ආහාර වැළඳිය යුතු ආකාරය

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    🪷ආහාර වැළඳිය යුතු ආකාරය🪷

    ඔබට සිල් ගත් දිනයේ දී සමහරවිට සැදැහැවතුන්ගෙන් දානය ලැබෙන්නට පිළිවන. ඒ දානය සමහර විට ප්‍ර‍ණීත එකක් වන්නට පිළිවන. ප්‍ර‍ණීත භෝජනයක් ලද හොත් ලෝභය ඇති විය හැකිය. කටුක නීරස භෝජනයක් ලද කල්හි කෝපය ඇති විය හැකි ය. ඔබ මේ පොහොය දිනයේ දී ලද ප්‍ර‍ණීත භෝජනය ගැන ලෝභය නූපදවා නොමනා බොජුන් ගැන කෝප නොවී මැදහත්ව නුවණින් ඒ ආහාරය වැළඳිය යුතු ය.

    ඔබට පිළිගන්වන දානය අතට ගෙන “දානය දුන් පින්වතා නිදුක් වේවා, නිරෝග වේවා, සුවපත් වේවා, මේ ආහාරගෙන් මාගේ සාගින්න නිවෙන්නාක් මෙන් මේ දානය දුන් පින්වතාගේ සියලු දුක්ගිනි නිවේවා” යි මෙත් වඩා: “මා මේ ආහාරය වළඳන්නේ රස විඳීමට හෝ ඇඟ තර කර ගැනීමට හෝ ඇඟ පැහැපත් කර ගැනීමට හෝ නොවේ ය. මා මෙය වළඳන්නේ සාගින්න නිවා ගැනීම පිණිස ය. ශරීරය හා ජීවිතය පවත්වා ගැනීම පිණිස ය, ප්‍ර‍තිපත්ති පිරිය හැකිවීම පිණිස ය”යි ද සිතා ආහාරය වළඳන්න.

    https://pitaka.lk/books/pohoya-dinaya/17-1.html
    ************

    🪷ආහාර ප්‍ර‍තික්කූල සංඥා භාවනාව🪷

    ශමථ කර්මස්ථාන සතළිසක් ඇත්තේ ය. ඉන් එකක් ආහාරය පිළිබඳ කමටහනෙකි. ඒ කමටහන සිහි කරමින් ආහාර ගැනීම පුරුදු කරගත හොත් ඉතා හොඳ ය. එය කාමරාග සංයෝජනය සිඳ අනාගාමි ඵලයට පැමිණ බ්‍ර‍හ්ම ලෝකයට යාමට උපකාර වන කර්මස්ථානයකි. ඒ භාවනාව නම් ආහාරයෙහි ඇති පිළිකුල් බව නැවත නැවත සිහි කිරීම ය. ප්‍ර‍තික්කූල සංඥාවෙන් ආහාර වළඳන්නේ මෙසේය.

    ආහාර බඳුන ගෙන මෙසේ සිතනු:- ඉතා ශුද්ධ වස්තුවක් ලෙස මනා වර්ණයෙන් හා සුවඳින් යුක්ත වන දුටුවන්ට අනුභව කරන්නට සිතෙන මේ ආහාරය මා විසින් අත දමා ඇනූ කල්හි කලින් පැවති ලස්සන නැති වී කැත වන්නේ ය. බල්ලකුට කපුටකුට මිස අනිකකුට නොදිය හැකි තත්ත්වයට පැමිණෙන්නේ ය. හැනීමෙන් පිළිකුල් බවට පත් වූ ඒ ආහාරය කටට ගෙන දිවෙන් පෙරළ පෙරළා සැපූ කල්හි සුණු වී කෙළ සෙම් හා මිශ්‍ර‍වී බලු වමනයක් සේ පිළිකුල් බවට පැමිණෙන්නේ ය. එය කටින් පිටතට දැමුව හොත් පිළිකුල නිසා සමීපයේ සිටියෝ පලා යන්නාහ. මුව තුළ දී අධික අපවිත්‍ර‍ භාවයකට පැමිණි ඒ ආහාරය ගලනාළය දිගේ ගොස් ආමාශයට පත් කල්හි කිසි කලෙක පිරිසිදු නොකළ වැසිකිළි වළක් බඳු වූ ආමාශයේ සෙම් පිත් හා මිශ්‍රවෙමින් පෙණ දම දමා පැසී වඩාත් පිළිකුල් බවට පැමිණෙන්නේ ය. එහි දී ආහාරයේ පැහැය වෙනස් වී දුර්ගන්ධ භාවයට පැමිණෙන්නේ ය. වඩාත් පිළිකුල් බවට පැමිණියා වූ ඒ ආහාරය ක්‍ර‍මයෙන් වඩ වඩාත් පිළිකුල් බවට පැමිණෙමින් පණුවන් ද සමග අධෝ මාර්ගය කරා ගමන් කරන්නේ ය. පරම අපවිත්‍ර‍ භාවයට ප්‍ර‍තික්කූල භාවයට පැමිණියා වූ ඒ ආහාර ජනයාට පෙනෙන තැනක බැහැර කළ නො හැකි වන්නේ ය. බැහැර කිරීමට ජන ශූන්‍යස්ථානයකට යන්නට සිදු වන්නේ ය. මේ ආහාරයේ ස්වභාවය ය.

    මේ ගාථා ද භාවනා වශයෙන් සිහි කිරීම, සජ්ඣායනා කිරීම මැනවි.

    1. අන්නං පානං ඛාදනීයං - භෝජනං ච මහාරහං,

    ඒකද්වාරේන පවිසිත්වා - නවද්වාරේහි සන්දති.

    .

    2. අන්නං පානං ඛාදනීයං - භෝජනං ච මහාරහං,

    භුඤ්ජති සපරිවාරො - නික්ඛාමෙන්තෝ නිලීයති.

    .

    3. අන්නං පානං ඛාදනීයං - භෝජනං ච මහාරහං,

    භුඤ්ජති අභිනන්දන්තෝ - නික්ඛාමෙන්තෝ ජිගුච්ඡති.

    .

    4. අන්නං පානං ඛාදනීයං - භෝජනං ච මහාරහං,

    ඒකරත්ති පරිවාසා - සබ්බං භවති පූතිකං.

    තේරුම:-

    1. බත් ද පැන් ද කැවිලි ද වටිනා බොජුන් ද යන මේවා එක් දොරකින් ශරීරයට ඇතුළුව නව දොරකින් වැගිරෙන්නේ ය.

    2. බත් ද පැන් ද කැවිලි ද වටිනා බොජුන් පිරිවර ද සහිතව හිඳ අනුභව කරන්නේ ය. පිටකරන කල්හි සැඟවෙන්නේ ය.

    3. බත් ද පැන් ද කැවිලි ද වටිනා බොජුන් ද ප්‍රීතියෙන් අනුභව කරන්නේ ය. කයින් බැහැර කරන කල්හි පිළිකුල් කරන්නේ ය.

    4. බත් ද පැන් ද කැවිලි ද වටිනා බොජුන් ද එක් රාත්‍රියකින් සම්පූර්ණයෙන් කුණු වන්නේ ය.

    ආහාරයේ තතු සලකා බැලීම සම්බන්ධයෙන් තථාගතයන් වහන්සේ විසින් මෙසේ වදාරා ඇත්තේ ය.

    කබලිංකාරේ භික්ඛවේ, ආහාරේ පරිඤ්ඤතේ පඤ්චකාම ගුණිකෝ රාගෝ පරිඤ්ඤාතෝ හෝති. පඤ්ඤකාම ගුණිකේ රාගේ පරිඤ්ඤාතේ නත්ථි තං සංයෝජනං. යෙන සංයෝජනෙන සංයුත්තෝ අරියසාවකෝ පන ඉමං ලෝකං ආගච්ඡෙය්‍ය.

    තේරුම:-

    “මහණෙනි, කබලිංකාර ආහාරය පිරිසිඳ දැනගත් කල්හි පඤ්චකාමයන් පිළිබඳ වූ රාගය ද පිරිසිඳ දැන ගත්තේ වන්නේ ය. පඤ්චකාමය පිළිබඳ රාගය පිරිසිද දැනගත් කල්හි යම් සංයෝජනයක් නිසා ආර්යශ්‍රාවකයා කාමලෝකයේ උපදී ද ඒ සංයෝජනය ඔහුට නැත්තේ ය. ඔහු නැවත කාමලෝකයේ නූපදින්නේ ය.

    https://pitaka.lk/books/pohoya-dinaya/17-2.html
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,823
    113
    Mother Earth
    ඒක වෙන්නැත් හාමුදුරුවො දානෙට මට මේව දීපන්, මේව හදල දීපන් කියල කියන්නෙ.