ආවා මචං තව අලුත් අවුරුද්දක්...!

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආවා මචං තව අලුත් අවුරුද්දක්...!

    1711301373d7258d91ea8cfa6a0e55fd1264ce72.jpg


    Choice එක තව චාටර් වුණොත් Life එක අනිවා අමාරු තරඟයක්
    සිරාවට මොකෙක්වත් එන එකක් නෑ ගහන්නට කිසිම ගේමක්
    ගෙවුණා මචං හෙණ කාලයක් විවේකයක් නම් නොමැතිව එක් මොහොතක්
    එනමුත් මියැදෙන්නට පෙර උඹත් මමත් කම්පනය කරවා අපේ මිතුරු දම්
    වැදූ දේශයේ ණය ගෙවිය යුතුයි අතනෑර එක මොහොතක්
    ආවා මචං ඒකට තව අලුත් අවුරුද්දක්..

    කතා කළොත් නම් ඔය වගේ හොඳ දෙයක්
    තූ නොදකින් හැමෝටම බැරිය රාජකාරි එක්කත්
    ඉන්නෙ නෑලු ලංකාවෙ නම්
    නොපතන් ලූ කවදාවත් ලංකාව නම්
    රටේ නැති ලෙඩ දුක් කම්කටොලු සනීපත් නැත අසනීපකම්
    අනික Exam නෙව හැමදාම ළමයින්ටත්
    හොයා අර ගන්නකොට අන්තිමට ඉතිං කන බොන දේත්
    මනුස්සකම් වලට කොහෙදෑ ලොකු අයියෙ එක මොහොතක්
    හැබැයි මචං හොද මදි වෙන්න කලියෙන් මේ යන ක්‍රමයෙ තව තවත්
    ගසා පලයන් සුළඟේ අමනුස්සකම් වත් නොසිට ළඟ පාතක්
    ආවා මචං තව අලුත් අවුරුද්දක්..

    ඒ වගේමත්, තවත් අමතක නොකළ යුතුවේ ඉදිරියටත්
    ගල්, මුල්, ගොන් පාට් දස දහසක් මැද වුවත් ඉවසා වදාරා වැඩ කළ නිසාවෙන් යන්නම්
    ලැබූ ජයග්‍රහණ අපමණයි බුදු අම්මේ පහුගිය කාලය පුරාවට කියන එකත්
    ඒ නිසා පැමිණි මඟ ඉඳිරියටම යනු මිසක්
    ආපසු හැරෙන්නේ මක් නිසාද යත්‍..?
    ආවා මචං තව අලුත් අවුරුද්දක්

    මහ පාරෙදිත් - කම්හල් අතරෙත් - ගෙවල් තුලදීත්
    කොටින්ම පන්සල් පල්ලි කෝවිල්වල පවා පිටදීත් ඇතුළතදීත්
    දවස් තුන්සිය හැටපහක් එක එකා කකුලෙන් අඳිමින් ගහමරා ගනිමින් සිටියදීත්
    අනේ ඉතින් ඉන්නකම් නොව ඔය සේරම කෙළි නේද යත්
    කියලා කරබාගෙන ඉන්නවුන් නම් වෙනස් වෙයි දෝ සැකයි මේ වසරෙදීත්
    හැබැයි උන්ටත් ආවා මචං තව අලුත් අවුරුද්දක්..

    එකම ආතල් වල හිටියා හැත්තෑ ගණන්වල ඉඳලා පට්ටම කාලයක්
    තේරුම් ගත යුතුයි එක් දෙයක් මොන මගුලක් කළත්
    කාලය නම් ගෙවෙන්නේ මචං ලොකු පොඩි නැතුව හැමෝටම ලෙසින් එක්
    හැබැයි පීචං වැඩවලින් ලල් ගන්න ගොඩ දෙනෙක්
    බලා ඉන්නවා මේ අලුත් දින තුන්සිය හැටපහෙන් අන්දන්නෙ කාවද කියා ඉතින්
    එයාලටත් ආවා නොවැ මචං තව අලුත් අවුරුද්දක්..

    මොකටද මේ වගේ එක එකා එක්ක ඇන්දිලි අමනාපකම් ගොන්කම්
    බෙදා ගන්නට ඇති නොවෙද ලොකු අයියේ කප්පරක් හොඳකම්
    අලුතින් හිතමු, හදාගමු සිදුවූ අත්වැරදි, වෙනස් වෙමු කරන්නට හොඳ දෙයක්
    එළඹෙන නව වසරෙ දී වත්
    නැත් නම් අප සියලු දෙනා පීචං පොරවල් මිස නෑ නොවා මචං එළ කිරි මිනිසත්කම්
    ආවා ඒකට තව අලුත් අවුරුද්දක්..

    බෙදා ගනු ලබන මනුසත්කම් සමඟ රාජකාරී ඇතුලු අනෙක් ගෙදර වැඩ කටයුතුත්
    වාසි වී දියුණු වනු පිණිස මුළු ලංකාවම පවුල් ජීවිතත් සිතනුයේ නම් එක මොහොතක්
    හොයන්නට සිදුවේය තියෙන පළමුවෙනි එකට වඩා වැඩි යමක්
    කොටින්ම 2nd Choice එකක් මචං
    හිතනව නම් පටන් ගන්නත් ඔන්න
    වෙලාවට ආවා තව අලුත් අවුරුද්දක් මචං..

    ඒ අදිටන එක එකා කරනු පිණිස නව වසරෙදී යථාවක්
    බොක්කෙන් සෙට් වෙන පට්ටම ශ්‍රී ලාංකික මිනිසුන්
    අපේ ටෝකට අනුව උන් සිරාම බුලට්
    දෙස බලා සෙත් පතමි 2013 අවුරුද්දේ උන්ගෙ ලල් එක වෙනුවෙන්
    ආවඩා ආයුබෝ වේවා උඹලාට
    අවුරුදු එකසිය විස්සට දෙසිය විස්සක්
    කොටින්ම ආවා තව අලුත් අවුරුද්දක්.
    අපි ගමු මචං අලුත් ලල් එකක්.....!


    [FONT=&quot]-දිමුතු පරාක්‍රම ලියනගේ-[/FONT]
     
    • Like
    Reactions: s.a.s and jisa

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    happy new year bro..

    ගසා පලයන් සුළඟේ අමනුස්සකම් වත් නොසිට ළඟ පාතක්
    ++++