Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ආහාර ප්රත්යවේක්ෂාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

෴04 )

විඤ්ඤාණ ආහාරය

‘විඤ්ඤාණ’ යනු දැන ගැනීමයි. ඇසින් රූප දැනගැනීම ඇසේ විඤ්ඤාණය යි. ඇසත් රූපත් නිසා ඇසේ විඤ්ඤාණය හටගනී. කනත් ශබ්දයත් නිසා කනේ විඤ්ඤාණය හටගනී. නාසයත් ගඳ සුවඳත් නිසා නාසයේ විඤ්ඤාණය ද, දිවත් රසයත් නිසා දිවේ විඤ්ඤාණය ද, කයත් පහසත් නිසා කයේ විඤ්ඤාණය ද, මනසත් අරමුණුත් නිසා මනසේ විඤ්ඤාණය ද හටගනී. විඤ්ඤාණය ද හට නො ගන්නා මොහොතක් නැත.

විඥනය කියන්නේ සිතටයි. සිත හේතුවක් බවට පත්වෙනවා නාම රූප හට ගැනීමට. නාම කියන්නේ වේදනා, සංඥා, සංඛාර යන ස්කන්ධ තුනටයි. රූප කියන්නේ කියන්නේ කලල රූපයෙන් පටන් අරගෙන හැදුණු වැඩුණු මේ ශරිරයටයි.

එයිනුත් පැහැදිලි වෙනවා පටිච්ඡ සමුපාදයේ ඉගැන්වෙනවා විඥාන පච්ඡයා නාම රූපං කියලා ඉගැන්වෙන්නෙත් මේ කරුණයි.

විඥනය නිසයි නාමය සහ රූපය හටගන්න හේතුව බව පැහැදිලි කරලා තියනවා. බුදුරජාණන් වහන්සේ මේ සියල්ල හදුනා ගත්ත උත්තමයෙක්. ජීව සෛල වලින් නම් කලලය හට ගන්නේ උන්වහන්සේට කියන්න තිබුණා ජිව සෛල නිසා කලල වගේම රූපය හටගන්නවා කියන කාරණාව.

එහෙත් උන්වහන්සේ එසේ කිවේ නැහැ. ඒකට හේතුව එයට හේතු රූපය හට ගන්නේ විඥන ප්‍රත්‍යයෙන් කර්මය මුල්වෙලා කියන කාරණාව නිසයි. මේ පිළිබදවයි ආහාර වලින් උගන්වන්නේ අපි අනුභව කරන ආහාර වලට පමණක් නොවෙයි මේ ආහාර කියලා කියන්නේ. මේ පිළිබදව අවධානය යොමු කිරීමෙන් මෙලොව පරලොව දෙලොවටම යහපත් කර ගන්නත් පරලෝක ජිවිතය යහපත් කර ගන්නත් දෙලොව ජය ගෙන ශාන්ත නිවනට අවස්ථාව උදාවෙනවා.

සංසාර චක්‍රයට අයත් ධර්මයන් ගෙන් බොහෝ ගණනක් ම විඥානය ඇසුරු කොට විඥානය හා බැඳී උපදින ධර්මයෝ ය. විඥානයක් නැතහොත් අවිද්‍යාවකුත් නැත. සංඛාරයකුත් නැත: නාමරූපයකුත් නැත: ඵස්සයකුත් නැත: වේදනාවකුත් නැත: තණ්හාවකුත් නැත: කර්ම භවයකුත් නැත: ඒ ධර්මයන්ගේ ඉපදීමටත් පැවැත්මටත් විඥානය තිබිය යුතුම ය. එබැවින් ඒ විඥානයත් ධර්ම එකකට දෙකකට පමණක් ප්‍රත්‍යය වන්නක් නොව හේතුඵල වශයෙන් පවත්නා සම්පූර්ණ සංසාර චක්‍රයට ම උපකාරක ධර්මයක් වන බැවින් විශේෂ ප්‍රත්‍යයෙකි.

මේ සඳහාත් තථාගත වචනයෙහි දක්වා ඇති උපමාව නම්.

“පින්වත් මහණෙනි, සොරෙකු අල්ලාගත් රාජ පුරුෂයන් විසින් සොරා ව රජු ඉදිරියට පමුණුවති. රජතුමා ඔහුට උදේ කාලයේ දී හෙල්ල පහර සියයක් අනින්නට නියම කරයි. දහවල් කාලයේ දී තවත් හෙල්ල පහර සියයක් ද රාත්‍රියට තවත් හෙල්ල පහර සියයක් ද අනින්නට නියම කරයි. මෙසේ ඒ සොරා විසින් දිනකට හෙල්ල පහර තුන්සියයකින් පහර කද්දී බොහෝ දුක් දොම්නස් විඳියි. ඒ සොරා දවස පුරා ම දුකින් තොරව සිටින මොහොතක් නැත.”

මේ ආකාරයට විඤ්ඤාණ ආහාරය ගැන වටහාගත යුතු බව භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. යම් කෙනෙක් විඤ්ඤාණ ආහාරය මැනවින් අවබෝධ කළහොත් ඔහු නාමරූපයන් ගැන මනාකොට අවබෝධ කරයි. යම් ඒ ශ්‍රාවකයෙක් නාමරූපයන් ගැන පරිපූර්ණ අවබෝධයකට පැමිණේ ද ඔහුට නිවන පිණිස මත්තෙහි කළ යුතු කිසිවක් නොමැති බව බුදු සමිඳුන් වදාළ සේක.

මේ සූත්‍රයෙන් තථාගතයන් වහන්සේ සත්ත්වයන් ගේ උත්පත්තියට හා පැවැත්මට ආහාර සතර හේතුවන බව දක්වා අනතුරුව ආහාර සතර ඇතිවීමටත් යම් කිසි හේතුවක් තිබිය යුතු බැවින් ඒ ප්රශ්නය තමන් වහන්සේ විසින් ම මතු කොට තෘෂ්ණාව ආහාර ඇති වීමේ හේතුව ය යි වදාළ සේක.

“තෘෂ්ණාව නිසා ආහාර ඇතිවන්නේ කෙසේද?” යනු මෙහිදී විසඳා ගත යුතු ය. සත්ත්වයකු භවයෙහි ප්‍රථමයෙන් උපදින්නේ - පිළිසිඳ ගන්නේ අතීත භවයෙහි වූ තණ්හාව නිසා ය. පරිපූර්ණආයතන ඇති සත්ත්වයකු භවයෙහි උපදනා කල්හි ඒ සත්ත්වයාහට ප්රතිසන්ධිචිත්තය සමග ම චක්ෂුර්දශකය - ශ්රෝත්රදශකය - ඝ්රාණදශකය - ජිහ්වාදශකය - කායදශකය - භාවදශකය - වස්තුදශකය යන රූප කලාප සත පහළ වේ. ආයතන සම්පූර්ණ නො වන ප්රතිසන්ධි ඇතියවුන්ට එයට අඩු ගණනක් රූප කලාපයෝ ප්රතිසන්ධි චිත්තය සමග උපදිති. ඒ සෑම රූප කලාපයක ම කබලිංකාරාහාරය යි කියනු ලබන ඕජා රූපය ඇත්තේ ය. එය අතීත භවයේ පැවති තෘෂ්ණාව උපනිඃශ්‍රය කොට ඇතිවන කර්මජ කබලිංකාරාහාරය ය. ප්රතිසන්ධි චිත්තය අතීත භවයට අයත් තණ්හාව හේතු කොට ඇති වන විඥානාහාරය ය. ප්රතිසන්ධි චිත්තය සමග ඇති චේතනාව මනෝසඤ්චේතනාහාරය ය. ප්රතිසන්ධි චිත්තය සමග උපදනා ඵස්ස චෛතසිකය ඵස්සාහාරය ය.

මෙසේ ජීවිත කාලය මුළුල්ලෙහි ම අතීත භවයට අයත් තණ්හා ප්‍රත්‍යය වී ආහාර සතර සංසාර චක්‍රයේ ම අංග වී ඇති වන සැටි තේරුම් ගත යුතු ය. අභිධර්මය උගත් අයට මෙය පහසුවෙන් වැටහෙනු ඇත. ආහාරයේ හේතුව දක්වා අනතුරුව තෘෂ්ණාදියේ හේතූන් ද වදාරා ඇත්තේ ය. බොහෝ තැන්වල තථාගතයන් වහන්සේ ප්‍රතීත්‍ය සමුත්පාදය දේශනය කොට තිබෙන්නේ දේශනය අනාගතයට යොමු කොට ය. මේ සූත්‍රයෙහි ප්‍රතීත්‍ය සමුත්පාදය දක්වා තිබෙන්නේ අතීතයෙන් ය.

මේ සූත්‍රයෙහි දැක්වෙන ආහාර මූලික පටිච්චසමුප්පාදයට ඇත්තේ ආහාර, තණ්හා, වේදනා, ඵස්ස, සළායතන, නාමරූප, විඤ්ඤාණ, සංඛාර, අවිජ්ජා යන අංග නවය ය.

එහි ආහාර වශයෙන් ගනු ලබන්නේ වර්තමාන පඤ්චස්කන්ධය ය. තෘෂ්ණාවය යනු වර්තමාන භවය ඇති කළ කර්මය ය. වේදනා ඵස්ස සළායතන නාම රූප විඤ්ඤාණ යන අංගවලින් දක්වන්නේ වර්තමාන උත්පත්තියට හේතු වූ කර්මය කළ අතීතානන්තර භවය ය. සංඛාර අවිජ්ජා යන අංග දෙකින් ගනු ලබන්නේ අනන්තරාතීත භවය ඇති කළ කර්මය ය. මෙසේ මේ සූත්‍රයෙහි ස්ථාන දෙකක භවයත් ස්ථාන දෙක්හි උප්පත්තියට හේතු වූ කර්මයත් දැක්වීම් වශයෙන් සංක්ෂේපයෙන් කර්‍මවෘත්ත විපාකවෘත්තයන්ගේ වශයෙන් සංසාර ප්‍රවෘත්තිය දක්වා ඇත්තේ ය.

මෙහි ද පෙර දැක් වූ පටිච්චසමුප්පාදයෙහි මෙන් ම සන්ධි තුනක් ඇත්තේ ය. ආහාර - තණ්හා දෙදෙනා ගේ අතර එක් සන්ධියකි. තණ්හා - වේදනාවන් අතර එක් සන්ධියකි. විඤ්ඤාණ - සංඛාරයන් අතර එක් සන්ධියෙකි. සන්ධි තුනක් වන කල්හි කොටස් සතරක් ඇත්තේ ය. මේ චක්‍රයට භව තුනක් සම්බන්ධ වී ඇත්තේ ය. මෙසේ අතීතයට යොමු කොට සංසාර ප්‍රවෘත්තිය දැක් වූ කල්හි ඒ නයින් අනාගත සංසාර ප්‍රවෘත්තිය දත හැකි ය. මෙතෙකින් ආහාර සූත්‍ර විස්තරය අවසන් කරන ලදී.

රාගය වේනම්...

“පින්වත් මහණෙනි, එය මෙවන් දෙයකි. රෙදි පාට කරන්නෙක් හෝ සිත්තරෙක් හෝ සිටියි. ඔහු මටසිළිටි පුවරුවක හෝ බිත්තියක හෝ වස්ත්‍රයක හෝ යම් කිසි වර්ණයකින් ස්ත්‍රියකගේ හෝ පුරුෂයෙකුගේ සියලු අඟපසඟ සහිත චිත්‍රයක් මවයි. පින්වත් මහණෙනි, ඔය අයුරින් ම කබලිංකාර ආහාර ගැන හෝ ස්පර්ශ ආහාරය ගැන හෝ මනෝ සංචේතනා ආහාරය ගැන හෝ විඤ්ඤාණ ආහාරය ගැන රාගය ඇත්නම්, ආශාව ඇත්නම්, තණ්හාව ඇත්නම් එතැන විඤ්ඤාණය පිහිටයි. එතැන නාමරූප බැසගනියි. එතැන සංස්කාරයන් වර්ධනය වෙයි. යළි යළි ඉපදීම සිදුවෙයි. පින්වත් මහණෙනි, එය ඉතා ශෝක සහිත පීඩා සහිත මහත් ආයාසකර දෙයක් බව පවසමි.”

