ආසියාවේ ශක්තිමත් රාජ්‍යය අප ගොඩනඟා අවසන්
පරිපාලන සේවයට නිදහසේ වැඩ කළ හැකි පරිදි දේශපාලන ස්ථාවරත්වය සනාථ වූ ආසියාවේ ස්ථාවරම රාජ්‍ය ගොඩනඟා අවසන් බව සඳහන් කරන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දේශපාලන අරාජික බව සංවර්ධනය කරා ගමන් කිරීමේ දී බාධාවක් බවත්, වත්මන් රජයට තුනෙන් දෙකේ බහුතරය සහිත ආණ්ඩුවක් පිහිටුවමින් එම බාධක සම්පූර්ණයෙන් ඉවත් කිරීමට හැකි වී ඇති බවත් පවසයි. Silumina 28/08/2010
ආසියාවේ ශක්තිමත්ම රාජ්‍යය යනු.........
1/ වසරකට දෙතුන්සීයක් ඩෙංගු මදුරුවාට ගොදුරුවන එහෙත් තවම පැලැස්තර ඇරෙන්නට ස්ථිර විසඳුමක් ලබාගත නොහැකිවුනු රටකටද?
2/ සිංහලෙන් සුද්දන්ට බැන බැන ඉංග්‍රීසියෙන් පසඟ පිහිටුවා වැඳවැටෙන නායකයින් ඉන්න රටකටද?
3/ ලෝක බැංකුවේ මීලඟ ණය වාරිකය නොලැබුණහොත් කඩා වැටෙන රටකටද?
4/ රටේ ත්‍රිවිධ හමුදාව හා පොලීසිය මෙන්ම උපායමාර්ගික වශයෙන් වැදගත් (strategically important) අමාත්‍යාංශ සියල්ලම අමෙරිකාවට බදු ගෙවන ඇමරිකන් පුරවැසියන් දෙදෙනෙකුට පවරා ඇති රටකටද?
5/ දස දහස් ගණනින් අහිංසකයින් අමු අමුවේ ඝාතනය කරන්නට මුදල් සොයමින් ලෝකය පුර මත්ද්‍රව්‍ය විකිණූ පල් හොරෙක් කර තියාගෙන යන නායකයින් ඉන්නා රටකටද?
6/ රටේ කොඳු නාරටිය වන වී ගොවි සංහතියම මුදලාලිලා දෙතුන්දෙනෙකුට බිලි ගන්නට දී බලා සිටින නායකයින් ඉන්නා රටකටද?
7/ වයසක අත්තම්මා කෙනෙකුටවත් අත් නැති හැට්ටයක් ඇඳගෙන පුද බිමකට ඇතුලුවිය නොහැකි තරමටම මූලධර්මවාදි පිස්සන්ගෙන් පිරුණු රටකටද?
8/ මිනිසුන් සතුන් මෙන් ගස් බැඳි අධම මිනිසෙකු ආණ්ඩුපක්ශයේ දෙශපාලකයෙකු වුනු නිසාම රූපවාහිණී වැඩසටහන් වලට ගෙන්වාගෙන මහා කළා රසිකයෙක් මෙන් පෙන්වා පුම්බන නිවට මාධ්‍ය තියෙන රටකටද?
9/ මිනිසුන් ගස් බඳිනකම් උඩබලාගෙන ඉන්නා, ආණ්ඩුවේ මැරයින් නිළ ඇඳුම් ඉරමින් තොප්පි ගළවන විට නැට්ට දෙපරැන්දේ ගසාගෙන ඉන්නා පොලීසියකට නීතිය හා සාමය ආරක්ශා කිරීමේ වගකීම් පැවරූ රටකටද?
10/ නීතිපති ගොඩ පෙරකදෝරුවෙකු මෙන් විපක්ශයේ ක්‍රියාකාරීන් සිරගත කරන්නට නඩු නිර්මාණය කරමින් පිස්සු කෙළින රටකටද?
11/ දිවි හිමියෙන් සටන්කොට රට බේරාගත් විරුවන් සිරගත කරන රටකටද?
12/ බළලෝභී පාලකයින්ට ඒකාධිපතියෙක් වෙන්න යයි ආරාධනා කරමින් රටේ ජනතාව වහල් කමට දක්කාගෙන යන්නට පනින රිලවුන්ට ඉනිමං බඳින මෝඩ ආගමික නායකයින් ඉන්නා රටකටද?