///ආ මෙන්න ඔයාටත් SHOT GUN එකක්...///

hiran071

Well-known member
  • Jun 6, 2011
    745
    363
    63
    matale
    ///ආ මෙන්න ඔයාටත් SHOT GUN එකක්...///

    shot gun එක නම් අපේ එළකිරි කොල්ලෝ සෙට් එක බොහොම හොදට දන්න එකක් නේ... :lol: :lol: :lol: මොකද අපි ෆිල්ම් වල බලල හොදටම පුරුදු එක නේ...එහින්දා මං හිතුව ෂොට් ගන් එක ගැන විස්තර ටිකක් දාන්න..
    මතක නේ මේ වැඩ කැල්ල...

    wlockangelinashotgunh.jpg




    මේ කලින් තුවක්කු ගැන මම දාලා තිබ්බ පෝස්ට් ටික..මේවට කට්ටිය ගෙන ගොඩක් ප්‍රතිචාරත් තිබ්බ..
    එවටට් බොහොම ස්තුතියි..
    http://www.elakiri.com/forum/showthread.php?t=1462847
    http://www.elakiri.com/forum/showthread.php?t=1462863
    http://www.elakiri.com/forum/showthread.php?t=1462937




    1magtech0294152.jpg


    Shotgun – ෂොට්ගන් හෙවත් ව්‍යවහාර භාෂාවෙන් පතරොම් තුවක්කු යන වර්ගීකරණයට අයත්වන තුවක්කුවක් ලෙස රිපීටර් තුවක්කුව හඳුන්වා දිය හැකියි. ඉංග්‍රීසි භාෂාවෙන් රිපීට් repeat කියන්නේ නැවත නැවතත් සිදුවෙන, සිදු කරන කියන තේරුම බව ඔබ දන්නවනේ. රිපීටර් තුවක්කුව කියන්නේ එක වරකට පතරොම් කීපයක් ඇතුළු කලපසු ඒවා අවසන් වනතුරු නැවත නැවතත් කොක් කරමින් වෙඩි තැබිය හැකි පතරොම් තුවක්කුවක්.
    ඇත්ත වශයෙන්ම රිපීටර් තුවක්කුව කියන්නේ බොහොම ජනප්‍රිය තුවක්කුවක්. අපේ රටේ පෞද්ගලිකව පාවිච්චි කරන (බලපත් සහිත) රිපීටර් තුවක්කු බොහොම ස්වල්පයයි තිබෙන්නේ. ඒ වගේම බලපත්‍රයක් ඇති කෙනෙකුට වුනත් මිලදීගන්නට රිපීටර් තුවක්කු ශ්‍රී ලංකාවේ එතරම් නැහැ. අපි ඉස්සරවෙලාම බලමුද රිපීටර් තුවක්කුවෙන් වෙඩි තියන හැටි.

    https://www.youtube-nocookie.com/v/TfxAAjo5EJ0?version=3&hl=en_US&rel=0

    ටිකක් අමුතුයි නේද? ඔබ දැක තිබෙන වෙනත් තුවක්කු වල, එක්කෝ සම්පූර්ණ ස්වයන්ක්‍රීයව සියලු පතරොම් එක දිගට වෙඩි තබාගෙන යාහැකි ආකාරයට මැගසින් එකෙන් චේම්බර් එකට එනවා. එහෙම නැත්නම් තුවක්කුවේ කොකා මිරිකන වාරයක් පාසා එක වෙඩිල්ල බැගින් පිටවෙනවා. නමුත් මේ තුවක්කුවේ එහෙම වෙන්නේ නැත්තේ ඇයි? පතරොම් තුවක්කුවකදී පත්තුවන පතරොමෙන් පිටවන වායු ප‍්‍රමාණය එකවර සම්පූර්ණයෙන් මුදා හරින්නට සිදුවෙනවා. එයට හේතුව තුවක්කු පතරොමකින් පිටවන්නේ රයිෆල් හෝ පිස්තෝල පතරොමක මෙන් තනි උණ්ඩයක් නොවේ. තුවක්කු පතරොමක තිබෙන මූනිස්සම් සියල්ලටම එකවර තුවක්කු බටයෙන් පිටවී යාමට ඉඩ දියයුතුයි. ඕනෑම තුවක්කුවක, ස්වයන්ක්‍රීයව ඊළඟ පතරොම ලෝඩ් කිරීමටනම්, ඊට පෙර වෙඩි තැබූ පතරොමෙන් පිටවූ වායුවේ පීඩනය මගින්, තුවක්කුවේ යාන්ත්‍රික කොටස් ක්‍රියාත්මක කරවා ඊළඟ පතරොම චෙම්බරය වෙත රැගෙන ආ යුතුයි.


    රිපීටර් තුවක්කුවේ එක් එක් පතරොම වෙඩි තබන්නා විසින්ම ලෝඩ් කල යුතුයි. ඒ ක්‍රියාව තමයි අර ඉහත වීඩියෝවෙදි ඔබ දුටුවේ, තුවක්කුවේ බටයට (බැරල්) යටින් පිහිටි කෙටි බැරල් එකක් වැනි කොටස, ඉදිරියට පසුපසට තල්ලු කරන (පොම්පයක් ක්‍රියාත්මක කරවනවා වැනි) ආකාරයෙන්. මේ ක්‍රියාව හඳුන්වන්නේ පම්ප් ඇක්ෂන් pump action කියලයි. ඒ නිසා මේ තුවක්කුව හඳුන්වන්නේ පම්ප් ඇක්ෂන් රිපීටර් ෂොට්ගන් Pump Action Repeater Shotgun යනුවෙන්. මේ පම්ප් ඇක්ෂන් එක බොහෝ දෙනෙකුගේ සිත පැහැර ගන්නවා. විශේෂයෙන් බටහිර චිත්‍රපටිවල පම්ප් ඇක්ෂන් තුවක්කුවට විශේෂ තැනක් ලැබෙනවා.
    wlockangelinashotgunh.jpg


    හොඳයි දැන් අපි මේ තුවක්කුවේ මූලික කොටස් හඳුනාගනිමු.


    partsintroduction1.png


    මෙය එතරම් සංකීර්ණ තුවක්කුවක් නොවේ. එබැවින් මෙහි යාන්ත්‍රික කොටස් ප්‍රමාණය රයිෆලයකට හෝ මැෂින් තුවක්කුවකට සාපේක්ෂව බොහොම අඩුයි. මෙය පිරිසිදු කිරීම සඳහා ගැලවීමේදීද පෙර පුහුණුවක් නැත්නම් ගැලවිය යුත්තේ මූලික කොටස් පමණයි. මෙතෙක් කල් මා ඔබ සමග සාකච්ඡා කළ, විවිධ ගිනි අවි වල, ඔබ දුටු කොටස් වලට වඩා වෙනස් දෙයක් ලෙස, ඔබ මෙහිදී දකිනු ඇත්තේ ෆෝස්ටොක් forestock නමැති කොටස පමණයි. ඒ අර ඉදිරියට පසුපසට යවන කොටසයි. එයින් තුවක්කුවේ බටයක් වැනි මැගසින් එකෙන් කොටසක් ආවරනයවී ඇති බව ඔබට පෙනෙනවා ඇති. එමෙන්ම අප මීට පෙර සාකච්ඡා කල පතරොම් තුවක්කු වල හැමර් යන කොටස තිබුනා ඔබට මතක ඇති නමුත් මේ පතරොම් තුවක්කුවේ හැමරයක් නැහැ. එයත් මෙහි තිබෙන විශේෂත්වයක්. මෙහි ඒ කොටස තිබෙන්නේ තුවක්කුව ඇතුලේ. එමෙන්ම පතරොම පත්තුවීම සඳහා එහි ප්රිමරයට පහර වදින ෆයරින් පින් එකද පෙනෙන්නට නැහැ.

    පම්ප් ඇක්ෂන් රිපීටරයට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. 1866 දී ඇමරිකා එක්සත් ජනපදයේදී පිහිටුවාගත් වින්චෙස්ටර් සමාගම විසින් 1897 දී තමයි මුලින්ම පම්ප් ඇක්ෂන් රිපීටරයක් නිපදවා තිබෙන්නේ. ඒ තුවක්කුව පිටතට පෙනෙන හැමරයකින් යුක්තයි.

    winchester1897.jpg


    එමෙන්ම රිපීටර් තුවක්කුවේ මැගසිනය අප මෙතෙක් සාකච්ඡා කල විවිධ ගිනි අවි වල මැගසිනයට හාත්පසින්ම වෙනස්. මෙහි මැගසිනය පයිප්පයක් (බටයක්) වැනි ආකාරයෙන් (tubuler) තමයි පිහිටා තිබෙන්නේ. ඒ මැගසිනයට පතරොම් දැමීමත් අමුතුම ආකාරයකටයි සිදුකරන්නේ. තාක්ෂණික වශයෙන් මේ තුවක්කුව හඳුන්වන්නේ අභ්‍යන්තර හැමරය සහ බාහිර ටියුබ මැගසිනය සහිත පොම්ප ක්‍රියාකාරී පතරොම් තුවක්කුව කියායි. (Internal Hammer, Pump Action Shotgun with an external Tube Magazine) ඒ ක්‍රියාකාරිත්වය මෙන්ම මේ තුවක්කුවේ ඒ විශේෂ මැගසිනයට පතරොම් ඇතුළු කරන ආකාරය පහත වීඩියෝවෙන් බලන්න.

    https://www.youtube-nocookie.com/v/ZwXpYpWOyfo?version=3&hl=en_US&rel=0

    රිපීටර් තුවක්කු අතරින් මෙතෙක් නිපදවන ලද විශිෂ්ඨතම තුවක්කුව ලෙස සැලකෙන්නේ 1912 දී වින්චෙස්ටර් සමාගම නිපදවූ තුවක්කුවයි.

    වින්චෙස්ටර් සමාගම 1963 දී රිපීටර් තුවක්කු නිපදවීම අත්හිටවනු ලැබුවා. වින්චෙස්ටර් සමාගම සමග තරගකාරීව කටයුතු කල සමාගම් දෙකක් වන රෙමින්ග්ටන් සහ මොස්බර්ග් යන සමාගම් දෙක තවමත් රිපීටර් තුවක්කු නිපදවනවා.


    83088167.jpg


    රිපීටර් තුවක්කුව කිසිදු වැදගම්මක් නැතැයි සිතා ඉවත දැමියහැකි තුවක්කුවක් නොවේ. තවමත් ලෝකයේ සමහර රටවල ආරක්ෂක හමුදා මෙන්ම පොලීසියද රිපීටර් තුවක්කු පාවිච්චි කරනවා. එයට හේතු කීපයක් තිබෙනවා. පළමුවැනි හේතුව තමයි රිපීටර් තුවක්කු කීපයක් සටන් භූමියකදී එකවර යෙදවීමෙන් සතුරු පිරිසකට එකවර විශාල හානියක් කල හැකියි. තනි උණ්ඩය සහිත තුවක්කුවකට වඩා, පුනීලයක හැඩයට විහිදී යන මූනිස්සම් රාශියකින් වෙඩි තැබීමෙන් සතුරු පිරිසෙන් බහුතරයකට සුළු තුවාල හෝ සිදුවෙනවා. සතුරා අඩපන කරගැනීමත් යුද ජයග්‍රහණයට හේතු වෙනවා. එමෙන්ම වීදි වලට රැස්වී කලහකාරී ලෙස හැසිරෙමින් පොදු හෝ පෞද්ගලික හෝ දේපල වනසමින් කටයුතු කරන පුද්ගලයන් මෙල්ල කිරීමට පොලීසියට මහෝපකාරී වන අවියක් ලෙසත් මෙය හැඳින්විය හැකියි.

    trainingl.jpg


    antiriotrepeatershotgun.jpg


    අනෙකුත් තුවක්කු මෙන් රිපීටරයද කාලීන වෙනස්වීම් වලට භාජනය වී තිබෙනවා. එක් එක් අවශ්‍යතා සඳාහා විශේෂයෙන් ගැලපෙන පරිදි රිපීටර් නිපදවනු ලබනවා. ඔබ මේ වනවිට මා පල කර ඇති ලිපි කියවීමෙන් දන්නවා ගිනි අවියක බටය හෙවත් බැරලය දිග වැඩිවූ තරමට එයින් වැඩි දුරකට වෙඩි තැබිය හැකි බව. නමුත් විශේෂ අවශ්‍යතා සඳහා කෙටි බැරලය සහිත රිපීටර නිපදවනවා.ට්‍රෙන්ච් ගන් නමැති රිපීටරය ඉක්මනින් එහා මෙහා හරවමින්, යුද භූමියේ දුව පනිමින්, වෙඩි තැබීම සඳහා ඉතා කෙටි බැරලයක් සහිතව නිපදවන ලද්දක්.

    trenchshotgun.jpg


    රිපීටර් තුවක්කු වර්තමානයට ගැලපෙන පරිදි නවීකරණය කිරීමේදී අධෝරක්ත කිරණ සහිත රාත්‍රී දුරදක්නයද සහිතව නිපදවා තිබෙනවා. කෙසේ වෙතත් ඒවා නිපදවනු ලබන්නේ හමුදාමය කටයුතු වලට පමණයි. එයින් තහවුරු වන්නේ රිපීටරය තවමත් ඉතා ප්‍රතිඵලදායී ලෙස ප්‍රයෝජනයට ගතහැකි ගිනි අවියක් බවයි. රිපීටර්යේ මැගසින් එක ටියුබයක් හෙවත් නලයක් මෙන් තිබෙන බව ඔබ කලින් දුටුවා. ඒදෙස ටිකක් සමීපව බලමු.

    repeater.jpg


    රිපීටර් තුවක්කු විවිධ බෝර් ප්‍රමාණයන්ගෙන් නිපදවනු ලබනවා. එහෙත් ඒ අතරින් තවමත් ජනප්‍රියව පවතින්නේ බෝර් 12 මෝස්තරයයි. පහත දැක්වෙන්නේ දැනට ලෝකයේ රිපීටර් තුවක්කු නිපදවන බෝර් ප්‍රමාණයන්.

    රිපීටර් තුවක්කුවට යොදන්නෙත් සාමාන්‍ය පතරොම් තුවක්කු වලට යොදන පතරොම්.


    mossberg500lawcombo.jpg


    12boreshotguncartridge.jpg


    boresizes.jpg



    උපුටා ගත්තේ මෙතනින්
    http://jangun.wordpress.com/2012/06/16/%E0%B6%85%E0%B6%B4%E0%B7%9A-%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A-%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%94-5/
    වැදගත් කියල හිතෙනවනම් rep එකක් දාන්න..:D:D
    නැත්නම් අනික අයටත් එක්ක කියවන්න bump එකක් comment එකක් එහෙම දාල යන්න... :yes::yes:
     

    Similar threads