රාගය නොවේනම්.

”මේ ආහාර සතර ගැන රාගය නැති නම්, ආශාව නැති නම්, තණ්හාව නැති නම් එතැන විඤ්ඤාණය නො පිහිටයි. යම් තැනක විඤ්ඤාණය නො පිහිටයි ද එතැන නාමරූපයේ බැසගැනීමක් නැත. යම් තැනක නාමරූපයේ බැසගැනීමක් නැති නම් එතැන සංස්කාරයන්ගේ වර්ධනයක් නොමැත. යම් තැනක සංස්කාර වර්ධනයක් නැති නම් යළි යළි උපතක් නැත. යළි ඉපදීමක් නැති නම් එහි ජරාවක්, මරණයක් නැත. පින්වත් මහණෙනි, එය ශෝක රහිත වූ පීඩා රහිත වූ වෙහෙසකර නො වූ දෙයක් බව පවසමි. පින්වත් මහණෙනි. එය මෙවැනි දෙයකි. හිරු නැග එද්දී යම් කිසි ගොඩනැගිල්ලක ජනේලයෙන් හිරු රැස් පැමිණ බටහිර පැත්තේ බිත්තියට වැටෙයි. බටහිර පැත්තේ බිත්තිය නො තිබුණොත් එම හිරු රැස් පොළොවට වැටෙයි. යම් හෙයකින් පොළොව නොමැති නම් හිරු රැස් වැටෙන්නේ ජලයට යි. යම් හෙයකින් ජලයත් නොමැති නම් හිරු රැස් කිසි ම තැනක නො පිහිටයි.”

මෙලෙස මේ ආහාරයන් ගැන තණ්හාවෙන් යුක්ත වීම නිසා සසර ගමන යළි යළි සැකසෙන අයුරුත් එම තණ්හාව ම නිරුද්ධ වූ විට සසර ගමන අවසන් වන අයුරුත් බුදුරජාණන් වහන්සේ මැනවින් පෙන්වා දුන් සේක. සම්මා සම්බුදුරජාණන් වහන්සේනමක් විසින් මෙවැන්නක් නො වදාරන්නට දෙව් මිනිසුන් කිසිවෙකුත් භවය පෝෂණය වීමක් හෝ එයින් නිදහස් වීමක් දන්නේ නැත. තථාගත ධර්මයේ පිහිටා කටයුතු කරන ශ්රාවකයා අවිද්‍යාව දුරු කරයි.

තණ්හාව දුරුකරයි. විද්‍යාවත්, විමුක්තියත් සාක්ෂාත් කරයි. එවිට මේ ආහාරයන්ගෙන් ඔහුගේ සසර ගමන පෝෂණය ලබන්නේ නැත. ඒ උත්තම ශ්රාවකයා පහන් සිලක් නිවෙන සේ පිරිනිවී වඩින සේක. මෙවන් දහමක් වදාළ ශාස්තෘන් වහන්සේ ඒකාන්තයෙන් ම ආශ්චර්යවත් වන සේක. ඒ නිවන් මග වැඩි මහ සඟරුවනත් ආශ්චර්යවත් වන සේක. මේ සොඳුරු දහම අවබෝධ කර ගන්නට ඔබටද මටද අපට ද වාසනාව උදා වේවා!

නිවන් මග පිණිසම වේවා෴

යහපතක් ම වේවා෴

තුනුරුවන්ගේම සරනයි.

[QUOTE="asliyanage, post: 29777832, member: 8764"] [IMG alt="☸️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t52/1/16/2638.png[/IMG]෴04 ) විඤ්ඤාණ ආහාරය ‘විඤ්ඤාණ’ යනු දැන ගැනීමයි. ඇසින් රූප දැනගැනීම ඇසේ විඤ්ඤාණය යි. ඇසත් රූපත් නිසා ඇසේ විඤ්ඤාණය හටගනී. කනත් ශබ්දයත් නිසා කනේ විඤ්ඤාණය හටගනී. නාසයත් ගඳ සුවඳත් නිසා නාසයේ විඤ්ඤාණය ද, දිවත් රසයත් නිසා දිවේ විඤ්ඤාණය ද, කයත් පහසත් නිසා කයේ විඤ්ඤාණය ද, මනසත් අරමුණුත් නිසා මනසේ විඤ්ඤාණය ද හටගනී. විඤ්ඤාණය ද හට නො ගන්නා මොහොතක් නැත. විඥනය කියන්නේ සිතටයි. සිත හේතුවක් බවට පත්වෙනවා නාම රූප හට ගැනීමට. නාම කියන්නේ වේදනා, සංඥා, සංඛාර යන ස්කන්ධ තුනටයි. රූප කියන්නේ කියන්නේ කලල රූපයෙන් පටන් අරගෙන හැදුණු වැඩුණු මේ ශරිරයටයි. එයිනුත් පැහැදිලි වෙනවා පටිච්ඡ සමුපාදයේ ඉගැන්වෙනවා විඥාන පච්ඡයා නාම රූපං කියලා ඉගැන්වෙන්නෙත් මේ කරුණයි. විඥනය නිසයි නාමය සහ රූපය හටගන්න හේතුව බව පැහැදිලි කරලා තියනවා. බුදුරජාණන් වහන්සේ මේ සියල්ල හදුනා ගත්ත උත්තමයෙක්. ජීව සෛල වලින් නම් කලලය හට ගන්නේ උන්වහන්සේට කියන්න තිබුණා ජිව සෛල නිසා කලල වගේම රූපය හටගන්නවා කියන කාරණාව. එහෙත් උන්වහන්සේ එසේ කිවේ නැහැ. ඒකට හේතුව එයට හේතු රූපය හට ගන්නේ විඥන ප්‍රත්‍යයෙන් කර්මය මුල්වෙලා කියන කාරණාව නිසයි. මේ පිළිබදවයි ආහාර වලින් උගන්වන්නේ අපි අනුභව කරන ආහාර වලට පමණක් නොවෙයි මේ ආහාර කියලා කියන්නේ. මේ පිළිබදව අවධානය යොමු කිරීමෙන් මෙලොව පරලොව දෙලොවටම යහපත් කර ගන්නත් පරලෝක ජිවිතය යහපත් කර ගන්නත් දෙලොව ජය ගෙන ශාන්ත නිවනට අවස්ථාව උදාවෙනවා. සංසාර චක්‍රයට අයත් ධර්මයන් ගෙන් බොහෝ ගණනක් ම විඥානය ඇසුරු කොට විඥානය හා බැඳී උපදින ධර්මයෝ ය. විඥානයක් නැතහොත් අවිද්‍යාවකුත් නැත. සංඛාරයකුත් නැත: නාමරූපයකුත් නැත: ඵස්සයකුත් නැත: වේදනාවකුත් නැත: තණ්හාවකුත් නැත: කර්ම භවයකුත් නැත: ඒ ධර්මයන්ගේ ඉපදීමටත් පැවැත්මටත් විඥානය තිබිය යුතුම ය. එබැවින් ඒ විඥානයත් ධර්ම එකකට දෙකකට පමණක් ප්‍රත්‍යය වන්නක් නොව හේතුඵල වශයෙන් පවත්නා සම්පූර්ණ සංසාර චක්‍රයට ම උපකාරක ධර්මයක් වන බැවින් විශේෂ ප්‍රත්‍යයෙකි. මේ සඳහාත් තථාගත වචනයෙහි දක්වා ඇති උපමාව නම්. “පින්වත් මහණෙනි, සොරෙකු අල්ලාගත් රාජ පුරුෂයන් විසින් සොරා ව රජු ඉදිරියට පමුණුවති. රජතුමා ඔහුට උදේ කාලයේ දී හෙල්ල පහර සියයක් අනින්නට නියම කරයි. දහවල් කාලයේ දී තවත් හෙල්ල පහර සියයක් ද රාත්‍රියට තවත් හෙල්ල පහර සියයක් ද අනින්නට නියම කරයි. මෙසේ ඒ සොරා විසින් දිනකට හෙල්ල පහර තුන්සියයකින් පහර කද්දී බොහෝ දුක් දොම්නස් විඳියි. ඒ සොරා දවස පුරා ම දුකින් තොරව සිටින මොහොතක් නැත.” මේ ආකාරයට විඤ්ඤාණ ආහාරය ගැන වටහාගත යුතු බව භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. යම් කෙනෙක් විඤ්ඤාණ ආහාරය මැනවින් අවබෝධ කළහොත් ඔහු නාමරූපයන් ගැන මනාකොට අවබෝධ කරයි. යම් ඒ ශ්‍රාවකයෙක් නාමරූපයන් ගැන පරිපූර්ණ අවබෝධයකට පැමිණේ ද ඔහුට නිවන පිණිස මත්තෙහි කළ යුතු කිසිවක් නොමැති බව බුදු සමිඳුන් වදාළ සේක. මේ සූත්‍රයෙන් තථාගතයන් වහන්සේ සත්ත්වයන් ගේ උත්පත්තියට හා පැවැත්මට ආහාර සතර හේතුවන බව දක්වා අනතුරුව ආහාර සතර ඇතිවීමටත් යම් කිසි හේතුවක් තිබිය යුතු බැවින් ඒ ප්රශ්නය තමන් වහන්සේ විසින් ම මතු කොට තෘෂ්ණාව ආහාර ඇති වීමේ හේතුව ය යි වදාළ සේක. “තෘෂ්ණාව නිසා ආහාර ඇතිවන්නේ කෙසේද?” යනු මෙහිදී විසඳා ගත යුතු ය. සත්ත්වයකු භවයෙහි ප්‍රථමයෙන් උපදින්නේ - පිළිසිඳ ගන්නේ අතීත භවයෙහි වූ තණ්හාව නිසා ය. පරිපූර්ණආයතන ඇති සත්ත්වයකු භවයෙහි උපදනා කල්හි ඒ සත්ත්වයාහට ප්රතිසන්ධිචිත්තය සමග ම චක්ෂුර්දශකය - ශ්රෝත්රදශකය - ඝ්රාණදශකය - ජිහ්වාදශකය - කායදශකය - භාවදශකය - වස්තුදශකය යන රූප කලාප සත පහළ වේ. ආයතන සම්පූර්ණ නො වන ප්රතිසන්ධි ඇතියවුන්ට එයට අඩු ගණනක් රූප කලාපයෝ ප්රතිසන්ධි චිත්තය සමග උපදිති. ඒ සෑම රූප කලාපයක ම කබලිංකාරාහාරය යි කියනු ලබන ඕජා රූපය ඇත්තේ ය. එය අතීත භවයේ පැවති තෘෂ්ණාව උපනිඃශ්‍රය කොට ඇතිවන කර්මජ කබලිංකාරාහාරය ය. ප්රතිසන්ධි චිත්තය අතීත භවයට අයත් තණ්හාව හේතු කොට ඇති වන විඥානාහාරය ය. ප්රතිසන්ධි චිත්තය සමග ඇති චේතනාව මනෝසඤ්චේතනාහාරය ය. ප්රතිසන්ධි චිත්තය සමග උපදනා ඵස්ස