ඇග කිළිපොලා යන බිහිසුණු පරීක්ෂණයක කතාව

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    1940 දී සෝවියට් සමූහාණ්ඩුව විසින් ජර්මනිය අත්පත් කරගැනීමෙන් පසුව යුධ සිරකරුවන් රුසියාවට රැගෙන එන ලදී..ඔවුන් යුදෙව් ජාතිකයන් විය...දෙවන ලෝක යුද්ධය නිම වීමෙන් පසුව තුන් වන ලෝක යුද්ධයක් පැමිණෙතැයි බලාපොරොත්තුවෙන් සිටි සෝවියට් සමූහාණ්ඩුව ඒ සදහා සිය සොල්දාදුවන් නිදි නොලබා අකණ්ඩව කාර්‍යක්ෂම යුද්ධ කළ හැකි ලෙස ශක්තිමත් කළ යුතුයැයි මතයක සෝවියට් සමූහාණ්ඩුව පසු විය..ඒ වෙනුවෙන් එරට විද්‍යාච්නයන් (Scientists) එන්නතක් හෝ වෙනත් ක්‍රමයක් සොයා ගැනීමෙහි උත්සුක විය..
    ඒ අනුව සුවිශේෂී දුමක් (gas) සොයා ගන්නා ලදී..එමගින් පුද්ගලයෙකුගේ නින්ද යෑමේ හැකියාව හෙවත් නිදිමත නැති කරවන බව ඔවුන් විශ්වාස කළහ
    ඒ අනුව සොයාගැනීම අත් හදා බැලීම සදහා රුසියන් සොල්දාදුවන් යොදා නොගෙන පළමුව යුදෙව් සිරකරුවන් පස් දෙනෙකු මේ සදහා යොදා ගන්නා ලදී...ඔවුන්ට නියම වූයේ පොත් පත් කෑම බීම වැසිකිළි කැසිකිළි පහසුකම් සහිත කාමරයක දින 30 ක් රැදී සිටීමයි..ඔවුන් සාර්ථකව පරීක්ෂණයට මුහුණ දුනහොත් ඔවුන්ගේ සිරකරු බාවය අහෝසී කොට නැවත ජර්මනියට හරවා යවන බවටද රුසියන් සොල්දාදුවන් හා පරීක්ෂකයන් විසින් පොරොන්දු වෙන ලදී....
    ඒ පොරොන්දුව නිසා ඉතා උද්යෝගයෙන් ඔවුන් මෙම පරීක්ෂණයට සහබාගී විය....
    මෙම සීල් තබන ලද කාමරයට එක් පසකින් ඔක්සිජන් වායුවත් අනෙක් පසෙකින් පරීක්ෂණය සදහා නිපදවෙන වායුවත් ඇතුළත් කරන ලදී...කාමරයේ එක් තැනක පිටත පෙනෙනෙ වීදුරුවක් සවිකර තිබිණි...කාමරයේ සිටින මිනිසුන් පස් දෙනාට අවශ්‍ය සියළුම දෑ කාමරය තුළම තිබුණ අතර ඔවුන්ට ඉන් පිටතට ඒමට හෝ පිටතින් කිසිවෙක් ඇතුළට හෝ නොගියහ....
    කාමරයෙන් පිටත සිට කුඩා වීදුරු කොටස හරහා පරීක්ෂකයින් ඇතුළත මිනිසුන් පස් දෙනාව අද්‍යයනය කරන ලදී..ඇතුළත අය කතා වෙන දෙය අසන්නට කුඩා මයික්‍රොපෝනයක් කාමරය ඇතුළෙහි සවිකර පිටතින් එය ස්පීකරයකට සම්බන්ද කර තිබිණි..එමගින් පරීක්ෂකයන්ට මිනිසුන් පස් දෙනා කතා වෙන දේවල් අසන්නට හැකිවිය....
    පළමු දින දෙක මිනිසුන් පස් දෙනා ඉතා උද්‍යෝගිමත් ලෙස හා සතුටින් පසු විය...දින පහක් ගතවූ තැන ඔවුන් සිය ජීවිතයේ විදි දුක් කම්කටොළු ගැන කතාවෙන්නට පටන් ගත් හ..දින හතක් ගෙවුණු තැන එකිනෙකාට කතා කිරීම ප්‍රතික්ෂේප කළ ඔවුන් තනි තනිව කතා කිරීම ආරම්භ කළහ...දින නවයක් වූ පසු එක් මිනිසෙක් වැසිකිළියට ගොස් මළපහ කොට ඒ කාමරයේ තිබෙන පොත් වලින් පිටු කඩා එහි මළපහ තවරා පිටත පෙනෙන වීදුරු කොටසෙහි ඒවා කිසිවෙක්ට පිටත් නොපෙනෙන ලෙස අලවා දැමීය..කාමරය තුළ සිදුවෙන කිසිවක්ම මෙයින් නොපෙනෙන නිසා එමගින් රුසියානු පරීක්ෂකයින් මහත් අපහසුතාවයට පත් විය ....
    දින 10 ක් පසුවූ කිසිවෙකු හයියෙන් යටි ගිරියෙන් කෑගසන ශබ්දයක් ඇසුණත් පරීක්ෂකයන්ට ඇතුළට යා ගත නොහැකි නිසාත් එසේ කළහොත් පරීක්ෂණය අසාර්ථක වේ යැයි සිතුවෙන් ඔවුන්ට සිදුවූයේ නිහඩවම බලා හිදීම පමණි....තවත් දින කිහිපයක් කිසිදු සද්දයක් නොමැතිවම ගෙවී ගියේය....දින 15 ක් වූ පසු කිසිදුම ශබ්දයක් නොවූයෙන් අවසානයේදී පරීක්ෂකයන් ගෑස් ටැංකි වසා දමා කාමරයේ සීල් කඩා ඇතුළට යන්නට තීරණය කරන ලද් දෝය.......
    දින පහළොවක් ගතවූ තැන සීල් තබන ලද කාමරයට පිවිසෙන විද්‍යාච්නයන් ඒ තුළට පිවිසීමට පෙර එළියේ හා කාමරය ඇතුළත අදහස් හුවමාරු කරගැනීම සදහා සවිකර තිබූ මයික්‍රොපෝනයෙන් අපි ඇතුළට එන බව අර මිනිසුන් පස් දෙනාට දන්වා සිටිනවා...කිසිදු ශබ්දයක් නොනැගෙන අතර ටික වෙලාවකට පසු සිහින් කටහඩකින් කාමරය ඇතුළෙන් යමෙකු පිළිතුරු දෙන්නේ එන්නට එපා ය යනුවෙන්....
    එහෙත් එය නොතැකූ පර් යේෂකයන් කාමරයෙහි සීල් කඩා ඇතුළට පිවිසෙනවා
    ඔවුන් දකින්නේ එක් මිනිසෙකු මියගොස් සිටින අකාරයයි..ඒ දසුන දුටු සමහර කාමරය තුලට පිවිසි යුද බටයන් බයෙන් සංත්‍රාස වී පිළිකුලෙන් යුතුව එළියට පැමිණිය බවක් සදහන්.....
    ඔවුන් දකින්නේ තම ශරීරයේම මස් තමා විසින්ම ඉරා කා දැමූ තමන්ගේ ඇග ඉරා පතුරු ගසා ගත් තමන්ගේ මස් තමාම කා දැමූ මිනිසුන්..මියගොස් සිටි පුද්ගලයාගේ අතුණුබහන් එළියට පැමිණ ඒ එළියට පැමිණ තිබූ අතුණුබහන් වල ඒ මළ මිනිසාගේ ඇගිලි කැබලි තිබුණ බවක් සදහන්..විකෘත වී තිරිසන් බවකට පෙරළී තිබුණ ඉතිරි වී සිටි සිව් මිනිසුන්ගේ ද ඇතැමෙක් ගේ වූයේ ඇගිලි වල අස්ති කොටස පමණයි...ඔවුන් සිය මාංශ තමා විසින්ම ඇට කැබිලිති දක්වාම කාගෙන තිබුණා......
    මේ මිනිසුන් වදුරන් මෙන් බිම පෙරළෙන්නටත් පිනුම් ගසන්නටත් පටන් ගත් අතර එකී එක් මිනිසෙක් සොල්දාදුවෙක් වෙතට පැණ ඔහුගේ ගෙල විකා ඔහු මරා දමනවා.....මේ මිලේච්ඡත්වට අවබෝධ කරගත් පරීක්ෂකයන් සහ සොල්දාදුවන් මේ මිනිසුන් 4 දෙනාව අමාරුවෙන් වීර්‍ය යොදා කාමරය තුළින් එළියට ගත්තත් එය ප්‍රතික්ෂේප කරන ඔවුන් එම සකසන ලද වායුව තමන්ට යළිත් දිගටම ලබාදෙන ලෙසට ඇවටීම් කරන්නට ගන්නවා..එහෙත් එය කනකට නොගන්නා පර්‍ය්‍ර්ෂකයන් ඔවුන්ව රෝහල් ප්‍රතිකාර කරා රැගෙන යන්නේ දැඩි ආරක්ෂක ක්‍රම බාවිතා කරමින්..ඒ කුමක් නිසාද යත් ඔවුන් අවට සිටින සියළුම දෙනාට ක්ෂණිකව පහර දෙන්නට තැත් කරන නිසා...
    කෙසේ හෝ වෙයිද්‍ය ප්‍රතිකාර වලට යොමු කරන ඔවුන් ශරීරයේ ඉරා දැමුණ මස් කැබළි යලි පිළිසකර කරවීමේ සැත්කම් වලට බාජනය වෙනවා....මේ අතරතුරේදීත් රෝහලේදී මිනිසුන් සිව් දෙනාගෙන් දෙදෙනෙකු මිය යන අතර ඉතිරි දෙදෙනා දිගින් දිගටම පවසන්නේ තමන්ව නැවතත් අර කාමරයට ගොස් දමන ලෙසත් අර වායුව තමන්ට නැවතත් ලබාදෙන ලෙසත්..කරකියාගන්නට දෙයක් නොමැති තැන අර පර්‍යේෂකයක් මේ මිනිසුන් දෙදෙනාව නැවතත් අර කාමරයට රැගෙන ගොස් දමා අර වායුව ලැබෙන්නට සළස්වනවා.......
    සොල්දාදු ප්‍රදානීන් , එම පර්‍යේෂකයන් සමග සාකච්ඡාවන්හී යෙදෙන රුසියානු රජය තම නොසතුට පළ කරන්නේ මෙම පරීක්ෂණය දැඩි ලෙස අසාර්ථක බව පවසමින් ....එහිදී එක් සොල්දාදු ප්‍රදානියෙකු මෙම පර්‍යේෂනයේ ප්‍රදාන පරීක්ෂකවරයාට පවසන්නේ මෙම පර්‍යේෂනයේ අසාර්ථකත්වයට ප්‍රදාන පරීක්ෂකවරයා ඇතුළු විද්‍යාර්ථයන් පිරිස වගකිව යුතු බවත් එනිසා ඔවුන් පිරිස එම කාමරයට ගොස් ඒ වායුව ඇසුරේ ජීවත් විය යුතු බවත්‍ ය..මෙයින් දැඩි ලෙස බීතියට හා කැළඹීමට පත් වෙන පර්‍යේෂණ ප්‍රදානියා සිය පිස්තෝලයෙන් එම හමුදා සොල්දාදුවාට වෙඩි තබා මරා දමා අර මුද්‍රා තබන ලද කාමරයට දිව ගොස් ඇතුල් වෙනවා....
    එලෙස ඇතුල් වෙන ඔහු ඉතිරි මිනිසුන් දෙදෙනාගෙන් බල කර තර්ජනය කර බිය වද්දා විමසන්නේ ඇත්ත කියපල්ලා උඹලා දැන් ඉන්නේ මොන වගේ තත්වයකද යනුවෙන්.....එහිදී මෙපමණ කාලයක් කෑගැසීම මාංශ ඉරා ගැනීම ආදී දේ නිසා එක් යුද සිරකරුවෙකුට කතා කරගත නොහැකි ගොළු තත්වයෙන් ඔහු පඩුවෙන අතර අර පර්‍යේෂකවරයා ඔහුව වෙඩි තබා මරා දමනවා...අනෙක් සිරකරුවා සිහින් හඩින් පවසන්නේ "ඕනනෑම මනුස්සයෙක්ගෙ ඇග ඇතුළෙ තිරිසනෙක් සැගවිලා ජීවත් වෙනවා,,,ඕනෑම මනුස්සයෙක් එක දිගට නිදාගත්තේ නැතුව අවදියෙන් හිටියොත් නිදා නොගෙන ඒ සැගවුණ තිරිසනා අවදි වෙනවා..දැන් මගේ මේ ඉන්නේ ඒ තිරිසනා යි " යනුවෙන්......
    ඒ පිළිතුරෙන් බියට පත් වෙන පර්‍යේෂකයා ඒ සිර කරුවාව ද මරා දැමූ බවක් සදහන්......
    කෙසේ වෙතත් මෙය Russian sleep experiment කියා අද ලෝකයේ හදුන්වනවා...නමුත් සෝවියට් සමූහාණ්ඩුව විසින් මෙය තනිකරම ප්‍රතික්ෂේප කර තිබෙනවා ඔවුන් පවසන්නේ ඔවුන් කිසිදාක මෙවැනි පරීක්ෂණයක් සිදු නොකළ බවත් මෙය තනිකරම රැවටීමක් හා මඩ ගැසීමක් බවයි........

    97988880_1142377246098393_8559385065149169664_n.jpg



    97994966_1142377316098386_5252353259040931840_n.jpg


    බුකියෙන් ගත්තේ.........
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113
    ඕක බොරුවක් කියලා තියෙනවා කියලා දැක්ක මම.
    මටත් හිතෙන්නේ බොරු සින් එකක් කියලා මොකද වැඩි විස්තරයක් මටත් සෙට් උනේ නැ
     
    • Like
    Reactions: jayanathek

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඕක බොරුවක් කියලා තියෙනවා කියලා දැක්ක මම.
    මටත් හිතෙන්නේ බොරු සින් එකක් කියලා මොකද වැඩි විස්තරයක් මටත් සෙට් උනේ නැ
    ත්‍රාසජනක කතාවක් වගේ නේද?. මනස මේ විදියට ක්ෂණිකව විකෘති කරන්න පුලුවන් දෙයක් හොයාගත්තනම් ඒක මේ තරම් කාලයක් රහසක් වෙන්න බෑ...
     
    • Like
    Reactions: jds2012

    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,568
    1,624
    113
    මම රෑට වැඩිය නිදාගන්න මේ මේක කියෙව්වට පස්සේ හැබැයි මට බය හිතුණා
     
    • Like
    Reactions: jayanathek

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,320
    9,212
    113
    26
    Matara
    ඔය කතාව බොරු එකක් වගේ.ඔය වගේ සංකල්පවලින් ලියපු පොතුත් තියෙන්නේ.