"ආවා" කල්ලියට LTTE සම්බන්ධයක් හෙළි වෙයි

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    "ආවා" කල්ලියට LTTE සම්බන්ධයක් හෙළි වෙයි

    විදේශගතව සිටින එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව යළි එල්.ටී.ටී.ඊ.ය ප්‍රතිසංවිධානය කිරීමේ අරමුණින් උතුරේ "ආවා" කල්ලිය පිහිටුවා ගෙන ඇති බවත් හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජික නල්ලලිංගම් ප්‍රසන්න නොහොත් "සන්නා" එහි නායකයා බවටත් තොරතුරු අනාවරණය කරගත් බවට කොළඹ ත්‍රස්ත විමර්ශන අංශය ඊයේ (11) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය ‍වෙත දැනුම් දී තිබේ. ත්‍රස්ත විමර්ශන ඒකකය අත්අඩංගුවට ගනු ලැබූ "ආවා" කල්ලියේ තවත් සැකකරුවන් 5 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කරමින් විමර්ශන ඒකකය මේ බව දැනුම් දී ඇත. කොකුවිල යාපනය පදිංචි නල්ලලිංගම් ශර්මිරන් නැමැති සැකකරු ඉකුත් 7 වැනි දින අත්අඩංගුවට ගෙන පැය 72ක කාලයක් ත්‍රස්ත විමර්ශන අංශයේ රඳවා තබා ගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
    සැකකරු රඳවා ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ "ආවා" කල්ලිය විදේශගතව සිටින එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ගේ උපදෙස් මත උතුරු ප්‍රදේශයේ "ආවා ගෲප්" නිමන් පිහිටුවා ගත් බවත් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව එවන මුදල් මඟින් වෑන් රථ පවා මිලදී ගෙන ඇති බවත් ය.
    මෙම සැකකරුවන් ද්‍රවිඩ චිත්‍රපට බලමින් එහි ඇති ආකාරයේ කිනිසි, කඩු මඟින් පහරදීමට පුහුණුව ලබාගෙන ඇති බව ද ත්‍රස්ත විමර්ශන ඒකකය අධිකරණය වෙත කරුණු වාර්තා කැර තිබේ.
    රවින්ද්‍රන් නිදර්ශන් නොහොත් පාක්කු, ලෝගනාදන් දර්ශිකන්, මහාදේවන් කන්දකරන් හා රවින්ද්‍රන් නිලුෂන් යන සැකකරුවන් මෙවර අපොස උ.පෙ. හා සා.පෙළ පෙනී සිටීමට නියමිත මෙන්ම පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින අය බවට අධිකරණයට කරුණු අනාවරණය කර ඇත.
    ‍‍මොවුන් සතුව තිබී කැති, කඩු සහ wpps 9478 ටොයෝටා කේ.ඩී.එච්. වෑන් රථයක්ද ත්‍රස්ත ඒකකය අත්අඩංගුවට ගෙන තිබේ.
    දැනට අධිකරණය වෙත සැකකරුවන් 11 දෙනකු ඉදිරිපත් කැර ඇති අතර සියලු සැකකරුවන් මේ මස 16 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කැර ඇත.




    මුලාශ්‍ර LANKATRUTH