ආසන්නතා පදනම මත ළමයා පාසලකට දැමීම.....

sricreation

Junior member
  • Mar 23, 2017
    286
    8
    18
    ආසන්නතා පදනම මත ළමයා පාසලකට දැමීම.....

    ළමයා පළමු වසරට පාසලකට දාන්න, පියා ගේ නමට ගෙදර ඔප්පුව තියෙන්න ඕනෙද ? අපි කාලයක් තිස්සේ පදිංචිවෙලා ඉන්න ගෙදර සහෝදරයාගේ නමටයි ඔප්පුව තියෙන්නේ. චන්ද නාමලේකනයේ අපේ නම් තියෙන්නේ ඒ නිවසටමයි..

    නමුත් ගොඩක් දෙනා කියන්නේ තමන්ගේ නමට ඔප්පුව නැත්නම් ආසන්නතා පදනම මත ළමයා පාසලට දාගන්න මුලික ලකුණු ප්‍රමාණය ගන්න බෑ කියලයි...

    පාසලට තියෙන්නේ 600 මීටර් වගේ දුරක්...

    මේ ගැන දාන්න අය උදව් කරන්න...

    ස්තුතියි....

    ( මම මැරී කරලා අවුරුද්දකුත් නැ. තාම ළමයි නම් නැ නමුත් සුදානම් ශරිරේ කෝකටත් හොදයි කියනවනේ
    එකයි පොස්ට් එක දැම්මේ )

    මම වගේම තවත් අය ඇති .. දැනට හරි ඉස්සරහට හරි ඔය ප්‍රශ්නෙට මුණ දෙන්න වෙන..
     
    Last edited:
    • Like
    Reactions: Boomslang

    Harry Poter

    Active member
  • Apr 28, 2016
    226
    116
    43
    මම දන්න තරමින්නම් මචං තමන්ගේ පදිංචිය සනාථ කරන්න පුළුවන් චන්ද හිමි නාම ලේඛනයෙන්. ඉතින් උඹටත් පුලුවන්නම් මේ විදිහට පදිංචිය සනාථ කරන්න ඔප්පුව ඕන වෙන්නේ නැනේ.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    එහෙම නම් අවශ්‍ය නැ බං. අවුරුදු 5ක් එම ප්‍රදේශයේ පදිංචි වෙලා හිටියා නම් හරි. ඒක ඔප්පු කරන්න සාක්ෂි තමයි ඡන්ද ලේඛනයේ අවුරුදු 5ක් නම තියෙන්න ඔ්න කියන්නේ.
    ඔ්න තරම් මම දන්න අය ඒ විදියට ළමයා ඉස්කෝලේ දාගන්න පාසල් අවට නෑදෑ ගෙවල් වල නැවතිලා ඉඳල තියෙනවා.

    අලුත් නීතී කොහොමද දන්නේ නැ ඒක නිසා හොයල බලන්න. සමහර විට ඔය කියන වගේ දෙයක් තියෙන්ත් පුලුවන්. මම උඩ කියපු වගේ සිද්ධි වෙන නිසා.
     
    sricreation

    Junior member
  • Mar 23, 2017
    286
    8
    18
    මම දන්න තරමින්නම් මචං තමන්ගේ පදිංචිය සනාථ කරන්න පුළුවන් චන්ද හිමි නාම ලේඛනයෙන්. ඉතින් උඹටත් පුලුවන්නම් මේ විදිහට පදිංචිය සනාථ කරන්න ඔප්පුව ඕන වෙන්නේ නැනේ.

    ඔව් මමත් දන්නා තරමින් එහෙම තමයි ඒ උනාට.., තමන්ගේ නමට ඉන්න තැන ඔප්පුව නැතිනම් ලකුණු අඩු වෙනවලු මගේ අයියගේ බබාට ලකුණු 100 ම තිබුනා.. නමුත් මම හොයලා බලද්දී ගොඩක් අය කියුවේ.. ඔප්පුව නැතිව අඩුවෙන ලකුණු ප්‍රමාණය නිසා අසන්නතා පදනමට දාගන්න බැරිවෙයි කියලා..
     
    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    උබේ නමට ඔප්පුව තියනවට ලකුණු හම්බෙනවා .උබට නැත්නම් උබේ මවට හෝ පියාට තිබුනොත් ලකුණු අඩුවෙන් හම්බෙන්නේ .

