාන ක්රීඩාවේ නිරතව එයින් පිටව යන අවස්ථාවෙහි සුනෙත්ත නම් පසේ බුදුරජාණන් වහන්සේ පිඬු පිණිස හැසිර නගරයෙන් නික්ම යනු දැක උන්වහන්සේ වෙත ගොස් ඇතු පිටින් බැස තමන් වැනි රාජකීය කුමාරයෙකුට ගරු සරු නොදක්වා නික්ම යාම හේතුවෙන් කෝපයට පත් ව පිණ්ඩපාත පාත්රය උදුරාගෙන එය පොළොවේ ගසා බිඳ දැම්මේ ය. අටලෝ දහමින් කිසි විටෙකත් කම්පා නොවන පසේ බුදුන් වහන්සේ ඉතා කරුණාවෙන් ඔහු දෙස බැලු හ. එයින් ද තවදුරටත් කෝපයට පත් රාජ පුත්රයා තමා අසවල් රජුගේ පුත්රයා බව ත් එනිසා තමන් ට අභියෝග කිරීම ට කිසිවෙකුට ත් නොහැකි බව ත් පවසා තවදුරටත් කෝපයෙන් උන්වහන්සේ දෙස බලා අවමන් කොට පිටත් ව ගියේ ය. රාජ පුත්රයා පසුව තමා කළ අයහපත් ක්රියාව පිළිබඳ මහත් සේ සන්තාපයට පත්වූයෙන් ඔහුගේ ශරීරය පුරා ම මහත් දැවිල්ලක් හට ගත්තේ ය. ඉක්බිති එම දැවිල්ල හේතුවෙන් මරණයට පත් ව අවීචි මහා නිරයේ උපන්නේ ය. තමා කළ පාප කර්මය අනුව දකුණු පසින් ද වම් පසින් ද උඩුකුරුව හා යටිකුරුව ඔබ මොබ පෙරළෙමින් වසර අසූ හාර දහසක් අවිචී මහා නිරයේ දුක් වින්දේ ය. අනතුරුව එයින් චුත ව ප්රේත ලෝකයෙහි ඉපිද සා පිපාසා දෙකින් බලවත් සේ පීඩිත ව බොහෝ කාලයක් අනන්ත වූ දුක් වේදනා වින්දේ ය. පසු කලෙක එයින් චුතව මේ බුද්ධෝත්පාද කාලයෙහි කුණ්ඩි නුවර එක්තරා ධීවර පවුලක උපන්නේ ය. අතීත භව සිහි කිරීමේ නුවණ පහළ වූ හෙයින් තමන් පෙර භවයන් හි විඳීන ලද විවිධ දුක් වේදනා නිසා පව් කිරීමෙහිලා ඔහු ට දැඩි බියක් ඇති විය. පවුලේ සෙසු සාමාජිකයන් ධීවර කටයුතුවල නිරතවෙද්දී ඔහු එය ට සහභාගී වීම පවා ප්රතික්ෂේප කළ හෙයින් මවුපියන් විසින් ඔහු පවුලෙන් පිටුවහල් කරන ලදි. එහෙත් ඔහුගේ එක් සොහොයුරෙක් පමණක් ඔහු කෙරෙහි සෙනෙහසින් යුක්ත විය. පවුලේ රැකවරණය අහිමි වූ තරුණයා තැනින් තැන ඇවිදිමින් කාලය ගත කළේ ය. එක් දිනක් ආහාර ගන්නා වේලාවෙහි බුදුරදුන්ගේ අග්රෝපස්ථායක ආනන්ද තෙරුන්වහන්සේ වැඩ සිටින සානුවාසී පර්වතය බලා ගියේ ය. කුසගින්නේ පෙළෙමින් සිටි ඔහුට ආනන්ද තෙරුන් වහන්සේ ආහාර පානාදියෙන් සංග්රහ කළ හ. අනතුරුව උන්වහන්සේ ඔහු පිළිබඳ සියලු පුවත් විමසා දැනගෙන ඔහුට දහමින් ද සංග්රහ කළේ ය. දහම් ඇසීමෙන් පැහැදුණු තරුණයාගෙන් පැවිදිවන්නට කැමතිදැ යි විමසී ය. ඔහු ද පැවිදි වන්නට කැමැත්ත පළ කළේ ය. අනතුරුව ආනන්ද තෙරණුවෝ ඔහු පැවිදි කොට බුදුන් වහන්සේ දැකීම සඳහා රැගෙන ගිය හ. පෙර සංසාරයේ පින් නොකළ හෙයින් වර්තමානයේ අල්ප ලාභී අයෙකු වන බව දුටු බුදුරජාණන් වහන්සේ අභිනවයෙන් පැවිදි වූ තැනැත්තාට භික්ෂූන්ගේ පරිභෝජනය සඳහා අවශ්ය ජලය රැස්කිරීමේ වතාවතෙහි නිරත වන ලෙස දැන්වූ හ. භික්ෂූන්ට අවශ්ය ජලය සපයා දීමෙන් වාතාවත් කළ සාමණේර භික්ෂුව කෙරෙහි පැහැදුණු ජනතාව උන්වහන්සේ ට සිව් පසයෙන් සංග්රහ කළ හ. සාමණේර භික්ෂුව පසු කලෙක උපසම්පදාව ලැබ ධර්මානුධර්ම ප්රතිපදාව වැඩීමෙන් නොබෝ කලකින් අර්හත්වයට පත්ව භික්ෂූන් දොළොස් නමක් සමඟ සානුවාසී පර්වතයෙහි වාසය කළේ ය. උන්වහන්සේගේ දෙමාපියන් ඇතුළු නෑයෝ පන්සියයක් පිරිස පෙර ආත්මයේ සිදුකළ විවිධ අකුශල කර්ම හේතුවෙන් ප්රේත ලෝකවල උප්පත්තිය ලැබූ හ. සා පිපාසා දෙකින් පෙළෙමින් අපමණ දුක් විදින ඤාති ප්රේතයෝ කිසිවෙකුත් තම ඤාති භික්ෂුව සමීපයට යාම ට අකැමැති වූයේ තමන් විසින් පෙර භවයෙහි දී උන්වහන්සේ පවුලෙන් නෙරපීමේ වරද සිදු කළ නිස යි. මෙනිසා පෙර භවයෙහි සෙනෙහස දැක් වූ සොහොයුරා පමණක් උන්වහන්සේ වෙත යවා තමන් විඳින නොයෙක් දුක් වේදනා පිළිබඳ දැනුවත් කිරීම ට සැළස් වූ හ. ඒ අනුව සොහොයුරු ප්රේතයා ද උන්වහන්සේ වෙත ගොස් තම දෙමාපියන් ඇතුළු ඤාතීන් පෙර සිදුකළ විවිධ අකුසල් හේතුවෙන් ප්රේත ලෝකයේ ඉපිද අනේකවිධ දුක් වේදනා විඳින අයුරු ප්රකාශ කළේ ය. අනතුරුව තමාගේ සැබෑ ස්වරූපය උන්වහන්සේට පෙනීමට සළස්වා ඤාතී පේත්රයන් වෙනුවෙන් පින් අනුමෝදන් කරන මෙන් ආයාචනා කළේ ය. ප්රේත ලෝකයේ ඉපිද දුක් විඳීන තම දෙමාපියන් ඇතුළු ඤාතීන් කෙරෙහි සානුකම්පිත වූ භික්ෂූව සෙසු දොළොස් නම සමඟ පිඩු සිඟා ගොස් ලත් ආහාර ඤාතීන් වෙනුවෙන් සංඝයා උදෙසා පූජා කොට එම පින් ඤාති ප්රේතයන් ට අනුමෝදන් කළහ. ආහාර පාන පමණක් නොව ඤාතී ප්රේතයන් උදෙසා පංශුකූල චීවරයක්ද කොළවලින් සෙවිලි කළ කුඩා කුටියක් ද පානීය ජලය ද පාවහන් යුගලක් ද සඟසතු කොට පූජා කළේ ය. පින් අනුමෝදන් වූ ඤාති ප්රේතයෝ ප්රේතාත්මයෙන් මිදී අනුරූපී විපාක වශයෙන් ආහාරපාන, වස්ත්ර, වාසස්ථාන, පැන් පොකුණු හා යානවාහන ද ලැබ සුවපත් වූහ. ඉක්බිති තෙරුන් වහන්සේ මෙම පුවත පිළිබඳ බුදුරජාණන් වහන්සේ ට දන්වා සිටිය හ. බුදුරජාණන් වහන්සේ එය පදනම් කරගෙන රැස්ව සිටි පිරිසට ධර්ම දේශනාවක් කළ හ. මෙම පේත කථාවෙන් ආර්යෝපවාද අකුශල කර්මයේ බලවත් විපාක පැහැදිලි වේ. ස්වකීය රාජකීයත්වය නිසා උඩඟු වූ කිතවස්ස රාජ පුත්රයා පසේ බුදුරජාණන් වහන්සේට නිකරුණේ හිංසා පීඩා කළේ ය. උන්වහන්සේ පිඬු සිඟාගත් ආහාරය පමණක් නොව නැවත ආහාරයක් සොයා ගත නොහැකිවන පරිද්දෙන් පාත්රය ද පොළොවේ ගසා බිඳ දැමීය. මේ සියල්ල දෙස උන්වහන්සේ බලා සිටියේ මහත් උපේක්ෂාවෙන් ය. කෙලෙසුන් නැසූ වීතරාගී උතුමෙකු අභ්යන්තරයෙන් කොපමණ නිවී සැනසුණ කෙනෙක් ද යන්න මෙයින් පැහැදිලි වේ. වීතරාගී මුනිවරයෙකුගේ ස්වභාවය පසේ බුදුන්වහන්සේගේ හැසිරීමෙනුත් මානයෙන් මත්ව උන්මත්තකයෙකු ලෙස හැසිරෙන පුහුදුන් පුද්ගලයාගේ ස්වභාවය රාජ පුත්රයාගේ හැසිරීමෙනුත් මොනවට පැහැදිලි වේ. සිතෙහි ආත්ම දෘෂ්ටිය තදින් බැසගන්නා තරම ට ම පුද්ගලයා තෘෂ්ණාවෙන් ද, මානයෙන් ද ආත්මාර්ථකාමී ආකල්ප වලින් ද කිලිටි වේ. ධනය හා බලය හේතුඵල සන්තතියකට අනුව පවතින එසේම වෙනස්වන ස්වභාවයෙන් යුක්ත ප්රපංචයක් ලෙස දකින තැනැත්තා උක්ත ආකල්පවලින් කිලිටි නොවේ. ආර්යෝපවාද අකුශලය අනුව මාර්ගඵල ලාභී උතුමන් ට කෙරෙන නින්දා අපහාස හා හිංසා පීඩන බලවත් විපාක සහිත ය. දැන හෝ නොදැන එැවනි උතුමන්ට කළ අකටයුත්තක් වෙතොත් අනිවාර්යයෙන්ම එයට සමාව ගත යුතු වේ. තෙරුවන් වන්දනාව අවසානයේ දී මෙන්ම භාවනාව ආරම්භයේ දී ත් එම චාරිත්රය අනුගමනය කිරීමෙන් අනන්ත සංසාරය තුළ තමා අතින් සිදු වූ එවැනි අකුශලයක් වෙතොත් එහි විපාක වළක්වාගත හැකි වේ. සිල්වතුන් සඳහා වතාවත් කිරීමෙන් ද පෙර තමා අතින් සිදු වූ ඇතැම් අකුසල විපාක බලරහිත කළ හැකි බව බුදුරදුන් විසින් භික්ෂූන්ගේ ප්රයෝජනය පිණිස දිය ඇද පුරවන මෙන් සානුවාසී සාමණේරයන්ට නියෝග කිරීමෙන් සනාථ වේ. ඇතැම් විටෙක කෙනෙකුගේ යහපත් ප්රතිපත්ති හා සාධු ගුණයන්ට එරෙහිව නැගෙන විරෝධතා ස්වකීය පවුලෙන් ම ආරම්භ විය හැකි ය. පෙර අකුසල් කොට නොයෙක් දුක්විඳ මේ භවයේ දී යහපත් අයෙකු වූ තරුණයාගේ පිළිවෙත්වලට ඔහුගේ දෙමාපියන් මෙන් ම ඤාතීන් ද විරුද්ධ විය. එය කොතරම් ප්රබල ද යනු ඔහුට නිවසින් පවා පිටව යාමට සිදු විය. මෙයින් පැහැදිලි වන්නේ යහපත් පිළිවෙත් අනුගමනය කිරීමේ ඇති දුෂ්කරතාවයි. ධම්මපදයේ දැක්වෙන පරිදි තමාගේ අයහපත පිණිස පවතින දෑ කිරීම ඉතා පහසුය (සුකරානි අසාධූනි). එහෙත් තමාගේ හිත පිණිස පවතින දෑ කිරීම අතිශය දුෂ්කර ය. එසේ ම සත්පුරුෂයාට යහපත් දෑ කිරිම පහසුය (සුකරං සාධුනා සාධු) . එහෙත් අසත්පුරුෂයාට යහපත් දෑ කළ නො හැකි ය. (සාධු පාපෙන දුක්කරං) පවිටු පුද්ගලයාට පව් කිරිම පහසුය. ( පාපං පාපෙන සුකරං) ආර්යයන්ට කිසිවිටෙකත් පව් කළ නොහැකිය. (පාපමරියෙහි දුක්කරං) යනුවෙන් උදාන පාලියේ සඳහන් වේ. කල්යාණ මිත්රයන්ගේ ඇසුර ලද සැනින් අපායෙන් හා දුගතියෙන් මිදී අර්හත්වය සාක්ෂාත්කළ හැකි බව මෙම කථාවෙන් තවදුරටත් සානාථ වේ. එයින් තමාට පමණක් නොව ලොවටම යහපත උදාකළ හැකිබව මෙම කථාවෙහි එන සානුවාසී තෙරුන්ගේ චරිතයෙන් පැහැදිලි වේ. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom