ආලෝක කසිණය වඩන්න පාවිච්චි කරහැකි ටෝච් එකක් හොයාගන්ඩ ඕන

Freereload

Well-known member
  • Feb 13, 2019
    778
    310
    63
    බිත්තියකට ඇල්ලුවම තනි රවුමක් පේන්ඩ ඕන..මගෙ ගාව තියෙන එක බිත්තියට ඇල්ලුවම මැද තද ලයිට් ස්පොට් එකක් හිටිනව..එහෙම නැතුව රවුමෙම එලිය සමාන වෙන්ඩ ඕන..මොකක්ද මේකට හරියන ටෝච් එක
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,714
    2,157
    113

    මේ මගේ අලුත් acc එක.

    ආලෝක කසිණයෙහි වනාහි “ආලොකං උග්ගණ්හන්තො ආලොකස්මිං නිමිත්තං ගණ්හාති භිත්තිච්ඡිද්දෙ වා තාලච්ඡිද්දෙ වා වාතපානන්තරිකාය වා” ‘ආලෝක කසිණය උගන්නේ ආලෝකයෙහි එනම් භිත්ති සිදුරෙහි හෝ කෙසි සිදුරෙහි හෝ කවුළු අතරින් හෝ නිමිත්ත ගන්නේ ය’ කී හෙයින් කෘතාධිකාර පින්වතුනට භිත්ති සිදුරු ආදීන් අතරෙන් කිසිවකින් හිරු එළිය හෝ සඳපහන හෝ වැදී භිත්තියෙහි හෝ භූමියෙහි හෝ නැඟෙන මණ්ඩලය දැක්මෙන් නිමිත්ත උපදනේ ය. අකෘතාධිකාර විසිනු ද එබඳු වූ ම ආලෝක මණ්ඩලය “ඔහාසො ඔහාසො” යි හෝ “ආලොකො - ආලොකො” යි හෝ භාවනා කට යුතු. එසේ නිමිත්ත උපදවා ගන්නට නො හැකි අය විසින් කළයෙක පහනක් දල්වා එහි කට වසා එහි පසෙක සිදුරක් කොටැ භිත්තියට අභිමුඛ කොටැ තැබිය යුතු. ඒ සිදුරින් පහන් එළිය නික්මැ භිත්තියෙහි මණ්ඩලයක් කෙරෙයි. ඒ බලා “ආලෝකො-ආලෝකො”යි භාවනා කළ යුතු. මේ වනාහි මුල දැක්වුණු නිමිත්තයනට වඩා චිරස්ථායී ය. මෙහි උද්ග්‍ර‍හනිමිත්ත භිත්තියෙහි හෝ භූමියෙහි හෝ නැඟුනු මණ්ඩලය බඳු ය. ප්‍ර‍තිභාග නිමිත්ත ඝන ප්‍ර‍සන්න ආලෝක පුඤ්ජයක් බඳු යි. සෙස්ස යට කී නියා මැ යි.
     
    Man kalayak athule pahanak thiyala hadagena thibune..amma eka wisikarala 😑😑anika eka karadarai..patthu karanda ehema..ekai hariyana torch ekak baluwe
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,974
    1
    6,847

    කසිණ වඩන්න කලින් ආනාපනසතිය වඩලා ධ්‍යාන මට්ටම ට වත් එන්න ඕනි කියලා තමා recommend කරන්නේ ...

    ධ්‍යාන මට්ටමට ආවද 👀
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810

    එහෙම කොහෙද තියෙන්නේ?
    දස කසිනයෙන් ධ්‍යාන 4ම ලබන්න පුළුවන්.

    කර්මස්ථාන 40 එකින් ඕනම සුදුසු එකකින් ගොඩ යන්න පුළුවන්. එකකට එකක් ස්වායත්තයි.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,974
    1
    6,847
    113
    එහෙම කොහෙද තියෙන්නේ?
    දස කසිනයෙන් ධ්‍යාන 4ම ලබන්න පුළුවන්.

    කර්මස්ථාන 40 එකින් ඕනම සුදුසු එකකින් ගොඩ යන්න පුළුවන්. එකකට එකක් ස්වායත්තයි.
    මම කතා කරන්නේ Theory නෙවේ dear, Pragmatic approach එක ...
    ආනාපානසති + කසින මේ සේරගම මොකක්ද අරමුණ

    " චිත්ත ඒකාග්‍රතාව "

    ආනාපානසතිය තමයි චිත්ත ඒකාග්‍රතාවය වඩන්න තියෙන හොඳම අභ්‍යාසය. ගොඩක් යෝගාවචරයෙන් recommend කරනවා ආනාපානසතිය වඩා යම් මට්ටමකට ආ පසු ( ධ්‍යාන හෝ සමාධි ) කසින භාවනා ක්‍රම වලට එළඹෙන්න කියා.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    මම කතා කරන්නේ Theory නෙවේ dear, Pragmatic approach එක ...
    ආනාපානසති + කසින මේ සේරගම මොකක්ද අරමුණ

    " චිත්ත ඒකාග්‍රතාව "

    ආනාපානසතිය තමයි චිත්ත ඒකාග්‍රතාවය වඩන්න තියෙන හොඳම අභ්‍යාසය. ගොඩක් යෝගාවචරයෙන් recommend කරනවා ආනාපානසතිය වඩා යම් මට්ටමකට ආ පසු ( ධ්‍යාන හෝ සමාධි ) කසින භාවනා ක්‍රම වලට එළඹෙන්න කියා.

    හැම චරිතයකටම ආනාපානාසතිය හරියන්නේ නැති නිසා නේ කමටහන් බලලා සුදුසු එක දෙන්නේ. මතක විදියට රාහුලටත් මුලින්ම දුන්නෙ ඨාතු කසින භාවනා. පුද්ගලයා අනුව වෙනස්.
     
    • Like
    Reactions: Yeezus

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,714
    2,157
    113
    Man kalayak athule pahanak thiyala hadagena thibune..amma eka wisikarala 😑😑anika eka karadarai..patthu karanda ehema..ekai hariyana torch ekak baluwe

    torch එකත් ගන්න පුලුවන් වෙයි. ඔයා හොයනවා වගේ, එකම intensity එකකින් ආලෝකය එකම රවුමක් ඇතුලේ පැතිරිලා තියෙන torch එකක් ගන්න වෙයි.

    anyway, ඇයි ආලෝක කසිනයම තෝරගත්තේ?