    උබ දාන ඉස්කෝලේ හොද එකක් නම් ගොඩක් ය සිලෙක්ට් වෙන්නේ 100 ලකුණු අරන් . ඉතින් උබේ අඩු උනොත් සිලෙක්ට් වෙන්න තියන ප්‍රතිශතය අඩුයි .
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    සහෝදරයට කියල බදු ඔප්පුවක් ලියා ගනින්. අයිතිය තමන්ට නම් ලකුණු 10යි. බදු ඔප්පුවක් නම් ලකුණු 6යි. ලකුණු 4යි අඩු වෙන්නේ. ඉතුරු සියලුම ලේඛන තියේ නම් උඹට 96 ගන්න පුළුවන් 100න්.
    උඹේ ගෙදර ප්‍රදාන දොර සහ පාසලේ පිනාගේ කාර්යාලයේ පිවිසුම් දොර අතර රවුමක් ගහපන්. උඹේ ළමය කොල්ලෙක් නම් රවුම ඇතුලේ තියෙන කොල්ලෝ යන ඔක්කොම ඉස්කෝල වලට ලකුණු 5 ගානේ අඩු කරපන්. එකක්වත් නැත්නම් පොතේ හැටියට උඹට ලකුණු 96 ලැබිය යුතුයි.

    ළමයා පළමු වසරට පාසලකට දාන්න, පියා ගේ නමට ගෙදර ඔප්පුව තියෙන්න ඕනෙද ? අපි කාලයක් තිස්සේ පදිංචිවෙලා ඉන්න ගෙදර සහෝදරයාගේ නමටයි ඔප්පුව තියෙන්නේ. චන්ද නාමලේකනයේ අපේ නම් තියෙන්නේ ඒ නිවසටමයි..

    නමුත් ගොඩක් දෙනා කියන්නේ තමන්ගේ නමට ඔප්පුව නැත්නම් ආසන්නතා පදනම මත ළමයා පාසලට දාගන්න මුලික ලකුණු ප්‍රමාණය ගන්න බෑ කියලයි...

    පාසලට තියෙන්නේ 600 මීටර් වගේ දුරක්...

    මේ ගැන දාන්න අය උදව් කරන්න...

    ස්තුතියි....
     
    • Like
    Reactions: STU26015

    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    ඉඩම ඔප්පුව තමුන්ගේ නමට තිබීමෙන් ලකුණු10 ක් හිමි වේ.
    එසේ නොමැති වුවහෙත් ලකුණු 2ක් අඩු වේ.
    දුර බලන්නේ නිවසට අහස් දුරයි (විස්තාපනය)
    නිවස ළග ඇති පාසැල් වලට ලකුණු 5 බැගින් කැපේ
     
    sricreation

    Junior member
  • Mar 23, 2017
    286
    8
    18
    එහෙම නම් අවශ්‍ය නැ බං. අවුරුදු 5ක් එම ප්‍රදේශයේ පදිංචි වෙලා හිටියා නම් හරි. ඒක ඔප්පු කරන්න සාක්ෂි තමයි ඡන්ද ලේඛනයේ අවුරුදු 5ක් නම තියෙන්න ඔ්න කියන්නේ.
    ඔ්න තරම් මම දන්න අය ඒ විදියට ළමයා ඉස්කෝලේ දාගන්න පාසල් අවට නෑදෑ ගෙවල් වල නැවතිලා ඉඳල තියෙනවා.

    අලුත් නීතී කොහොමද දන්නේ නැ ඒක නිසා හොයල බලන්න. සමහර විට ඔය කියන වගේ දෙයක් තියෙන්ත් පුලුවන්. මම උඩ කියපු වගේ සිද්ධි වෙන නිසා.

    ඔයා කියපු දේ හරි , ගොඩක් අය ඔය වැඩේ කරන නිසා අලුතින් අපු දෙයක්ද දන්නේ නැ.. සැරයක් කෙනෙක්ට පත්ඉරුත් ගෙන්න කියලා තිබුනා කියලා මට කෙනෙක් කිව්වා..

    දන්නා දෙයක් තිබුනොත් කියන්න තව කෙනෙක්ටත් වැදගත් වෙයි..

    හැමෝටම තමන්ගේ කියලා ගෙවල් දොරවල් නැනේ.., ඉස්සරහට ඔප්පුව නැති නම් ළමයා ගෙදර තියාගන්න වෙයිද දන්නේ නැ...
     
    sricreation

    Junior member
  • Mar 23, 2017
    286
    8
    18
    උබේ නමට ඔප්පුව තියනවට ලකුණු හම්බෙනවා .උබට නැත්නම් උබේ මවට හෝ පියාට තිබුනොත් ලකුණු අඩුවෙන් හම්බෙන්නේ .

    උබ දාන ඉස්කෝලේ හොද එකක් නම් ගොඩක් ය සිලෙක්ට් වෙන්නේ 100 ලකුණු අරන් . ඉතින් උබේ අඩු උනොත් සිලෙක්ට් වෙන්න තියන ප්‍රතිශතය අඩුයි .

    අන්න හරි ඕක තමයි අවුල , පාසලත් ප්‍රසිද්ද පාසැලක් අනිත් ඔක්කොම දේවල් හරි ඔප්පුව නැති එක තමයි ප්‍රශ්නේ ආසන්න තාවයට ළමයි ගොඩක් හිටියොත් අවස්ථාවක් හම්බ වෙන්නේ නැනේ..,

    හැම ප්‍රසිද්ද පාසැලකම මේ ප්‍රශ්නේ බලපානවද..?