චෛතසිකය ඵස්සාහාරය ය. මෙසේ ජීවිත කාලය මුළුල්ලෙහි ම අතීත භවයට අයත් තණ්හා ප්‍රත්‍යය වී ආහාර සතර සංසාර චක්‍රයේ ම අංග වී ඇති වන සැටි තේරුම් ගත යුතු ය. අභිධර්මය උගත් අයට මෙය පහසුවෙන් වැටහෙනු ඇත. ආහාරයේ හේතුව දක්වා අනතුරුව තෘෂ්ණාදියේ හේතූන් ද වදාරා ඇත්තේ ය. බොහෝ තැන්වල තථාගතයන් වහන්සේ ප්‍රතීත්‍ය සමුත්පාදය දේශනය කොට තිබෙන්නේ දේශනය අනාගතයට යොමු කොට ය. මේ සූත්‍රයෙහි ප්‍රතීත්‍ය සමුත්පාදය දක්වා තිබෙන්නේ අතීතයෙන් ය. මේ සූත්‍රයෙහි දැක්වෙන ආහාර මූලික පටිච්චසමුප්පාදයට ඇත්තේ ආහාර, තණ්හා, වේදනා, ඵස්ස, සළායතන, නාමරූප, විඤ්ඤාණ, සංඛාර, අවිජ්ජා යන අංග නවය ය. එහි ආහාර වශයෙන් ගනු ලබන්නේ වර්තමාන පඤ්චස්කන්ධය ය. තෘෂ්ණාවය යනු වර්තමාන භවය ඇති කළ කර්මය ය. වේදනා ඵස්ස සළායතන නාම රූප විඤ්ඤාණ යන අංගවලින් දක්වන්නේ වර්තමාන උත්පත්තියට හේතු වූ කර්මය කළ අතීතානන්තර භවය ය. සංඛාර අවිජ්ජා යන අංග දෙකින් ගනු ලබන්නේ අනන්තරාතීත භවය ඇති කළ කර්මය ය. මෙසේ මේ සූත්‍රයෙහි ස්ථාන දෙකක භවයත් ස්ථාන දෙක්හි උප්පත්තියට හේතු වූ කර්මයත් දැක්වීම් වශයෙන් සංක්ෂේපයෙන් කර්‍මවෘත්ත විපාකවෘත්තයන්ගේ වශයෙන් සංසාර ප්‍රවෘත්තිය දක්වා ඇත්තේ ය. මෙහි ද පෙර දැක් වූ පටිච්චසමුප්පාදයෙහි මෙන් ම සන්ධි තුනක් ඇත්තේ ය. ආහාර - තණ්හා දෙදෙනා ගේ අතර එක් සන්ධියකි. තණ්හා - වේදනාවන් අතර එක් සන්ධියකි. විඤ්ඤාණ - සංඛාරයන් අතර එක් සන්ධියෙකි. සන්ධි තුනක් වන කල්හි කොටස් සතරක් ඇත්තේ ය. මේ චක්‍රයට භව තුනක් සම්බන්ධ වී ඇත්තේ ය. මෙසේ අතීතයට යොමු කොට සංසාර ප්‍රවෘත්තිය දැක් වූ කල්හි ඒ නයින් අනාගත සංසාර ප්‍රවෘත්තිය දත හැකි ය. මෙතෙකින් ආහාර සූත්‍ර විස්තරය අවසන් කරන ලදී. රාගය වේනම්... “පින්වත් මහණෙනි, එය මෙවන් දෙයකි. රෙදි පාට කරන්නෙක් හෝ සිත්තරෙක් හෝ සිටියි. ඔහු මටසිළිටි පුවරුවක හෝ බිත්තියක හෝ වස්ත්‍රයක හෝ යම් කිසි වර්ණයකින් ස්ත්‍රියකගේ හෝ පුරුෂයෙකුගේ සියලු අඟපසඟ සහිත චිත්‍රයක් මවයි. පින්වත් මහණෙනි, ඔය අයුරින් ම කබලිංකාර ආහාර ගැන හෝ ස්පර්ශ ආහාරය ගැන හෝ මනෝ සංචේතනා ආහාරය ගැන හෝ විඤ්ඤාණ ආහාරය ගැන රාගය