දිවුලපිටිය කොවිඩ් ආසාදිත කාන්තාවගේ ආශ්‍රිතයින් 69 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වු බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද මීට සුළු වේලාවකට පෙර තහවුරු කළේය.
එම 64 දෙනාම ආසාදිත දිවුලපිටියේ කාන්තාව සේවය කළ ඇඟලුම් ආයතනයේ සේවක සේවිකාවන් බව වාර්තා වේ.
මේ වන විටත් අදාළ කාන්තාවගේ ආශ්‍රිතයින් 150ක් දෙනෙකුගේ පීසීආර් පරීක්ෂාවට ලක්කර ඇති අතර, එම ඉතිරි වාර්තා අද ලැබීමට නියමිතය.
ලැබෙන වාර්තාව අනුව තවත් ආසාදිතයින් විශාල පිරිසක් සිටින බවට ආරංචි තිබේ.
https://www.gossiplankanews.com/2020/10/69plus-divulapitiya-covid19.html
දිවුලපිටියෙන් හමුවූ Covid-19 රෝගි කාන්තාව හා සම්බන්ධයෙන් ඇති විය හැකි පොකුරු ත්‍රිත්වයක් පිළිබඳව විමර්ශනය අරඹා ඇති බව සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර තිබේ.
රෝගියාගේ රැකියා ස්ථානය, ඇය වෛද්‍ය ප්‍රතිකාර ලද ගම්පහ රෝහල හා ඇගේ නිවස පිහිටි දිවුලපිටිය ප්‍රදේශය මෙම පොකුරු ත්‍රිත්වය යැයි යුද හමුදා කර්නල් ජනමාධ්‍ය විජිත හෙට්ටිආරච්චි මහතා පැවසූවේය.
“පළමු රෝගියා සමඟ ඍජු සබඳතා තිබුණු පුද්ගලයින් 80 දෙනෙකු අප විසින් පරීක්ෂා කර තිබෙනවා ඉන් 69 දෙනෙකු හට Covid-19 වැළඳී ඇති බවට දැන් තහවුරු වුනා," යැයි හෙට්ටිආරච්චි මහතා පවසා තිබේ.
මේ අනුව, මුලින්ම වාර්තා වූ කාන්තාවත් ඇගේ දියණියත් ඇතුළුව සමස්ත රෝගීන් ගණන 71ක් බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.
ඇගලුම් කම්හල පිහිටි වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට ඊයේ සවස ඇඳිරි නීතිය දමන්නට හේතුවූයේද කොරෝනා වැළඳුණ සේවක සේවිකාවන් විශාල පිරිසක් ඒ අවට නවාතැන් ගැනීම හා ඔවුනට ආශ්‍රිතයන් සිටීය යන පදනමෙනි.
එම ප්‍රදේශ වල අද දිනයේදී PCR පරීක්ෂණ 1,000ක් පමණ සිදුකිරීමට බලාපොරොත්තු වන බවත් හෙට්ටිආරච්චි මහතා සඳහන් කර ඇත
