ආසයිද ?? ඒත් ලෝභයිද??
රජගහ නුවර සක්කාර කියලා විශාල ගමක් තිබ්බා, මේ ගමේ අසූ කෝටියක් ධනය තියෙන සිටුවරයෙක් ජීවත් වුණා , මේ සිටුවරයාගෙ නම කෝසිය හැබැයි හරිම මසුරුයි ඒ කියන්නෙ ලෝභයි, තෙල් බිංදුවක්වත් කාටවත් දෙන්නෙ නම් නෑ, මේ ලෝභකම නිසා මෙයාට නමක් හැදුනා, ඒ තමයි මච්ඡරිය කෝසිය කියලා,
දවසක් මෙයා රජවාසලට ගිහින් එනකොට දැක්කා පාර අයිනේ, ඉතාමත් දුගී මිනිහෙක් කැවුමක් කකා ඉන්නවා මේක දැකපු මෙයාටත් ආසාවක් ඇති වුණා කැවුම් වල රස බලන්න, ඒත් වැඩේ කියන්නෙ මෙයාට කැවුම් කන්න ඕනි වුණාට ඒකට යන වියදම ගැන ලෝභ හිතුනා
දැන් මෙයා සිටු මාලිගාවට ඇවිත් කල්පනා කරන්න ගත්තා , කැවුම් කන්න තියෙන ආසාව එන්න එන්නම වැඩි වුනා, ඒත් ලෝභ කම නිසා හැදුවේ නෑ, කැවුම් කන්න තියෙන ආසාව කොච්චර වැඩි වුණාද කිව්වොත් මෙයා ඒක ගැන හිතලම ලෙඩෙක් වගේ වුනා ,ඇඟ සුදුමැලි වුණා
දවසක් මේ විදියට ඇඳට වෙලා කැවුම් ගැන හිත හිත ඉන්නකොට සිටු දේවිය ලඟට ඇවිත් පිට එහෙම අතගාලා ඇහුවා මොකක්ද ප්‍රශ්නේ කියලා, එතකොට සිටුතුමා කියනවා
"මට ඇති ප්‍රශ්නයක් නෑ"
සිටුදේවිය ආයෙත් ඇහුවා රාජ උදහසට ලක්වුණා ද කියලා
"නෑ එහෙම දෙයක් නෑ" සිටුවරයා උත්තර දුන්නා
"එහෙනම් කවුරු හරි විහිලු කළාද"
"නෑ එහෙම දෙයක් නෑ"
"ඔබ තුමාට මොකක් හරි ආසාවක් ඇති වුණාද??"
සිටුතුමා එතකොට සද්ධ නැතුව හිටියා , එතකොට සිටු දේවිය කිව්වා
"ඔබ තුමාට මොකක් හරි ආසාවක් තියෙනවා නම්, කියන්න මම ඒක මට පුලුවන් විදියට ඉශ්ඨ කරලා දෙන්නම් "
එතකොට සිටුවරයා බොහොම හිමින් කිව්වා
"මට කැවුමක් කන්න ආසයි කියල"
දේවිය හයියෙන් හිනා වෙලා කිව්වා
"ඔබතුමාට මේ ගමටම කැවුම් දෙන්න පුලුවන් එකේ මොකටද කල්පනා කර කර ඉන්නේ"
සිටුවරයා කියනවා
"ගමටම කැවුම් දෙන්න මට පිස්සුද?"
දේවිය :- "එහෙනම් මේ වීදියට කැවුම් දෙමු"
සිටුතුමා :- "මේ වීදියෙ ඉන්න එවුන් මගෙ කවුද, උන්ට කැවුම් දෙන්න??"
දේවිය:- "එහෙනම් මේ මාලිගාවෙ ඉන්න අයටත් එක්ක හදමු"
සිටුතුමා :- "එච්චර ඕනි නෑ "
දේවිය :- "එහෙනම් දරුවන්ටත් එක්ක හදමු"
සිටුතුමා "උන්ට මොකටද කැවුම්"
දේවිය :- " එහෙනම් අපි දෙන්නට හදමු"
සිටුතුමා :- "දේවියට කැවුම් කන්න ආසාවක් නෑනෙ"
කොහොමහරි අන්තිමට සිටුතුමාට විතරක් කැවුම් හදන්න සිතාගෙන, දෙන්නත් එක්කම කැවුම් හදන්න අවශ්‍ය බඩු එහෙම අරන් මාලිගාවෙ උඩම තට්ටුවට ගියා, එතකොට කාටවත් පේන්නෙ නෑනෙ , අනික මේ කැවුම් හදන්න ගත්තෙ හොඳ හාල් එහෙම නෙමෙයි ඒකෙන්ම පේනවනේ ලෝභකම,
ඔන්න දැන් දෙන්නත් එක්ක උඩ තට්ටුවට වෙලා කැවුම් හදන්න පටන් ගත්තා, මෙ වෙලාවෙ බුදුහාමුදුරුවො මහා කරුණා සම්පාප්තියට සම වැදිලා හිටියේ එතකොට බුදුහාමුදුරුවෝ මේ සිද්දිය දැක්කා, මේ සිටුවරයා කොච්චර ලෝභ වුණත් සෝවාන් වීමට වාසනවා ඇති කෙනෙක් බව බුදුහාමුදුරුවන්ට පෙනුනා, ඉතින් බුදුහාමුදුරුවෝ මේ සිටුවරයාගෙ මේ තෘෂ්ණාව දමනය කරන්න කියලා හිතාගෙන අර කැවුම් හදන තැනට යවනවා මුගලන් මහරහතන් වහන්සේව, නිකන්ම නෙමෙයි මුගලන් රහතන් වහන්සේට කියනවා මේ සිටුවරයා අතින් දන් ලැබෙනකල් තමන් වහන්සේ ඇතුලු තවත් 500 දෙනෙක් ජේතවනාරාමයේ දන් නොමැතිව බලා ඉන්නවා කියලා, ඒක නිසා මේ සිටුවරයාගෙ ලෝභ කම දමනය කරලා ඔහුගේ අතින්ම මේ 500 භික්ෂූන්වහන්සේලාට දන් පිලිගන්වන්න ඕනි කියලා,
ඔන්න දැන් අර දෙන්න කැවුම් හදන උඩම තට්ටුව ලඟ අහසේ පාවෙමින් මුගලන් මහ රහතන් වහන්සේ බලන් ඉන්නවා,
මේක දැකපු සිටුවරයට හොඳටම තරහ යනවා, ඇයි නිදහසේ කැවුමක් කන්න කියලා මාලිගාවෙ හත් වෙනි තට්ටුවට ආවා, ඒත් නිදහසේ කන්න නෑ.
දැන් සිටුවරයා බයත් වෙලා ඇයි මුගලන් රහතන් වහන්සේටත් කැවුමක් දෙන්න වෙයි කියලා, තරහ ගිටපු සිටුවරයා කියනවා,
"අහසේ පාවි පාවි නෙමෙයි අහසෙ පලක් බැඳන් හිටියත් එක කැවුමක් දෙන්නෙ නෑ "
ඔන්න මුගලන් මහ රගතන් වහන්සෙ තමාගෙ බලයෙන් අහසෙ පලක් බැඳගෙන ඒක උඩට වෙලා හිටියා
"අහසෙ පලක් බැදගෙන නෙමෙයි මේ කවුළුවෙ වැඩ සිටියත් කැවුම් නම් දෙන්නෙ නෑ"
මුගලන් රහතන් වහන්සෙ එතන කවුළුව උඩ වැඩ සිටියා
"ඇඟෙන් දුම් පිට කළත් කැවුම් දෙන්නෙ නෑ"
ඔන්න මුගලන් රහතන් වහන්සෙ ඇගෙන් දුම් පිට කරන්න ගත්තා, දැන් ඒ දුමෙන් මුලු කුටියම වැහිලා ගිහින්
සිටු තුමා දැනගත්තා මෙයා නම් කැවුමක් නැතුව මෙතනින් යන්නෙ නෑ කියලා, ඒ නිසා දේවියට කිව්වා පොඩී කැවුමක් හදලා දීලා පිටත් කරන්න කියල
ඔන්න දේවිය දැන් අර හැන්දෙන් චුට්ටක් අරන් තෙල් තාච්චියට දැම්මා , මෙන්න බොලේ ඒ කැවුම අනිත් කැවුම් වලටත් වඩා ලොකුවට හැදුනා
සිටුතුමාට යකා නැග්ගා, "ඔහොම නෙමෙයි ගෑණියේ, මෙන්න මෙහෙම" කියලා කලින්ටත් වඩා චුට්ටක් අරන් තාච්චියට දැම්ම ඒක කලින් එකටත් වඩා ලොකු වුණා,
"කමක් නෑ ඔන්න ඕකෙන් එක කැවුමක් දීලා පිටත් කරනවා"
දේවිය දැන් කැවුම් කූඩෙන් කැවුමක් අරන් දෙන්න හදනකොට ඔක්කොම කැවුම් ටික එකට ඇලුනා,
දැන් දෙන්නත් එක්කම කැවුම් ටික ගලව ගන්න දෙපැත්තෙන් අදින්න ගත්තා, කොච්චර ඇද්දත් ගැලවුනේ නෑ
දැන් සිටුතුමාට හොඳටම මහන්සියි, සිටුතුමා දේවියට කියනව "මට දැන් කැවුම් ගැන ආසාවක් නෑ ඔය ටික දීලා දාන්න කියලා" ඊට පස්සෙ මුගලන් මහරහතන් වහන්සේ මේ සිටුවටයට ධර්මය දේශනා කරලා තෘෂ්ණාව දමනය කරලා,
සිටු දේවියවයි , සිටුතුමාවයි එක්කගෙන එර්දි බලයෙන් ජේතවනාරාමයට එක්කගෙන යනවා, ඇයි බුදුහාමුදුරුවෝ සහ තවත් 500 නමක් දානය නොගෙන මේ සිටුතුමාගෙ අතින් දානය ලැබෙනකන් බලාගෙන ඉන්න්නවා, කොහොම හරි ජේතවනාරාමයෙ වැඩසිටි හැමදේනාටම අර කැවුම් පූජා කළත් ඒ කැවුම් ඉවර උනේ නෑ, පස්සෙ මුළු ගමටම කැවුම් දුන්නත් ඒ කැවුම් ඉවර වෙලා නෑ, ඒ මුගලන් මහරහතන් වහන්සේගේ කුසල් වල බලය නිසා.
මේ ජාතක කතාව මම මගේ වචනයෙන්ම ලිව්වෙ වඩාත් සරලව තේරුම් ගන්න,
මේකෙන් පාඩම් කිහිපයක්ම ඉගෙන ගන්න පුලුවන් මූලිකම පාඩම තමයි
ඔයාලාට දෙයක් ගැන ආශාවක් තියෙනවා නම් ඒ දේ ගන්න සල්ලිත් තියෙනවා නම් , හිත හිත ඉන්න එපා ඒ දේ ගන්න, බුදුදහමේ කොහෙවත් කියලා නෑ සල්ලි වියදම් කරන්න එපා කියලා,
බුදුහාමුදුරුවෝ නිවැරදිව මුදල් පරිහරණය කරන හැටි දේශනා කරලා තියෙනවා, ඒකෙත් කියලා තියෙන්නෙ තමගෙ අවශයතා සපුරා ගන්න මුදල් වියදම් කරන්න කියලා,
"හැබැයි මුල් තැන අවශ්‍යාතා පස්සෙ තමා ආශාවල්"

rep +13