ආසියාවේ උසම දැල්පන්දු ක‍්‍රිඩිකාව

gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
ආසියාවේ උසම දැල්පන්දු ක‍්‍රිඩිකාව

head-pease.jpg


The netball queen from Jaffna
තර්ජිනී ශිවලිංගම් යාපනයේ ඉපිද කොළඹ පැමිණෙන්නේ ඇගේ එක් සිහිනයක් සැබෑ කර ගැනීමට නොහැකි වූ නිසාය.උසස් පෙළ විභාගය සමත් වීමත් සමගින් ඇය මඩකළපුව නැගෙනහිර විශ්ව විද්‍යාලයට ඇතුළත් වන්නේ කථිකාචාර්යවරියක වීමේ අභිලාශය පෙරදැරි කරගෙනය.එහෙත් ඇයගේ දිගැති සිරුර ඇයගේ අරමුණූ වෙනතකට යොමු කරවනු ඇතැයි ඇය කිසිදා නොසිතුවාය.
ඇය ලොවම විශ්මයට පත් කරමින් පසුගිය ආසියානු දැල්පන්දු කුසලානය ශ‍්‍රී ලංකාවට දිනා දීමට තරම් ශක්තිමත් වූවාය.ඇයගේ දිගැති සිරුර මේ වන විට ඇය ශ‍්‍රී ලංකාවේ ජාතික සම්පතක් බවට පත් කර ඇත.
“මම විශ්ව විද්‍යාලෙ ඉන්න කාලේ මර්කන්ටයිල් නෙට්බෝල් ටීම් එකට සෙල්ලම් කළා.මම ඉගෙන ගන්න කාලේ කථීකාචාර්යවරියක් වෙන්න තමයි හිතාගෙන හිටියේ.මගෙ උස නිසා මට නෙට් බෝල් සෙල්ලම් කරන්න කතා කළා.සෙල්ලම් කරන්න පටන් ගත්තට පස්සේ ඉගෙනීම් වැඩ කටයුතු අතපසු වෙන්න පටන් ගත්තා.කථිකාචාර්යවරියක් වෙන්න අවශ්‍ය ලකුණූ ලබා ගන්න මට බැරි වුණා.” තර්ජිනී පැවසුවාය.
ඇය ජීවිතය පමණක් නොව මේ වන විට ලොවම දිනා ඇත. ඇය ඇගේ ජීවිතෙන් පැර දී ඇතැයි යම් විටෙක නොසිතනවාම නොවේ. ඇගේ සිතෙහි යම් පසුතැවීමක් ඇති බව ඇය පවසන සිය`ථ වචනයකම ගැබ් වී ඇත.
“විසිඑක්දාහක් එක වතාවකට වියදම් වෙනවා ගෙදර ගිහින් එන්න. අවුරුදු දෙක තුනකට සැරයක් තමයි යාපනයේ ගෙදර යන්නේ.නෙට්බෝල් සංගමයෙන් ඒ පහසුකම මට ලැබෙන්න ඕන.තාම ඒ ගැන කවුරුත් කතා කරලා නැහැ.මට අවස්ථාවක් ලැබුණොත් වෙන රටකට සෙල්ලම් කරන්න මම යනවා.අපට ස්පොන්සර් කරන්න කවුරුත් නැහැ.ඒ නිසා ඉස්සරහට යන්න අමාරුයි.”
කොළඹ ජීවත් වන ඇය පවුලේ කිසිවෙකුගේ උදව්වක් නොමැතිව හුදකලාව කාලය ගත කරයි. තර්ජිනී පවසන්නේ ඇගේ දෙමව්පියන් ඇය හා සිටියා නම් ඇයගේ ඉදිරි ගමනට පහසුවක් වන බවයි .
“ගෙදර අය හිටියා නම් මගෙ ඇදුම් සෝදා ගන්නවත් මට උදව් වෙනවා.ඒ අය කොළඹ එක්කරගෙන ඇවිත් ජීවත් වෙන්න ගොඩක් සල්ලි ඕන.ඒ නිසා ඒක කරන්න අමාරුයි.මමත් කැමතියි මගේ ගමට ගිහින් ඉන්න.මගේ වැඩ කර ගන්න ඕන නිසයි මෙහෙ ඉන්නෙ.යාපනේ හිටියා නම් මේ පහසුකම් නැහැ.ක‍්‍රීඩා කරන්න ආව නිසා මගෙ හීන සැබෑ කර ගන්න බැරි වුණා.”
ඇයගේ සිහින අතර දෙමව්පියන් හා එකට ජීවත් වීම ප‍්‍රධාන තැනක් ගෙන තිබේ.එහෙත් ඒ සදහා අවශ්‍ය මුදල් ඇය සතුව නොමැති කම නිසාවෙන් තනිකම දරා ගැනීමට ඇය උත්සහ කරනු ලබයි.කොළඹ පැමිණි ඇය දැන් වැල්ලවත්ත ප‍්‍රදේශයේ කාන්තා නේවාසිකාගාරයක ජීවත් වන්නේය.
“අම්මලා මතක් වෙද්දී ගොඩක් දුකයි.ඉස්සරහට මේ රස්සාවම කරගෙන ඉන්නවද කියලා තීරණය කරන්නේ මගේ අම්මලා.එයාලා මට දැනට ගොඩක් උදව් කරනවා. එයාලටත් මං නැතිව දුකයි.සල්ලි තමයි හැම දේකටම ඕන.මට ඕන කරන තරම් සල්ලි තිබුණා නම් අම්මලා මං ගාවට ගෙන්නව ගන්නවා.මෙහෙ හැම දෙයක්ම සිද්ධ වෙන්නෙ සල්ලි වලට.මටත් එයාලව බලාගන්න පුළුවන් මං ළග ඉන්නවා නම්.” ඇය මේ බව කියා සිටියේ නෙතු අග කදුළු දවටාගෙනය.
කොල්ලූපිටිය සෙලාන් බැංකු ශාඛාවේ බැංකු සහකාරවරියක් ලෙස ඇය තම රැුකියාවේ නියුතු වෙන අතර සෙලාන් බැංකු දැල්පන්දු කණ්ඩායමටද ඇය ක‍්‍රීඩා කරන්නීය.
අඩි හයයි අගල් නවයක් උස තර්ජිනී ශිවලිංගම්ට ශ‍්‍රී ලංකාවේ දිදුලන දැල්පන්දු ක‍්‍රී‍්‍රීඩිකාව වීමට අවස්ථාව උදා වෙන්නේ වර්තමාන දැල්පන්දු සංගමයේ ලේඛම් ට‍්‍රික්ෂි නානායක්කාර නිසාය.මර්කන්ටයිල් කණ්ඩායම වෙනුවෙන් ක‍්‍රීඩා කරන අවස්ථාවේ දී මඩකලපුවේ දී ඇය තර්ජිනීගේ දක්ෂතා හදුනා ගනිමින් ඇය ජාතික කණ්ඩායම දක්වා රැුගෙන ආ බවයි තර්ජිනී පවසන්නේ.
ආසියාවේ උසම දැල් පන්දු ක‍්‍රීඩිකාව ලෙස විරුධාවලිය ලබන තර්ජිනී කෘතගුණ සලකන නිහතමානී ගුණයෙන් හෙඹි තරුණියක් බව ටි‍්‍රක්ෂී නානයක්කාර පැවසීය.
සහෝදර සහෝදරියන් සත් දෙනකුගෙන් යුත් පවුලක සය වෙනියා ලෙස යාපනයේ පන්නලයිකඩුවන් ගමේ ගොවි පවුලක තර්ජිනී උපත ලැබුවාය. දන්නා නොදන්නා සියළු දෙනා හට සිනහවකින් සංග‍්‍රහ කිරීමට තරම් ඇය නිරහංකාරය.ක‍්‍රීඩා ජීවිතයේ මේ තරම් දුර පැමිණීමට උදව් උපකාර කළ සියළු දෙනා හට ස්තූතිකිරීමට තර්ජිනී අමතක නොකළාය.


Source: http://perambara.org/tag/women