හළු අපුල්ලන ඩෝබිලා

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,323
    100,171
    113
    හළු අපුල්ලන හේනයෝ

    මහනුවර රාජධානියේ රජවාසල යනු රජු, බිසෝවරුන් සහ රාජකීය උත්සව පමණක් නොව, එදිනෙදා කටයුතු නිසි පරිදි පවත්වාගෙන ගිය විශාල පරිපාලන පද්ධතියකි. එහි සේවය කළ විවිධ පිරිස් අතර හළු අපුල්ලන හේනයන් විශේෂිත කණ්ඩායමකි.

    රජුගේ සහ බිසෝවරුන්ගේ සළු පිළි පිරිසිදු කිරීම සරල ගෘහස්ථ කාර්යයක් නොව, නිල රාජකාරියක් ලෙස සංවිධානය කර තිබූ බව පැරණි ලේඛනවලින් පැහැදිලි වේ. දියවඩන නිලමේ, හළුවඩන නිලමේ, රදා බද්ද සහ විවිධ කාර්යාංශ හරහා ක්‍රියාත්මක වූ මෙම පද්ධතිය මහනුවර යුගයේ රාජවාසලේ තවත් එක් පැතිකඩක් අප ඉදිරියේ විවෘත කරයි.

    මෙම පිරිස රෙදි අපුල්ලන්නන්, හේනයන් හා පේදියන් (පේඩියන්) යන නම් වලින් ද හඳුන්වා තිබේ.

    හළු අපුල්ලන හේනයා යටත් වන්නේ දියවඩන නිලමේටයි. නමුත් මාලිගාවේ දී හළුවඩන නිලමේ ගේ ආඥා වලට ද යටත් විය යුතුය.

    මොවුන් 20 දෙනෙකු සිට ඇත. මොවුන්ගේ සේවා කාලය මාසයකි. එය මුරයක් ලෙස හැඳින්වේ. මුරයක් සඳහා පැමිණ ඇත්තේ පස් දෙනෙකි. පසුකාලීනව මුර සඳහා පැමිණ ඇත්තේ හතර දෙනෙකි. දෙකක් පාළු වූ බව සඳහන් වෙයි.

    මොවුන්ට මුලෑදෑනියෙකු සිට නොමැත. දියවඩන නිලමේ විසින් මෙම හතර දෙනාගෙන් එක් අයෙකු හළු ලබාගැනීම සඳහා තෝරාගෙන තිබේ. මොහු හේනයන් ගේ නායකයා විය. මේ නිසා ඔහුට 'ගුරුන්නාන්සේ' යැයි කියා ඇත. ඔහු ඇතුළු වාහලට ගොස් යහන් ඇඳෙන් හළු ලබාගැනීම සිදු කරයි.

    හේනයන්ගේ සංඛ්‍යාව
    මාතලේ -2
    යටිනුවර -2
    හාරිස්පත්තුව -2
    හේවාහැට -2
    දුම්බර -1?

    දුම්බර අය
    නාපාන -1
    දොරගමුව -3
    පිලවල -1
    උඩුරාවන -1
    හූරිකඩුව -1
    යටවර -1
    වටබුළුව-1

    පාළු 2 රදාබද්දට ගෙන ඇත.

    උල්පැන්ගේ සට්ටම්බිලා දිනපතා පාන්දර දියවඩන නිලමේ ගෙන් හෝ සළුවඩන නිලමේ ගෙන් හළු පිළි ලබාගෙන ඒවා හේනයන්ට ලබාදීම සිදුකරයි. මේවා භාරගන්නේ ගුරුන්නාන්සේ විසිනි.

    අපුල්ලන තොට පිහිටා ඇත්තේ දුනුමඬලාවෙහිය. ඔවුන් එහි හළු මණ්ඩපයක් ඉදිකොට අපුල්ලනු ලබයි. මේවා සෑම රාත්‍රියකම ආපසු බාරදිය යුතුය. වෙන ස්ථානයකට හළු ගෙනයාම තහනම් කර තිබේ. හළු තෙත්ව තිබුණද ඒවා ආපසු බාරදිය යුතුවිය.

    රදා බද්ද හෙවත් රජකයන්
    විදාන හේනයෙකුගේ අණසක යටතේ ඒ ඒ කෝරලවල වාසය කල රජකයන් කටයුතු කර තිබේ. මොවුන් තෙමසකට වරක් මාරුවෙන් මාරුවට රජ වාසල සේවය කර ඇත.

    ඔවුන්ගේ කාර්යය වී ඇත්තේ, රජවාසල සේවකයන්ගේ තාවකාලික පරිහරණය සඳහා පිරිසිදු රෙදි සැපයීම, මාලිගාවේ සහ රාජකීය ගබඩාවේ සුදු රෙදි වලින් වියන් බැඳීම, පන්දම් සහ පහන්වැටි සැපයීමයි.

    එසේම ඒ ඒ පළාත්වල දිසාවගේ නිවස, රජුගේ හෝ දිසාවගේ තාවකාලික තානායම් (වාඩි) සඳහා, අතපත්තු මොහොට්ටාලවරුන් සහ කෝරාළවරුන් පිලිගැනීමට පිළියෙළ කරන නිවෙස් සඳහා අවශ්‍ය රෙදි සැපයිය සිදු කිරීමට මොවුන් බැඳී සිට ඇත.

    තවද බඩහැල බද්ද (කුඹුලුන්) ඇතුළු අනෙකුත් උසස් කුලවල ජනයා හට රෙදි සපයා කුලිය ලෙස රෙදි, වී හා මුදල් ගැනීම සිදුකර තිබේ.

    ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම උරහිසේ රෙදිකඩක් රැවාගෙන සිට ඇත.

    වලපනේ රදවු 16 දෙනකු සිට ඇත. ඔවුන්ගෙන් දෙදෙනෙකු මහ වාසලටත් දෙදෙනෙකු පල්ලෙ වාහලත් සේවය කරයි. ඔවුන් මසකට වරක් බැගින් මුරයකට පැමිණ තිබේ.

    මුරයක් සඳහා දින 30 ක් අයත්ව තිබේ. එවැනි මුර 4 ක් තිබී ඇත. මුර තුනක් සඳහා 5 දෙනෙකු පැමිණ ඇතත් පසුව මුරයකට සිට ඇත්තේ හතර දෙනෙකි.

    ඔවුන් හළු අපුල්ලන හේනයන්ට අවශ්‍ය සහයෝගය ලබාදීම සිදුකරයි. හළුපිළි සමග තලාතු තොටට ගෙනයෑම, දර, දිය සහ අඟුරු සැපයීම වැනි කටයුතු ඔවුන් විසින් සිදුකර තිබේ. නමුත් ඇපිල්ලීමට හෝ හළු පිළි ඇල්ලීමට අවසර තිබී නැත.

    හළු පිළි සඳහා අවශ්‍ය කැඳ සෑදිමට දිනපතා කැකුළු හාල් නැළි දෙක බැගින් මහ ගබඩාවෙන් සපනු ලබයි. මෙම කටයුතු සඳහා අවශ්‍ය වළන් සපයා ඇත්තේ කුඹලුන් හෙවත් බඩහැල බද්ද විසිනි. යාමේදීත් ආපසු ඒමේදීත් මුරකරුවෙකු කැටිව යෑම සිදුකර තිබේ. ඔවුන් මිනිසුන් ළංවීම වැලැක්වීමට සායම් කළ කෝටුවක් අල්ලාගෙන ගොස් තිබේ. වැසි ඇති අවස්ථාවන්වලදී රෙදිවලට උඩින් ඇල්ලීමට තල් අතු රැගෙනයෑම ද කර තිබේ.

    පල්ලේ වාහල හේනයෝ සහ ඔවුන්ගේ පිරිවර
    වෙනම කාර්යාංශයකට අයත්ව තිබී ඇත. ඔවුන් ඇපිල්ලීම සිදුකර ඇත්තේ නාගස්අංගේ තොටේදීය.

    මොවුන්ගේ සංඛ්‍යාව
    හේවාහැටේ වෑගම -
    කොත්මලේ නුගතොට -1
    මාතලේ අකුරම්බොඩ -1
    මාතලේ නාගොල්ල -1
    දුම්බර දෙමටගරල්ල -2
    ගුන්නෑපාන-1
    තලවින්න -1
    හාරිස්පත්තුව -
    රඹුක්වෙල-1
    දෙයියන්නේවෙල -1

    මෙම කාර්යාංශයට හේනයන් 16 ක් අයත්ව තිබේ. ඔවුන්ට මුලාදෑනියෙකු හෝ ගුරුන්නාන්සේ කෙනෙකු සිට නැත. වරකට හතර දෙනෙකු මුරයට පැමිණ මසක් සේවය කර තිබේ.

    මුරයට සිටින හතර දෙනාගෙන් ප්‍රධානියා විසින් දිනපතා උදෑසන වතුර උණු කරන උල්පැන්ගෙයි යහන් ඇඳ අසලදී මහත්මයෝ කෙනෙකුගෙන් කිලුටු රෙදි ගනන් කර භාරගනී. මෙම කිලුටු රෙදි නාගස්අංගේ අපුල්ලන තොටට රැගෙන යයි.

    මෙම රෙදි සෝදා වේළුනත් නැතත් සෑම සවසකම යහන් ඇඳවෙත ගෙන එනු ලබයි.

    දිනපතා මහ ගබඩාවෙන් කැඳ සෑදිමට කැකුළු හාල් ලබාදීම සිදුකරයි. එක බිසවකට හාල් නැලිය බැගින් නැලි හයක් ලබාදී තිබේ.

    සෑම මසකම මුර සඳහා රදා බද්දේ නිලමේ විසින් මුරකාරයින් එවනු ලැබේ.

    ඔවුන්, වලපනේ -4, හේවාහැට -1, උඩුනුවර -1 වශයෙනි.
    මොවුන්ගේ රාජකාරිය වී ඇත්තේ හළු පිළි සමග වඩන තලාතු රැගෙන යාම, දර, දියර, සහ අඟුරු ලබාදීම, ගින්දර සහ කැඳ උණුකිරීම සහ අපුල්ලන හේනයන්ට ආහාර සැකසීමට උදව් කිරීම ආදියයි.

    මේ අනුව රජතුමා සහ බිසෝවරුන් ගේ සළු පිළි පිරිසිදු කිරීම සඳහා වෙන වෙනම කාර්යාංශ දෙකක් පවත්වාගෙන ගොස් තිබේ. වෙන් වෙන් වශයෙන් අපුල්ලන තොටවල් දෙකක් දුනුමඬලාවේ සහ නාගස්අංගේ තොටේ තිබී ඇත.

    මහනුවර යුගයේ රාජකීය වස්ත්‍ර පිරිසිදු කිරීම පිටුපස තිබුණේ හුදෙක් රෙදි සේදීමක් නොව, විධිමත් රාජකාරි පද්ධතියක් බව කිව හැක. දුනුමඬලාවේ සහ නාගස්අංගේ තොටවලදී සිදු වූ මෙම කාර්යයන්, එදා රාජවාසලේ සංවිධානාත්මක බවත්, විවිධ වෘත්තීන් හා ජන කණ්ඩායම් රාජ්‍යය පවත්වාගෙන යාමට කළ දායකත්වයත් පෙන්නුම් කරයි.

    හළු අපුල්ලන හේනයන් යනු, මහනුවර රාජධානියේ රාජකීය බිත්ති පිටුපස සිටි නිහඬ සේවක පිරිසකි. ඉතිහාසය ගොඩනැගෙන්නේ රජවරුන්ගේ සහ යුද්ධවලින් පමණක් නොව, එදිනෙදා රාජකාරි ඉටු කළ මෙවැනි මිනිසුන්ගේ දෑතින්ද බව මෙය අපට සිහිපත් කරයි.

    © ජීවන්ති මෙන්ඩිස්
    2026-08-01

    මූලාශ්‍ර:
    සිංහල සමාජ සංවිධානය, රැල්ෆ් පීරිස්
    ජෝන් ඩොයිලි, සිංහලේ ආණ්ඩු ක්‍රමය පිළිබඳ ලුහුඩු සටහන්, ඇල්ලෙපොළ එච්.ඇම්.සෝමරත්න

     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,323
    100,171
    113
    TFS. Thread එකේ title එක දැක්කම මම හිතුවේ කිරියේ ඉන්න පැලවත්තෙන් දංකුඩ කන ඩෝබිලා ගැන thread එකක් කියලා
    ඇවිත් බලලා යන්න ඇති.

    අඩුකුලේ අල්ට්‍රා ප්‍රෝ මැක්ස් ඩෝබිලා..
    මේ ඉන්නේ උසස් කුලේ ඩෝබි. දැන් ඉන්න ඩෝබිල තමා අඩු කුලේ අල්ට්‍රා ප්‍රො මැක්ස්
    ------ Post added on Aug 3, 2026 at 6:07 AM
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,091
    113
    Kottawa
    @හෙනයා මොනවද බන් මේ කියන්නේ ?

    Suspicious Despicable Me GIF
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,313
    4,445
    113
    වාසගමට එහෙම නැත්තම් පෙළපත් නාමයට,
    හේනෙගෙදර, හෝ රදාගේ, රදා හේවගේ වගේ තමා ඔය කුලේ අයට තිබ්බේ. පසුකාලීනව සමහරු රදාගේ යන්න රණසිංහ ලෙස මාරු කර ගත් අයත් ඉන්නවා.
    හේනයා කියන නමින් තමා ඒ ගෙවල් වල ඉන්න අයට කීවේ. (මහ හේනයා, පොඩි හේනයා)
    Surname කියන එකට අපේ අය වාසගම කියන්න හේතුව විදියට මම නම් දකින්නේ සුද්දා surname කිව්වේ lastname එකට, අපේ අය ඒ කාලේ නමේ අන්තිම කොටස බාවිතා කලේ උපන් ගම කියන්න. හැබැයි පෙළපත් නාමය භාවිතා කලේ නමේ මුලට, (අග්ගන ආරච්චිලාගේ අනුර මුත්තෙට්ටුගම)
    අන්තිමේදි ඉංග්‍රිසි පන්නයට එද්දි අගට ලියන්න පුරුදු උනා, වාසගම් හැලුනා. දිසානයක මුදියන්සේලාගේ අනුර කියන එක දිසානයක මුදියන්සේලාගේ අනුර දිසානායක විදියට භාවිතයට ගත්තා. සමහර අය මවු පාර්ශවේ වාසගම ළමයිගේ අගට දාන පුරුද්දකුත් ආවා. තාත්තා සමරකෝන් මුදියන්සේලාගේ ජගත්, අම්මා කාන්ති වික්‍රමසිංහ නම් පුතාට දානවා සමරකෝන් මුදියන්සේලාගේ විකුම් වික්‍රමසිංහ කියලා. මහනුවර යුගයෙන් පස්සේ ඇත්තටම වලව් කිව්වට ගොඩක් අය වලව් කියන්න බෑ ගොඩක් රේන්ද (අරක්කු) බිස්නස් කරපු අය සහ සුද්දට දීලා පට්ටම් ගත්තු අය. ආටිගල වගේ family tree එකක් අරන් බැලුවම තේරෙයි.
    පෙළපත් නාමයයි ගමයි නමේ තිබ්බාම හරියටම ඉතිං කියන්න පුළුවන් කවුද කින් ද මන් ද කියලා. ලංකාවේ යුනි වල මේ ගැන රිසර්ච් කරලා තියනවා. (රුහුණේ එහෙම)
    හැබැයි DNA reports වල නම් තියෙන්නේ ලංකාවේ උන් බංගලියන්ට ලඟයි කියලා.