ඇත්නම්, ආශාව ඇත්නම්, තණ්හාව ඇත්නම් එතැන විඤ්ඤාණය පිහිටයි. එතැන නාමරූප බැසගනියි. එතැන සංස්කාරයන් වර්ධනය වෙයි. යළි යළි ඉපදීම සිදුවෙයි. පින්වත් මහණෙනි, එය ඉතා ශෝක සහිත පීඩා සහිත මහත් ආයාසකර දෙයක් බව පවසමි.” රාගය නොවේනම්. ”මේ ආහාර සතර ගැන රාගය නැති නම්, ආශාව නැති නම්, තණ්හාව නැති නම් එතැන විඤ්ඤාණය නො පිහිටයි. යම් තැනක විඤ්ඤාණය නො පිහිටයි ද එතැන නාමරූපයේ බැසගැනීමක් නැත. යම් තැනක නාමරූපයේ බැසගැනීමක් නැති නම් එතැන සංස්කාරයන්ගේ වර්ධනයක් නොමැත. යම් තැනක සංස්කාර වර්ධනයක් නැති නම් යළි යළි උපතක් නැත. යළි ඉපදීමක් නැති නම් එහි ජරාවක්, මරණයක් නැත. පින්වත් මහණෙනි, එය ශෝක රහිත වූ පීඩා රහිත වූ වෙහෙසකර නො වූ දෙයක් බව පවසමි. පින්වත් මහණෙනි. එය මෙවැනි දෙයකි. හිරු නැග එද්දී යම් කිසි ගොඩනැගිල්ලක ජනේලයෙන් හිරු රැස් පැමිණ බටහිර පැත්තේ බිත්තියට වැටෙයි. බටහිර පැත්තේ බිත්තිය නො තිබුණොත් එම හිරු රැස් පොළොවට වැටෙයි. යම් හෙයකින් පොළොව නොමැති නම් හිරු රැස් වැටෙන්නේ ජලයට යි. යම් හෙයකින් ජලයත් නොමැති නම් හිරු රැස් කිසි ම තැනක නො පිහිටයි.” මෙලෙස මේ ආහාරයන් ගැන තණ්හාවෙන් යුක්ත වීම නිසා සසර ගමන යළි යළි සැකසෙන අයුරුත් එම තණ්හාව ම නිරුද්ධ වූ විට සසර ගමන අවසන් වන අයුරුත් බුදුරජාණන් වහන්සේ මැනවින් පෙන්වා දුන් සේක. සම්මා සම්බුදුරජාණන් වහන්සේනමක් විසින් මෙවැන්නක් නො වදාරන්නට දෙව් මිනිසුන් කිසිවෙකුත් භවය පෝෂණය වීමක් හෝ එයින් නිදහස් වීමක් දන්නේ නැත. තථාගත ධර්මයේ පිහිටා කටයුතු කරන ශ්රාවකයා අවිද්‍යාව දුරු කරයි. තණ්හාව දුරුකරයි. විද්‍යාවත්, විමුක්තියත් සාක්ෂාත් කරයි. එවිට මේ ආහාරයන්ගෙන් ඔහුගේ සසර ගමන පෝෂණය ලබන්නේ නැත. ඒ උත්තම ශ්රාවකයා පහන් සිලක් නිවෙන සේ පිරිනිවී වඩින සේක. මෙවන් දහමක් වදාළ ශාස්තෘන් වහන්සේ ඒකාන්තයෙන් ම ආශ්චර්යවත් වන සේක. ඒ නිවන් මග වැඩි මහ සඟරුවනත් ආශ්චර්යවත් වන සේක. මේ සොඳුරු දහම අවබෝධ කර ගන්නට ඔබටද මටද අපට ද වාසනාව උදා වේවා! නිවන් මග පිණිසම වේවා෴ යහපතක් ම වේවා෴ තුනුරුවන්ගේම සරනයි. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom