ආහාර වැළඳිය යුතු ආකාරය

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    ආහාර වැළඳිය යුතු ආකාරය

    ඔබට සිල් ගත් දිනයේ දී සමහරවිට සැදැහැවතුන්ගෙන් දානය ලැබෙන්නට පිළිවන. ඒ දානය සමහර විට ප්‍ර‍ණීත එකක් වන්නට පිළිවන. ප්‍ර‍ණීත භෝජනයක් ලද හොත් ලෝභය ඇති විය හැකිය. කටුක නීරස භෝජනයක් ලද කල්හි කෝපය ඇති විය හැකි ය. ඔබ මේ පොහොය දිනයේ දී ලද ප්‍ර‍ණීත භෝජනය ගැන ලෝභය නූපදවා නොමනා බොජුන් ගැන කෝප නොවී මැදහත්ව නුවණින් ඒ ආහාරය වැළඳිය යුතු ය.

    ඔබට පිළිගන්වන දානය අතට ගෙන “දානය දුන් පින්වතා නිදුක් වේවා, නිරෝග වේවා, සුවපත් වේවා, මේ ආහාරගෙන් මාගේ සාගින්න නිවෙන්නාක් මෙන් මේ දානය දුන් පින්වතාගේ සියලු දුක්ගිනි නිවේවා” යි මෙත් වඩා: “මා මේ ආහාරය වළඳන්නේ රස විඳීමට හෝ ඇඟ තර කර ගැනීමට හෝ ඇඟ පැහැපත් කර ගැනීමට හෝ නොවේ ය. මා මෙය වළඳන්නේ සාගින්න නිවා ගැනීම පිණිස ය. ශරීරය හා ජීවිතය පවත්වා ගැනීම පිණිස ය, ප්‍ර‍තිපත්ති පිරිය හැකිවීම පිණිස ය”යි ද සිතා ආහාරය වළඳන්න.

    ආහාර ප්‍ර‍තික්කූල සංඥා භාවනාව

    ශමථ කර්මස්ථාන සතළිසක් ඇත්තේ ය. ඉන් එකක් ආහාරය පිළිබඳ කමටහනෙකි. ඒ කමටහන සිහි කරමින් ආහාර ගැනීම පුරුදු කරගත හොත් ඉතා හොඳ ය. එය කාමරාග සංයෝජනය සිඳ අනාගාමි ඵලයට පැමිණ බ්‍ර‍හ්ම ලෝකයට යාමට උපකාර වන කර්මස්ථානයකි. ඒ භාවනාව නම් ආහාරයෙහි ඇති පිළිකුල් බව නැවත නැවත සිහි කිරීම ය. ප්‍ර‍තික්කූල සංඥාවෙන් ආහාර වළඳන්නේ මෙසේය.

    ආහාර බඳුන ගෙන මෙසේ සිතනු:- ඉතා ශුද්ධ වස්තුවක් ලෙස මනා වර්ණයෙන් හා සුවඳින් යුක්ත වන දුටුවන්ට අනුභව කරන්නට සිතෙන මේ ආහාරය මා විසින් අත දමා ඇනූ කල්හි කලින් පැවති ලස්සන නැති වී කැත වන්නේ ය. බල්ලකුට කපුටකුට මිස අනිකකුට නොදිය හැකි තත්ත්වයට පැමිණෙන්නේ ය. හැනීමෙන් පිළිකුල් බවට පත් වූ ඒ ආහාරය කටට ගෙන දිවෙන් පෙරළ පෙරළා සැපූ කල්හි සුණු වී කෙළ සෙම් හා මිශ්‍ර‍වී බලු වමනයක් සේ පිළිකුල් බවට පැමිණෙන්නේ ය. එය කටින් පිටතට දැමුව හොත් පිළිකුල නිසා සමීපයේ සිටියෝ පලා යන්නාහ. මුව තුළ දී අධික අපවිත්‍ර‍ භාවයකට පැමිණි ඒ ආහාරය ගලනාළය දිගේ ගොස් ආමාශයට පත් කල්හි කිසි කලෙක පිරිසිදු නොකළ වැසිකිළි වළක් බඳු වූ ආමාශයේ සෙම් පිත් හා මිශ්‍රවෙමින් පෙණ දම දමා පැසී වඩාත් පිළිකුල් බවට පැමිණෙන්නේ ය. එහි දී ආහාරයේ පැහැය වෙනස් වී දුර්ගන්ධ භාවයට පැමිණෙන්නේ ය. වඩාත් පිළිකුල් බවට පැමිණියා වූ ඒ ආහාරය ක්‍ර‍මයෙන් වඩ වඩාත් පිළිකුල් බවට පැමිණෙමින් පණුවන් ද සමග අධෝ මාර්ගය කරා ගමන් කරන්නේ ය. පරම අපවිත්‍ර‍ භාවයට ප්‍ර‍තික්කූල භාවයට පැමිණියා වූ ඒ ආහාර ජනයාට පෙනෙන තැනක බැහැර කළ නො හැකි වන්නේ ය. බැහැර කිරීමට ජන ශූන්‍යස්ථානයකට යන්නට සිදු වන්නේ ය. මේ ආහාරයේ ස්වභාවය ය.

    මේ ගාථා ද භාවනා වශයෙන් සිහි කිරීම, සජ්ඣායනා කිරීම මැනවි.

    1. අන්නං පානං ඛාදනීයං - භෝජනං ච මහාරහං,

    ඒකද්වාරේන පවිසිත්වා - නවද්වාරේහි සන්දති.



    2. අන්නං පානං ඛාදනීයං - භෝජනං ච මහාරහං,

    භුඤ්ජති සපරිවාරො - නික්ඛාමෙන්තෝ නිලීයති.



    3. අන්නං පානං ඛාදනීයං - භෝජනං ච මහාරහං,

    භුඤ්ජති අභිනන්දන්තෝ - නික්ඛාමෙන්තෝ ජිගුච්ඡති.



    4. අන්නං පානං ඛාදනීයං - භෝජනං ච මහාරහං,

    ඒකරත්ති පරිවාසා - සබ්බං භවති පූතිකං.

    තේරුම:-

    (1) බත් ද පැන් ද කැවිලි ද වටිනා බොජුන් ද යන මේවා එක් දොරකින් ශරීරයට ඇතුළුව නව දොරකින් වැගිරෙන්නේ ය.

    (2) බත් ද පැන් ද කැවිලි ද වටිනා බොජුන් පිරිවර ද සහිතව හිඳ අනුභව කරන්නේ ය. පිටකරන කල්හි සැඟවෙන්නේ ය.

    (3) බත් ද පැන් ද කැවිලි ද වටිනා බොජුන් ද ප්‍රීතියෙන් අනුභව කරන්නේ ය. කයින් බැහැර කරන කල්හි පිළිකුල් කරන්නේ ය.

    (4) බත් ද පැන් ද කැවිලි ද වටිනා බොජුන් ද එක් රාත්‍රියකින් සම්පූර්ණයෙන් කුණු වන්නේ ය.

    ආහාරයේ තතු සලකා බැලීම සම්බන්ධයෙන් තථාගතයන් වහන්සේ විසින් මෙසේ වදාරා ඇත්තේ ය.

    කබලිංකාරේ භික්ඛවේ, ආහාරේ පරිඤ්ඤතේ පඤ්චකාම ගුණිකෝ රාගෝ පරිඤ්ඤාතෝ හෝති. පඤ්ඤකාම ගුණිකේ රාගේ පරිඤ්ඤාතේ නත්ථි තං සංයෝජනං. යෙන සංයෝජනෙන සංයුත්තෝ අරියසාවකෝ පන ඉමං ලෝකං ආගච්ඡෙය්‍ය.

    තේරුම:-

    “මහණෙනි, කබලිංකාර ආහාරය පිරිසිඳ දැනගත් කල්හි පඤ්චකාමයන් පිළිබඳ වූ රාගය ද පිරිසිඳ දැන ගත්තේ වන්නේ ය. පඤ්චකාමය පිළිබඳ රාගය පිරිසිද දැනගත් කල්හි යම් සංයෝජනයක් නිසා ආර්යශ්‍රාවකයා කාමලෝකයේ උපදී ද ඒ සංයෝජනය ඔහුට නැත්තේ ය. ඔහු නැවත කාමලෝකයේ නූපදින්නේ ය..

    පැරැණි පලකිරීමක් නැවතත්.

    සතර ආහාර පිළිබඳ පරිපූර්ණ දැනුවත් වීමකට උපකාර පිණිස...🌼👉
     
    • Like
    Reactions: kinkon

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඇස් ලියනගේ කියන්නේ ආගම ඕවර්ඩෝස් ගත්තු ටොක්සික් මානසික ලෙඩෙක්

    බුද්ධහගම නැති වෙලා ගියොත් යන්නෙ මේ වගේ උන් නිසා. මොකද නිතරම නෙගටිව් හැමදේම. නෙගටිව් නෙගටිව්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,315
    166,630
    113
    එකමත් එක රටක
    “මා මේ ආහාරය වළඳන්නේ රස විඳීමට හෝ ඇඟ තර කර ගැනීමට හෝ ඇඟ පැහැපත් කර ගැනීමට හෝ නොවේ ය. මා මෙය වළඳන්නේ සාගින්න නිවා ගැනීම පිණිස ය. ශරීරය හා ජීවිතය පවත්වා ගැනීම පිණිස ය, ප්‍ර‍තිපත්ති පිරිය හැකිවීම පිණිස ය”
    pE3gvPK.gif
     
    • Love
    Reactions: Candid-B

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    ආහාරය” යනුවෙන් හඳුන්වනු ලබන්නේ කෑයුතු හා අනුභව කළ යුතු යන අර්ථ ගැන්වෙන වචනයකි. එමෙන්ම රූප ධර්මයන්ගේ පෝෂණය පිළියෙල කරන රස ඕජාව ලෙසින් ද ආහාරය සැලකේ. ආහාරය වනාහි මිනිසාට ජීවත්වීමට පමණක් නොව මිනිසාගේ චර්යාත්මක හැඩගැසීම කෙරෙහි හා ආත්ම සංවරත්වය පිණිස ද බලපානු ලබන එක් කාරකයක් බව පැහැදිලි කරුණකි. ශාසනික ප්‍රතිපදාව ආරක්ෂා කරනු ලබන භික්ෂුව සිය ආත්ම සංවරත්වය පිණිස ආහාරය ලබාගත යුතු බවත් එය කෙසේ පවත්වාගත යුතුද? යන්න දක්වන තැනින් ආහාර ගැනීමේ බෞද්ධ ප්‍රතිපදාව කවරේද? යන්න දැනගත හැකිය.

    ආහාරය අනුභව කළ යුත්තේ විනෝදය පිණිස, පුරුෂ මේදය වඩවා ගැනීම පිණිස, සිරුර තරකර ගැනීම පිණිස, සිරුර පැහැපත් කර ගැනීම පිණිස නොව ශරීරයත් ජීවිතයත් පවත්වාගෙන යාම පිණිසත්, කුසගිනි වේදනාව නැතිකර ගැනීම පිණිසත් ආහාරය ලබාගත යුතු බව දක්වයි. ආහාර ප්‍රත්‍යවේක්ෂා කොට වැළඳිය යුතු යැයි භික්ෂූන්ට බුදුරදුන් වදාළේ ආහාරයට ඇති රුචිය ආශාව රසය පිළිබඳ ඇතිවන ගිජු බවින් උන්වහන්සේලා මුදවා ගෙන ශාසනික අරමුණු මුදුන්පත් කර ගැනීමට අවකාශදීම කේන්ද්‍ර කෙටගෙනය. දිනක් භාගින්‍යෙය සංඝරක්ඛිත හාමුදුරුවන්ට පිණ්ඩපාතය වශයෙන් රසවත් ඇල් හාලේ බතක් ලැබුණි. උන්වහන්සේ ඒ රසයෙන් යුතුව දන්පිලේ දන් වළදන අයුරු දකින ගුරු හාමුදුරුවන් ඇවැත්නි “උනු උනුවේ වළඳා කට පුච්චා ගන්න එපා” යැයි අවවාද කළහ. ගුරු හිමියන් මෙසේ වදාළේ ඇයි ද? යන්න පිළිබඳ භාගින්‍යෙ හාමුදුරුවන් කල්පනා කළේ ය. එවිට උන්වහන්සේට වැටහුනේ තමන් ආහාරය කෙලෙස් සහිතව ගිජු සිතින් යුතුව වැළඳූ ආකාරයයි. ආහාරය ගැන පසුව ප්‍රත්‍යවේක්ෂා කොට දන් පිලේදීම උන්වහන්සේ රහත් බවට පත් වූ සේක. ආහාරය ගැන ආහාර පටිකුල සඤ්ඤාවෙන් බැලීම හරහා භාවනාමය අරමුණක් වෙත ප්‍රවේශගත වීමට ද පුළුවන් මඟක් ලෙසින් බුදුදහමින් අවධාරිතය.

    ආයු වඩ්ඩන සූත්‍රය

    බෞද්ධ ආහාර සංස්කෘතියට අනුව භික්ෂුවගේ සිවු පසයට අයත් ආහාරය සුවිශේෂිතය. කුසගින්න වනාහි බරපතළම රෝගය (ජිගච්ඡා පරමා රෝගා) ලෙසින්ද සෑම සත්වයෙකුම ආහාරයෙන් ජීවත් වන බව ද ( සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා) වේදනාව නැති කර ගැනීමට ද පහසුවිහරණයට ද ආහාරය අවශ්‍ය බව ද බුදු දහමින් පෙන්වා දෙයි. ජීවිතයක ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා යන පඤ්ච බලයම ආදි රැඳී ඇත්තේ ආහාරය මතය. සෑම ජීවිතයක ඉපදීම හා ජීවිතය රඳා පවතිනුයේ ආහාරය පදනම්කරගෙනය. බුදුදහම ආහාරයේ තුලිත බව හා යෝග්‍යත්වය ගැන විශේෂ සැලකික්ලක් දක්වා ඇති අතර රෝග නිවාරණ පාර්ශ්වයක් ලෙසින් ද ආහාරය පෙන්වා දී ඇත. ආහාර ගැනීම හා පාලනය බොහෝ රෝගයනට පිළියමක් ලෙසින් ද ආයුවඩ්න සූත්‍රයට අනුව සඳහන් කළ හැකි වේ. ඉන් දුක් වේදනා නැති වේ. ආහාර පහසුවෙන් දිරවීම ආයුෂ පාලනයට පිටිවහලක් වන බව ද එම සූත්‍රය පෙන්වා දෙන අතර ශරීරයට යෝග්‍ය ආහාර ගැනීම පමණ දැන ගැනීම හා කලින් ගත් ආහාර දිරවීමෙන් පසුව ගැනීම තුළින් ආයුෂයේ ද වර්ධනයක් වන බව තවදුරටත් එම සූත්‍රයේ සඳහන් ය.

    මිනිසාට ලෝකයේ ලැබෙන උතුම් ලාභය නිරෝගී බව යැයි දේශනා කළ බුදුරදුන් නීරෝගී බව නිරතුරුව රැක ගැනීම පිණිස අපගේ පැවැත්ම කෙසේ සකස් කර ගත යුතු ද යන කරුණ සිය දේශනා මඟින් ලෝකයාට අවධාරණය කළ සේක. ව්‍යාධිය වනාහි සත්වයා කෙරෙහි එළඹෙන දුක්ඛ මූලයක් බව පළමුවැනි ධර්ම දේශනාවේදී ම බුදුරදුන් විසින් පැහැදිලි කළහ. ජීවිතය රෝගයනට ආකරයක් බඳුවේ යැයි දේශනා කරමින් ජීවිතය හා රෝගය අතර ඇති සමීප බව ලෝකයාට වටහා දුන් සේක. දිවියක පැවැත්මට අවශ්‍ය ප්‍රධාන ප්‍රත්‍ය හතර අතරට බෙහෙත් පරිෂ්කාරය ඇතුළත් කරමින් නීරෝගී බව රැක ගැනීම ගැන විශේෂ අවධානය නිරතුරුව තිබිය යුතු කරුණක් බව ද අනාවරණය කළ සේක. සෞඛ්‍ය රැක ගැනීම හා ඊට අදාළ දේශනා බොහෝ විට භික්ෂූන් වෙත දේශනා කළ බව විනය පිටකයෙන් පැහැදිලිය. එබැවින් ආහාරයේ සරල බව හා අනුභව කළ යුතු ආකාරයත් එක් අතකින් නිරෝගී දිවියට ඉවහල්වන කරුණක් බව ද අවධාරණය කර තිබේ. උදරය පුරණය අරමුණු කරගත් පැවිද්ද වනාහි කුම්භිල බයක් ලෙස එනම් කිඹුල් බියක් ලෙසින් බුදුදහම පෙන්වා දෙයි. මෙයින් අදහස් කරනුයේ කිඹුලන් වෙසෙන විලකට බට කෙනෙකු ඔවුන් විසින් කා දමන්නාක් මෙන් කෑදරකමින් යුතුව ආහාර ගනු ලබන භික්ෂුව වහා පිරිහෙන බවය. මෙම ඔවදන අංග කීපයකින් භික්ෂුනට පමණක් නොව ගිහියනට ද වැදගත්ය. රසය පදනම්කොට අසහනයට පත් ජනයා එහි ගැලී තමනට රස බොජුන් නොලැබේය යන ශෝකයෙන් කල්යවන අතර ඇතැම් පිරිස් එම භෝජනයේ ගැලී අතෘප්තිමත්ව අසහනයට මෙන්ම විවිධ ව්‍යාධීනට ලක්ව අපමණ දුක් විඳිති.

    සෞඛ්‍යය සංරක්ෂණයට හිතකර සාධක

    ආහාරය නිසි කලට ලබාගත යුත්තක් වන අතර එමඟින් ආහාරයෙන් ලබාගත හැකි වාසිය ද අත්කර ගැනීමට හැකියාව ලැබේ. කාල යනු ආහාරයට ගනු ලබන කාලය ලෙසත් නොගන්නා කාලය විකාලය ලෙසත් සැලකේ. මජ්ක්‍ධිම නිකායේ කාකචුප සහ භද්දාලි යන සූත්‍රවල ඒකාසන භෝජනයේ එක් වේලක් (පෙරබත්) වැළඳීමෙහි අනුසස් මෙසේ දක්වන ලදී. එනම් ආබාධ රහිත බව (අප්පා බාධකං) නිදුක් බව (අප්පාතං කථං), ශරීරයෙහි සැහැල්ලු බව (ලහුට්ඨානං), කාය බලය (කාය බලං) සුඛ විහරණය ( සුඛ විහරණය) යන කරුණු පහයි. ආහාරය පමණ දැන වේලාව දැන ගැනීම මින් අදහස් කෙරේ. බුදුරදුන් ආහාරය පිළිබඳ දක්වන ලද අදහස් අතුරින් වැදගත් ප්‍රකාශයක් වන්නේ ආහාරයේ පමණ දැන වැළඳීමයි. එහි කරුණු කීපයක් දක්වයි. එනම් බොජුන් සෙවිය යුත්තේ තමන්ට සෑහෙන පමණටය, (පරියෙසන මත්ත), පිළිගත යුත්තේ සෑහෙන ප්‍රමාණයටය. (පටිග්ගහන මත්ත) අනුභව කළ යුත්තේ තමාට දිරවන ප්‍රමාණයටය. (පරිභෝග මත්තන) වැළඳිය යුත්තේ නුවණින් මෙනෙහි කොටගෙනය. (පච්චවෙක්ඛන මත්ත), අන්අයට දීම ගැන සැලකීම (විස්සජ්ජන මත්ත) යන මෙම කරුණු පස නොදන්නා වූ පුද්ගලයා ආහාරයේ පමණ නොදනී යැයි වදාළහ. ආහාරයේ පමණ දැන ආහාර ගැනීම (භොජනම්හි ච මත්තඤ්ඤුං) මිනිසාගේ සෞඛ්‍ය සංරක්ෂණයට හිතකර සාධකයක් වේ. ආහාර අනුභවයේ දී ද අනුගමනය කළ යුතු ක්‍රමවේදයක් පෙන්නුම් කරයි. එනම් හතර පස් පිඩක් වැළඳීමට ඉඩ තබා ජලය පාලනය කළ යුතු බවත් එය භික්ෂුවකට සුඛ විහරණයට හේතුවක් බවත් අනුදැන වදාරා තිබේ. ඒ අනුව පුද්ගලයෙකු ආහාර ගැනීමේ දී කුසෙන් අඩකට වැඩි ප්‍රමාණයක් බත් ද ඉතිරි කොටස වැඩි ප්‍රමාණයක් ජලයෙන් ද ඉතිරිය සෙස්ස වාතයේ සංසරණය පිණිස ද ඉඩ තැබිය යුතු වේ.

    අපගේ ආහාරයට යෝග්‍ය ආහාර වර්ග පහක් පාචිත්තිය පාලියේ මෙසේ පෙන්වා දෙයි. එනම් ඔදන නම් සහල් තම්බාගත් බත්ය. කුම්මාස හෙවත් මෑ ඇට යව මුං ආදියෙන් සකස් කළ පිට්ටු වැනි ආහාරයකි. සත්තු යනු විළඳ මී පැණියේ ලා සකස් කළ අග්ගලා විශේෂයකි. ආහාර අනුභවයේ දී අනුගමනය කළ යුතු අනුභව නොකළ යුතු ආහාර වර්ග ද පෙන්වා ඇත. නිදසුන් ලෙසින් මාංශ අනුභවය දැක්විය හැකිය. පාචිත්තිය පාලියේ දී මිනීමස් නොබුදිය යුතු බව දක්වයි එමෙන්ම කිසිදු මාංසයක් නොවිචාරා නොවැළඳිය යුතු බවත් දක්වයි. බුදුරදුන් විසින් අනුභවයට ගත යුතු නොවන මාංස වර්ග කීපයක් ගැන පෙන්වා දී ඇත. නමුත් අනුභවයට සුදුසු මාංස ත්‍රිකෝටික පාරිශුද්ධියට යටත් අනුභවයට අනුදැන වදාරා තිබේ. එනම් භික්ෂූන් උදෙසා මරනු නොදුටු භික්ෂූන් වෙනුවෙන් මරණ ලදැයි නොඇසු භික්ෂූන් උදෙසා මරණ ලදැයි සැකයක් නැති මස් අනුභවය ත්‍රිකෝටික පාරිශුද්ධි මාංසය ලෙසින් සැලකේ. මිහිරි පානයන් ලෙසින් අඹ යුෂ, ජම්බු යුෂ, ඇටි කෙහෙල් යුෂ, මස් කෙහෙල් යුෂ, මී යුෂ, මිදි යුෂ, ඕලු යුෂ, උගුරැස්ස යුෂ (අම්බපානං ජම්බුපානං චොච පානං මොච පානං මුධු පානං මුද්දික පානං සාලුක පානං ඵරුසක පානංයන අෂ්ට විධ පාලන වර්ග අනුදැන වදාළහ. එමෙන්ම දෙහි දොඩම් සියඹලා බෙලි දෙළුම් ආදියෙන් සකසන ලද පැන් වර්ග සහ අව්වේ පැසවා ගන්නා ලද දේ යාවකාලික ගණයේ ලා සැලකේ. ගිතෙල් වෙඬරු තල ලෙසින් සැලකේ. තෙල්, පොල් තෙල් ආදි තෙල් වර්ග ද උක් සකුරු උක් පැණි ආදිය සත්තාහකාලික ආහාර ගණයට අයත් වේ.

    ශික්ෂණයෙන් ආහාර ගැනීම

    ආහාර අනුභවයේ දී අනුගමනය කළ යුතු සංවරත්වය කවරේ ද ? යන්න සේඛීයාවලින් පැහැදිලි වේ. ආහාර අනුභවයේ දී මුව තුළට සම්පූර්ණයෙන් අත ඇතුළු නොකළ යුතු බවත්. මුව තුළ ආහාර ඇති විට කතා නොකළ යුතු බවත්. බත් පිඩු මුව තුළට විසිකරමින් අනුභව නොකළ යුතු බවත්, අත් පා විසිකරමින් ආහාර නොගත යුතු බවත්, දිව තොලෙන් පිටත ගනිමින් ආහාර නොගත යුතු බවත්. බත්සුළු විසුරුවමින් ආහාර නොගත යුතු බවත්, චපු චපු යන ශබ්ද නඟා නොගත යුතු බවත්. අතලෙව කමින් ආහාර නොගත යුතු බවත්, ඉඳුල් අතින් පැන් පිළිනොගත යුතු බවත් දක්වන ශික්ෂා පද භික්ෂුනට පමණක් නොව සැමට ආහාර ශික්ෂණයක් ඇතිව ගැනීමටත් අන් අයට අවහිරයක් හෝ අප්‍රසන්න බවක් ඇති නොවීමට හේතුවක් බවත් පැහැදිලි කරුණකි. ආහාරය සම්බන්ධව භික්ෂූන් විෂයෙහි බොහෝ කරුණු දේශනා කොට ඇතිමුත් එම දේශනාවන් ගිහි පිරිසට ද අවශ්‍ය පරිදි අදාළ කරගත හැකි වනවා පමණක් නොව මානව සංවරත්වය හා සදාචාරය වඩාත් අර්ථවත් කර ගැනීමට ද ඉවහල්වන කරුණක් බව ද සඳහන් කළ යුතු ය.
     
    • Like
    Reactions: kinkon