ආහාර කල්තබාගැනිම.
අප කෑමට ගන්නා සියලුදේම පාහේ කෘෂිකාර්මික හෝ සත්ව මූලාශ්‍රයකින් ආරම්භවී ඇත. මුලිකව ඒවා සියල්ල ජිවී කොටස්ව තිබී ඇත. සත්ව හා ශාක
කොටස් ජීවත්වන කාලය තුල බාහිර බලපැම් නොවුනහොත් ආරක්ෂා වී පවතී.
මිනිසාගේ ජීවන රටාවන් අනුව මෙම “අමු” සජීවී ආහාර වලින් නොනැවතී කල්තියාගන්නා ආහාර සැකසිම ඇරඹූ තැන් සිට “නරක්වීම” ගැන කථාව ආරම්භ වී ඇත.
1. භෞතික (බාහිර තත්ව) බලපෑම නිසා නරක්වීම.
වියලි ද්‍රව්‍යයකට ජලය එකතුවීම, තෙතට තිබියයුතු දෙයක් වියලීම,උණුසුම නිසා දියවීයාම(අයිස්ක්‍රීම්) ශීතල නිසා සවිවීම(කිරි, බීම ආදිය) සුලඟට වියලීම, පෙඟීම, අව්ව නිසා අවර්ණ වීම “අව්රහ” ආදිය මෙම භෞතික බලපෑම නිසා නරක්වන අවස්ථාවන්ය.ඒවා මගහැරෙන පරිදි ඇසුරුම් කිරීම, ගබඩාකිරීම ආදිය මගින් නරක්වීම වලක්වාගතහැකිය.
2. රසායනික නරක්වීම
බාහිරින් හෝ අභ්‍යන්තරයෙන්ම ඇතිවන ක්‍රියාවන් නිසා ඇතුලුවන රසායනික ද්‍රව්‍ය නිසා නරක්වීම සිදුවේ. භූමිතෙල් කෘමිනාශක, දූවිලි එකතුවීම නිසා ආහාර භාවිතයට ගත නොහැකි තත්වයට හැරේ. ඇඹුල් වර්ග එකතුවීම නිසා කිරි කැටගැසිම සිදුවේ. මෙම නරක්වීමේ ක්රියාවලියද වලක්වාගැනීම එතරම් අපහසු නැත. අදාල නරක්වීමට හේතු වන ද්‍රව්‍ය හඳුනාගෙන එය එක්වීම වැලැක්වීමෙන් එය කලහැකිය.
3. ජීවීන් නිසා වන හානි
3.1 ජීවී සතුන් හා ශාක - ඇසට පෙනෙන ප්‍රමාණයේ
කුරුල්ලන්, මීයන්, කැරපොත්තන්, කුහුඹුවන්, පලතුරු මැක්කන්, ගුල්ලන්, ඉපි වර්ග ආදිය අප ආහාරයට ගන්නා අමු පලතුරු, ගෙඩි වර්ග හා අප විසින් සකස් කර කල්තබාගත් සමහර ආහාර වර්ග (සහල්, පිටි වර්ග ආදිය) තමාගේ ආහාර වශයෙන් යොදාගනී. මොවුන් ආහාර අපගේ අනුදැනුම ඇතිව හෝ නැතිව කරන පරිභෝජනය නිසා පසුව සිදුවියහැකි,
• ක්ෂුද්රජීවී හානි වලට
• රසායනික ලෙස සිදුවන හානි වලට
• භෞතික ලෙස සිදුවන හානි වලට
පහසුවෙන් ගොදුරු වියහැකි තත්වයන් ඇතිකරවයි. එම සතුන්ගේ මුඛයේ හෝ පාදවල තැවරී එන ක්ෂුද්රජීවීන් පසුව මෙම ආහාර අනුභවය හා තම ජීවත් වන පරිසරය බවට හරවාගනී. මේ නිසා ඒවා නරක්වීම සිදුවේ.
සතුන්ගේ ජීවන චක්‍රය තේරුම්ගැනීමෙන් බොහෝ ආහාර නරක්වීමට හේතු පැහැදිලිකරගත හැක. බොහෝ විට ආහාර වලට හානි කරන ගුල්ලන්, ඉපියන් වැනි සතුන් කෘමීන් ඝනයට අයත්ය.
බිත්තර වලින් ඇරඹී පනුවා - පිලවා බවට හැරී පසුව මේරූ සතා බවට පත්වීමට දින 7-21 ආදී විවධ කාල වකවානු විවිධ සතුන්ට අවශ්‍ය වේ. ඉතා සියුම් නොපෙනෙන ගුල්ලාගේ බිත්තර සුලගට ගසාගෙන ගොස් අප සකස්කරන හාල් පිටි, මුං ඇට, ධාන්‍ය පැකැට්ටුවකට වැටුනොත් අප නොදැනුවත්වම තම ජීවන චක්‍රය අවසන් කර නියමිත කාලයට පෙර පාරිභෝජනය කර නැත්නම් වැඩුනු සතුන් ඒ තුල ඇතිකරයි. පසුව ඔවුන් තම ජනගහනය වැඩිකරගනී. මීට සමාන ජීවන චක්‍ර ඇති පුස්, දිලීර වර්ගද මෙවැනිම ක්‍රියාවලියක් ආහාර වර්ග තුල ඇතිකරයි. මෙම සතුන් (අපට පෙනෙන නොපෙනෙ) හා දිලීර වර්ග අපගේ ආහාර වෙනස්කිරීම හා ඒමත සිදු කරන අපවිත්‍ර කිරීම් නිසා කැමට නුසුදුසු බවට පත්වේ. මෙම ක්‍රියාවලිය තේරුම්ගත්විට ඇසට පෙනෙන ජීවීන්ගෙන් වන බොහෝ හානි වලක්වාගත හැක.
3.2 ඇසට නොපෙනෙන ක්ෂුද්රඡීවීන් නිසා වන හානිය
ඇසට නොපෙනෙන ඉතා කුඩා ජීවීන්( බැක්ටීරියා විශේෂ වැනි) හා වෛරස්(දිලිර, පුස්) ද අපගේම ආහාර, ආහාර වශයෙන් භාවිතාකරන අතර ඒවා තුලම ජීත්වීමද සිදුකරයි. ඔවුන් ගැවසීම නිසා ඔවුන් පිටකරන වෙනත් අපට අහිතකර ද්‍රව්‍ය නිසා අප එම ආහාර නරක්වූ බව කියන්නෙමු.
උදා :- කිරි මත වැඩෙන අහිතකර බැක්ටීරියා විසින් කිරි කැටිගැසීමට හේතුවන අම්ල නිකුත්කිරීමද, කිරි ආහාරයට ගෙන එය අපවිත්‍ර කිරීමද සිදුකරයි. බොහෝ බැක්ටීරියා විශේෂ 42/45 Co දී වඩා ක්‍රියාකාරී වේ. තම වර්ගයා පහසුවෙන් බෝකොට ව්‍යාප්ත වේ. මෙම නිසා මෙම ආහාර නරක්වීමට ලක්වේ.
මෙම ජීවත්වන සියලු සත්ව/ ශාක වලට ම පහත ජීවන ක්‍රියාවලීන් පොදුය.
මිනිසා සියලු ජීවීන් ක්ෂුද්‍ර ජීවින්
උෂ්ණත්වය අවශ්‍යයි අවශ්‍යයි අවශ්‍යයි
ආහාර එම එම එම
තෙතමනය එම එම එම
ඉඩකඩ එම එම එම
වාතය එම එම අවශ්‍ය හා අනවශ්‍ය වියහැක
තම වර්ගයා බෝකරයි බෝකරයි බෝකරයි බෝකරයි
අපද්‍රව්‍ය බැහැරකරයි බැහැර කරයි බැහැර කරයි බැහැර කරයි
4. ආහාර කල් තබාගැනීම - නරක්වීම වැලැක්වීම
ඉහත වගුව බැලූවිට ආහාර නරක්වීම වැලැක්වීමට අවශ්‍ය පදනම පෙන්නුම් කරයි. එනම්
• සතුන්, ජීවීන්, දිලීර ඇතිවන මව් ජීවීන් නැතිකලවිට
• ඔවුන්ට සුදුසු උෂ්ණත්වයන් නැතිකලවිට (ශීත කිරීම, උණු කිරිම, තැම්බීම)
• තෙතමනය නැතිකලවිට
• ඉඩකඩ නැතිකලවිට, ජීවත්වන්නට සුදුසු පරිසරය නැතිකලවිට.
• ආහාර නැතිකලවිට
ආහාර නරක්වීමට හේතුවන අප අවට පරිසරයේ සුලඟේ පවා සිටින මෙම ජීවීන් වැනසීයාමෙන් ආහාර කල්තබාගතහැකිවේ.
1. ආහාර ද්‍රව්‍ය ශීත කලවිට ක්ෂුද්‍රජීවීන්ගේ ක්‍රියාවන් දුර්වල වීම(එහෙත් විනාශවී නැත) නිසා වඩාත් කල්තබාගතහැක.
2. තැම්බූවිට කෙලින්ම ජීවීන් විනාශ වන නිසා කල් තබාගතහැකිය. එහෙත් ආහාරයේ ස්වභාවයද වෙනස් වේ. නමුත් නැවත සිසිල් වන විට ක්ෂුද්රජීවීන්ට ඇතුලු වී තම ජීවිකාවන් ඇරඹිය හැකිය. එනම් තම්බාගත් භාජනයකට උණුවෙන්ම දමා කිසිවකු ඇතුලු නොවන සේ උණුවෙන්ම මූඩි යෙදීමෙන් කල් තබාගතහැකිවේ.
3. ක්ෂුද්රජීවීන් විනාශවන SMS වැනි කල්තබාගන්නා ද්‍රව්‍ය(අනුමත ප්‍රමාන වලින්) යෙදීමෙන් කල්තබාගත හැකිය.