ආශ්චර්ය බොලව්!!!

sl-memes

Member
Apr 18, 2014
317
24
0
ආශ්චර්ය බොලව්!!!

අඩි පන්දාහක් උඩසිට වැටුණත් ගුවන් සෙබලා බේරිලා

සංදර්ශනයක් සඳහා වන ගුවන් අභ්‍යාසයකට එක්වූ ගුවන් හමුදා භටයෙකු අඩි 5000ක් ඉහළ අහසේ සිට පැරෂූටයෙන් පැන්න පිම්ම වැරදී ගොස් බිමට වැටීදිවි ගලවාගත් අසාමාන්‍ය පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පේරු රාජ්‍යයේ ඇරකිපා ප්‍රදේශයෙන් පැවැති අභ්‍යාසයකදී ආර්නුල්ෆෝ ගමාරා නමැතිගුවන් හමුදා භටයා මෙම අසාමාන්‍ය අත්දැකීමට මුහුණ දී තිබේ.
parachute1අඩි 5000ට ඉහළ අතසේ සිට පැරෂූටය ආධාරයෙන් ඔහු බිමට පැන ඇති නමුත් අවාසනාවට පැරෂූටය දිගහැරී නැති අතර පැරෂුටයේ රැහැන් ඔහුගේ බෙල්ලෙහි එතී ගෙළ සිරවී සිහිසුන්ව සිට ඇත.
ක්‍රියාත්මක නොවූ පැරෂූටයද සමඟ ඔහු බිමට වැටී ඇති නමුත් සුළු වළලුකර ආබාධයක් හැරුණුකොට අන් අනතුරක් වී නැතැයි පැවසේ. “ඔහු දිවි ගලවා ගැනීම එහෙම පිටින්ම ආශ්චර්යයක්”යැයි වෛද්‍යවරු පවසති.
 

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මැරෙන්න උනත් හරි වෙලාව එන්න ඕන බන්.ප්ලේන් කඩන් වැටිලා ඕන තරම් මිනිස්සු බේරෙන්නේ.තට්ටු දෙකෙන් පැනලා මිනිස්සු මැරෙන්නේ.එහෙම තමා.
     

    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24
    0
    මැරෙන්න උනත් හරි වෙලාව එන්න ඕන බන්.ප්ලේන් කඩන් වැටිලා ඕන තරම් මිනිස්සු බේරෙන්නේ.තට්ටු දෙකෙන් පැනලා මිනිස්සු මැරෙන්නේ.එහෙම තමා.

    :baffled: