මූණු පොතේ බලන බලන අත හැම එකාම පොටෝ දාන්නේ ඇඟිලි දෙකක් දික් කරගෙනය.
එබැවින්, කාගේ කාගේ හිත රිදුනද, පොදුජන පහන් සංවේගය පිණිස ඇඟිලි දෙකේ ඉතිහාසය ලිවිය යුතුය.
ඔය ඉලව් ඇඟිලි දෙක අපේ නම් නොවේය.
යමෙකුට ජයග්‍රහණය පෙන්වීම සඳහා දබරැඟිල්ල හා මැදැඟිල්ල "V" (Victory) අකුරේ හැඩයට පෙන්වීම සුද්දාගේ සිරිතකි.
වැදගත් වන්නේ අපේ උන් ඇඟිලි පෙන්නිල්ල පටන් ගත් ආකාරයය.
දෙවන ලෝක යුද්ධ කාලයේ දී රටේ අස්සක් මුල්ලක් නෑර යුද රථ වල නැගී යන සුද්දන්ට ද, නීග්‍රෝ, ජා ආදී කුලී හේවායන්ටද ඔය මගුල පෙන්නූ විට උන්ගේ සලාකයට ලබෙන සිගරට්, ටොපි ආදීය විසිකිරීමට උන් අමන වීම හේතුකොටගෙන, පාරේ තොටේ හොටු කොල්ලන් මේ ඇඟිලි පෙන්නීම පටන් ගත් අතර අද මේ දික් කරන්නේ මොන සලාකය ලබා ගැනීමටදැ'යි මම නොදනිමි.
ඡායාරූපයකට මේ ඉරියව්ව පෙන්වීමෙන් කාගේවත් හෙන දඩ පොරත්වයක් නොපෙනෙන බවත්, ඉන් පෙනෙන්නේ පාර දිගේ සිගරට් සඳහා හිඟා කෑ ජාතියක නිලීන අවශේෂයක් බව අපි කවදා හෝ තේරුම් ගත යුතු වෙමු.
අපේ උන්ගේ අවිඥානික අනුකාරකත්වය දශක ගණන් වුව පවතින බවට අපූරුම උදාහරණය මෙය විය යුතුය.